කෑගල්ලේ පැණි වෙදාගේ ප්‍රෝඩාව අනාවරණය වීම වත්මන් ආණ්ඩුව තක්කඩි විදියට ප්‍රවර්ධනය කරගෙන ආපු ගෝත්‍රවාදය ආපහු හැරවීමේ එක තීරණාත්මක කඩඉමක් කියලා කෙනෙකුට හිතන්න පුළුවන්.
විශේෂයෙන් ම 2015 පරාජයෙන් පස්සෙ දේශපාලන උපායමාර්ගයක් විදියට මේ පටු ගෝත්‍රවාදය “ජාතිකවාදී දේශපාලනය” විදියට භෞතීස්ම කෙරෙව්වා. 
 
සිවුරු පොරොවගත්ත වොයිස් කට් බලකාය, වඳ කොත්තු – වඳ සැත්කම් නාඩගම, කැළණියේ නාග ධාතු වන්දනාව වගේ ම මේ පැණි වෙදාගේ නාටකය කියන හැමදේම එකම තිරකතාවක කොටස්. 
 
 
''සිවුරු පොරොවගත්ත වොයිස් කට් බලකාය, වඳ කොත්තු – වඳ සැත්කම් නාඩගම, කැළණියේ නාග ධාතු වන්දනාව වගේ ම මේ පැණි වෙදාගේ නාටකය කියන හැමදේම එකම තිරකතාවක කොටස්.'' 
මේ තිරකතාවේ අරමුණ වෙන්නේ මෙවැනි විවිධාකාරයේ සංදර්ශන හරහා විචාර බුද්ධියක් නැති, අමන ජනතාවක් රටේ නිර්මාණය කරලා ඒ පිරිස අවුරුදු පහෙන් පහට ගව රැළක් වගේ තමන්ට වුවමනා තැනට දැක්කවීම.
 
 “සිංහල-බෞද්ධ” නාස් ලණුව දැම්මම ඒ වැඩේ හුඟක් ලේසි වෙන බව ඔවුන් අත්දැකීමෙන් තේරුම් අරගෙන තියනවා.
 
මේ රටේ ශක්තිමත් ජාතික අනන්‍යතාවක් ගොඩනගාගෙන ජාතික රාජ්‍ය්‍යක් බිහි කරගන්නේ කොහොමද, ස්ථාවර ජාතික ආර්ථිකයක් ගොඩනගා ගන්නේ කොහොමද, අලුත් දැනුම ඇසුරෙන් බුද්ධිමය ප්‍රාග්ධනය උපදවගන්නේ කොහොමද වගේ ජාතිකවාදී දේශපාලනය තුළ උත්තර හොයන්න ඕනෙ ඇත්ත ප්‍රශ්න මේ තක්කඩි ව්‍යාපෘතියට අදාළ වෙන්නේ නැහැ. 
 
ඔවුන් ගේ එකම ඉලක්කය තමන් ගේ ප්‍රචාරක යාන්ත්‍රණය හරහා දිනපතා කෙරෙන මාධ්‍ය සංදර්ශන හරහා මිනිසුන් තුළ තවම ශේෂ වෙලා තියන ප්‍රාථමික, ගෝත්‍රික හැඟීම් අවදි කරලා දිනෙන් දින අසමත් වෙන විහිළුකාර ආණ්ඩුවකට සුජාතභාවයක් ලබා දෙන එක.
 
ලෝකයේ අද අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙන්නේ හුඟ දෙනෙක් නොහිතන තැනක. 
 
සයිබර් අවකාශය තුළ හිතාගන්නවත් බැරි තරම් විශාල ලෙස ගොඩගැනුණු සමාගම් පහ හයක් ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් අති බහුතරයක ගේ දේශපාලනය මතය, හිතන පතන විදිය, අඳින – පළඳින, කන බොන, රමණය කරන විදිය, පරිභෝජන රටාව සහ සමාජ සම්බන්ධතා පාලනය කරනවා. 
 
 How Using Social Media Affects Teenagers
 
''සයිබර් අවකාශය තුළ හිතාගන්නවත් බැරි තරම් විශාල ලෙස ගොඩගැනුණු සමාගම් පහ හයක් ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් අති බහුතරයක ගේ දේශපාලනය මතය, හිතන පතන විදිය, අඳින – පළඳින, කන බොන, රමණය කරන විදිය, පරිභෝජන රටාව සහ සමාජ සම්බන්ධතා පාලනය කරනවා.'' 
 
 
මේ ලෝකයේ බලවත් ම රාජ්‍යයේ සිට දුබල ම රාජ්‍යය දක්වා වන ඕනෑම රටක ආණ්ඩු මාරු කරන්න ඔවුන්ට පුළුවන් වගේ ම ඕනෑම පෙරළියක් එක ක්ෂණයකින් ආපස්සට හරවන්නත් ඔවුන්ට පුළුවන්.
 
විසි වන සියවසේ ඛනිජ තෙල් වලට තිබුණු අධිකාරී බලයට වඩා දෙතුන් ගුණයක අධිකාරී බලයක් විසි එක්වැනි සියවසේ දී දත්තවලට ලැබෙනවා. 
 
අද ලෝකයේ සංවාදය තියෙන්නේ “දත්ත යටත් විජිතවාදය” ගැන. 
 
මිනිසුන් ගේ දත්ත පාලනය කරන අය ඉබේ ම ලෝකය පාලනය කරන බලය අත්පත් කරගන්නවා. 
 
දත්‍තවල ඒකාධිකාරය වෙනුවෙන් මේ මහා තාක්ෂණ බලවතුන් නිමක් නැති තරගයක නියැලිලා ඉන්නවා.
 
මේක සාගරයේ බලය වෙනුවෙන් බටහිර ජාතීන් 16,17 සහ 18 වැනි සියවස්වල නියැලිලා සිටි යුද්ධයට යම් විදියකින් සමානයි. 
 
මේ “දත්ත යටත්විජිතකරණය” (data colonization) ඇතුළේ අප නොදැන අප සම්බන්ධ බොහෝ තොරතුරු දත්ත ගොනුවල එකතු වෙනවා. ඒ දත්ත ගොනු අලෙවි වෙනවා. ඒ අලෙවින් වන දත්ත මත පදනම්ව භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කෙරෙනවා. ඒ නිෂ්පාදන මිලට ගන්න අපව ම තල්ලු වෙනවා. 
 
 
 
''අන්තර්ජාලය හරහා හෝටල් කාමර ඇණවුම් කරන දැවැන්ත විදේශ සමාගම් ලංකාවේ ලොකු කුඩා හෝටල්වලින් අවුරුද්දකට ඩොලර් මිලියන 400ක් පමණ උපයනවා. ඒත් ඒ සමාගම් එක තඹ සතයක්වත් ලංකාවට බදු ගෙවන්නේ නැහැ. ''
හිතාගන්න බැරි තරම් විශාල විෂම චක්‍රයක අපේ ජීවිත කරකැවෙද්දී ඒ විෂම චක්‍රයේ රිමෝට් කොන්ට්‍රෝල් එක සමාගම් කිහිපයක් පාලනය කරනවා.
 
ලංකාව කියන්නේ මේ විෂම චක්රයේ හිරවුණු කූණිස්සෙක් වගෙයි. 
 
 
උදාහරණයක් විදියට අන්තර්ජාලය හරහා හෝටල් කාමර ඇණවුම් කරන දැවැන්ත විදේශ සමාගම් ලංකාවේ ලොකු කුඩා හෝටල්වලින් අවුරුද්දකට ඩොලර් මිලියන 400ක් පමණ උපයනවා. ඒත් ඒ සමාගම් එක තඹ සතයක්වත් ලංකාවට බදු ගෙවන්නේ නැහැ. 
 
ලංකාවේ නීති රීතිවලට ඔවුන් පාලනය කරන්නත් බැහැ. 
 
ෆේස්බුක්, ගූගල් වගේ සමාගම් මීට වඩා ප්‍රබල විදියට ලංකාවේ ඩොලර් ගිල දමනවා. 
 
ඊට අමතරව අපි ගැන ඔවුන් එකතු කරන භාවිතා වෙන්නේ මොන විදියට ද, කවුරුන් වෙනුවෙන් ද වගේ කිසිම දෙයක් ගැන කිසි කෙනෙක් දන්නෙ නැහැ. 
 
මේ විෂම චක්‍රය ඇතුළේ අපේ පුද්ගලභාවය අහිමි වෙලා තියනවා, නිදහස අහිමි වෙලා තියනවා, දත්තවල ආරක්ෂාව අහිමි වෙලා තියනවා, අලුත් ව්‍යාපාර නන්නත්තාර වෙලා තියනවා, නවෝත්පාදනය අඩපණ වෙලා තියෙනවා.
 
 
මේ විෂම චක්‍රය ඇතුළේ අපේ පුද්ගලභාවය අහිමි වෙලා තියනවා, නිදහස අහිමි වෙලා තියනවා, දත්තවල ආරක්ෂාව අහිමි වෙලා තියනවා, අලුත් ව්‍යාපාර නන්නත්තාර වෙලා තියනවා, නවෝත්පාදනය අඩපණ වෙලා තියෙනවා.
 
#  දියුණු දැක්මක් සහ යහපත් ජාතිකවාදී නැඹුරුවක් තියන ආණ්ඩුවක් මේ වෙලාවේ ඇත්තට ම හිතන්න ඕනෙ මේ විෂම චක්‍රය ඇතුළෙ දේශීය ව්‍යාපාර මේ ගෝලීය දැවැන්තයන්ට ගොදුරු නොවී ආරක්ෂා කරගන්න එක ගැන. 
 
#  ජාතික ධනය ආයෝජනය කරලා පර්‍යේෂණ සහ නවෝත්පාදනය දේශීයව පණ ගන්වා ගැනීම ගැන.
 
#  මේ රටේ මිනිස්සුන්ගෙන් ඩොලර් සිය දහස් ගණනින් උපයලා එක තඹ සතයක් බදු වශයෙන් නොගෙවන ගෝලීය දැවැන්තයන් රටේ බදු දැලට ඇතුළු කරගැනීම ගැන,
 
 #  රටේ මිනිස්සුන්ගේ දත්ත සහ පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න නීති සම්පාදනය කිරීම ගැන, 
 
#  මේ මහා ව්‍යාකූල ලෝක තත්ත්වය හමුවේ අපේ රටේ ස්වාධිපත්‍යය සහ ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කරගැනීම ගැන.
 
 
 
මේ සඳහා ආණ්ඩුවකට දියුණු දැක්මක් සහ නිරවුල් ප්‍රතිපත්ති අවශ්‍යයි. මේ වෙනකොටත් ඉතාලිය, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, මැලේසියාව සහ ඉන්දියාව වගේ රටවල් මේ සම්බන්ධයෙන් තීරණාත්මක පියවර ගනිමින් සිටිනවා.
 
තමන්ගේ අසමත්කම වහගන්න රටේ වෙදෙකුගේ සෙප්පඩවිජ්ජාවක් කර තියාගෙන ගිහින් හත්පොළේ ගාගත්ත ආණ්ඩුවක් මේ වගේ සංකීර්ණ ගෝලීය අභියෝග කළමනාකරණය කරගනියි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඒ “ධම්මික පැණිය” ගහපු කෙනෙක් ම වෙන්න ඕනෙ.
 
 
'' තමන්ගේ අසමත්කම වහගන්න රටේ වෙදෙකුගේ සෙප්පඩවිජ්ජාවක් කර තියාගෙන ගිහින් හත්පොළේ ගාගත්ත ආණ්ඩුවක් මේ වගේ සංකීර්ණ ගෝලීය අභියෝග කළමනාකරණය කරගනියි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඒ “ධම්මික පැණිය” ගහපු කෙනෙක් ම වෙන්න ඕනෙ.''
 
 
 
 
x5tDOVAl 400x400(රසික ජයකොඩි)
සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
(උපුටා ගැනීම - gammiris.lk)
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්