රජරට වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් හිඟයක් තියෙනවා කියලා ප්‍රවෘත්තියක තිබුණා. මහරගම අපේක්ෂා රෝහලෙත් පිළිකා ප්‍රතිකාරක ඖෂධ හිඟයි කියලා සමහරු කතා කරනවා.

ඒ වගේම අවුරුදු කීපයක් තිස්සේ රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ගැන කතා තිබුණා. ඊළඟට අවුරුදු දෙකකට විතර කලින් ඖෂධ මිල සියයට 90 කින් විතර වැඩි උනා. ඒවා ලොකුවට ගත්තේ ඡන්දෙට විතරයි.

ඡන්දෙන් පස්සේ නාගරික මධ්‍යම පංතියට ඊට වඩා ඉන්ධන, ගෑස් සහ විදුලිය කැපීම බරපතල ප්‍රශ්න උනා. දැන් ඒ ප්‍රශ්න විසඳිලා. නමුත් රටේ තොටේ සාමාන්‍ය මිනිසුන්ගේ ඖෂධ ප්‍රශ්නෙ ඉතිරි වෙලා.

පසුගිය අමාත්‍ය මණ්ඩල තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට ආව සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල කිව්වා ජුනි 15 වෙනිදා ඉඳන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 45 ක මිල සියයට 16 කින් අඩු කරනවා කියලා.

නමුත් කොළඹ ජාතික රෝහල සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 1,200 ට වැඩි ප්‍රමාණයක් භාවිත කරනවා. අත්‍යාවශ්‍ය ඖෂධ ලේඛනය තීන්දු කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරයයි. ඒ පනතට අනුව සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් පස්සේ අවසන් තීන්දුව ගැනීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය ඇමතිට. මේ වික්‍රමසිංහ ආණ්ඩුවේ ඒ අයිතිය තියෙන්නේ රඹුක්වැල්ල ඇමතිට.

ඖෂධ වෙළඳාම මුළු ලෝකයේම වගේ ලංකාවෙත් ලොකු මාෆියාවක්. මේ ලෝකල් මාෆියාව ඖෂධ සඳහා කිසිම අලුත් වටිනාකමක් එකතු කරන්නෙ නැහැ. ඒ අය කරන්නේ ලාභයක් තියා ගෙන ෆාමසි වලට බෙදා හරින එක විතරයි.

එතකොට ඔවුන්ගේ ලාභය කොයි තරම්ද? ඒක ගණන් හැදෙන්නේ කොහොමද? අපේ රටේ රජයේ රෝහල්වල නොමිලේ බෙහෙත් දුන්නට, ආනයනය කරන ඖෂධ වල මුළු වටිනාකමෙන් සියයට 50 ක්ම ගෙවන්නේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ අතේ තියෙන සල්ලි වලින්. ෆාමසි වලින් ගන්න ඒ ඖෂධ වලට සාමාන්‍ය පුද්ගලයෙකු සියයට 400 ක විතර වැඩි මිලක් ගෙවනවා. ඒ ගණන් හැදෙන්නේ මෙහෙමයි.

 

 බටහිර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආදියට බදු අය කිරීම් කිසිවක් නැහැ. ආයුර්වේද ආනයන සඳහා අය කරන වැට් බද්ධ, වරාය හා ගුවන් තොටුපල අය කිරීම හා සෙස් අය කිරීම්ද බටහිර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආදියට නැහැ. ඒ නිසා ඒවා ලංකාවට ගෙන්වන්නේ ඖෂධ අලෙවි කරන නිෂ්පාදකයාගේ හෝ සැපයුම්කරුගේ මිලට අමතරව ඒ සඳහාවන රක්ෂණ ගාස්තුව හා ප්‍රවාහන කුලිය විතරක් ගෙවලා. ඉංග්‍රීසියෙන් කිව්වොත් සී.අයි.එෆ් කියන කොස්ට්, ඉන්ෂුවරන්ස් සහ ෆ්රේට් කියන ඒ වැය කිරීම්වල එකතුවට.

ලංකාවට විතරක් නෙවෙයි, සවුදි අරාබිය හැර අනෙක් හැම රටකම වගේ ඖෂධ ආනයනකරුවන් රක්ෂණ හා ප්‍රවාහන ගාස්තු සඳහා ඉදිරිපත් කරන වියදම සියයට 300 කින් විතර පුම්බනවා. එතකොට රුපියල් 100 ට මිල කෙරෙන ඖෂධය රේගු බදු කිසිවක් නැතුව කොළඹ වරායෙන් එළියට ගන්නකොට රුපියල් 400 ක් හෝ 450 ක් වගේ මිල වෙනවා.

images 1555650062503 images 1532420298081 medical store

ඔවුන්ගේ ලාභය උපරිම වශයෙන් එතනින්ම උපයගෙන ඉවර උනාට, ඔවුන් වෙන කිසිම ආනයන වෙළඳාමක නැති සියයට 85 ක ලාභයක් වෙළඳපල සිල්ලර මිල සඳහා නියම කරනවා. ඒ නිසා තමයි මේ ඖෂධ ආනයනකරුවන්ට ඔවුන්ගේ සන්නාහ නාමය සමගවන ඖෂධ අලෙවිය ප්‍රවර්ධනය කර ගැනීමට ෆාමසි අයිතිකරුවන්ට සියයට 40 ක 45 ක වට්ටමක් දෙන්න පුළුවන් වෙන්නේ.

මේ පුම්බන සී.අයි.එෆ් ගෙවීමෙන් රටට සිදුවන බරපතල අලාභ දෙකක් තියෙනවා. එකක් ඒ පුම්බාපු ගෙවීම් වෙනුවෙන් වැය කෙරෙන මුදල් වලින් කොටසක් රටින් පිට කාගේ හරි සාක්කුවක තැන්පත් වෙනවා. දෙවන කාරණය, හරියට ගණන් හදනවා නම්, ඒ වැඩිපුර මුදලින් රටට අවශ්‍ය තව ඖෂධ තොගයක් ගේන්න පුළුවන්. ඒ නිසා මේ ආනයනකරුවන් පිල්ලි ගහන ඩොලර් ප්‍රමාණය අනුවත් ඖෂධ හිඟය උග්‍ර වෙනවා.

 මේ ලෝකේ තියෙන ලොකුම මාෆියා අතරින් අවි ආයුද වෙළඳාමට සහ අන්තරායදායක මත්ද්‍රව්‍ය ජාවාරමට පස්සේ ලොකුම මාෆියාව, යෝධ ඖෂධ නිෂ්පාදකයින්ගේ ගෝලීය හවුලයි. අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ බොහෝ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන්නෙත් මේ ඖෂධ මාෆියාව කියලා. 

නමුත් අපට තියෙන ප්‍රශ්නය තමයි රටේ සෞඛ්‍ය සේවා වෙනුවෙන්, රෝගීන් වෙනුවෙන් බෙහෙත් හිඟය වෙනුවෙන් කතා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින් මේ යෝධ ගසා කෑම ගැන කතා නොකරන්නේ ඇයි? කියන එක.

වෛද්‍යවරුන් දන්නෙ නැද්ද මේ ආනයනකරුවන් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් ඖෂධ මිල සියයට 300 කින් 400 කින් පුම්බලා තියෙන්නේ කියලා? සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල අත්‍යාවශ්‍ය ඖෂධ 45 ක මිල ලබන ජුනි 15 වෙනිදා සිට සියයට 16 කින් අඩු කරනවා කිව්වම, ඇයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට කියන්න බැරි, සියලු ඖෂධවල මිල අවම වශයෙන් සියයට 50 කින් අඩු කරන්න කියලා?

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්