සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට රුපියල් බිලියන 50 ක්
තරම් අතිවිශාල මුදලක් ජාතික අයවැයකින් වෙන් කළේ ඉතිහාසයේ පලමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් ප්‍රකාශ කළේය.
මීට පෙර කිසිම රජයක අයවැයකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට ලබා නොදුන් මුදලක් මෙවර අයවැයෙන් වත්මන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස මේ අංශයේ දියුණුවට ලබා දී ඇතැයිද ඒ සම්බන්ධයෙන් සතුටු වන්නේද සභාපතිවරයා පැවසීය.
කොවිඩ් 19 වසංගතයෙන් පසුව නැවත හිස ඔසවමින් පවතින රටේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර පුනර්ජීවනය හා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මේ සා විශාල මුදලක් වෙන් කිරීම ගැන වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් රජයට ප්‍රසාදය පල කරන බවද ඔහු කීය.
මෙලෙස වෙන් කළ මුදලින් තම වාණිජ මණ්ඩලය ආරම්භ කළ නවතම ව්‍යාපාර දියුණු කිරීමට අත දීමේ වැඩපිළිවෙළට ශක්තියක් සැපයිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
මීට අමතරව මෙලෙස අයවැයෙන් වෙන් කළ මුදලින් තරුණ ව්‍යවසායකයින්ට දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට අරමුදල් සැපයිය යුතුයැයි ඔහු යෝජනා කළේය.
ඊට අමතරව කාන්තා ව්‍යවසායකයින්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අඩු පොලී ණයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද රාජාබ්දීන් කළේය.