මංගල නික්ම ගිහින් අවුරුදු දෙකක්. 

මංගල නැති වුනා කියන්නෙ ලංකාවෙ සංස්කෘතික කොන්ද නැති වුනා කියන එක. ආගම්වල පිස්සුවලට විරුද්ධව බය නැතුව කතා කරන්න, සුළු ජාතික, වෙනස් ලිංගික වගේම වෙනස් අදහස් දරන උන්ගෙ නිදහස වෙනුවෙන් කතා කරන්න කෙනෙක් දේශපාලනයෙ නැති වුනා. 

අනිත් හැමෝම දෙයක් වෙනුවෙන් පෙනී ඉන්නෙ තමන්ට චන්ද කීයක් අහිමි වෙයිද කියන අවදානම කිරා බලමින්. ඒත් මංගල තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී හිටියෙ තමන්ට අහිමි වෙන චන්ද හෝ ජන ප්‍රසාදය ගැන තඹ සතේකට මායිම් නොකර. 

නිදහස තමයි මංගලගෙ පෙනී සිටීම වුනේ. ඒක කොන්දේසි විරහිත පෙනී සිටීමක්. දේශපාලනය ඇතුලෙ එහෙම සංස්කෘතික කොන්දක් ඉතුරු වෙලා ඉන්න කිසිම කෙනෙකුට නැති වීම අවාසනාවක්. 

ජීවත් වුනත් මළාක් වන් දේශපාලකයො රොත්තක් අතර මංගල කියන්නෙ මළත් ජීවත් වෙන මිනිහෙක්. 


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

( උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)



'වායාම’ කෘතිය එළිදැක්වීම සජීවිව නරඹන්න

මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අද (අගෝස්තු 24 වැනිදා) ජනගත වේ.

කෘතිය ජනගත කිරීම එදින සවස 3.30ට ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දි සිදුකරන අතර ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සහ කතුවරයා එහිදී අදහස් දැක්වීමට නියමිතය.

ගායන ශිල්පිනි නිරංජලා මංජරී එදින ගීත ගායනයෙන් එක්වනු ඇත.

‘වායාම’ ද ලීඩර් ප්‍රකාශනයකි.

මෙම අවස්ථාවේ සජීවි විකාශය TheLeader.lk සහ Mathaka Mangala  ෆේස්බුක් පිටු ඔස්සේ සිදු කෙරෙනු ඇත.

සබැඳි ලිපි :

මංගල විකුණාගෙන කෑම (වීඩියෝ)

මංගල වායාමය : කර්තෘ සුජිත් අක්කරවත්ත කියන කතාව (වීඩියෝ)

මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

මංගල සමරවීර නික්ම ගොස් දෙවසරකි - (කාන්ති කාරියවසම්) 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්