2020 ජනාධිපතිවරණයේ ප්‍රධාන කඳවුරු දෙකේ අපේක්ෂකයන්ගේ දේශපාලන පටලැවිලි සහ ජයග්‍රහණය කළහොත් මුහුණ දෙන අභියෝග කවරේද

යන්න විග්‍රහයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අපේක්ෂාවයි. මෙයට පෙර theleader.lk වෙත ඉදිරිපත් කළ ලිපි මාලාවේ බැසිල් හා රනිල්ගේ දේශපාලන භාවිතාව හෙලි කිරීමට උත්සහ කළෙමු.

මේ වන විටත් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර ඇත. තවම UNP ප්‍රමුඛ UNP පෙරමුණෙන් අපේක්ෂකයා පත් කිරීමට මාන බලමින් සිටියි.

මේ වන විටත් පොහොට්ටු පක්ෂය විසින් මෙරට සුළු ජාතික ඡන්ද පදනම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජනාධිපතිවරයා යන සාධක දෙක නොසලකා හරිමින් තම අපේක්ෂකයා තනි තක්සේරුවට පත් කර ඇත.

UNP පිළේ අර්බුධය තවම විසඳී නොමැති වූවක් එය රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායක තනතුර, අගමැති තනතුර හා විපක්ෂ නායක තනතුර ආරක්ෂා වන පරිදි එය විසදීමට නියමිතයි. UNP පිලේ අපේක්ෂකයා පත් කරන තුරු මෙම ලිපියෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඇති අභියෝග සහ දේශපාලන අනාගතය ගැන විග්‍රහ කරන්නෙමු.

sep 12 Text 1 

ගෝඨාභය වෙනුවෙන් වෙන වෙනම මෙහෙයුම් තුනක්:

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වෙන වෙනම මැතිවරණ මෙහෙයුම් (මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති) තුනක් ක්‍රියාත්මක කිරීමට වනු ඇත. එනම් බින්දුවේ පවතින මුස්ලිම් හා උතුරේ ඡන්ද පදනමෙන් යම් කිසි ප්‍රතිශතයක් දිනා ගැනීම සඳහා මුස්ලිම් හා දමිළ ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රචාරක ව්‍යාපෘති දෙකක් හා එයට අමතරව සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් 64% ලබාගැනීමේ අසීරු ඉලක්කය තහවුරු කර ගැනීමට අවශ්‍ය මැතිවරණ මෙහෙයුමයි.

මෙලෙස පොහොට්ටු පක්ෂය වෙන වෙනම මැතිවරණ මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කරන විට UNP පිලට අවශ්‍ය වන්නේ එක් මැතිවරණ මෙහෙයුමක් පමණයි. UNP ය මේ වන විටත් සුළු ජාතික ඡන්ද පදනමෙන් බහුතරයක් දිනාගෙන ඇත. ඔවුන්ට ඉතිරි වී ඇති අභියෝගය වන්නේ සාම්ප්‍රදායික ග්‍රාමීය UNP පාක්ෂිකයා සක්‍රීයව ඡන්ද පොළට කැඳවා ගැනීමේ අභියෝගයයි. එයද මේ වන විට රනිල් විසින් සජිත් හරහා සිදුකරමින් සිටියි.

තවද පොහොට්ටු නායකයන් සිහියේ තබාගත යුත්තේ හා ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී ඇති දෙය නම් තාක්ෂණය හා සමාජ මාධ්‍ය දියුණු මෙවැනි යුගයක එකිනෙකාව පරස්පර මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමේ අභියෝගයයි.

උතුරේ හා මුස්ලිම් ඡන්ද දිනා ගැනීමට ක්‍රියාත්මක කරන මෙහෙයුම නිසාවෙන් මෙතෙක් ජාතිවාදී පදනමෙන් දකුණේ තහවුරුකරගෙන ඇති ඡන්ද පදනම දියවීමට ඉඩ ඇත. එයද ප්‍රතිවාදියා සජිත් ප්‍රේමදාස වුවහොත් දකුණේ එය තවත් අභියෝගයකට ලක් වීමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට දකුණේ සිංහල ඡන්ද 64% තහවුරු කිරීමට ඇති එකම හා ප්‍රධානම සාධකය ජාතිවාදය පමණයි. එම නිසා දකුණේ දී ක්‍රියාත්මක වීමට නියමිත මැතිවරණ මෙහෙයුමෙන් උතුරේ හා මුස්ලිම් ජනතාව සඳහා වූ මෙහෙයුම අභියෝගයකට ලක් වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම තහවුරු කිරීම සඳහා ප්‍රධාන ස්ථර දෙකක් ඇත. ඉන් ප්‍රධානම සාධකය වන්නේ දේශීයත්වය හා ජාතිකත්වය මත ගොඩනගන ලද  සිංහල බෞද්ධ ඡන්ද පදනමයි. මෙම ස්ථරය මහින්ද රාජපක්ෂ මහතා කේන්ද්‍ර කරගනිමින් බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය මත රදා පවතියි.

'වියත්මඟ' සැකැස්ම හා භාවිතාව:

අනෙක් ස්ථරය වන්නේ මධ්‍යම පාන්තිකයන් හා පාවෙන ඡන්ද පදනම දිනාගැනීම ඉලක්කරගනිමින් ක්‍රියාත්මක 'වියත්මඟ' සංවිධානයයි. එය විශ්‍රාමික හමුදා නිලධාරීන්, වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන්ගෙන් සමන්විතය.

'වියත්මඟ' සංවිධානයේ සැකැස්ම හා භාවිතාව පසුගිය වසර පහ තුළ ජාතිකවාදී පදනමකින් ක්‍රියාත්මක විය. වියත්මග ද සුළු ජාතික ඡන්ද පදනම විකර්ෂණය කරගැනීමට හේතුවන සංවිධානයක් පමණයි. සුළුජාතික ඡන්ද පදනම දිනාගැනීම සඳහා මුලසිටම දිගු සැලැස්මක් නොතිබූ බවයි.

දැන් අවධානය යොමුකල යුත්තේ පසුගිය දශකයකට වැඩි කාලයක් පුරාවට මහින්ද රාජපක්ෂ මහතා වටා ගොනුවී ඇති දේශප්‍රේමී නමින් හැඳින්වෙන ජනතාරැල්ලේ සැබෑ නිර්මාතෘවරුන් කරුවන් කවුරුන්ද යන්නයි.

sep 12 Text 2 

ජ.වි.පෙ වැරදි තීන්දුවල ප්‍රතිඵල අදටත්...

"එක රටක විප්ලව දෙකක් බැහැ" යන ජවිපෙ අභ්‍යන්තර සාකච්ඡාවල ප්‍රතිඵල මඟින් LTTE ය විනාශ කිරීම සඳහා දේශප්‍රේමීන් නමින් ජාතිකවාදී කඳවුරක් ජ.වි.පෙ විසින් නිර්මාණය කරන ලදී. 2003 වර්ෂයේදි ජාතිකවාදී ගුණදාස අමරසේකර වැනි අය හා භික්ෂූන්, කලාකරුවන් ඒකරාශීකරගනිමින් ජ.වි.පෙ විසින් LTTE ට එරෙහිව මෙම සංවිධාන දේශහිතෛශී නමින් සංවිධාන කරන ලදී.

මෙමඟින් ජ.වි.පෙ ලබාගැනීමට හැකිවූ කෙටිකාලීන ජයග්‍රහණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආසන 34 ක් ලබාගැනීමට හැකිවීම පමණයි.

2005න් පසු මහින්ද රාජපක්ෂ මහතා, විමල් සමඟ මෙම ජාතිකවාදී කඳවුර හයිජැක් කළේය. ජනප්‍රියවාදය වැළඳගනිමින්, සැබෑ වමේ භාවිතාවෙන් ඈත් වෙමින් එදා ජ.වි.පෙ ගත් වැරදි තීන්දු නිසාවෙන් අද රට ජාතිවාදයක පැටලී ඇත.

අද ඇති වී ඇති තත්වය සැබෑ නිර්මාතෘවරුන් වන්නේ අනුර කුමාර, ටිල්වින් සිල්ව හා කුමාර ගුණරත්නය. ‍ ජ.වි.පෙ වැරදි තීන්දුවල ප්‍රතිඵල අදටත් සමාජය තුළ මුල්බැස ඇත. අනුර කුමාර රතු ඇදගෙන සුමන්තිරන් සමඟ යාපනයේ පෙළපාලි ගියාට, ලයනල් බෝපගේට අතට අත දුන්නට ඉතිහාසයේ කරපු වැරදි නිවැරදි වන්නේ නැත.

අද වන විට අනුර කුමාරල හා කුමාර ගුණරත්න වමේ සැබෑ භාවිතාව මඟහරිමින් දෙකට බෙදී එකකු රනිල් මඟත් අනෙකා බැසිල් මඟත් යමින් සිටියි. බැසිල්ට සහයෝග දී ජනාධිපතිවරණයෙන් පසු බැසිල්ගේ සහයෙන් ජ.වි.පෙ දියකර තමාගේ බලය තහවුරු කර ගැනීම, කුමාර ගුණරත්නගේ 2015 උපාය විය. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයේ උත්සාහය ව්‍යාර්ත විය.

 

පෙ.ස.පෙ ද ජාතිවාදී මඟ යමින්...

ජ.වි.පෙන් ඉවත් වූ කුමාර ගුණරත්න පෙ.ස.පෙ ඉතිරි වූයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය පමණයි. අද වන විට එයද අභියෝගයට ලක් වී ඇත. පුබුදු ජයගොඩගේ බැසිල්ට කඩේ යාමේ වැඩසටහනට විරුද්ධවූ අන්තර් කැඳවුම් කරු වහා ඉවත් කර හදිසියේ භික්ෂුවක් පත් කිරීමෙන් අර්බුධය කරලියට පැමිණ ඇත.

මෙමඟින් පැහැදිලි වන කරුණ වන්නේ පෙ.ස.පෙ ද ජාතිවාදී මඟ යමින් සිටින බවයි. නව අන්තරේ කැඳවුම්කරු වශයෙන් රත්කරව්වේ ජිනරතන හිමි පත් කිරීමෙන් ජාතිවාදී භික්ෂු දේශපාලන මඟ හෙළිකරගනිමින් සිටියි. තවද භික්ෂුවක් මේ මොහොතේ අන්තරේ කැඳවුම්කරු වශයෙන් පත් කිරීමෙන් බලාපොරොතතු වන්නේ ජාතිවාදී ජනප්‍රියවාදී පදනමෙන් නැවත අන්තරේ බලය තහවුරු කර දියවී ඇති පක්ෂය ගොඩනැඟීමයි.

භික්ෂූන් දේශපාලනයට ඈදාගැනීමෙන් ආගමට හා රටට වූ විනාශය අතිමහත්ය. අනාගතයේදී තවත් ජාතිවාදී භික්ෂුවක් බවට ජිනරතන හිමියන් පත්වුනොතින් නැතිනම් නැවත බොදුබල සේනා වක් නිර්මාණය වුවහොත් කුමාර ගුණරත්න එය නිවැරදි කරන්නේ කෙසේද?. දිගින් දිගටම වමේ භාවිතාව වරද්ද ගන්ත අනුර කුමාර, කුමාර ගුණරත්න වම කතිකාවෙන් ඈත් වී තමන් ජනප්‍රියවාදීන් බව පිළිගැනීමට හැර දැන් ඔවුන්ට ඉතිරිවූ තවත් දෙයක් නැත.

 

ගෝඨාභය ජයග්‍රහණය කළහොත් !

sep 12 Text 3අවසාන වශයෙන් විග්‍රහ කළ යුත්තේ ගෝඨාභය ජයග්‍රහණය කළහොතින් ඉදිරියට ඔහු ක්‍රියාත්මක වන්නේ කා සමඟද යන්නයි. ගෝඨාභයගේ වියත්මග සමඟද?. බැසිල්ගේ ප්‍රාදේශීය නායකයන් සමඟද? ගෝඨාභයගේ පොරොන්දුව  වන අලුත් ශ්‍රී ලංකාව බැසිල්ගේ ප්‍රාදේශීය නායකයන් සමඟ කල නොහැක.

බලය ලැබූ සැනින් හිට්ලර්ගේ  ගෙස්ටපෝ හමුදාව ඉවත් කළා මෙන් ප්‍රාදේශීය නායකයන් ඉවත් කරනවාද?. එසේ ප්‍රාදේශීය නායකයන් ඉවත් කළහොත් බැසිල්ගේ, මහින්දගේ, නාමල්ගේ දේශපාලන අනාගතයට කුමක් වෙයිද?. ඔවුන්ගේ දේශපාලනය අහෝසි නොවන්නේද?.

නැතිනම් ප්‍රාදේශීය නායකයන් සමඟ ඉදිරියට යනවා නම් ගෝඨාභය කියන, වියත්මග කියන අලුත් රට නිර්මාණය කළ හැකිද?. වියත් මගේ සිටින වියතුන්,වෘත්තිකයන්ට සැබැවින්ම අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අවශ්‍යයද?. එය ප්‍රාදේශීය නායකයන් සමඟ කළ හැකිද?.

මෙම දෙගොල්ලන්ගෙන් කවරෙකු ඉතුරු වෙයිද?. කවරෙකු කැපෙයිද?. ගෝඨාභය ජනාධිපති වුවහොත් මේ පටලැවිල්ල ලිහාගන්නේ කෙසේද?. නැතිනම් මෙම දෙගොල්ලොම තබාගෙන පරණ ගමන යනවාද?.

(මකියාවෙල්ලි)

සබැඳි පුවත් :

වියන්ගොඩට ඌනපූරණයක්: බැසිල්ගේ 'වැඩ' ජනාධිපතිවරණයෙන් පසුවට

බැසිල්ගේ සැලැස්ම හා රනිල්ගේ සැලැස්ම සමපාත වනහැටි!

'බැසිල්ගේ සූත්‍රය' ගාල්ල පොහොට්ටු බල මණ්ඩලයේදී සනාත වේ.

පොහොට්ටුව පාලනය කරන බැසිල්ගේ සූත්‍රය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්