(ආචාර්ය උදන් ප්‍රනාන්දු ගේ ''බුද්දිලාගේ කතාව'' ලිපියට (බුද්ධි විතානාරච්චි ගේ ප්‍රතිචාරයකි )


මෙම පෝස්ටුවට මේ යොදා ගත්තේ, පසුගිය දිනෙක "අනිද්දා" පුවත් පතෙහි පලවී ඉන්පසු ෆේස් බුක්වල ද කරකැවී ..Leader Media පුවත් සේවයේ පලවී සංසරණය වු කොලමකි. 

එය ලියා පලකර ඇත්තේ. "දේශපාලන හා සමාජ විශ්ලේෂකයකු "යැයි හඳුන්වා ගත් ආචාර්ය උදන් ප්‍රනාන්දු නමැත්තෙකි. රටේ " බුද්ධි ගලනය " ගැන ලියන්නට ගොස් එයට කිසිම අදාලත්වයක් නැති පුද්ගලයන්ගේ නම් හා පුද්ගලිකත්වය ගැන කතා කර ඇති නිසයි මම මෙහෙම ලියන්න හිතුවෙ.

 මේ ලියන්නා දන්න බුද්ධිලා දෙන්නෙක් ඇති බවත්, එක් අයෙක් සිනමා නිෂ්පාදකයකු වන බුද්ධි කීර්තිසේන හා සිනමා අධ්‍යක්ෂ වරයෙකු වූ බූඩි කීර්ති සේන යන පුද්ගල නාමයන් නිර්වචනය කරමින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු හා බදු ගෙවමින් ලංකාවේ රැඳී  සිටින බවත්, ඔහු දන්නා අනිත් බුද්ධි නළුවෙකු හා රූපවාහිනී  පූරකයකු වන පුද්ගලයා බවත් සඳහන් කරමින්, ඒ බුද්ධි 1971 සිට "ජෙප්පෙක් "බවට ඉතිහාසයක් ඇති රට ගැන කයිය ගැසූ "කයියෙක්" බවත්, චන්ද්‍රිකා කුමාරතුංගට හා මහින්ද රාජපක්ෂට වැඳ වැටී කාලයක් හිටපු බවත්, දැන් "මාලිමාවේ වේදිකාවෙ මල් පෝච්චියක් වී " ඇති බවත්, "දේශප්‍රේමය ගැන රටට කයිවාරු ගසා දැන් ඕස්ට්‍රේලියාවට ගලනය වී ..." ඇති බවත් සඳහන් කර තිබුන.

"බුද්ධි ගලනය "ගැන ලියන්න මේ නම් සඳහන් පුද්ගලයන්ගෙ ඇති අදාලත්වය මොකක්ද ? 

මා ගැන සඳහන් කළ කාරනා ගැන ඔහුට කියා දිය යුත්තේ, 

මම අවුරුදු  76 කට වැඩි කාලයක් ලංකාවේ ජීවත් වෙලා තියෙනවා.  

මම රට හැරගොස් ඇති බව පිලි ගැනීමට ඔහුට ඇති සාධක මොනවාද ? 

රට "හැර යාම " හා  රටින්  "බැහැර වීම "  යන  වචන දෙකේ වෙනස දන්නවද ?

buddhi 3
මමත් මගේ බිරිඳ හා දරුවනුත් ලංකාවේ රජයටවත්, බැංකුවලටවත්, මූල්‍ය ආයතනවලට වත්, රටේ කිසිම රට වැසියකුටවත් ණය වී නැති බවත්, ආදායම් බදු නොගෙවා පැහැර හැර නැති බවත්, ( සමහරු මගෙන් ලබාගත් ණය මට පියවා නැති වුනත්) කිසිවකුට වංචාවක් කර නොමැති බවත්.

මගේත්, බිරිඳගේත් ලංකාවේ රට වැසි භාවය අහෝසි කරගෙන නොමැති බවත් මොහු දන්නේ මොනවාද ?

1965 සිට මේ දක්වා සිටි සියලුම ජනාධිපතිවරයන් හා අගමැති වරයන් දැන හැඳින ඔවුන් සමග වැඩකර ඇති බවත්, "මහින්ද ට හො චන්ද්‍රිකාට වැඳවැටී වැටෙන්න"  තරම් මා දීන නිවටයකු නොවන බවත්, එම ජනාධිපතිවරුන් දෙදෙනා පමණක් නොව දේශපාලන සමාජයේ මා ගැන හොඳින් දන්නා කිසිවකුට මා ගැත්තෙක් හෝ ඉත්තෙක් වී කිසිදු ඉඩකඩම්,  ගෙවල් දොරවල්, යාන වාහන, කොන්ත්‍රාත් රැකියා, ටෙන්ඩර් වැනි වරප්‍රසාද ලබා නොමැති බව රහසක් නොවේ.

"මාලිමාව වේදිකාවේ දැන් මල් පෝච්චියක් වී "ඇති බවත්, අවස්ථාවාදීව රැළ්ලට යන "කයියෙක් "බවත් කියන්නේ ඔහු ලියන බුද්ධි ගලනයට ඇති අදාලත්වය මොකක්ද ?  මම මල්පෝච්චියක් වන වේදිකාව තීරණය කිරීම මගේ අතිශය පෞද්ගලික කාරනයක්.

Buddhadasa Vithanarachchi

1981, සංවර්ධන සභා ..1982.ජනමත විචාරණය හා ලංකාවේ පලමු ජනාධිපතිවරණය අවස්ථාවේ දී හයෙන් පහක බලයක් ඇතිව "ගැහැණියක් පිරිමියෙක් කරන එක විතරයි කරන්න බැරි " කියූ  මහජනයා දුන් බලයෙන් උඬගුවූ ජූනියස් රිචඩ් ජයවර්ධනට විරුද්ධව ඔහුගේ ආණ්ඩුව යටතේම වැඩ කරමින් ම රෝහන විජේවීරගේ වේදිකාවෙත් මල් පොච්වියක් වූ බව මේ කොළම්කාරයා ඒ ඉතිහාසය නොදන්නා බව පෙනෙනවා. 

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට මසකට පමණ පෙර කිසිදු නීති විරෝධී වරදක් නොකර, අධිකරණ තීන්දුවක් නැතිව වසර එක හමාරක පමණ කාලයක් මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබුයේ, රට හා පොදු සමාජයේ යහපත හා යුක්තිය උදෙසා කතා කිරීම වරදක් යැයි අත්තනොමතික පාලකයන් කල්පනා කළනිසා බව කොලම් කාරයන් නොදන්නවා ඇති.

 

පුවත් පතකට කොලමක් ලිවීමේදී එයට ආලවට්ටම් එකතු කිරීම සඳහා පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය හා දේශපාලනය වැනි කාරනා යොදා ගත් බංකොලොත් ලේඛනය ජුගුප්සාජනකය. මේවා ජාතික පුවත් මාධ්‍යයන්හි පලකිරීමද දැන් සුලබව වෙමින් තිබේ. වත්මන් මාධ්‍යය සදාචාරයේ හැඩරුව මේවායින් පෙනෙනව. මට අවසානයට පොදුවේ කියන්න ඇත්තේ, ජාන ලක්ෂණ ජීව විද්‍යාත්මකයි, ප්‍රවේනි ලක්ෂණ සමාජ විද්‍යාත්මකයි .. සංස්කෘතිකයි. 

 

අපේ ලියුම් කියුම් හා කෙරුම් හා හැසිරීම් වලින් පිලිබිඹු වන්නෙ, අප පමණක් නොවේ, අපේ දෙමව්පියන්ද ඇතුළුව අපේ මුතුන් මිත්තන් කව්රුන්ද යන්න ලෝකයට දැක ගැනීමට හැකි වීමයි.  

"ආරේ ගති නෑරේ " යන පිරුළක් සිංහල ජන වහරට එකතු වී ඇත්තෙ එම  නිසා බව හිතෙන්නෙ, මෙවැනි දේවල් අනාදිමත් කාලයක් තිස්සේ අතීතය පුරා සිදුවී ඇති නිසා වෙන්න පුලුවන්.


Buddhadasa Withanachchi3263(බුද්ධි විතානාරච්චි)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Buddhi Vithanarachchi ෆේස්බුක් පිටුවෙන්...)



සබැඳි ලිපිය :
බුද්දිලාගේ කතාව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්