leader s

ඉලංගොගෙ නෙළුම් කුළුණ කියන්නෙ ලංකාවෙ ජනප්‍රිය සම්භාව්‍ය ඕඩියන්ස් දෙකම එකතු කරපු වැඩක්. කිසිම හාහෝවක් නැතුව ඇවිත් හෝල් කඩාගෙන දුවපු ෆිල්ම් එකක්.


උත්ථානය වූ පුරුෂ ලිංගයක් කේන්ද්‍ර කරගෙන ආසියාතික පවුල සහ සංස්කෘතිය ගැන හාස්‍යයත් ගැඹුරත් කැළැතුනු චිත්‍රපටියක්.

ඇඩ්වර්ටයිසින්කාරයෙක් හින්ද මේ දිහා වෙන විදිහකටත් බලන්න මට හිතුන. මේ චිත්‍රපටියෙ ටැග්ලයින් එක වුනෙම ‘රට වැටුනත් කුළුණ කෙලින්’ කියන එක. ඒ වගේම චිත්‍රපටිය දිවෙන්නෙම පහතට හෙලන්න බැරි පුරුෂ ලිංගයක් වටේට. වයසට ගියත් පෙම් කෙළින, poර්න් බලන තාත්තෙක් සහ එයාගෙ යාලුවො ටිකක් අතර රහසක් තමයි කතාවට මුල්වෙන්නෙ. ඒ රහස ෆයිසර් කොම්පැනියෙ පෙත්තක්.

 tentigo 2

මේක ෆයිසර් කොම්පැනියෙන් පැයයි විනාඩි හතලිස්පහක් දිගට හදපු ඇඩ් එකක් වෙන්න බැරිද? (ලෝකෙ දිගම ඇඩ් එක?)  චිත්‍රපටියෙ මේ සියලු සිදුවීම් වෙන්නෙ වයග්‍රා පෙත්තක් හින්ද. ලේලිලා කතා වෙන්නෙත් තමන්ගෙ සැමියාට වඩා කෙලින් වුනු තාත්තාගෙ එක ගැන. වයග්‍රා ගත්තත් බීපු නැති පුතාලාගෙ කෙලින් නොවීම නිසා  ලේලිලා අතින් හාස්‍යයට ලක්වෙනවා. ඇත්තටම වයග්‍රා පෙති ගැන මීට වඩා හොඳ ඇඩ් එකක් හදන්න පුළුවන් වෙයිද

 

චිත්‍රපටය දෙමළ සිනමාවටත් නැගෙනවා. ඉන්දියාව කියන්නෙ ලොකු මාර්කට් එකක්. ඒ වගේම ජපානය, ස්පාඤ්ඤය ආදී රටවලටත් ප්‍රතිනිර්මාණය වෙනවා. සියලු වැඩිහිටි පරම්පරාවලට තමන්ගෙ කුළුණු කෙලින් තියාගන්න උදව් වෙන පෙත්තක් ගැන කතාවක් විදිහට මේ චිත්‍රපටිය කියවන්න බැරිද?

මං කියන්නෙ නෑ ස්ථිරවම මේක ඇඩ් එකක් කියල. එහෙම ඇඩ් එකක් නම් මේ චිත්‍රපටියෙ වටිනාකම මට තවත් කීප ගුණයකින් වැඩි වෙනවා. මොකද ඇඩ් එකක් මේ විදිහට බොක්ස් ‍ඔෆිස් තියන චිත්‍රපටියක් වුනා කියන්නෙ, ඒක මරු වැඩක්. ඇඩ් එකක් ඇතුලෙ පවුල් සංස්කෘතිය සහ ඒ ආශ්‍රිත ලිංගිකත්ව අර්බුද මතු කරනවා කියන්නෙ සැර වැඩක්. අඩුම තරමෙ ෆයිසර් කොම්පැනියට මේ චිත්‍රපටිය ස්පොන්සර් කරන්න ඕන කියලවත් අදහසක් එන්නෙ නැත්තං මං හිතන්නෙ ඒක ඒ අයගෙ  මාර්කටින් වල අඩුවක්.

 


මේ චිත්‍රපටිය බලද්දි ඒ රූප රාමු එක්ක මට තවත් චිත්‍රපටි දෙකක් මතක් වුනා. එකක් A Few Less Men කියන එක. ඒක කරන්නෙ මාක් ලැම්ප්‍රෙල්  2017දි. Few Best Men කියන එකට සීක්වල් එකක් විදිහට. ඔස්ට්‍රේලියානු කාන්තාරයක් මැද්දෙ තනිවුනු යාලුවො තුන්දෙනෙක් මියගිය තමන්ගේ අනෙක් යාලුවාගෙ මිනිය ලන්ඩනය දක්වා අරගෙන යන්න කරන උත්සාහයක් ඒකෙ තියෙන්නෙ.

 

224558 1232865
අනෙක 2010 කරපු  නීල් ලැබියුට් ගෙ Death at a Funeral කියන ෆිල්ම් එක. ඒකෙ තියෙන්නෙ තාත්තාගෙ මිනිය මාරු වෙලා එන එකෙන් ඇතිවෙන අවුලක්. ඒකෙන් පවුලෙ හැංගිච්ච රහස් එලියට එන කතාවක්. මේක බ්‍රිටිෂ් ඔරිජිනල් එකෙන් ඇමරිකාවෙ හැදෙන එක.  මේ කතා දෙකම ඩාර්ක් කොමඩි.

ඉලංගො නෙළුම්කුළුණ මේ චිත්‍රපටිවලින් කොපි කළා කියල කීයටවත් අදහස් කරන්නෙ නෑ. මේ කතාවට සමාන පරිසරයක හැසිරෙන තවත් චිත්‍රපටි කීපයක් මතක් කිරීමක් විතරයි. ඒ චිත්‍රපටිත් බලන්න. එතකොට එක සමාන premise එකක හැසිරෙන විවිධ චිත්‍රපට අතර වෙනස්කම් සමානකම් කියවගන්න පුළුවන්.

මොනවා වුනත් නෙළුම් කුළුණ කියන්නෙ වැඩක්. ඒක මාර්කටින් වැඩක් නම් ඉතින් ඊටත් වඩා සිරා වැඩක්.




මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා | Chinthana Dharmadasa(සටහන | චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්