96 ලෝක කුසලානෙ දිනල ඊට පස්සෙ එන ටූනියක ලංකාව දකුණු අප්‍රිකාව සහ පකිස්තානෙ සහ තව පොඩි ටීම් එකක් ඉන්නව.

දකුණු අප්‍රිකාව ෆයිනල් ගිහිං දැනටම. ලංකාව පකිස්තානෙ මැච් එක. පකිස්තානෙ ෆයිනල් යන්න ඕනෙනම් අපිව ලොකු මාජින් එකකින් පරද්දන්න ඕන.

මේ මැච් එකේ තමා ජයසූරියට හරක් මස් කන ජයසූරියගෙ පොඩි එකා හම්බෙන්නෙ. ජයසූරිය ගහනව බලා හිටිය ෂහීඩ් අෆ්‍රිඩි (උගෙ උප්පැන්නෙ හොරට හදල ටීම් එකට දැම්මෙ කියල අපි කිව්වෙ ඒ කාලෙ) උගෙ මුල්ම මැච් එකේ පකිස්තාන් ඕපනින් බැටර් විදිහට ඇවිත් බෝල තිස් හතට සීය ගහනව මේ මැච් එකේ. අෆ්‍රිඩිට ෆාස්ට් බෝල් කරන්න ඕනෙ ෂෝට් ඔෆ් අ ලෙන්ත් කියල ආමි කට් සජීවද සිල්වා තමා මුලින්ම ඉගෙනගන්නෙ ලංකා ටීම් එකේ. ඒ පස්සෙ. මේ මැච් එකේ අෆ්‍රිඩි ජයසූරියටත් එක්කම ජයසූරිය ස්ටයිල් එකෙන් නෙලනව.

පකිස්තානෙ මේකෙ 370ක් වගෙ ගාණක් ගහනව. ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න නම් ලංකාව පැරදුනාට අවුලක් නෑ ඒත් නෙට් රන් රේට් එක උඩ එන්න 290ක් ගහන්න ඕනෙ. වසීම් අක්‍රම් නෑ වකාර් යුනුස් ඉන්නව. සක්ලේන් මුෂ්ටාක් සහ අෆ්‍රිඩි ස්පිනර්ලා.

3910869736001 6213836904001 6213839276001 vsලංකාව සුපුරුදු ටොප් ඕඩර් කොලැප්ස් එක. විකට් හතරක් ලකුණු විස්සට තිහට අවුට්. අරවින්දයි අර්ජුනයි ඉන්නෙ. අර්ජුන කියන්නෙ pure economy of movement. අර්ජුන කැමතිම ෂොට් එක ග්ලාන්ස් එක. බැට් එක උස්සල ගහන්න කම්මැලියි. ඇවිදින්න පුළුවන්කම තියෙද්දි දුවන්නෙ මොකටද? ඒ වුනාට හිනායන සීන් එක තමා අර්ජුන සාමාන්‍යයෙන් ලකුණු තිහට හතලිහට එනව තේරෙන්නෙ නෑ. ඒ වගෙ ස්කෝර් එකකට එන්නෙත් ගොඩක් වෙලාවට රන් අ බෝල්.

පිච් එක කැපෙනව. අර්ජුන පනහක් ගහල අවුට් වෙනව. හෂාන් ආපු ගමන් යනව. ධර්මසේන. හුලං පාරක් වැදුණම වැටෙන ඩයල් එක. මූ අරවින්ද එක්ක ලකුණු සීයකට වැඩි පාට්නර්ෂිප් එකක් දානව. ඔය මැච් එකේ ධර්මසේන මොකෙක් හරි බෝලර් කෙනෙක්ගෙ ඔලුවට උඩින් හයක් ගහනව. ඉම්පොසිබල්. බැට් එක උස්සගන්න හයිය නෑ මූට.
53513495730b7සක්ලේන් මුස්ටාක් තමා මට මතක හැටියට දූස්‍රාව මුලින් ඉන්ට්‍රොඩියුස් කරන්නෙ. ඒක ගොඩක් උන්ට රීඩ් කරන්න බෑ. මේ කාලෙ සක්ලේන් පට්ට ඩේන්ජර්. වටේ ඉන්න අනික් උන්ව කඩනව ඒත් අරවින්දව හොල්ලන්න බෑ ඌට. තව ලකුණු විස්සයි ඕනෙ 290 වෙන්න. ඕවර් හතරක් තියෙනව ගහන්න. අරවින්ද ලෝවර් මිඩ්ල් ඕඩර් එක එක්ක මැච් එක ඇදලා තියෙන්නෙ. වැඩි කලබල නැතුව ඉවර කරන්න තියෙන්නෙ.

බෑනෙ. මුගෙ ඊගෝ එකයි ඔලුවයි වැඩියිනෙ. සක්ලේන්ගෙ ඕවරේ. මූ පැන්නා ඉස්සරහට දුස්‍රා එකට. මිස්. ස්ටම්පින් එක මොයීන් කාන්ගෙ. ටීවී එකේ පැහැදිලි නෑ මේක කෙස්ගහෙන් යන්නෙ. අවුට් එක දුන්නා අම්පයර්. අරවින්ද බැට් එක කිහිල්ලෙ ගහගෙන යනව 120ක් ගහල. විකට් හතයි.

ධර්මසේන් එක්ක තව විකට් එකක් චීප් වැටෙනව. අන්තිම ඕවරේ. විකට් නවයයි. වාස් ගහන්නෙ. 11ක් ඕනෙ 290 ගහන්න. වකාර් යුනුස්. පරණ බෝලෙ. රිවස් ස්වින්ගින්. වාස් හයේ එකයි හතරෙ එකයි ගහනව. බෝල තුනක් තියෙනව. ඕල්මෝස්ට් හෝම්.
2062673919 1572331750 1600450255හැමෝම දන්නව මොකක්ද එන බෝලෙ කියල. හැමෝටම වඩා හොඳට වාස් දන්නව මොකද්ද එන බෝලෙ කියල. ස්ලෝ බවුන්සර් මගුල් නෑ කකුල් දෙක යටට ෆාස්ට් රිවර්ස් ස්වින්ගින්ග් යෝකර් එක. පතන විදිහටම එනව. වාස් සූදානම් කරගත් විදිහට බැට් එක වද්දගන්න හදනව. පොලු ගැලවෙනව. වකාර්ගෙ අත දෙව්ලොව දිහාවට ඉස්සෙනව. ඌ දන්නෙ නෑ කොහොමද සෙලිබ්‍රෙට් කරන්න ඕනෙ කියල. සෙලිබ්‍රේෂන් එකේ ආවේශය වකාර්ව උඩ පන්නනව.

ඇන්ඩ් ඊට පස්සෙ ෆයිනල් එක සෆ්ෆො දින්නම උන් "අපි ලෝක ශූරයන්ට ගැහුවා" කිව්ව කියල අපි අපේ පුංචි හිත් අමනාප කරගන්නව. හැන්සි ක්‍රොන්යේ කියන්නෙ එච්චර අපි කැමති බුවෙක් නෙමෙයි කොහොමත්.

අරවින්දට ICC මගුලක් දුන්නම සමහරු ගිහිං ස්ටැට් පීරලා හොයනව කෝ මේ හෝල් ඔෆ් ෆේමර් ස්ටැට්ස් කියල. අපි ඔබට අනුකම්පා කරමු. අරවින්ද ඉන්නෙ ඔය මැච් එකේ. ලොසේ ලොස් ගොඩදාන්න බැරි මැච් තනියම ගොඩදාන මානයට ගේනව ඌ. එකවතාවක් දෙවතාවක් නෙමෙයි සෑහෙන වතාවක්.

හැබැයි එහෙම ගෙනත් අතේ තියන මැච් එක විසිකරන එකත් අරවින්දගෙ සිග්නේචර් වැඩක්. ඒ අතේ තියෙන මැච් විසිකරන මෙන්ටැලිටියෙන්මයි ඌ ලංකාව හදපු හොඳම බැටා බවට හැදුවෙත්. අයි ඩෝන්ට් කෙයා හූ යූ ආර්. මම උඹට රිස්පෙක්ට් කරන්නෙ නෑ උඹ සක්ලේන් මුස්ටාක් නෙමෙයි වකාර් යුනුස් නෙමෙයි ජවගාල් ස්‍රීනාත් නෙමෙයි බ්‍රෙට් ලීගෙ ආච්චි වුනත්. අයි ඩෝන්ට් කෙයා අබවුට් ද ස්කෝර්කාඩ්. මට මගෙ ලකුණු ගාන රෙකෝඩ් වැඩකුත් නෑ. මැච් එක දිනනවද පරදිනවද වැඩකුත් නෑ. ගේම කෝ ගේම?

මේ ඇටිටියුඩ් එක තිබ්බ සහ මේ ඇටිටියුඩ් එක පුල් ඕෆ් කරන්න ටැලන්ට් එක තිබ්බ එකෙක් ලංකාවෙ වෙන හිටියෙ නෑ. අරවින්ද වගේ කෙනෙක්ව මේන්ටේන් කරන්න පුළුවන් ටීම් එකකුත් ඊට පස්සෙ නෑ. සමහර දේවල් වෙන්නෙ එක වතාවයි එක තැනක විතරයි. යූ හැඩ් ටු බී දෙයා නැත්තං සොරි.

මොන හේතුවකට හෝ මේ මැච් එක මගෙ මෙමරියෙ දිගට තියෙනව. හිතලා බැලුවොත් ඇයි කියල කියන්න පුළුවන්. ඒක ලස්සන ට්‍රැජඩියක්.

000 SAHK970806064660

 දැන් එන බැටාලා හැම එකාම එක වගේ. මැෂින් වගේ. බැටර්ස්ලාගෙ මැනරිස්ම්ස් ගැන හිතන්න. ජයසූරියගෙ එලැබරට් රිචුවල් එකක් තිබ්බ හැම බෝලෙකටම කලින්. මහානාමගෙ බැට් එකේ මිටයි උගෙ නිකටයි අතර ආදර කතාවක් තිබ්බ. අර්ජුන කියන්නෙ ක්‍රිකට් පිටියක අවසානයට ගජගා වන්නම නටපු එකා.


 චන්ද්‍රපෝල් සහ සර්වාන් බේල් එකෙන් ගාඩ් එක ගත්‍ත. චන්දපෝල් සර්වාන් දෙන්නම ලෝකෙ හිටපු ස්ටයිලිෂ්ම බැටාලා දෙන්නෙක්. දැන් කොදෙවුවො කියන්නෙ රසල් පොලාඩ් ටයිප් බෝල පලන උන් වුනාට කැහැටු, එලිගන්ට් පට්ට ලස්සනම ප්ලේයර්ලා දෙන්නෙක් මුං. සලීම් මලීක් හෙල්මට් එක දැම්මෙ අවුවෙන් බේරෙන්න.

ඇම්බ්‍රෝස් කියන ජෙන්ටල් ජයන්ට් බෝල දෙකක් අතර කරේ තොල දාන්න එන මැස්සො පන්නන එක. හැමවිට දෙකට නැමී සිටි, කොන්දෙ අමාරුවක් තිබ්බ ආච්චි කෙනෙක් වුන මොයීන් ඛාන් වාරු ගන්න හැරමිටියක් පාවිච්චි කල අතර සමහර වෙලාවට ඒකෙන් ක්‍රිකට් බෝලවලට නියම ආච්චි ස්ටයිල් එකෙන් ගැහුව. ඉන්සමාම්ගේ එකම බලාපොරොත්තුව වුනෙ කැරියර් එක ඉවර වෙන්න කලින් ලෝක ඉතිහාසෙ රන් අවුට් රෙකෝඩ් සියල්ල තමා සතුකරගන්න එක.

ෆැනී ඩි විලියර්ස් බෝල් කරන්න ආවෙ කුකුලෙක් විදිහට දුවගෙන නිසා අපි ඌට කීවෙ කිකිලියර්ස් කියල. මුෂ්ටාක් අහමඩ් එක අතකට විතරක් වෙනස්කම් කිරීමේ ක්‍රිකට් සම්ප්‍රදාය පිලිනොගත් නිසා බෝල කරද්දි අත් දෙකම කරකැවීම මනෝඥයි කියල හිතුව. පෝල් ඇඩම්ස් අත් කකුල් විතරක් නෙමේ බෙල්ලටත් එක්සයිස් ඕනෙ කියල හිතුව.
aa2ef363d7ae5b584a7fdda3a5ec4318

 දැන් ඔය කියන්නෙ ක්‍රිකට් ගැන නෙමෙයි, මේ මූ හිතින් මවාගත් පල්හෑල්ලක්නෙ කියවන්නෙ කියල අපේ ස්ටැට්ස්ගුරු මහත්වරු බාධා කරනව ඇහෙනව මට. ඇත්ත, ස්ටැට්ස් අරගෙන බැලුවොත් අරවින්ද හද්ද ඇවරේජ් බැටෙක්. ඒත් මම ස්ටැට්ස් වලින් නෙමේ ක්‍රිකට් බැලුවෙ. මට අරවින්ද කියන්නෙ බලාපොරොත්තුවට කියන තව නමක්. ඌ ඉන්නකං මැච් එක ලයිව්. මැච් එක දිනන්න කිට්ටු වෙද්දි අරවින්ද ක්‍රීස් එකේ ඉන්නවනං ඒ වෙලාවට වෙනම කකුල් ක්‍රොස් කරගෙන පද්මාසනේ ඉඳගෙන චූ හෝල්ඩ් කරගෙන දෙයියන්ට හිතෙන් යදින්න ඕන ඒක වෙනම කතාවක්.

 
ඒත් මේ සියල්ලෙන් කියවෙන්නෙ අපිට අරවින්ද කියන්නෙ ස්ටැට්ස් දෙක තුනක් නෙමෙයි කියල.

දැන් මට කවුරුහරි පෙන්නන්න ඔය උඩ කී ආකාරයේ එක quirk එකක්, flourish එකක්, exaggeration එකක් තියෙන වර්තමාන බැටෙක්. මට මුං ඔක්කොම එක වගේ. එක වගේම ලීන් මීන්. එක වගේම ඇප්‍රෝච්. කෝ විවිධත්වය? ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි ගහනකොට සිග්නේචර් වෙනසක් පේනවද? මට නම් නෑ. මට මුං ඔක්කොම පැටලෙනව. තීක්ෂණයි, අජන්ත මෙන්ඩිසුයි, සුනිල් නරීනුයි, ප්‍රසිද් ක්‍රිෂ්ණයි අතර වෙනස කියන්න. නෝ වොන්ඩර් තීක්ෂණට පර්සනල් සෙලිබ්‍රේෂන් එකක් ඕනෙ වෙන එක. මට එක කැරැක්ටර් කෙනෙක් පෙන්නන්න.

         
ක්‍රිකට්වලින් දැන් මට කතන්දරයක් හදාගන්න බෑ. කොමෙන්ටේටර්ලාගෙ උද්වේගකර superlative ඕවර්ඩෝස් වුනු කොමෙන්ටරිය ඇහුවට මට කිසිම උද්වේගයක් දැනෙන්න නෑ. පරීක්ෂණයකට එක්ක 96 ෆයිනල් එක දිනන වෙලාවෙ ටෝනි ග්‍රෙග් ගෙ කොමෙන්ටරිය අහන්න. ටෝනි ග්‍රෙග් කියන්නෙ ඒ කාලෙ කොමෙන්ටරි බොක්ස් එකේ හිටිය වැඩියෙන්ම උද්වේගකර කොමෙන්ටේටර්. රිචී බෙනෝ සහ රන්ජිත් ප්‍රනාන්දු වගෙ උන්නෙ වෙන හිටියෙ. ඒත් ටෝනි ග්‍රෙග් ගෙරි හූ තියනවද බලන්න.

අර්ජුන සමරන හැටි බලන්න. ලංකා ක්‍රීඩා ඉතිහාසයේ උද්වේගකරම අවස්ථාව ඒ. ඒ කිසිවකින් අවස්ථාවෙ ශ්‍රේෂ්ටත්වය බාල වෙනවද? 96 වර්ල්ඩ් කප් එක දිනපු වෙලාවෙ ටෝනි ග්‍රෙග්ගෙ කමෙන්ටරියෙ තියෙන උද්දාමයට වඩා වැඩියෙන් දැන් කෝලි හතරක් ගහපුවාම කොමෙන්ටේටර්ලා උද්දාමයට පත්වෙනව. මේකෙ ඵලයක් විදිහට සියල්ල උද්වේගකර වෙනව. ඒ කියන්නෙ සියල්ල පට්ට ඩල් බෝරිං වෙනව. කොච්චර ගැහුවත් මදි.

                 

 මේ ක්‍රිකට්වල කතන්දරයක් ගොඩනගාගන්න තියෙන අපහසුව සහ රියල් කැරැක්ටර්ලා නැතිවීම නිසා සිද්ධ වෙන ඊලඟ දේ තමා අදාල නැති මගුල්වලින් කතා ගොඩනගන්න දරන උත්සාහය. කෝලිගෙ බලු අනාථාගාර, අනුෂ්කාගෙ පරණ පෙම්වතුන්, ධනුෂ්කගෙ මොඩලින් පොටෝ, තවදුරටත් කාටවත් මිස්ටරියක් නැති වනිඳු හසරංග වගේ සෝ කෝල්ඩ් මිස්ටරි ස්පිනර්ලාගෙ සෙලිබ්‍රේෂන්ස්, ක්‍රිකට් තරග අස්සෙ කැමරාවෙන් ඕඩියන්ස් එකේ ලස්සන ගෑණු පෙන්වීම සහ මේ සියල්ලට වඩා ස්ටැට්ස් උන්මාදය එන්නෙ. 

ස්ටැට්ස් තිබ්බදෙන් ක්‍රිකට් ගහන උන්ට සහ කෝච්ලට ස්පොටර්ලට මැනේජර්ලට. මට ඉලක්කම් දැක්කට නගින්නෙ නෑනෙ. මාර කේස් එක. ඕනෙම නම් නෝටි ඇමරිකා ගණන් ටීචර් කෙනෙක් බලනව මැතට චූන් වෙන්න. ක්‍රිකට්වල මට ඕනෙ කතාවක්, කැරැක්ටර් සෙට් එකක්, රියල් ගේමක්. කණගාටුවට මේ කන්සර්න්ස් වලට ඇඩ්‍රස් වෙන්නෙ නෑ දැන්. හෙනම අඩුයි. ඒ වෙනුවට අපි කෝලි සීයෙ ඒවා පනහක් ගහනකොට ගිනිගන්න ගේ අස්සෙ ඉඳගෙන This is fine කියන බල්ලා වගේ ෂෝක් කියනව. රසයක් නැති බව අමතක කරන්න චක්කරේ පාඩම් කරනව.

401363596 730711265766123 3559687273453684728 n

 ඒත් අපිට ඕනෙ හයේ ඒවා දහයක්. මේකට අපි ගෙවන ගෙවීම තමා මොඩර්න් නන්සෙන්ස්. නෑ සොරි, මේ දෙකම සල්ලිවල නිර්මාණයක්. අපි ආශා කරන්නේ IPL එකට සහ BCCI එකට ලාභ දේට. නන්සෙන්ස් සෙල්ස්. ගොඩක් අතීතේ නෙමේ මේ. අවුරුදු විසිපහක් එහා. ක්‍රිකට් මීට වඩා පට්ට වයිබ්‍රන්ට් විවිධත්වයක් තිබ්බ. දැන් වයිබ්‍රන්ට් අනුෂ්කාගෙ ගවුම විතරයි.

(ගණිතඥයන්ගේ දෝෂදර්ශනයට විවෘතයි. මම 95 විතර පටන්ගෙන ටීවී එකෙන් පමණක් ක්‍රිකට් බලන සාමාන්‍ය ලෙවල් ප්‍රේක්ෂකයෙකි. මට එක එකාගේ ටෙක්නිකල් ඩීටේල්ස් වැදගත් නැත. )


Duminda Rathnayaka ගේ ෆේස්බුක් පිටුවෙන්....

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්