The Leader News
BREAKING
Top Ad
Opinion

'රන්ජන් බුදු දහමේ සාරය ආරක්ෂා කරන්නෙකි' - දීප්ති කුමාර ගුණරත්න

T

The Leader Desk

January 26, 2020 • 6:11 PM

'රන්ජන් බුදු දහමේ සාරය ආරක්ෂා කරන්නෙකි' - දීප්ති කුමාර ගුණරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යහපාලන ආණ්ඩුවේ අවසන් කාර්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් භික්ෂු ජීවිතයේ ජාගර පැත්ත ගැන
  • යහපාලනයේ පරාජය නියත ලෙසම සටහන් වීම අහවර වූ විගස ජාතික චින්තන ගුරුකුලයේ නායකයන්ගෙන් පිට වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ දොම්නස් ප්‍රතිචාරයකි.
  • මාධ්‍යකරුවන්, බුද්ධිමතුන්, සිනමා නිළියන්, දේශපාලකයන් බොහෝ දෙනා ව්‍යාජ සිනහා හඬවල් මැදින් රන්ජන් යනු සරලමතිකයෙකු, අවරසිකයකු , මෝඩ චුන්කාරයකු ලෙසින් හැදින්වීය.
  • නමුත් රන්ජන් අතින් (ඔහු සරලමතිකයකු ලෙස දෘශ්‍යමාන වූවත්) ලාංකීය දේශපාලනයේ බරපතළ සත්‍යයක් හෙළිදරව් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහත් හෙළිදරව් රාශියක් සිදුකරන ලදී. එමඟින්, ඔහු  සිංහල-බෞද්ධයන් අතර අතිශයින් නින්දාවට පත් විය.

Ranjan Bikkuයහපාලනයේ පරාජය නියත ලෙසම සටහන් වීම අහවර වූ විගස ජාතික චින්තන ගුරුකුලයේ නායකයන්ගෙන් පිට වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ දොම්නස් ප්‍රතිචාරයකි. ඔවුන්ගේ අදහසට අනුව, යහපාලනය පරාජය වූයේ රන්ජන් රාමනායක සහ මංගල සමරවීරගේ වාචාල, නොසරුප් කතා නිසා මිස ජාතික චින්තනයේ දශක ගණනක මානසික ශ්‍රමය නිසා නොවේ.

ජාතික චින්තන න්‍යායාචාර්යවරයෙක් මෙසේ පවසන ලද්දේ , දැඩි ප්‍රකෝපයකිනි. ‘යකෝ එතකොට බටහිර ගැති රනිල්ගේ දේශද්‍රෝහී ආණ්ඩුව පැරැද්දුවේ අපි නොවේ වාචාලයො දෙන්නෙක්?’

 

මෙවන් උඩුයටිකුරු වීමක් සිදු වූයේ කෙසේද?

බටහිර ලිබරල් මාධ්‍යවල මේ මොහොතේ වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ, ඇමරිකාවේ ධනවතෙක් වන ජෙෆ්රි එප්ස්ටීන්ගේ බාල අපචාර චෝදනා ගැනය. මේ වන විට, එංගලන්ත රජ පවුලේ සාමාජිකයෙක් වූ ඇන්ඩෲ කුමරා පවා මේ ගැන චෝදනා ලබා බලවත් අපවාදයට ලක් වී සිටි.

නමුත් ශ්‍රී ලංකාවේ දී සිදුවූයේ, බාල අපචාර චෝදනා මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ පුද්ගලයා අපවාදයට පත්වීමයි. මෙවන් උඩුයටිකුරු වීමක් සිදු වූයේ කෙසේද?

Text 26 9රන්ජන් රාමනායකගේ බොහෝ මාධ්‍ය සාකච්ඡා නිසා සිදු වූ බරපතළ සංසිද්ධියක් වූයේ, ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිටුපස පවතින අශ්ලීල යථාර්ථය හෙළිදරව් වීමයි. මාධ්‍යකරුවන්, බුද්ධිමතුන්, සිනමා නිළියන්, දේශපාලකයන් බොහෝ දෙනා ව්‍යාජ සිනහා හඬවල් මැදින් රන්ජන් යනු සරලමතිකයෙකු, අවරසිකයකු , මෝඩ චුන්කාරයකු ලෙසින් හැදින්වීය.

නමුත් රන්ජන් අතින් (ඔහු සරලමතිකයකු ලෙස දෘශ්‍යමාන වූවත්) ලාංකීය දේශපාලනයේ බරපතළ සත්‍යයක් හෙළිදරව් විය. ලංකාවේ බොහෝ දේශපාලන විචාරකයන්, විශ්ලේෂකයන් උත්සාහ කරන්නේ ‘යථාර්ථය’ ගැන දැනුමක් (knowledge) ලබා දෙන්නටය. ‘මිථ්‍යාවෙන්’ විද්‍යාව වෙන්කර ගැනීම සඳහා සුවිශේෂ සම්මන්ත්‍රණ පවා සමහරු සංවිධානය කරති.

නමුත් රන්ජන් කතා කරන්නේ ‘දැනුම’ ගැන නොව ‘සත්‍යය’ (Truth) ගැනය. ඔහුට අනුව, ලංකාවේ දේශපාලනය කරන අයගේ ජීවිත තුළ ‘දැනුම’ සහ ‘සත්‍යය’ අතර පෑස්සිය නොහැකි පරතරයක් පවතී. එබැවින්, බාහිරට පෙනෙන්නට අවංකව දේශපාලනය කරන අයගේ ජීවිතවලට සුදු සහ කලු යන පාට වලට අමතරව අලු පැහැයක් ඇත.

Image 1JPGමන්ද, රන්ජන් ප්‍රකාශ කරන්නේ ශරීරය හෝ මනස ගැන නොව මිනිස්සුන්ගේ අවිඥානය ගැනය.  මනස යොමු වී ඇත්තේ මොළය නම් ශාරීරික ඉන්ද්‍රිය දෙසට නම් අවිඥානය යොමු වී ඇත්තේ මිනිසා තමන්ගෙන් බාහිරව ඇතැයි සිතන ‘සමාජය’ දෙසට ය.

ඒ අනුව, රන්ජන් රාමනායක කතා කරන්නේ සමකාලීන නූතන මිනිසාගේ ලුබ්ධි ශරීරය ගැන ය. ‘සමාජ සබඳතා’ යනුවෙන් දෙයක් නොමැති හෙයින් මිනිසා තමන්ගේ මනස/ ශරීරය අතර ගැටුම තමන්ගෙන් එළියට තල්ලු කරයි. මෙම න්‍යායික අදහස බුද්ධ ශාසනයට අදාළ කරන්නේ නම්, නූතන ධනවාදය නිසා සංකේතීය ලෝකය තුළ ‘බුද්ධාගම නොපවතී’. එය බහිසන්ථවයට –Extimacy – the term “extimacy” refers primarily to the presence of exteriority in the intimacy, or deepest interiority– භාජනය වෙමින් පවතී.

යම් යම් භික්ෂූන් බාල අපචාර කර ඇතැයි සාක්ෂි සහිතව රන්ජන් සමාජ-මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය කරන විට, එය දැනුමක් (knowledge)  ලෙස සැබෑ බව මමත් ඇතුළුව සියලු සිංහල-බෞද්ධයන් දැන ගනු ලැබේ. නමුත් එය එසේ යැයි පිළිගත හොත් බුදුදහම දෙමළුන් සහ තම්බින් ඉදිරියේ නින්දාවට පත් වෙයි.

එබැවින්, එම දැනුම ප්‍රසිද්ධියේ හෙළා දැකිය යුතුය. එවිට, අප බොරුකාරයන් බව අපට වැටහෙයි. එවිට, ‘සත්‍යය’ වන්නේ ‘බොරුවක්’ ඇත්තක් ලෙස බාහිරට පෙනෙන්නට ඇදහීමයි. බුදුදහම පිළිබඳ  අභ්‍යන්තර ‘බොරුව’ සත්‍යයක් ලෙස බාහිරට [බහිසන්ථවය] ගමන් කරයි.

 Text 26 10

බුදුන් වහන්සේගේ දර්ශනය එවැනි නරුමවාදයක් නොවේ

සැබවින්ම, ආගම නොඅදහන ‘සිංහල-බෞද්ධ’ සමකාලීන ඡන්දදායකයා යනු නූතන සංඝ ශාසනයේ ‘සත්තාව’ හොඳින් දන්නා මුත් එය නොදන්නා සේ සිටින පුද්ගලයෙකි. එනම්, නරුමයෙකි.

නමුත් බුදුන් වහන්සේගේ දර්ශනය එවැනි නරුමවාදයක් නොවේ. ඉන් නිරූපණය වන්නේ සත්‍ය මිස බොරුව නොවේ. රන්ජන් රාමනායක සරලමතිකයෙකු වුවත් ඔහු අතින් ප්‍රකාශ වන්නේ, සිංහල-බෞද්ධ නරුමවාදයේ සත්‍යයයි.

මෙම සත්‍යය අපගේ මුහුණේ ඇතිල්ලෙනවාට අප කිසිසේත් කැමති නැත. එබැවින්, මහජනයා තම මතය විමසද්දී ජාතික චින්තනවාදී දාර්ශනිකයන්ගේ අදහස් සතපහකට ගණන් නොගැනීම පුදුමයට කාරණයක් නොවේ. මිනිසුන්ට අද අවශ්‍ය වන්නේ, තමන්ගේ ‘සත්‍යය’ තමන්ට මුණ ගස්වන්නේ නැති චින්තකයන් සහ දේශපාලකයන්ය. 

Text 26 11ඒ අනුව, රන්ජන් රාමනායක අතින් සිදුවන්නේ එක පැත්තකින් බුද්ධ දර්ශනයට සහ ශාසනයට යහපතකි. අනෙක් පැත්තෙන් ඔහු අතින් සමකාලීන නරුමවාදය මඟින් ලබන අශ්ලීල විනෝදය විචාරය වෙයි.

ඒ නිසා, ජාතික චින්තන බොරුකාරයන්ට වඩා ඔහු දෘෂ්ටිවාදය විචාරය කරමින් බුදු දහමේ සාරය ආරක්ෂා කරන්නෙකි. කෙනෙක් යමකට ඕනෑවට වඩා ආදරය කරන්නට යාම තුළ එම ”යමක් වන” දෙය විනාශ කරයි.

Text 26 12 1සොක්‍රටීස් අතින් විචාරය වන්නේ ‘සවිඥානය’ පමණි. එනම්, ‘මම නොදන්නා බව’ දැනගැනීමයි. නමුත් රන්ජන් අතින් විචාරය වන්නේ  අවිඥාණයයි. එනම්, ‘මම ගැන මට ඇති දැනුමක්’ ගැන මම නොදන්නවා සේ සිටිමි. එම නොදැනුම මඟින් මම වේදනාත්මක සතුටක් විඳිමි. එම නිසා, එය බාල අපචාර වරදක් නොවේ.

(දීප්ති කුමාර ගුනරත්න - පෙරටුගාමී පක්ෂය)

 

සබැඳි විචාර :

''තම පැවැත්ම 'හැක්' වුණාට පස්සෙත් කෙළින් හිටගන්න හැටි කියාදුන්නේ රන්ජන්'' -Mahesh Hapugoda

''තවදුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි'' -Dhananjaya Karunarathne

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග - නාලක ගුණවර්ධන

''රංජන් පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවක්'' -සුමිත් චාමින්ද

'රන්ජන් රෙකෝඩ්ස්' :  රන්ජන්ටත් වඩා වරදක් කරන්නේ ජනමාධ්‍ය - ඕමල්පේ සොභිත හිමි

රන්ජන් කළාටත් වඩා විනාශයක් කරන ලංකාවේ ජඩමාධ්‍ය (VIDEO)

විජය මාමයි - රන්ජන් බෑනයි : (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'රන්ජන් බුදු දහමේ සාරය ආරක්ෂා කරන්නෙකි' - දීප්ති කුමාර ගුණරත්න | The Leader