ලබන වසරේ පැවැත්වෙන ලන්ඩන් මැරතන් තරගය දැනටමත් නව ලෝක වාර්තාවක් බිහිකර තිබෙනවා.


2025 ලන්ඩන් මැරතන් තරගය වෙනුවෙන් දැනටමත් අයදුම්පත් 840,318ක් ලැබී තිබෙන්නේ පසුගිය වසරේ ලැබුනු අයදුම්පත් 578,374ක ලෝක වාර්තාව මකා දමමින්.

පසුගිය සතියේ පැවති 44 වැනි ලන්ඩන් මැරතන් තරගයට ධාවකයන් 53,000කට වැඩි පිරිසක් සහභාගි වූ අතර එය මේ ඉසව්වේ වාර්තාවක් බවට පත්වුනා.

මේ වසරේ තරගයට සහභාගි වීම සඳහා තවත් අයදුම්පත් 17,000කට ඉඩ විවෘතව තිබුනා.

2025

මෙය නිසැකව ම ආශ්චර්යමත් සංඛ්‍යාවක් බව ලන්ඩන් මැරතන් තරගයේ අධ්‍යක්ෂ හියු බ්‍රෑෂ (Hugh Brasher) පවසනවා.

මීට අමතරව, තරගය සඳහා කාන්තාවන්ගෙන් ලැබුනු අයදුම්පත් සංඛ්‍යාව පසුගිය වසරේ සියයට 43 සිට මේ වසරේ සියයට 49 දක්වා වැඩි වී තිබීම විශේෂ සිදුවීමක් වන අතර එයින් ප්‍රථම වතාවට පිරිමි හා කාන්තා අයදුම්පත්වල සමානත්වය ආසන්නයට පිවිස සිටින බව ලන්ඩන් මැරතන් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ  කරනවා.

“සියළුම වයස් සීමාවල සිටින හා හැකියාවන් තිබෙන පුද්ගලයන් ක්‍රියාශීලීව මේ තරගයට සම්බන්ධ කරගන්නයි අපට අවශ්‍ය. මේ විස්මයජනක වාර්තා බිඳ දමන දත්තවලින් පෙන්නුම් කරන්නේ ලන්ඩන් මැරතන් තරගයේ සාර්ථකත්වය හා පුද්ගලයන් කොතරම් ප්‍රමාණයකට මේ තරගයේ කොටසක් වීමට අවශ්‍යව තිබෙනවාද යන්න යි” බ්‍රෑෂ වැඩිදුරටත් සඳහන් කරනවා.

2025 ලන්ඩන් මැරතන් තරගය අප්‍රේල් 27 වැනිදා ආරම්භ වීමටයි නියමිතව තිබෙන්නේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්