දැනට වඳවී ගොස් ඇති නවසීලන්ත "huia" නම් පක්ෂියාගේ තනි පිහාටුවක් වාර්තාගත මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇත.


ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ එය ඩොලර් 28,400කට අධික බවයි.

එය ලෝක වාර්තාවකි.

එම වෙන්දේසියේදී මෙම පිහාටුව වෙන්දේසි වෙතැයි අපේක්ෂා කර තිබුණේ ඩොලර් 3,000කට ය. 

එසේම මෙතෙක් පැවති වාර්තාව ද හිමිකරගෙන තිබුණේ මෙම පක්ෂියාගේ ම පිහාටුව කි. නමුත් එම මිලට වඩා 450% ගුණයකින් එම පිහාටුව අලෙවි වී ඇති බව වෙන්දේසිය සංවිධානය කළ ආයතනය පැවසීය.

"huia" පක්ෂියා මවෝරි ජනතාව පූජත්වයෙන් සලකයි. එම පක්ෂීන්ගේ පිහාටු හිස් පළඳනා සඳහා සවිකිරීමට, තෑගී ලෙස හෝ විකිණීම සඳහා ද එම ජනතාව භාවිත කළේය.

"huia" පක්ෂියා අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී ය.

(adaderana.lk)

මුලාශ්‍රය :
World's most expensive feather sold at auction

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්