හැම දෙයක් ගැනම නෙගටිව් විදිහට බලන එක වාමාංශික ගතියක්. ඒ අයට පේන්නෙම හැමදේම වැරදි විදිහට.



තමන් සතුව මේ සියල්ල වෙනස් කරලා හොඳ තත්වයක් උදා කිරීමේ අරුම පුදුම බලයක් තියෙනවා කියල ඒ අය විශ්වාස කරනවා.

සිස්ටම් චේන්ජ් කියන්නෙ මෙන්න මේ ළදරු වලිප්පු තත්වයේ ප්‍රකාශනයක්.

මේ වාමාංශික නැඹුරුව තියෙන අය ගොඩනගන නව යහපත් ක්‍රමය පවතින්නෙ දැනට බලය සහ වරප්‍රසාද ලබන පිරිසට දඩුවම් කිරීම සහ වරප්‍රසාද නොලබන පිරිස ඉහල දැමීම හරහා.

නමුත් සමාජය කියන්නෙ මීට වඩා සංකීර්ණ වියමනක් කියන එක ඒ අයට අමතක වෙනවා.

 

උදා විදිහට අරගලය ගත්තොත් ජනතාව වෙනුවෙන් කළා කියන මේ අරගලයේ වරප්‍රසාදිත පිරිසක් බිහිවුනා. ඒ අය අනිත් අයව අරගලයෙන් එලවා දැම්මා. ද්‍රෝහීන් විදිහට නම් කළා. තමන්ට ඒ බලයෙන් රාජ්‍ය ආයතන අල්ලාගත හැකියි කියල විශ්වාස කළා. සමස්ත ජනතාව යනු තමන් කියල ඒ අය හිතුවා. ඒක තමයි වරප්‍රසාද ලත් කියන්නෙම.

 

ඒ වගේම අවුරුදු 74ක් රට විනාශ කළා වගේ ළාමක ප්‍රකාශ නිකුත් වෙන්නෙත් මේ වාමාංශික හදවත්වලින්. ඒවා හරි ‍ඉමෝෂනල්.

ඉතිහාසයක් පුරා රටක් විනාශ වුනා නම් (මං හිතන්නෙ නෑ එහෙම වුනා කියල) ඒකට පුරවැසියන් විදිහට තමනුත් වගකිව යුතුයි කියන එක ඒ අය අමතක කරනවා. ආන්ඩු කරපු අය විතරක් නෙමෙයි විපක්ෂයේ හිටපු අයත් වගකිව යුතුයි කියන එක අමතක කරනවා.

උදා විදිහට මහින්දලා හොරකම් කළා නම් අපේ රටේ සග වෙද ගුරු ගොවි කම්කරු සියල්ලන්ම ඊට වගකියන්න ඕන කියන එක බැහැර කරනවා.

 

බරපතලම කාරණය වෙන්නෙ මෙතෙක් ආර්ථික දේශපාලන සමාජ ක්‍රියාවලියක් හරහා නිර්මාණය වුනු තත්වයක් පෙරලා දමා අලුත් යමක් නිර්මානය කිරීමේ හැකියාව තමන් සතුයි කියල හිතන එක. සියලු පරිණාමීය වටිනාකම් අහෝසි කරන පිලිගැනීමක් ඒක. ඒ වගේම පුද්ගල නිදහස කියන කාරණය සම්පූර්ණයෙන්ම බැහැර කිරීමක්.

 

ලිබරල් ධනවාදය විශ්වාස කරන අය හිතන්නෙ රජය විසින් පුද්ගලයාගේ කතා කිරීමේ නිදහස, ජීවත් වීමේ සහ සතුට ‍සොයා යාමේ නිදහස ආදී අයිතීන් ආරක්ෂා වන සමාජ පරිසරයක් ඇති කළ යුතුයි කියන එකයි. ඒ වෙනුවට පුද්ගලයාගේ සතුට යනු මෙය විය යුතුයි කියල රජයකට කියන්න පුළුවන්කමක් නෑ.

නමුත් වාමාංශිකයන්ගේ අදහස සමූහයේ සතුට වෙනුවෙන් පුද්ගලයාගේ සතුට නොතකා හරින්න පුළුවන් කියන එකයි. තමන්ගේ සැලසුම්ගත රාජ්‍යයේ තමන් විසින් අනුමත කරන සතුටක් විඳිමින් පුරවැසියන් ජීවත් වෙන්න ඕන කියන එකයි.

හදුන්නෙත්ති වරෙක හිනාවෙවී පෝලිම්වල ඉන්න පුළුවන් රටක් ඇති කරනවා කිව්වෙ මේකටයි.



කහපාට කියන්නෙ සතුට -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

#truepatriotlk


(උපුටා ගැනීම -Cult Chintha ෆේස්බුක් පිටුවෙන්..)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්