චීන එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුමේ තොරතුරු පැරිස් ක්ලබ් ණය හිමියන් වෙත ලබාදී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ උපුටා දක්වමින් බ්ලූම්බර්ග්  (bloomberg.com) ප්‍රවෘත්ති සේවාව පවසන්නේ, මෙම එකඟතා ඉදිරිපත් කිරීම තුළ මේ වසර අවසානයට පෙර 'පැරිස් සමාජය' ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනා ඉදිරිපත් කරනු ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා චීනයේ ස්ථාවරය ශ්‍රී ලංකාව අපෙක්ෂාවෙන් සිටියේ ය.

'බ්ලුම්බර්ග්' වෙබ් වෙත මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ, මේ තත්ත්වය තුළ මේ වසර අවසන් වීමට පෙර මෙරට ණය ප්‍රතිව්‍යුගතකරණ  වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

 චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හුවමාරු කරගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 'බ්ලූම්බර්ග්' (bloomberg.com) වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.


එම කොන්දේසි අධ්‍යනය කර ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුවද ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුමක් යෝජනා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ එම සම්මුඛ සාකච්ඡා පවසා තිබේ.

එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල වසර අවසාන වීමට පෙර ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර ඇත.


මුලාශ්‍රය :
Sri Lanka Gives China Deal Details, Keeping IMF Aid on Track

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්