නිර්මාල් එක්ක සන්නා දීර්ඝ යූටියුබ් කතාබහක් කරනවා. ඒක සුවිශේෂී එකක්. නිර්මාල් කොයිතරම් දේශපාලන සංවාද කළත් මේක ඒ දේශපාලන අදහස්

මතවාදවලට එපිටින් ජීවිතය දිහා හැරිලා බලලා කරන මතක සජ්ජායනයක් වගේ එකක්. එක විදිහකට අදේශපාලනික සංවාදයක් කියන්න පුළුවන්.

මං නිර්මාල්ගේ දේශපාලන අදහස්වලට හෝ මතවාද පෙනීසිටීම්වලට හෝ එකග කෙනෙක් නෙමෙයි. ඒ ඇරුනම මට නිර්මාල්වත් නිර්මාල්ට මාවත් නුරුස්සන ස්වභාවයක් ස්වභාවයෙන්ම තියෙනවා. ඒත් නිර්මාල් මට සුවිශේෂී චරිතයක් වෙන්නෙ මේ යුගයේ අන් කිසි කෙනෙකු තුල දකින්න නැති ඉන්ටග්‍රිටියක් එයාගෙ භාවිතාව, ප්‍රකාශනය තුල පෙන්නුම් කරන හින්ද.

ඉන්ටග්‍රිටි කියන එකේ අදහස ගොඩක් අය දේශපාලන නිවැරදිබව හෙවත් පොලිටිකල් කරෙක්ට්නස් එක්ක පටලවාගන්න ගතියක් පේනවා. ඉංග්‍රීසියෙන් අවංක සහ දැඩි සදාචාර මූලධර්ම මත පිහිටන කියන තේරුම ඉන්ටග්‍රිටි වචනෙ තියෙනවා. ඒත් ඒක මගේ තේරුම් ගැනීම අනුව නිකංම මතුපිට පටු කියවීමක්. ඉන්ටග්‍රිටි කියන්නෙ තමන් තුල පවතින නොබෙදුනු, සියල්ල සමස්තයක් වශයෙන් බාරගත හැකි තරමට විකසිත වුනු පරිණත ස්වභාවයක්.

00128f2c 500

අල්මදෝවාගේ පේන් ඇන්ඩ් ග්ලෝරි

මං නිතර මතක් කරන දෙයක් තමයි අල්මදෝවාගේ පේන් ඇන්ඩ් ග්ලෝරි ෆිල්ම් එක. ඒකෙ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන සැල්වදෝර් කියනවා මේ ඉන්ටග්‍රිටිය ගැන මට දැනෙන දෙබසක්.

'මගේ කොන්දෙ අමාරුව නැති දවසට මං දෙවියන් විශ්වාස කරන්නෙ නෑ. ඒත් කොන්දෙ අමාරුව උහුලන්න බැරි දවසට මං දෙවියන් විශ්වාස කරනවා'

මෙතන තියෙන්නෙ ප්‍රතිවිරෝධයක්. හැබැයි ඒ ප්‍රතිවිරෝධය ඉක්මවා යන තැනකින් සැල්වදෝර් විසින් පැවැත්ම තේරුම් අරගෙන තියෙනවා. ඕක රූමි කියන කවියා කියනවා, වරද නිවැරදිබව යන්නට ඔබ්බෙන් වූ තැන අපි මුනගැහෙමු කියල.

ඉන්ටග්‍රිටිය කියන්නෙ නිවැරදි වීමේ උත්සාහයක් නෙමෙයි. ඒක එය ඉක්මවා ගිහින් තමන්ව සමස්තයක් විදිහට බාරගැනීමේ තමන් තුල ඇති කැපෑසිටි එකක්. රාජනීශ් ඕෂෝ එයාගෙ දේශනාවලදි කියනවා, ඔබට මාව ප්‍රතිවිරෝධාත්මක දේ කියන ආකාරයෙන් පෙනීමට ඉඩ ඇත. නමුත් ඒ සියල්ල මා තුල කිසි ප්‍රතිවිරෝධයක් ඇති කරන දේ නෙමෙයි, කියල.

60aa6c5 ae84 ed33 3c4 fe84f882cac7 pexels ethan sees 2853432
ඉන්ටග්‍රිටිය තියෙන්නෙ අභ්‍යන්තරයෙ. ඒක පිටතින් කෙනෙක් ගැන දෙන දේශපාලනමය වරද නිවැරදිභාවය සම්බන්ධ කාරණයක් නෙමෙයි. මේක නූතන ට්විටර්, ෆේස්බුක් සමාජ ජාල අවකාශය ඇතුල‍ෙ තේරුම් ගන්න අමාරු සංකල්පයක්. මොකද සමාජ ජාලා අවකාශයම නිර්මාණය වෙලා තියෙන්නෙ පුද්ගලයන් තමන් නිවැරදියි කියලා පෙන්නන්න දරන උත්සාහයන් ඇතුල‍ෙ. මිනිස් පැවැත්ම සීමා කරන විනිශ්චයන් ඇතුලෙ.

මෑත යුගයෙ මට ලංකාව ඇතුලෙ මේ විදිහෙ සමාජ විනිශ්චයන් ගානකටවත් නොගෙන තමන්ගේ දුර්වලතා, පෞර්ෂ හීනතා, ශක්‍යතා සියල්ල විවෘතව එකට අරගෙන සැහැල්ලුවෙන් කතා කරන කෙනෙක් විදිහට දකින්න ලැබෙන්නෙ නිර්මාල්. ඒක අපූරු හියුමන් එක්ස්පීරියන්ස් එකක්. තමන්‍ තුල පවතින ප්‍රතිවිරෝධයන් ඉක්මවා තමන්ගේ පැවැත්ම නොබෙදා බාරගන්න පුළුවන් තැනක් නිර්මාණය කරගන්නවා කියන එක අධ්‍යාත්මික වැඩක්.


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්