අද පහන්තිර පැකට් එකක් ගන්න කෝවිල ළග නතර වුනා.
ලංකාවෙ එකද ඕන ඉන්දියන් එකද මහත්තයා?
මොකක්ද වෙනස? දන්නෙ නැති මං ඇහුවා.
ලංකාවෙ පහන්තිර ඔහේ අතට අහුවෙන ඕන රෙදි කෑල්ලකින් අඹරනවනෙ මහත්තයා. තිරේ ඔහේ ගිනි අරං ඉවර වෙනවා. ඉන්දියන් එකේ ප්‍රමිතිය හොඳයි. එක ගානට වැඩි වෙලාවක් පත්තු වෙනවා.
ආ මට ඉන්දියන් එකක් දෙන්න.
මං ගෙදර ආවෙ ඒ තිරේ පත්තු කරලා බලන නොඉවසිල්ලෙන්.
අරං බලනකොට තියෙන්නෙ හීනි තංගුස් වගේ නූල් ටිකක් එකට අඹරලා. මං හොඳ එකෙන් අහුවෙලා .. කියල මං හිත හදාගත්තා.
පත්තු කරලම බැලුවා.
නෑ කඩේ එකා කියපු කතාව ඇත්ත. තිරේ පට්ට. පහන් තිරේ වුනත් සිරා ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවා .
ලංකාවෙ උන්ගෙ පහන් තිර මාර්කට් එකටත් කෙලවෙනවා. එහෙම සරල දෙයක්වත් හරියට කරගන්න බැරි ජාතියක් අපි. ඒකටත් හොර කරලා බාල කරලා එපා කරලා තියෙන්නෙ. ලංකාවෙ හඳුන්කූරු ටිකත් මේ වෙද්දි බිමටම හාන්සියි. ඉන්දියන් හඳුන්කූර එක්ක හැරෙන්නවත් බෑ.
අපේ සරලම නිෂ්පාදනයක වුනත් යම් තත්වයක් පවත්වාගෙන යන්න, ඒක වැඩිදියුනු කරන්න අපිට පුළුවන්කමක් නෑ.
ඒත් ඉතිං අපි හරි ආඩම්බරයි. තේරුමක් නැතුව .
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
#godayamu
(උපුටා ගැනීම -
Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)