ආසියානු රග්බි තරගාවලියේ පළමු කොටසේ මේ වසරේ ශූරයන් වීමට සමත් වෙමින් ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ කසකස්තානය ලකුණු 45-7කින් පරාජය කළා. 

 

ශ්‍රී ලංකාවේ මේ ජයග්‍රහණය වඩාත් වර්ණවත් වන්නේ මෙය ඔවුන් පසුගිය වසරවල රග්බි තහනමකට ලක්ව සිටීමෙන් පසුව වාර්තා කළ ප්‍රථම ජයග්‍රහණය වූ නිසා. ශ්‍රී ලංකාව පහළොස් සාමාජික ජාත්‍යන්තර තරගාවලියක ක්‍රීඩා කළේ වසර නවයකට පසුව.

 

කසකස්තානය මේ තරගාවලියේ අවසාන තරගයට පිවිසියේ කටාර් දේශය සමග පැවති ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් තරගය 33-31 ලෙස ලකුණු 2කින්  පමණක් ජය ගනිමින්. ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණියේ ඉන්දියාව ලකුණු 45-10කින් පහසුවෙන් පරදවමින්.

මේ තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ඊයේ පැවති තරගයේදී කටාර් කණ්ඩායම ලකුණු 34-25කින් ඉන්දියාව පරාජය කළා.

 

ආසියානු රග්බි පළමු කොටසේ තරගාවලියේ ලකුණු 45 බැගින් වාර්තා කරමින් ලබා ගත් පහසු ජයග්‍රහණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රග්බි තරග බිමේ තබන ඊළඟ පියවර සඳහා පන්නරයක් වනු ඇතැයි ලාංකේය රග්බි ප්‍රජාව විශ්වාස කරනවා.

ආසියාවේ ප්‍රබල කණ්ඩායම් සහභාගි නොවූ මේ වසරේ ආසියානු රග්බි පළමු කොටසේ තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුනේ ශ්‍රී ලංකාව, කටාර් හා පාකිස්තානය අතර. නමුත් පාකිස්තානය ද අවසන් මොහොතේදී තරගාවලියෙන් ඉවත් වුනා.

 

Head
දෙවැනි කොටසේ තරගාවලියේ කණ්ඩායම් ලෙස මුලින් සිටියේ කසකස්තානය, ඉන්දියාව හා ඉරානය යන රටවල්. නමුත් ඉරානය තරගාවලියෙන් ඉවත් වීම නිසා එම කොටස ද කණ්ඩායම් දෙකකට පමණක් සීමා වුනා.

පළමු හා දෙවැනි කොටස් දෙකේ ම මෙසේ කණ්ඩායම් දෙක බැගින් ඉතිරි වූ නිසා ආසියානු රග්බි බළධාරීන් විසින් මේ වසරේ ආසියානු රග්බි දෙවැනි කොටස අවලංගු කර කණ්ඩායම් හතර ම එක කොටසකට ඇතුළත් කර ආසියානු රග්බි තරගාවලියේ පළමු කොටසේ තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වූවා.

 

rugby won 8

ශ්‍රී ලංකාව කොළඹදී අත්කර ගත් මේ ජයග්‍රහණවලින් ආසියානු රග්බි තරග බිමේ පළමු කොටසේ ශූරයින් ලෙස ඔවුන්ගේ ස්ථානය තහවුරු නොවන බව මේ අතර දැන ගන්නට තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ පළමු‌ කොටසේ කණ්ඩායම් වන සිංගප්පූරුව, චීන තායිපේ, පිලිපීනය හා චීනය වැනි රටවල් මේ තරගාවලියට සහභාගි නොවීම යි.

මේ අතර, සහභාගි නොවූ මේ රටවල් අතර වෙනම තරගාවලියක් පැවැත්වීමට කටයුතු සැලසුම් කරගෙන යන බව ස්ථිර නොවන ආරංචි මාර්ගවලින් පැවසෙනවා. 

ශ්‍රී ලංකාව ආසියානු රග්බි තරග බිමේ පළමු කොටසේ ශූරයන් ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට නම් මේ කණ්ඩායම්ගෙන් ද සමන්විත තරගාවලියක් ලබන වසරේදී ජයග්‍රහණය කළ යුතුව තිබෙන බව තතු දත් ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ප්‍රකාශ කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්