විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්‍යාපන ක‍්‍රමය

සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවසූ අතර මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී.

විශේෂයෙන් අධ්‍යාපනයේ පරමාර්ථ හා අරමුණ පිළිබඳ තේරුම් නොගැනීම හෝ ඒ පිළිබඳ අනවබෝධයකින් යුතුව සිදුකරන ලද ප්‍රකාශයක් බව මෙම කතාබහ අතරේ වැඩි දෙනාගේ අදහසය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ජනක හේවගේ විසින් "උපාධියට ජොබ් දෙන්න ඕනද" යන ප්‍රශ්නාර්ථය හරහා පළකර තිබුණේ මෙවන් අදහසකි.

ලංකාවේ බහුතරයක්ම හිතාගෙන ඉන්නේ විශ්වවිද්‍යාල කියන්නේ ෆැක්ටරිවලට පුහුණු සේවකයෝ හදන තැනක් කියලා..අම්මල ළමයි විශ්වවිද්‍යාලවලට යන්නෙත් ළමයි ඒවට එන්නෙත්, සමාජයත් හිතන් ඉන්නේ විශ්වවිද්‍යාලයට ගියාම උපාධිය ජොබ් එකක් ගන්න තියන මූලික සුදුසුකම්ක් සහ සහතිකයක් කියලා.. නෑ ඒක වැරදියි.. විශ්වවිද්‍යාල කියන්නෙ පුහුණු ශ‍්‍රමිකයින් හදන තැනක් නෙමෙයි.

එහෙම කෝස් එකක් කරල ජොබ් එකක් ගන්න ඕන නම් කාර්මික විද්‍යාලයකට හරි වෘත්තිය පුහුණු ආයතනයකට හරි යන්නෝන..ඒවයේ තමයි රැකියභිමුඛ පාඨමාල තියෙන්නේ..

 

ටියුෂන් තියරියට වැටුණු විශ්ව විද්‍යාල

විශ්වවිද්‍යාලය කියන්නේ ශ‍්‍රාස්ති‍්‍රිය අද්‍යාපනය ලබා  දෙන තැනක්.. ඒකයි නමින්ම විශ්වවිද්‍යාලය කියලා කියන්නේ.. ඒකේ උගන්වන්නේ කථිකාචාර්යවරු මිසක් ගුරුවරු නෙමයි.. විශ්වවිද්‍යාලයකට යන ළමයෙක්ට නිදහසේ ඉගනෙ ගන්න තියෙන්නෝන.. විශ්ව අධ්‍යාපානයක් ලබා දෙන තැනක් තමයි විශ්වවිද්‍යාලය කියන්නේ. ඉගෙන ගන්න කියල බල කිරීමක් නැති, ඕන නම් දෙශ්නවලට සහභාගී විය හැකි, බාහිර ක‍්‍රියාකාරකම්, කලා කටයුතු වැනි ක‍්‍රියාකාරකම් කරන්න තියන හොද තැනක් තමයි විශ්වවිද්‍යාල කියන්නේ..

ඉස්සර විශ්වවිද්‍යාලවල තිබුනේ වාර්ෂික විභාග ක‍්‍රමය.. කථිකාචාර්යවරු දේශන දෙනවා ළමයි තොරතුරු හොයාගන්න ඕනි, දැනුම හොයාගන්න ඕනි. ඒකට පොත පත සමාජ කි‍්‍රියාකාරකම් කරන්නෝන, පර්යේෂණ කරන්නෝන..ඒ ඔස්සේ තමයි දැනුම හොයා ගත්තේ.. මේ ක‍්‍රමයෙන් රටට තේරුම් ගියා මිනිස්සු හිතන්න පටන් ගන්නවා වැඩියි කියලා.. ඊට පස්සේ තමයි අවුරුද්ද දෙකට කඩපු මොකකටවත් වැඩක් නැති සෙමෙස්ටර් ක‍්‍රමය ආවේ.

ඉස්සර අවුරුද්දටම විෂයන් 4 ක් විතර කරපු ළමයි අද මාස 6 කට විෂයයන් 5 ක් 6 ක් කරන්නෝන.. ඒ අතර අතරමැද විභාග පැවරුම් මහ ගොඩක්.. ඉතින් ඒ සිලබස් එකට කථාකාචාර්යවරුන්ට තියෙන්නේ නෝට් එකක් දෙන එක.. ඒ නෝට් එක පාඩම් කරල විභාගේ ගොඩ දානවා.. හරියට බොයිලර් කුකුල්ලු හදනව වගේ.. ඊට පස්සේ විභාගේ ලියනවා.. පාස් වෙනවා.. ජොබක් බලනවා.. එතකොට මේ දැන් තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද? නෑ... මේකත් දැන් ටියුෂන් තියරියම තමයි.

 

හිතන මිනිසෙක් වෙනුවට නියුට‍්‍රල් වහලෙක්

ඉතින් විශ්වවිද්‍යාලවලට යන ළමයින්ට හිතන්න වෙලාවක් නෑ. එහෙම හිතන උපාධිධාරින් පිරිසක් ඇති උනොත් පාලකයින්ට අවාසියි, කැරලි ගහනවා, මෙලෝ සමාජ දැනීමක් නැති තෙල් අඩු කරාම බඩු මිල අඩු වෙනවා කියන එකවත් සරලව දන්නෙ නැති, මෙලෝ විචාරයක් නැති උපාධිකාරයෝ ගොඩක් එලියට දානව. පාලකයින්ට ඕන ඇත්තටම එහෙම උන් ටිකක්. උන් හිතන්න ගත්තොත් පාලකයින්ට කෙලවෙන බව දන්නවා. නියුට‍්‍රල් වහල්ලු ටිකක් හදන්නයි පාලකයින්ට ඕන. ඇත්තමට උන් හොද ආන්ඩුවේ කන්තෝරුවල කයිය ගගහා මොනා හරි ක්ලාක් වැඩක් කරන් ඉන්න තමයි.. ඒක පාලකයින්ට වාසියි..

ඒක නිසා ලිප්ටන් වට රවුමට ගිහින් පිකට් කරනවා රස්සා දියව් කියලා. ආණ්ඩු කරන්නේ තමන්ගේ වාසියට තොග පිටින් රස්සාවලට ගන්නවා වහල් වැඩ කරව ගන්න. අඩුම තරමින් උන් දන්නෑ උන් කවුද කියලවත්. ගමේ කුණු ටික ඇදගන්න කියල හිතල ජනාධිපතිවරු තෝරගන්න ඡන්දේ දෙන උගත්තු ටිකක් තමයි හැදෙන්නේ. ඉතින් උන්ම තමයි මේ රටේ රාජ්‍ය ආයතනවල තීන්දු තීරණ ගන්න තැන් වලටත් පත් වෙන්නේ.

 

දැන් ඇත්තටම විශ්වවිද්‍යාල නෑ..

ඒක නිසා දැන් ඇත්තටම විශ්වවිද්‍යාල නෑ.. පාලකයොත් දැන් කියනවා රස්සා නැති පාඨමාලා වැඩක් නෑ කියලා. ඇත්තටම අවුරුදු ගානක ව්‍යාපෘතිය සාර්ථකයි. රටේ ජනතාවත් කියන්නේ සිංහල, ඉතිහාසය, සන්නිවේදනය, පුරාවිද්‍යාව, සාහිතය ඉගෙනගෙන මොකක් කරන්නද කියලායි. හරියට ජේ ආර් ඇහුව සාහිත්‍ය කන්නද කියල කියන එකමයි. ඒකේ දිගුවක් තමයි මේ රස්සා නැති උපාධි කන්නද කියල දැන් අහන්නේ..

පාලකයින්ට නැවතත් කියන්න තියෙන්නෙ උපාධි තියෙන්නේ රස්සා දෙන්න නෙමයි.. ඉගෙන ගන්න..

ඉගෙන ගන්න සටන් කරන්න
සටන් කරන්න ඉගෙන ගන්න....

- ජනක හේවගේ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්