Mag City නව ශාඛාව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ඊයේ (20) විවෘත කරන ලදී.
මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් සහ මහනුවර රදගුරු හිමිපාණන් බැහැ දැකීමට මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
මෙයින් වසර 19 කට පෙර දේශමාන්‍ය එම්. ඒ. ගුණතිලක (Kandy Tyre House සහ Mag City (Pvt) Ltd ආරම්භක සභාපති) විසින් ආරම්භ කරණු ලැබූ Mag City වර්තමානය වන විට දේශීය මෝටර් රථ සේවා අංශයේ සුවිශේෂී සලකුණක් තැබීමට සමත්වූ ආයතනයකි.
වර්තමාන සභාපති ප්‍රසන්න ගුණතිලක ගේ නායකත්වය සහ කළමනාකරණ අධ්‍යක්ෂ ශෙනාල් ගුණතිලක යටතේ සිය ගනුදෙනුකරුවන් සඳහා නවීන තාක්‍ෂණයෙන් යුතුව මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ සේවාවන් රැසක් ලබාදීමට ඉදිරිපත්ව ඇති Mag City, පාරිභෝගික අවශ්‍යතාවයන් උපරිම ආකාරයෙන් සපුරාලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක නිරතව සිටින ආයතනයකි.
මෙම නවතම ශාඛාව මඟින් Mag City සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමත්ව ඇති අතර, එමඟින් ගැටඹේ නඟරයේ ගනුදෙනුකරුවන් සඳහා ඉතා පහසුවෙන් ළඟාවීමේ සහ ඉතා කාර්යක්‍ෂම අයුරින් නවතම සේවාවන් සළසාගැනීමේ හැකියාව විවිර වේ.