"සිංහල බෞද්ධ" යනුවෙන් මෙතෙක් වෙන් වෙන් වචනවලින් හැඳින්වූ අනන්‍යතාවය ඒකීය ජාතික අනන්‍යතාවයක් කරමින්

"සිංබෞ" ලෙස හැඳින්වීමට චින්තන ධර්මදාස ගනිමින් තිබෙන සන්නාමකරණ උත්සාහය ඉතා වැදගත්ය.

නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර හෝ වැනි මෑතකාලීන ජාතිකවාදීන් විසින් යෝජනා කරන "සිංහල-බෞද්ධ-ජාතිය" වඩාත් තහවුරු කිරීමක් ලෙස මෙය සැලකිය හැකිය.

ජාතියක් සහ ආගමක් මෙයාකාරයෙන් එක වචනයකින් හැඳින්වෙන තැනට පත්ව තිබීම විශේෂත්වයකි. එය මහාවංශ කතුවරයාවත් නොකළ දෙයකි. එය එම ජාතිකාගමික පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයකි. චින්තන ධර්මදාස වැනි නොද ජාතිකවාදි ලිබරල් සුළු ප්‍රකාශකයෙකු විසින්ම දැන හෝ නොදැන හෝ එම නිශ්චිත ජාතික නාමකරණය ප්‍රසිද්ධ කිරීම සුවිශේෂීය.

dfsdfe33චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පළකර පොස්ටුවක්..


මෙයින් ඔප්පු වෙන්නේ "සිංහල බෞද්ධ" ඒකීය ජාතියක් දැන් සිටින බවයි. අනෙකා විසින් එවැනි ජාතියක් පරිකල්පනය කරන බවයි. එබැවින් එය ඒ ආකාරයෙන් ඒකීයව හැඳින්වීම වැදගත්ය. වචනය කුමක් වුවත් වැදගත් වන්නේ එම වචනයේ හැඟවුමයි.

අප දැන් කළ යුත්තේ මෙම ඒකීය ජාතික නාමකරණය නීත්‍යානුකූලව සංස්ථාපිත කිරීමයි. ඇතැම්විට මෙයට වෙනස් වචනත් යෝජනා විය හැකිය. මා යෝජනා කරන්නේ "බොදුසිහ" යන්නයි. මෙය අතිශය වැදගත් දේශපාලන හැරවුමක්.

ධර්මය අපට මග වේවා!

eranda. ginigeඑරන්ද ගිනිගේ (බොදුසිහ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 ජූලි 6

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්