leader s

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දිනාගත්, ඊට  කෙටි හා දීර්ඝ ලැයිස්තුගතව ඉක්බිති මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වූ කෘති ස්වකීය ඇගයීම් ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට,

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ගනු ලැබූ  අත්තනෝමතික තීන්දුව හරහා අත්පිටපත් ආකෘතියෙන් ඇගයීමට, විමසීමට, විග්‍රහයට පාත්‍ර විශේෂිත වූ කෘති ගණනාවකට ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සාහිත්‍ය ඇගයීම් ක්‍රියාවලියට අභිමුඛ වීමට ඇති අයිතිය අහිමිකර දමා තිබේ.  

මෙය එක් අතකින් ලේඛකයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද වන්නේ වෙයි.

 

විදර්ශන ත්‍යාගය දිනූ සහ ඊට නිර්දේශ වූ  කෘති අතුරින් කිහිපයක් මා කියවා ඇත. විශේෂයෙන් යසස් සමන්ත වීරසිංහගේ "වැහි පීල්ලක අතරමංව", ගයනි ගුරුගේ ගේ  "පළා යමි එන්න එළියට", මෙන් ම ශ්‍රිලානි ප්‍රනාන්දුගේ "මම වූයෙමි, මම වෙමි, මම වන්නෙමි" අති විශාල නිර්මාණාත්මක ශ්‍රමයක් තුළින් උත්පාදිත මනරම් ප්‍රබන්ධ කෘති බවට විවාදයක් නැත. ඒවා මගහැර ස්වර්ණ පුස්තක ඇගයීම සිදු කරන්නේ කෙසේද?

එමෙන්ම මා කියෙවූ අජිත් පැරකුම් ජයසිංහගේ ''සූදුරු අබා'' සහ සමිත බී අටුවබැන්දෑලගේ "වනිගසේකර තිත්මුවෙක්" කෙටිකතා සංග්‍රහ මෙන්ම සුහර්ෂණී ධර්මරත්න කිවිඳියගේ "මල් මැවූ මිනිසා" බඳු සුවිශේෂී නිර්මාණාත්මක මැදිහත්වීම අත්හැර රජත පුස්තකය පිණිස කෘති ඇගයීමට ගෙන ඇති තීන්දුව  තුළ මා දකින්නේ අතිශය සාපරාධී බවකි.

මෙම කප්පාදුකාර තීන්දුව ගන්නට මූලිකත්වය ගත් කවර ප්‍රකාශකයෙකු වුව සිහි තබාගත යුතු වන්නේ ඔවුන්ගේ ව්‍යාපාරිකභාවය රඳාපවතින්නේ පාඨකයාගේ කියවීමේ ධාරිතාව තුළ බවයි. එබැවින් මෙම කප්පාදුව තවත් පසෙකින් පාඨකයාගේ අයිතිය උල්ලංඝනය කිරීමකි.

 

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

මෙම තීන්දුව බැලූ බැල්මටම විදර්ශන ප්‍රකාශන ආයතනය ඉලක්ක කර ගත්තක් බව නිරීක්ෂණය කළ හැකි ය. මේ තාක් අත්පිටපත් ලෙස ඇගයීමට පාත්‍ර වූ "ගොඩගේ" කෘති ස්වර්ණ හා රජත පුස්තක ඇගයීම් ක්‍රියාවලී තුළ නිරූපද්‍රිතව පැවතිණි. ඇතැම් කෘති කෙටි ලයිස්තු අතරට සම්ප්‍රාප්ත වූ අතර ඒ අතරින්ද ඇතැම් කෘති උක්ත සම්මානයන්ට පවා පාත්‍ර විය.  එබැවින් මෙම තීන්දුව නිශ්චිතවම විදර්ශන අරභයා ගනු ලැබූවක් බවට තක්සේරු කරන්නට විශාල විවාදයක් අවශ්‍ය නැත.

Kamal Perera 2023.09.15 1කමල් පෙරේරා

 

ලංකා ලේඛක සංවිධානයේ නියාමකයකු ලෙස අති විශාල කාලයක් සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් මැදිහත් වූ, ජන නියමු කලාකරුවන්ගේ නියාමකයකු වන කමල් පෙරේරා වත්මන් රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ ද නියාමකයා ය. එමෙන්ම එම අනු මණ්ඩලයේ සාමාජිකත්වය තුළ සාහිත්‍ය සමාජයේ විශ්වාසය දිනාගත් කිහිප දෙනෙක්ම වෙති. එබැවින් මෙම අත්තනෝමතික තීන්දුවට එරෙහිව මැදිහත් වන්නට ඔවුන්ටද බැරිකමක් නැත.

ප්‍රශ්නය වන්නේ බොහෝ දෙනා නිහඬව බලා සිටීමයි. ඊට මැදිහත්වීම හරහා තමන්ගේ කෘති කප්පාදු වෙතැයි යන අනියත භිතිය සාහිත්‍ය සමාජයේ වෙලා ගත් සෙයකි. අවසන් වශයෙන් කිව යුතු වන්නේ මෙවන් කප්පාදුවක් අබියස නිශ්ශබ්දව සිටීම ලියන්නෙකුට තරම් නොවන බව ය.

 

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(සටහන | මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Manjula Wediwardena ගේ ෆේස්බුක් පිටුවෙන්..

February 15  

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්