පෙරහැර වෙනුවෙන් අලි ඇතුන් බැඳගෙන වධ හිංසා කිරීමට විරුද්ධව එන හැම කෙනෙක්ම වගේ මේ රටේ ආසාවෙන් පෙරහැර බලපු අය. අලි ඇත්තු දකින්න පෝලිමේ හිටපු අය. 

 

 130269006 e3a0420cf39e4deac87e06aff743a9ea24d3403a0 0 6720 44801000x667

එක වෙලාවක මේ අය දැනගන්නවා මේ අලි ඇතුන් ගෙවන්නෙ සුන්දර ජීවිතයක් නෙමෙයි කියල. පන්සල් කියන්නෙ මේ සත්තුන්ට වධකාගාර කියල. තායිලන්තෙ වගේ රටවලින් මෙහේ ඇවිත් තමන්ගෙ ඇත්තු නිදහස් කරගෙන යන්නෙ අපායකින් වගේ.

එතකොට අර ආසාවෙන් පෙරහැර නරඹපු මිනිස්සුන්ට එනවා ගිල්ටියක්. වරදකාර හැගීමක්. සුද්දන්ට යටත් විජිත පවත්වාගෙන යාම ගැන දැනෙන ගිල්ටිය වගේ එකක්.

paraded elephant 1200px 2023 08 23

මිනිස්සු පෙරහැරට අලි ඇත්තු එපා කියන්නෙ මේ මනුස්ස සංවේදනාව මත පිහිටලයි. 

ජනරජ පක්සෙ යාලුවන්ගෙ අදහස කොයිතරම් මිළක් ගෙවා හෝ මේක දිගටම, පුළුවන් නම් තවත් වැඩියෙන් කරගෙන යන්න ඕන කියන එකයි. අලි මැරුනත් පෙරහැරේ ආඩම්බරෙන් ඇදං යන්න ඕන කියන එකයි. 

14846319703 b052685a22 b
කාට වුනත් එහෙම අදහස් දරන්න අයිතිය තියෙනවා. ඇමරිකාවෙ තුවක්කු අයිතිය ඉල්ලන පිරිසක් ඉන්නවා. ඒක ඒ අයගෙ සංස්කෘතිය කියලයි කියන්නෙ.

හැබැයි මේ වගේ එළඹුම් අපිට පක්ෂයක් ඇත්තටම පිහිටන තැන් තේරුම් ගන්න වැදගත් වෙනවා. කවර මිළක් ගෙවලා හෝ සංස්කෘතිය පවත්වාගෙන යන්න ඕන කියන අය සුළු ජාතික හෝ සුළු ලිංගිකයන්ගෙ ප්‍රශ්නෙකදි කොයි වගේ ස්ථාවරයක් ගනීද? පුද්ගල නිදහස, අයිතිය සම්බන්ධ කාරනාවලදි කොහොම තීරණ ගනීද කියල කෙනෙකුට හිතන්න පුළුවන්. අලි ප්‍රශ්නෙ අලි ප්‍රශ්නයක් වෙන්නෙ එතකොට .

ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්