ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිමින් එය ආගම් ඇදහීමට ඇති  නිදහස උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි.



ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට  ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.



ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පුළුල් සංවාදයක් මතුව ඇත.

ප්‍රකට සමාජ විශ්ලේෂකයකු වන චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

sds
'' රනිල්ගෙන් තවත් ගොන් කතාවක් උදේ පාන්දරම අහන්න ලැබුන. එයා කතා කිරීමේ නිදහස සහ ආගම ඇදහීමේ නිදහස ගැන කතා කරනවා. කතා කිරීමේ නිදහස පළමු අයිතිවාසිකම බව එයාම කියනවා. ආගම ඇදහිම එන්නෙ දෙකට. ඉතිං ආගම ඇදහීමේ නිදහස වෙනුවෙන් කතා කිරීමේ නිදහස අකුලන්න පුළුවන්කමක් එන්නෙ කොහෙන්ද? ආගම නිර්මාණය වෙන්නෙත් කතා කිරීමේ නිදහස ඇතුලෙ බව ලොක්කට මතක නෑ.

පුද්ගලයෙක් ගිහින් කුරානයක් ගිනි තිබ්බා කියලා තව කෙනෙකුගේ ආගම ඇදහීමේ නිදහසක් බාධා වෙන්නෙ කොහොමද ? ඒ මනුස්සයා පල්ලියක් ගිනි තියලා නෑ. විහිළුවක් කළත් හිරේ දාන රනිල්ගෙ ආන්ඩුවට ස්වීඩනය විසින් පිළිගන්නා දියුණු නිදහස දිරවගන්න බැරි එක පුදුමෙකුත් නෙමෙයි.

ගොනා හැරෙන්නෙ පොල් පැලයට බව පැහැදිලියි. කතා කිරීමේ නිදහසට වඩා ආගම ඇදහීම ඉස්සරහට ගන්නවා කියන්නෙ හාමුදුරුවන්ට මුවාවෙලා ගේම ගහන්න ලෑස්ති වෙනවා කියන එක. අපි බලමු ලොක්කා කොච්චර කාලෙකටද කියල ''



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්