මේ සාම්ප්‍රදායික ඇදුමෙන් සැරසී සිටින්නේ වෙන කවුරුත් නෙමෙයි, සාර්ථක චන්ද්‍රයාන් 03 මෙහෙයුමට තම දායකත්වය දැක්වූ කාන්තා විද්‍යාඥයින් හා ඉන්ජිනේරුවන් පිරිසක්. මම facebook ඔස්සේ මෙම ජායාරූපය

සමග හුවමාරු වන ලස්සන වදනක් දැක්කා ඒක තමයි " ඔබ කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දෙන්න, ඔවුන් ඔබව සඳ කරා රැගෙන යාවී" කියන එක.


රටක් විදිහට ශ්‍රී ලංකාවේත් තවමත් කාන්තාවන් පිලිබඳව බොහෝ දෙනෙක් දරන්නේ සම්ප්‍රදායික මතයක්. ඒ තමයි ඔවුන් ගෙවල් වලට වෙලා කෑම උයමින්, දරුවන් බලා ගනිමින්, පිරිමින්ගේ ඕනෑ එපාකම් බලාගන්න ඕනේ කියන එක.
අපි රටක් විදිහට බැල මෙහෙවරකම් කරන්න කාන්තාවන් මැදපෙරදිග යවනවා වෙනුවට අධ්‍යාපනය, සම අවස්ථා තුලින් කාන්තාව බල ගන්වන්න පුලුවන් නම් රටක් විදිහට අපිට කොච්චර ඉස්සරහට යන්න පුලුවන්ද..... ඔබේ බිරිඳ, දුව, සහෝදරිය, මිතුරිය අපේ රට අනාගතයේ ඉදිරියටම රැගෙන යන විශිෂ්ඨ කාන්තාවක් වෙන්න පුලුවන්. ඒ සඳහා හැකි සෑම විටම ඔවුන්ට නිදහස ලබා දෙන්න, සහයෝගය ලබා දෙන්න, දිරි ගන්වන්න. ?❤️
මධුර අමරසිංහ

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්