ගෝඨාගේ කාලේ පරිසරවේදීන් දුං දාගෙන පඬු කරඳ ශාකේ රැකගන්න දිව්වා. දේවානි හිටිය. මෛත්‍රී මහත්තය ඒකට ඇවිල්ල වැන්දා. බුද්ධ පුත්‍රයෝ ඒක

සාංඝික කළා. මාධ්‍ය කතා කළා. යනාදී වශයෙන් මේක ඒ කාලේ ආන්දෝලනාත්මක උණා.

image 7a5af9a05b
ගෝඨාගෙන් පස්සේ රනිල් ආව. සද්දයක් නැතුව කාලයක් ගියා. එකවරම හවසක මේක අන්තරස්‌දාන උණා. දැන් ලෝකේ එකම ගහ වගේ කතා මුකුත් නැහැ. එහෙම ගහක් දැන් නැහැ.

මට හිතෙන්නේ එකම දෙයයි. ගෝඨාගේ කාලේ දේශපාලනය තිබ්බේ නැහැ. ඒ නිසා අඛ්‍යාන අධිනිශ්චය උණා. ආඛ්‍යාන නිසා මුකුත් කරන්න බැරිව ගියා. දැන් අඛ්‍යාන අඩුයි. එක්කෝ ඇත්තෙම නැහැ. හැබැයි දේශපාලනය තියනවා. 

දැන් මේක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. අත්තනෝමතිකයි. වංචනිකයි. අසංවේදියි. වගේ දේවල් ඇහෙන්න පුළුවන්. නමුත් හිතිං හිනා යන තරම් දේශපාලනිකයි. 

The Leader | We Lead the Nation
හවස් වෙලාවක බැකෝ එකක් එනවා. ඒකෙ චීන්නු දෙන්නෙක් තුන්දෙනෙක් එනවා. වටේට බොරුවට පස් කප කප වගේ  ඉන්නවා. විනාඩි දෙකක් තුනක් ඇතුලේ අර බැකෝ එකෙන් ගහම ගලවල කොළයක්වත් ඉතුරු නොකර අරන් යනවා. කොහේ ගියාද මොකක් උනාද කවුරුත් දන්නේ නැහැ. දැන් ගහ නැති නිසා කතා කරලා වැඩකුත් නැහැ. 

ඒ වෙලාවේ මාධ්‍යම අධිවේගී මාර්ගයේ හිටපු ඉංජිනේරු මහත්තයෙක් කියන්නේ ඔය ගහ මඟ ඇරලා අධිවේගේ අළුත් ට්‍රේස් (trace) එකක යන්න ගියානම් තව රුපියල් බිලියන හයක් හතක් යයි කියල. ඉතිං දැන් මධ්‍යම අධිවේගේ වෙනුවෙන් වැයකරන්න තරම් මුදලක් නැති මේ වෙලාවේ බිලියන හයක් හතක් දරන්න බැහැ ගහක් වෙනුවෙන්. 

ඒ නිසා ගහ අතුරුදහන් කළා....

මේ ''පඬු කරඳ දේශපාලනයම'' උතුර සහ නැගෙනහිර ගැටළු සඳහාත් තියනවානම් මරු....

(සමාජ මධ්‍යයෙන් උපුටා ගැනිණ)


සබැඳි පුවත් :
කෲඩියා සිලනිකා: ආන්දෝලනාත්මක ගස ගලවා ඉවත් කළේ කවු ද?


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්