M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත.
ඒ අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කට සීමා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන විසින් භාවිතා කරනු ලබන මුදල් ඒකකයක් වන SDR වෙනත් මුදල්වලට මාරු කරගත හැකිය.
මෙම තීන්දු ප්‍රකාශය අවලංගු කිරීම සඳහා වූ යම් ඉල්ලීමක් හෝ සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතියේ දෙවන වගන්තිය යටතේ හිමිකම් පෑම් 2024 ජනවාරි මස 27 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අධිකරණය දැනුම් දෙයි.
එම සියලු ඉල්ලීම් හා හිමිකම් පෑම් යොමු කළ යුතු වන්නේ පහත දැක්වෙන ලිපිනයටය.
Admiralty and Commercial Registry and Listing Offices, 7 Rolls Building, Fetter Land, London EC 4A INL, United Kingdom.
පහත රූපයේ දැක්වෙන ලිපිනයන් වෙත පිටපත් යොමු කළ යුතුය.
X-Press Pearl claims
ශ්‍රී ලංකාව 2023 අප්‍රේල් 23දා සිංගප්පූරුමහාධිකරණයේ පොදු අංශයේ වන්දි නඩුවක් ගොනු කළ අතර එහි වන්දි ඉල්ලුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාය.
X-Press පර්ල් සිද්ධියේ නඩු කටයුතු මෙහෙයවන්නේ, ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත් කර සිටින සිංගප්පූරු නීති සමාගමක් විසිනි.
කෙසේ වෙතත්, මෙම නඩුව පැවරූ අධිකරණය නිවැරදිදැයි ඇතැම් අංශ විසින් ප්‍රශ්න කරන ලදි.
“අපට අවශ්‍ය වන්නේ එක්සත් රාජධානියේ නඩුව හැකි ඉක්මනින් අවසන් කිරීමටයි. මෙම අනතුරට හේතු වී ඇත්තේ නැව් හිමිකරුගේ නොසැලකිල්ල බව අපට ඔප්පු කළ හැකි යැයි අපි විශ්වාස කරනවා. නැව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වෙනත් වරායන් දෙකකදී ගැටලුව ගැන වාර්තා කර තිබුණා. රක්‍ෂණකරුවන් විසින් ගොනු කරන ලද නඩුවේදී ශ්‍රී ලංකාවේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා රජයට එක්සත් රාජධානියේ නීති සමාගමක් සම්බන්ධ කර ගැනීමට සිදුවනු ඇති.”
ව්‍යසනය සිදු වූ දා සිට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 7.85 ක ගෙවීම් ලැබී ඇත. පළමු ගෙවීම ලෙස ඩොලර් මිලියන 3.6ක් 2021 ජූලි මාසයේදී ලැබුණි. තවත් ඩොලර් මිලියන 1.75ක් 2022 ජනවාරි මාසයේදී ලැබුණු අතර තුන්වන ගෙවීම ඩොලර් මිලියන 2.5ක් 2023 සැප්තැම්බර් මාසයේදී ලැබුණි.
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)