1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ඩිඒගෝ මැරඩෝනා ට ලැබුනු ‘රත්තරං බෝලය’ - Golden Ball -

කුසලානය දීර්ඝ කාලයක් අතුරුදන්ව තිබී දැන් මතුවී තිබෙන්නේ ඩොලර් මිලියන ගණනක අලෙවියකට මං විවර වෙමින්.

නොදන්නා තත්ත්වයන් යටතේ දශක ගණනාවක් තිස්සේ ආගිය අතක් නැතිව තිබූ මේ කුසලානය ලබන මාසයේ පැවැත්වෙන වෙන්දේසියකදී ඩොලර් මිලියන ගණනක විශාල මුදලකට විකිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මැරඩෝනාගේ දීප්තිමත් ක්‍රීඩා දිවියේ මේ වටිනා සිහිවටනය ජූනි 6 වැනිදා පැරිසියේ Aguttes වෙන්දේසි නිවහනේ දී අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.

 

15875216 1246783535397780 2500646564118953735 o1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ඩිඒගෝ මැරඩෝනා ට ලැබුනු ‘රත්තරං බෝලය’ - Golden Ball - කුසලානය

මැරඩෝනාගේ නායකත්වය යටතේ ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානය දිනා ගත් 1986 තරගාවලියේ මැරඩෝනා ඇඳ සිටි කමිසය 2022 වසරේදී ඩොලර් මිලියන 9.3කට ආසන්න මුදලකට අලෙවි වූයේ ක්‍රීඩා සිහිවටනයක අලෙවිය සඳහා තිබූ වාර්තාව ද බිඳ දමමින්.

ballමැරඩෝනා ඔහු‌ගේ අතින් පන්දුව දැල තුළට යවා ‘දේව හස්තය’ – Hand of God - ලෙසින් පසුව ප්‍රසිද්ධ වූ ගෝලය ලබා ගත් පාපන්දුව

 

එම තරගාවලියේ එංගලන්තය ට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී මැරඩෝනා ඔහු‌ගේ අතින් පන්දුව දැල තුළට යවා ‘දේව හස්තය’ – Hand of God - ලෙසින් පසුව ප්‍රසිද්ධ වූ ගෝලය ලබා ගත් පාපන්දුව ඩොලර් මිලියන 2.4කට පසුගිය වසරේදී අලෙවි වුනා.

 



මේ ආන්දෝලනාත්මක ගෝලයෙන් පසුව මැරඩෝනා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ බාධා මඟහරිමින් පන්දුව සමග අතිවිශිෂ්ට දිවීමක නිරත වී ලබා ගත් ගෝලය ‘ශතකයේ ගෝලය’ – Goal of the Century - නමින් ඉතිහාසගත වුනා.


මේ ජනප්‍රිය ගෝල් ද්විත්වය වාර්තා වූයේ මිනිත්තු පහකටත් අඩු කාලයක් ඇතුළත. මැරඩෝනා‌ නමැති ආජන්ටිනා පාපන්දු සුපිරි තරුව උපරිම දීප්තියෙන් බැබලෙන අයුරු ලෝකය දුටුවේ ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවෙන්.

එම තරගාවලියේ අවසාන මහා තරගයේදී බටහිර ජර්මනිය ගෝල් 3-2කින් පරාජය කරමින් ආජන්ටිනාව ඔවුන්ගේ පාපන්දු ලෝක කුසලාන තුනෙන් දෙවැනි කුසලානය දිනා ගත්තා.

 

gold ballපැරිසියේදී ලබන මාසයේ වෙන්දේසියට තැබෙන ‘රත්තරං බෝලය’ කුසලානයේ ඉතිහාසය අභිරහසකින් වැසී තිබෙනවා.

පැරිසියේදී ලබන මාසයේ වෙන්දේසියට තැබෙන ‘රත්තරං බෝලය’ කුසලානයේ ඉතිහාසය අභිරහසකින් වැසී තිබෙනවා.

එක කතාවකට අනුව එම කුසලානය, මැරඩෝනා ඉතාලියේ Napoli කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි අවධියේ මාෆියා සංවිධානය විසින්  සොරකම් කර පසුව රන් කුට්ටිවලට උණුකළ බව පැවසුනා. අනෙක් කතාවලින් ඇඟවුනේ මැරඩෝනා පෝක තරගයකදී එම කුසලානය පරාජය වූ බව හෝ ඔහු‌ එම කුසලානය විකුණා ඔහුගේ ණය ගෙවූ බව යි.



අතුරුදන්ව තිබූ මේ කුසලානය වසර 38කට පසුව දැන් මතුවී තිබෙනවා. මැරඩෝනාගේ ජීවිත චරිතාපදාන පොත් දෙකක් තිබුන ද ඉන් එකක හෝ මේ කුසලානය සොරකම් කෙරුනු බවක් සඳහන් වන්නේ නැහැ.

 

230103210753 pba maradonaමැරඩෝනාගේ ජීවිත චරිතාපදාන පොත් දෙකක් තිබුන ද ඉන් එකක හෝ මේ කුසලානය සොරකම් කෙරුනු බවක් සඳහන් වන්නේ නැහැ.

අවසානයේ සොයා ගෙන තිබෙන්නේ මේ කුසලානය නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් වෙන්දේසියකදී මිලදී ගෙන ඇති බව. මේ පුද්ගලයා තවත් කුසලාන කිහිපයක් සමග මේ කුසලානය ද මිලදී ගෙන ඇතත් එය මෑරඩෝනාගේ ‘රත්තරං බෝලය’ බව ඒ අවස්ථාවේ දැන සිට නැහැ.

මේ නිර්නාමික පුද්ගලයා මැරඩෝනාගේ කුසලානය මිලදී ගෙන තිබෙන්නේ 2016 වසරේ ප්‍රංශයේ පැවති වෙන්දේසියකින්. එය ‘රත්තරං බෝලය’ විය හැකි බවට ඔහුට වැටහී තිබෙන්නේ අන්තර් ජාලයේ මේ පිළිබඳව කළ සෙයා බැලීමකින් පසුව. ඒ අවස්ථාවේදී ඔහු මැරඩෝනා සහ ජගත් පාපන්දු සම්මේලනය සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා.

 



ඩිඒගෝ මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ කුසලානය සොයා ගෙන වසරක පමණ කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ පරීක්ෂාවකින් පසුව මේ කුසලානයේ සැබෑ නිවැරදි බව Aguttes වෙන්දේසි නිවහනේ විශාරදයින් විසින් තහවුරු කරගෙන තිබෙනවා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්