බ්‍රසීලය, එක්වදෝරය, පෙරූ සහ පෘතුගාලය යන රටවල් හතරේ ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරිස් ඔලිම්පික් උළෙලට

පෙර බොහෝ අවස්ථාවන්හිදී තහනම් ශරීර උත්තේජන පරීක්ෂාවන්ට ලක් කරනු ඇතැයි වාර්තා වනවා.

මේ රටවල තිබෙන්නේ තත්ත්වයෙන් බාල ප්‍රමිතියේ තහනම් මත්ද්‍රව්‍ය විරෝධී පරීක්ෂණ වීම මීට හේතුව වී තිබෙනවා.

ක්‍රීඩකයන්ට කළින් දැනුම් දීමකින් තොරව සිදුකරන පරීක්ෂණවල තත්ත්වය 2023 ලෝක ශූරතාවලියට පෙර දියුණු කරන ලෙසට මේ රටවලට කෙරුනු අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දීමට ඔවුන් අසමත්ව තිබෙනවා. අමෙරිකාවේ පැවති 2022 ලෝක ශූරතාවලියෙන් පසුව මේ රටවලට කළ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බව මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවංකත්වය පිළිබඳව කටයුතු කරන අංශය වන Athletics Integrity Unit (AIU) පවසනවා.

symble

“බුඩාපෙස්ට් හි පැවති ඔවුන්ගේ ඊළඟ ලෝක ශූරතාවලියේදී ඔවුන්ගේ කණ්ඩායම් කළින් දැනුම් නොදුන් පරීක්ෂණවලට භාජනය කළ බව තහවුරු කිරීමට මේ රටවල් හතර අසමත් වුනා” යැයි AIU ප්‍රකාශ කරනවා. ඔලිම්පික් ක්‍රීඩාවන්හි තහනම් මත්ද්‍රව්‍ය භාවිතය හා දූෂණය පරීක්ෂා කිරී‌ම සඳහා සිටින හොඳම ආයතනය ලෙසින් AIU පිළිගැනෙනවා.


2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී එක්වදෝරය සහ පෙරූ යන රටවල් එක් රිදී පදක්කමක් බැගින් ද, බ්‍රසීලය එක් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තා. ඔවුන් මේ පදක්කම් සියල්ල හිමිකර ගත්තේ තරග ඇවිදීම ඉසව්වෙන්.

hkjdfk
මේ රටවල් හතරේ සිටින විශිෂ්ට නොවන මලල ක්‍රීඩකයන්ට ඔලිම්පික් උළෙලේ තරග කිරීමට හැකිවන්නේ ඔවුන් ජුලි 4 වැනි දිනය දක්වා වන මාස 10ක පුහුණු කාලය තුළ කළින් දැනුම් දීමකින් තොරව මුහුණ දුන් අවම වශයෙන් පරීක්ෂණ තුනක සාම්පල ලබා දුන්නොත් පමණක්ය යන AIU උපදේශයට ලෝක මලල ක්‍රීඩා බළධාරීන් සහාය පළකර තිබෙනවා. ජවන හා පිටිය ඉසව් පැරිසියේදී ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ අගෝස්තු 1 වැනිදා.


“මේ ඔලිම්පික් වසරේදී ගෙන තිබෙන මේ පියවර, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණ තරග බිමක් තහවුරු කිරීමට AIU සහ World Athletics ඉතාමත් බරපතළ ලෙස කටයුතු කරන බවට සියළුම සාමාජික සම්මේලනවලට කරන මතක් කිරීමක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා” යැයි AIU සභාපති David Howman සඳහන් කරනවා.

1500

‘මීටර් 800 සිට ඊට වැඩි’ යනුවෙන් නිර්වචනය කර තිබෙන දරා සිටීමේ ඉසව් වෙනුවෙන් මීටත් වඩා දැඩි පරීක්ෂණ ඉල්ලා තිබෙනවා. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ජෛව ගුවන් ගමන් බලපත්‍රයේ පරීක්ෂණයකට සහ EPO නමැති තහනම් රුධිර වර්ධක හෝමෝනය සඳහා පරීක්ෂණයකට ලේ සාම්පලයක් ද ඉදිරිපත් කළ යුතු වනවා.

වැඩි කරන ලද පරීක්ෂණ සිදුකරනු ඇත්තේ ඒ ඒ ඉසව්වල ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින 10 දෙනාට පිටින් සිටින ක්‍රීඩකයන්ටයි. ප්‍රධාන ශූරතාවලියන්හි පදක්කම්ලාභීන් වනු ඇති බවට සැළකෙන සුපිරි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනටමත් AIU විසින් ඉලක්ක කරගෙන තිබෙනවා.

AIU
මොනාකෝ යුරෝපීය නගරය මූලස්ථානය කර ගත් AIU පරීක්ෂකයන් පවසන්නේ, ශ්‍රේණිගත කිරීම් අතරින් සැණින් මතුවන හෝ විස්මිත හැකියාවන් ප්‍රදර්ශනය කරන හෝ දක්ෂතාවේ තරමෙන් ඒ ප්‍රතිඵල සැකසහිත ලෙසින් දිස්වන හෝ මලල ක්‍රීඩකයන්ගෙන් ඔලිම්පික් උළෙල ආරක්ෂා කර ගැනීමට මේ ඉලක්කගත වැඩසටහනෙන් හැකිවනු ඇති බව යි.

චෙක් සමූහාණ්ඩුව හා නවසිලන්තය යන ජාතික ජවන හා පිටිය කණ්ඩායම් දෙක ට ද ඔවුන්ගේ තහනම් මත්ද්‍රව්‍ය විරෝධී පරීක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් 2022 ලෝක ශූරතාවලියෙන් පසුව අනතුරු ඇඟවූවා. ඉන්පසුව මේ රටවල් ඔවුන්ගේ පරීක්ෂණවල තත්ත්වය අනපේක්ෂිත අයුරින් දියුණු කරගෙන තිබීම පිළිබඳව බළධාරීන්ගේ ප්‍රශංසාව ඔවුන්ට හිමිව තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්