leader s

මම වන් ගෝල්ෆේස් එකෙන් එළියට ආවේ මල පැනලාය.
 
වන් ගෝල් ෆේස් එක ඇතුළේ ඇවිදිමින්: ඒ ඒ සිදුවීම්, මිනිසුන්, නව විලාසිතා, භාශා භාවිතා, කතා රටා, ඇවිදින විදි, රෙස්ටුරන්ට්, ෂොප්ස්, ඩෙකරේශන්, මාර්කටින්ග්, සමාජ පන්ති, එක එක ජාතියේ එක එක සයිස් වල ගෑනු ශරීර, තට්ටම්, පියයුරු, පෙන්නන්න කරන වෑයම්, ගාපු මේකප්, ලිප්ස්ටික්, ලිප්සිටිට් ලයිනර්, ඒ ඒ එකා ළඟ එන එක එක සුවඳ වර්ග, ගෑනු හිත් තියෙන පිරිමි ශරීර, ගාම්භීර සිකුරිටි, සිස්ටම්, තාක්ෂණය, ප්‍රාග්ධනය, සමාජ චලන ආදී ලෙස කෙළවරක් නැති පැති අහුවෙන ස්කෑන් කිරිල්ලත් එක්ස් රේ කිරිල්ලත් කරන්නට ඕනෑ තරම් වෙලා තිබුනත් එවන්නක් කරන්නට හිත එකලාසයක් තිබුනේ නැත . ඕනෑ වූයේ සිගා එකක් බොන ගමන් "රාණී" ෆිල්ම් එක මට දැණුනේද යන්නත් ඒ ගැනැත් ගැන කල්පනා කරන්නට ය. ඒකට හොඳම තැන ගෝල් ෆේස් එකේ බංකුවකි.


හඳගමගේ ඔළුව

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම - (කේ.ඩී. දර්ශන)
මම අශෝක හඳගමගේ: මාඝාත නාට්ටිය ද, චන්ද කින්නරී, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය ආදී චිත්රපටි ද: සින්තරික් සිහින, දුන්හිඳ අද්දර, දිය කැට පහන, මේ පාරෙන් එන්න, නැගෙන හිර වෙරළෙන් ඔබ්බට යනාදි රූපවාහිනී නාට්‍ය නරඹා ඇත. මූන් හට් සහ ඉනි අවන්, භූමිකා, හෙණ, ආදී නිර්මාණ රස විඳ නැත.
 
web 01
මට දැනෙන තරමට අශෝක හඳගම යනු ධර්මසිරි බණ්ඩාරනායකගෙන් පසු සිනාමව තුළ බිහිවූ පොරයි. ඒ අන් කිසිවක් නිසා නොව අශෝක හඳගමලා යනු නිකම් නිකං චිත්‍ර නාට්‍යකාරයෝ නොව ඒවා ඇතුළේ මහා බරපතළ දර්ශනයක් ඔබා ඇති නිසා ය. ඒවා තිර රචනය, රංගනය, වේශ නිරූපණය, තාක්ෂණය, සංගීතය අධ්‍යක්ෂණය නිෂ්පාදනය මුදල් යනාදි පොදු කාරණාවලට පරිබාහිර එකකි. කවුරු මොන මගුල කිව්වත් නිර්මාණයක් යනු ඒක අයිති එකාගෙ ඔළුවයි. අශෝක හඳගමගේ ඔළුව යනු නිකම්ම නිකං එකක් නොව විප්ලවවාදී රැඩිකල් එකකි.

සාර්ථකත්වයේ යතුර
 
Asoka Handagama 03

ඔහුගේ සෑම නිර්මාණයක් තුළින්ම ඔහු එක දෙයක් කළේ ය. එනම් ඔහු කැඩපතක් නරඹන්නා දෙසට ඇල්ලුවේය. නරඹන්නා බලන්නේ අශෝකගේ නිර්මාණය තුළ කතාව විය හැකි උවත් එහි සාරය අවසානයේ වයිරසයක් වී බෝම්බයක් වී පුපුරා යන්නේ නරඹන්නාගේ මනස ඇතුළට ය. ඒ ඒ නිර්මාණ තුළ සිටින්නේ වෙන වෙන නළු නිළියන් හෝ වෙන වෙන කතා නොව ඒ අපගේ සැඟවුණු අප ම බව නරඹන්නාට ඒත්තු යන්නේ අන්න ඒ අශෝකගේ දර්ශනයේ මහිමය නිසාය. 

ඔහු, ඔහුගේ නිර්මාණවල කන්ටෙන්ට් එක හරහා ද ෆෝර්ම් එක හරහා ද ඔහුට රිසි සේ ඇවිද යමින් අවසානයේ නරඹන්නාව තුවාල කරයි. එළියට එන්නේ කැපුමක් සහිත නරඹන්නෙකි. ඇත්තටම සිදුවන්නේ නරඹන්නා නොදත් එහෙත් නරඹන්නා තුළම සිටි වෙන කවුදෝ කෙනෙකු අවදි කිරීම ය. මේ පෙළහර පාන්නේ භාෂාව හරහා ය. භාෂාවෙන් සෙල්ලම් කිරීමට ඇවැසි දර්ශනය ඔහුගේ නිර්මාණවල ඇති සාර්තකත්වයේ යතුරයි.
 
රාණි චිත්‍රපටියේ trailer එක එළිදකී (වීඩියෝ)
ඒත් මේ " රාණි "මට ඇල්ලුවේ ම නැත. මේ වන විටත් මේ "රාණි" චිත්‍රපටය සම්බන්ධව එළියේ ඇති කතාබහ සහ ඒ ගැන අදහස් ඉදිරිපත් කරන්නන් අතරේ මගේ මේ අදහස් පොල් බූරු ගොං මූසල හරක් කතා විය හැකි ය. ඒකට මට කරන්නට දෙයක් නැත ? මේ මට හිතෙන හැටිය . "රාණි " චිත්‍රපටය අශෝක හඳගමගේ නොවන වෙන සිනමාකරුවන්ගේ නිර්මාණ සමග සන්සංදානත්මක බලන විට ඉතාම ඉහළ මට්ටමක තිබිය හැකි වුව ද අශෝක හඳගමගේම නිර්මාණ සමග තබා බලන විට මෙහි ඇති කෙහෙල් මලක් නැත.
හඳගමගේ පරණ කතා

රාණි චිතරපටයට මුල් වූ කතාව මේ අප කවුරුත් දන්නා කතාවකි. ප්‍රසිද්ධ සිද්ධියකි. මම මේ චිත්‍රපටයෙන් අලුතෙන් කියා හරියටම සාක්ෂාත්ව දැන ගත්තේ රිචර්ඩ් සමලිංගිකයෙකු බවත් මනෝරාණී ලලිත් ඇතුළත්මුදලි සමග සම්බන්ධයක් තිබූණා යන කාරණාව පමණි. ඒකෙත් මට පොඩි කොස්සක් වූයේ රිචර්ඩ් සමලිංගිකයකු බව කීම මේ කතාවේ අන්තර්ගතයට හෝ කතාවෙන් එළියට කියන්නට යන පණිවිඩය හෝ "දෙය" සමග ඇත්තේ කුමන සම්බන්ධයක් ද යන කාරණය ය. අශෝක හඳගම ඕවා හරියටම කතා කරේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටියේ ය. 
 
ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම - (කේ.ඩී. දර්ශන)තනි තටුවෙන් පියාඹන්න
රිචර්ඩ්ගේ මව වූ මනෝරානි තම පුතුගේ සමලිංගිකත්වය පිළිබඳ: දකිනා, හඟිනා සහ ක්‍රියා කරනා ආකාරය හරහා ඇය කෙතරම් පුළුල් මනසක් ඇත්තියක් ලෙස පෙන්වන්නට මෙම සිද්ධිය රූප රාමුවලට ගත්තා විය හැකි වුවත් මම විශ්වාස කරන්නේ මේවා අශෝක වැන්නෙක් කතා කර අවසන් වූ කාරාණ බවයි. තමන්ගේ කසාද ගෑනිගේ නූල් පොටක් නැතිව තිරයක් පුරා මුලු ලෝකයා ඉදිරිපස තැබූ දඩබ්බර සිනමාකරුවකුට මේවා හරි කුඩා ඉදිරිපත් කිරීම් ය.

දඩයමේ ස්වර්ණා තවම ඉදිරියෙන්
 
 
මේ චිත්‍රපටය මට ඒ තරම් නොවැදුණේ මම මේ රිචර්ඩ් මරා දැමූ කතාව සහ එවක දේශපාලනික සමාජීය සමාජය ඒ ටු ඉසඩ් දන්නා සහ අත්විඳිමින් සිටි නිසා විය යුතුය. කර ඇත්තේ අප ඉතා හොඳින් දන්නා කතාවක් චරිත ලව්වා එළියට පෙන්නීමකි. අපේ ස්වර්ණා කොහොම කිව්වත් දඩයමට ගහන්නට "රානිට" බැරිය. ස්වර්ණා දඩයමට වඩා ඉදිරියෙන් රානි තියෙනවා කියා කියන්නට බලපාන්නට ඇත්තේ ඇයගේ පුද්ගලික ජීවිතය සහ ඇයගේ පුද්ගලික ජීවිතයේ අනතුරු අප දන්නා ඇත්ත මනෝරාමාගේ ජීවිතය අතර සමපාත වෙන නිසා ය.
 
ස්වර්ණා ස්වර්ණා වූයේම නිකම්ම නොවේ. ඒ නිළිකම ඒ තරම් වෙන්නට බලපෑවේ ඇයගේ ඇත්ත ජීවිතයේ චලන බව මම සිතමි. දඩයමේ ස්වර්ණාට වඩා රානිගේ ස්වර්ණා කවුදැයි දන්නේ ස්වර්ණා නොව අප ය.

මහින්දලා, මංගලලා ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා සහ ඒ සිදුවීම් තුළ හරි අමු ගතියක් පෙණුනි. ප්‍රේමදාසකාරයා ඇතුළු මිනිසුන් බෝම්බයෙන් කුඩු පට්ටම් වී මස් වැදිලි, අත - පය, අතුණු බහන්, ඔළු, බෙලි කෑලි පාරේ හතර වටේ විසිරී පණ ගසන හැටිත්, ප්‍රේමදාසකාරයාගේ බොඩි එක හඳුනාගත් නවරත්න මුදුව සහිත ඇඟිල්ල ලේ බේරෙමින් ගැසෙන හැටිත් ඇතුළත් රූප රාමු අශෝක හඳගමගේ සිනමා ගමන තුල තබා බැලුවත් අප අශෝක හඳගමගේ ඔළුව සමග බැලුවත් මට එච්චර ගැළපෙන්නේ නැති ගතියක් තිබුණි .

රතු කමිසකාරයන්ගේ විප්ලවයට වඩා දාර්ශනික විප්ලවය

 
සාමාන්‍යයෙන් අශෝකගේ නිර්මාණවල දෙබස් යනු චරිත ලව්වා නරඹන්නාට ප්‍රදානය කරන බෝම්බ ය. ඒවා ප්‍රේක්ෂකයාගේ ඔළුව කොල්ලොප්පන් කර කටෙන් අත දා දෙපයින් අල්ලා නොපිට ගසා අලුතෙන් හිතන්නට මතන්නට පොලඹවන්නකි. ඇත්තටම අශෝක නිර්මාණ තුළ සැඟවී තම දර්ශනය, විප්ලවය චරිත ලව්වා එළියට දමන්නේ දෙබස් හරහා ය.
නිදසුනක් ලෙස "නැගෙන හිර වෙරළෙන් ඔබ්බට" චිත්‍රරපටයේ සුනාමියට තම සියලූම දේපළ සහ තම පවුලේ සමීපතයන් අහිමිව අඩු ගනනේ බොඩි එකක්වත් නොමැතිව යන්නට තැනක්, කන්නට දෙයක් නොමැතිව ඇඳ සිටි වස්තරය සමග ජීවිත බේරාගත්ත්වුන් ඒකරාශී වී සිටි අනාත කඳවුරේ සිටි මුස්ලිම් තරුණියක් සියල්ලටම කෑම බෙදද්දී සිංහල මිනිහෙක් පෝලිම කඩද්දී ඊට එරෙහි වූ මුස්ලිම් තරුණියට "තම්බි බැල්ලි" කියා කීමත් සමග ඇතිවූ සිංහල දෙමළ බෙදීම සහ ඔවුනොවුන් අත තිබූ පොලු මුගරු ආයුධ කැබැලි දැක එහි භික්ෂුවට රඟපෑ ඩබ්ලිව්. ජයසිරි කී දෙබස ඒ සිනමා සිත්තමේ මා දකින ගැඹුරුම දාර්ශනික ස්ථානය යි.
 
එහි දී ඔහු, දෙපිලට බෙදුණු ඒ පොලු මුගුරු ගත් මිනිසුන්ගෙන් අසන්නේ "සුනාමියට මුළු සේස්තම තමන්ගෙ හැම එකාම නැතිවෙලා ජාතියක් වර්ගයක් කුලයක් නැතිව එක ගොඩේ එකට ඉන්න කිසිවක් නැති තොපි කොහොමද ‘තම්බි බැල්ලි’ කියන වචන දෙක ශබ්ද ටිකට කොහොමද මෙච්චර හරියක් කරන්න පුලුවන් උණේ ?’’ ඇත්තටම මේවා නිකන් පේමසිරි කේමදාසගේ අධි මාත්‍රා මෙන් අශෝකගේ අධිමාත්‍රා ය. ඔහුගේ සිනමාවේ විප්ලවය මහපාරේ රතු කමිසකාරයන්ගේ විප්ලවයට වඩා දාර්ශනික වන්නේ අන්න ඒ මිනිසුන් සිතන්නට පොළඹවන ගතිකය නිසාය. මෙවැනි නිදසුන් ඕනෑ තරම් ඔහුගේ නිර්මාණ තුළ ඇත.
පරණ සිද්ධියක්, වාර්තාගත ස්වරූපයක්...
Raniii
අන්න ඒ දාර්ශනික විප්ලවවාදියා රානි චිත්‍රපටයේ යාන්තමට වාගේ අහුවුණේ මෙන්න මෙතනය "දරුවෙක් නැති අම්ම කෙනෙකුගෙ, මිනිහෙක් නැති ගැනියෙකුගෙ වේදනාවේ බර දරාගන්න පත්තිරිප්පුවට බෑ", ‘‘ අම්මා කියන්නෙ සංස්කෘතික කෑල්ලක් මිසක් නිකම්ම නිකන් ගෑනියෙක් නෙවෙයි.’’ ‘‘මතු බුදුවෙන කෑල්ලක් තියෙන්නෙත් ගෑණියෙකුට නේ...’’ වගේ සීමිත තැන් කිහිපයක පමණි. ඒ ඉතින් අශෝක අප කවුරුත් දන්නා පරණ සිද්ධියක් ඒ ඒ නම් සමගින්ම වාර්තාගත ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නට යෑමෙනි. ඒ නිසා මේ රාණි අල්ලලා යන්නේ අශෝක හඳගමග ගේ අනිත් නිර්මාණ හරියකට නොබැලූ දෙදාහෙන් පසු ඉපදුණු පරම්පරාවට විය හැකි ය.

සිගරට් දෙකක් ඉවර කර එන ගමන් කල්පනා කරේ ඇත්තටම මනෝරාණි වගේ හිතන පතන ගෑනියෙක් එක්ක ඇයි හොඳැයියක් තියෙනවා නම් ඒකෙ ඇති මහ ලොකු වැරැද්දකුත් නෑ නේද කියා ය. මනෝරානි කෙල්ල කාලේ ඇත්තටම හරියට විසේ තියෙන්න ඇති !

(සටහන | Sarath Premathilaka)

උපුටා ගත්තේ Sarath Premathilaka ගේ facebook පිටුවෙනි
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්