leader s

අපි නතර කළේ එතනින්. ඔව් කලාකරුවන්ගේ මළපහ ටින් කරලා ඒක කලා කෘතියක් කරලා විකුණපු ප‍්‍රසිද්ධ කලාකරුවෙක් ගැනයි අද කතාව.

මේ අමුතු වැඩේ නම තමයි “Artist’s Shit” (Merda d'artista)

සුප‍්‍රසිද්ධ ඉතාලි ජාතික කලාකරුවෙකු වන පියෙරෝ මැන්සෝනි විසින් නිර්මාණය කරන ලද විරෝධී කලා කෘතියක් වන මෙය එළි දැක්වුණේ 1961 වසරේදීයි. මෙම කලා කෘතිය ටින් කෑන් 90 කින් සමන්විත  වුණා. අංක 001 සිට 090 වන තෙක් නොම්මරගත කර තිබු ඒ සෑම ටින් එකක්ම ග‍්‍රෑම් 30 (අවුන්ස 1.1) බැගින් වන කලාකරුවන්ගේ මළපහ වලින් පුරවා ඇති අතර අඟල් 1.9 * 2.6 ප‍්‍රමාණයෙන් යුක්ත වන මෙම ටින් ඉතාලි, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ සහ ජර්මානු භාෂාවෙන් ලේබල් කරලත් තිබුණා.

 

ඒ ලේබල් වල සඳහන් වුණේ මෙන්න මේ වගේ කතන්දරයක්

කලාකරුවාගේ මළපහ
අන්තර්ගතයේ බර ශුද්ධ ග‍්‍රෑම් 30
නැවුම් ලෙස සංරක්ෂණය කර ඇත
නිෂ්පාදනය කර ටින් කරන ලදී
1961 මැයි මාසයේදී

Piero Manzoni poop

 

”‍මම කැමතියි සියලූ‍ම කලාකරුවන් තමන්ගේ ඇඟිලි සලකුණු විකුණනවා දකින්න, නැත්නම් දිගම රේඛාව අඳින්න පුළුවන් කාටද කියලා බලන්න වේදිකාවක ප‍්‍රසිද්ධියේ තරඟ පවත්වනවා දකින්න නැත්නම් තමන්ගේම ජරාව ටින් වල දාලා විකුණනවා දකින්න. ඇඟිලි සලකුණ තමයි පිළිගත හැකි පෞරුෂයේ එකම ලකුණ:  කලාකරුවාට සමීප, කලාකෘති එකතුකරන්නන්ට ඇත්තටම කලාකරුවාගේ පෞද්ගලික දෙයක් අවශ්‍ය නම්, ඔන්න කලාකරුවාගෙම ජරාව තියෙනවා, ඒවා ඇත්තටම ඔහුගේ.”‍

ඔන්න ඔහොම තමයි පියෙරෝ මැන්සෝනි තමුන් කරපු මේ මතබේදාත්මක වැඩේ ගැන ඉන්පසු වසරකදී ඔහුගේ සහෝදර කලාකරුවෙකු වූ බෙන් වෝටියර්ට යවන ලියුමක සඳහන් කරන්නේ. ඔහු තම කලා කෘති මගින් සමකාලීන කලා ප‍්‍රවණතාවලට අභියෝග කළ, උපහාසය සිය කෘති තුළට රැගෙන එන්න උත්සාහ කළ කලාකරුවෙක්.

 

36464545

කලාකරුවාගේ මෙම කලාකෘතිය ප‍්‍රදර්ශනය අවස්ථාවේ දී එය ඉතා මතභේදාත්මක මෙන්ම උමතු ක‍්‍රියාවක් ලෙස සළකනු ලැබුණා. මොකද කාටවත් බලන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ ඒවල ඇත්තටම තිබ්බේ මැන්සෝනිගේ මළපහමද කියලා. හැබැයි වරක් ඔහුගේ පියා විසින් "උඹේ වැඩ නම් ජරාවක්”‍ යනුවෙන් පවසා තිබීම කලාකරුවා මේ සඳහා පොළඹවා ඇතැයි මත පළ වුණා.

කොහොමවුණත් මැන්සෝනි මේ වැඩේ කරලා තිබුණේ ඩුචැම්පියානු ආරයට (Marcel Duchamp විසින් නිර්මිත න්‍යායක්) කලා ලෝකයට සහ වෙළඳපොළ විසින් නිර්මාණය කරන ලද ධනේශ්වර රසයට බලපෑම් කරන පාරිභෝගිකවාදයට සමච්චල් කරන්න තමයි ඔහු මේ ක‍්‍රියාව කරලා තිබුණේ. එය ඩැඩාවාදීන් භාවිතා කළ ආකාරයටම සමාජ තහනම් කිරීම් විනිවිද යාම ඉලක්ක කරගෙන මේ රැඩිකල් කලාකරුවා සිදු කරපු තමන්ගේම කඩාකප්පල්කාරී අභිනය වුණා.  

184937159 16b276b5 02a0 410d 8413 1c1c3478bd03

පියෙරෝ මැන්සෝනිගේ  කෘතියට අයත් මළපහ ටින් අතුරින් විකුණන ලද ටින් ගැන පැහැදිලි තොරතුරු නැතත් 1962 අගෝස්තු 23 දින යොදපු රිසිට්පතකින් මේ එක ටින් එකක් කවියෙකු වන ඇල්බර්ටෝ ලූ‍ෂියාට කැරට් 18 රත්තරන් ග‍්‍රෑම් 30 කට විකුණා ඇති බව ඔප්පු වුණා. කොහොමවුණත් තවත් කලාකරුවෙක් වගේම මැන්සෝනිගේ මිත‍්‍රයෙක් වුණු ඇගොස්ටිනෝ බොනලූ‍මි කියන්නේ මෙම ටින් ඇත්තටම මළපහ වලින් නෙමේ ප්ලාස්ටර් වලින් පිරී තිබෙන බවයි. කොහොමවුුණත් මේ ටින් වානේ වලින් හදලා තිබ්බ නිසා ඒවා එක්ස් කිරණ ස්කෑන් කිරීමකට නිරාවරණය කරලා හෝ  ඇතුළේ අන්තර්ගත දේවල් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒනිසා ”‍කලාකරුගේ ජරාවෙහි”‍ හි ඇත්තටම මොනවද තියෙන්නේ කියන එක රහසක් වුණා.

Bazile open Merda d artista

 

ඒත් 1989 දී බර්නාඞ් බැසයිල් විසින් මැන්සෝනිගේ මේ කෘති අතරින් විවෘත කළ ටින් එකක් ප‍්‍රදර්ශනය කළා. ඒක නම් කරලා තිබ්බේ  ”‍පියෙරෝ මැන්සෝනිගේ විවෘත කළ කෑන්”‍ එක විදිහට. ඒත් රසවත්ම සහ හාස්‍ය උපදවනම කාරණා වුණේ විවෘත කරපු ඒ කෑන් එක ඇතුළෙත් තිබුණේ විවෘත නොකළ, ඔතා ඇති වස්තුවකින් සමන්විත හඳුනාගත නොහැකි ද්‍රව්‍යක්. මැන්සෝනි මොන පිටසක්වලකින් මොනා ගෙනත් ටින් වල දැම්මද කියලා දන්නේ එයාම තමයි. කලා ලෝකයේ වෙළඳපොළ තුල ඇති හාස්‍යජනක බව සහ එහි සන්දර්භය වඩාත් උද්දීපනය කරන මැන්සෝනිගේ මේ අමුතු වැඩේ ඇත්තටම මිල වෙන්නේ සැහෙන්න පහු වෙලා. කලා කෘතියේ අභිප‍්‍රාය නොසළකා  ඕනෑම දෙයක් අලෙවි කිරීමට වෙළඳපොළ නැඹුරුව නිරන්තරයෙන් ක‍්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරමින් “Artist’s shit” කලා කෘතියේ අඩංගු කෑන් වලින් කිහිපයක් පසු කාලීනව ඉහළ මිලකට අලෙවි වී ගියා.  

ඒ අනුව 2007 දී සොතෙබි වෙන්දේසියේදී එක් කෑන් එකක් යුරෝ 124,000 කට අලෙවි වූ පසු, එයින් වසරකට පසු පවුම් 50,000-70,000 ක ඇස්තමේන්තුවකට වෙන්දේසි මිල නියම වූ අංක 83 ක දරන කෑන් එක පසුව පවුම් 97,250 කට අධික මුදලකට අලෙවි වුණා. 2015 දී, කෑන් අංක 54 ක‍්‍රිස්ටි හිදී පවුම් 182,500 කට අලෙවි වූ අතර, ඊළඟ වසරේ මිලාන්හි කලා වෙන්දේසියකදී තවත් කෑන් එකක් යුරෝ 275,000 ක වාර්තාගත මිලකට අලෙවි වුණා.

 

2020 05 24 13 40 25

කොහොමවුණත් මැන්සෝනි කරපු මේ වගේ විරෝධාකල්ප කලාකෘතිවල පළමු එක නෙමෙයි මේ. මැන්සෝනිගේ මාපටැඟිලි සලකුණු සහිත බිත්තර, “Artist Breath” ලෙස නම් කොට ඔහුගේම හුස්මෙන් පොම්ප කරන ලද බැලූන් වැනි කෘති මාලාවක අඛණ්ඩ පෙළක් ලෙසයි ඔහු මෙය ඉදිරිපත් කරන්නේ. කෙසේවෙතත් කලා විචාරකයින් කියන්නේ මෙය කලාකරුවාගේම ශරීර ලක්ෂණ ෆෙටිෂීකරණය (අර්චනකාමීකරණය* සහ වෙළඳ භාණ්ඩකරණය මත පදනම් වූ ව්‍යාපෘතියක් කියලයි.

webimage 99E1E95D C155 4682 833E7F55698BD53C

 

ඉංග‍්‍රීසි ජාතික කලා ඉතිහාසවේදියෙක් වන ස්ටෙපන් බරි ඒ ගැන දක්වන්නේ මේ වගේ අදහසක්.


"ඒක මැන්සෝනිගේ විහිළුවක්, කලා වෙළඳපොළ, එහි පාරිභෝගිකවාදය සහ එය ජනනය කරන නාස්තිය පිළිබඳ උපහාසාත්මක විවේචනයක්.”‍
 
කොහොමවුණත් අවුරුදු 29 ක් වැනි ඉතා කෙටි ජීවිත කාලයකට හිමිකම් කියන ස්වයං-අධ්‍යනයෙන් කලාකරුවෙකු වූ පියරේ මැන්සෝනි එලෙස ”‍කලාකරුවෙකුගේ ජරාවක්”‍ කලා වෙළඳපලට විකුණු රැඩිකල් කලාකරුවා ලෙස ඉතිහාසගත වෙනවා. කලාව විසින් ලෝක දේශපාලනය සහ ඒ විසින් මෙහෙයවන පරිභෝජනවාදය උපහාසයට ලක් කළ අප‍්‍රමාණ අවස්ථා අතරින් එකක් පමණයි මේ.
 
ඉතිං ලෝක බලවතාව වැසිකිළියකට ඇද දමපු කලා නිර්මාණයක් ගැන අපි ඊළඟට කතා කරමු.  

 

7214a030 5b38 4372 bddf 1aff18753e1bසටහන : Yesha Fernando
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්