නව තාක්ෂණය හරහා රැකියා වෙළෙදපොළටත්, පරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගැනීමේ අවස්ථාවක් මේවනවිට ශ්‍රී ලාංකිකයින් උදාවී ඇත.


ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රයට නවීන අත්දැකීමක් එකතු කරමින් මෙන්ම නව ප්‍රබෝධයක් ලබා දෙමින්, විශේෂයෙන්ම එහි දේශීය රැකියා වෙළෙදපොල තුළ අර්බුද රැසක් නිර්මාණය වී ඇති මෙවන් කාල සීමාවක එම අභියෝගාත්මක ආර්ථික කාලපරිච්ඡේදය ජය ගැනීමට නව මානයක් පෙන්වමින්, “Worky” නමින් පෙරළිකාර වේදිකාවක් මාර්තු 22 දා ආරම්භකර ඇත.

 

මෙම නව ජංගම යෙදවුම හරහා සේවා පහසුකම් සපයා ගන්නට සොයන්නන්ට රැකියා අවස්ථා සොයන්නන්, කුලී පදනම මත සේවා සපයන්නන්, අර්ධ කාලීන සේවා සැපයුම්කරුවන් මෙන්ම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් දැනුම සම්පාදනය කරන්නන් දක්වා කොයි කාටත් ඉතාත් පහසුවෙන් විශ්වසනීයව අවශ්‍යතා සපුරා ගත හැකි ලෙසින් නිර්මාණය වූ මෙම 'Worky' ජංගම යෙදවුම හරහා ඔබ ආසන්නයෙන්ම ඔබේ අළුශ්‍යතාව සපුරාලිය හැකි සේවා සම්පාදකයාව සොයා දෙනු ඇතැයි 'Worky' ආයතනය කියා සිටියි. 

පුළුල් පරාසයක සේවා

WhatsApp Image 2024 03 27 at 8.01.34 AM
මෙම 'Worky' ජංගම යෙදවුමේ ලියාපදිංචි වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, ලැබෙන ප්‍රතිලාභයන් ඉතා විශාලය. 'Worky' ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට රැකියා සොයා ගන්නට ඇති වර්තමාන ඉඩකඩ හා ප්‍රවණතා වෙනස් කරමින් ජාත්‍යන්තර තලයේ විසදුමක් සමගින් විප්ලවීය වෙනසක් කිරීමට සූදානමින් සිටී.

පුළුල් පරාසයක සේවා සදහා ක්ෂණික සමගින් සදහා ‘Worky' ජංගම යෙදවුම පහසුකම් සපයයි.

ජලනල කාර්මිකයන් සහ වඩු කාර්මිකයන් වැනි සාම්ප්‍රදායික භූමිකාවන්හි සිට සුරතල් සුනඛයින් ඇවිද්දවීම, සත්ත්ව අලංකරණ කටයුතු කිරීම, සුරතල් සතුන් රැකබලා ගැනීම වැනි නව යුගයේ රැකියා කාර්යයන් දක්වා Worky' ශ්‍රී ලාංකේය ගෘහයන්හි විවිධ අවශ්‍යථාවලට ඍජුවම ආමන්ත්‍රණය කරමින් විවිධ රැකියා අවස්ථා රැසක් සපයයි.

සිය වෘත්තිමය හැකියාවන් හරහා තම ආදායම් මාර්ගය ශක්තිමත් කර ගන්නටත් පළපුරුද්ද, හැකියාව මත සපයන සේවාව ජාත්‍යන්තර තලයේ වෘත්තීයමය භාවයකින් සපයන්නටත් ශ්‍රී ලංකාවේ නානාවිධ රැකියා ක්ෂේත්‍රයන්හි මෙන්ම සේවාවන් හි විශ්ෂ්ටත්වය උසස් අන්දමින් පරිභෝගික ජනතාවට සමීප කරවන්නටත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබෑම හමුවේ තම ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරන කාටත් 'Worky' බලාපොරොත්තුවේ ආලෝකයක් ලබා දෙන බව 'Worky' ආයතනය කියා සිටියි.

අර්ධකාලීන රැකියා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමෙන්, මෙම තාක්ෂණික වේදිකාව රැකියා අවස්ථා සොයා ගැනීමට පමණක් නොව රට පුරා ඵලදායීතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇත.

මෙරට ජනතාව බොහෝ විට ගෘහස්ථව එදිනෙදා ජල කාර්මික, විදුලි කාර්මික මෙන්ම සෙසු සේවා අවශ්‍යතා සපුරා ගන්නට කෙනෙක් සොයමින් කාලය වැය කරමින්, විටෙක බොරුකාරයින්ට, රැවටිලිකරුවන්ට හසුව සිය මුදල් නාස්ති කරමින් මෙන්ම අවදානමක් ද ගනිමින් සිදු කළ, සිදු කෙරෙන සියළුම කටයුතු 'Worky' යෙදවුම මගින් වඩාත් නවමු ආරක්ෂිත මෙන්ම ප්‍රායෝගික තලයකට පත් කර ඇත.

රැකියා හා සේවා ලබා ගැනීමේ හා ලබා දීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරමින් 'Worky' ජංගම යෙදවුම මෙරට රැකියා වෙළෙදපොළ තුළ නැවුම් පෙරළියක් නරමින් පරිශීලක - හිතකාමී ප්‍රෙව්ශයක් ලබා දෙන ශ්‍රී ලංකාවේ මීළග විප්ලවීය රැකියා උත්පාදන මෙවලම ලෙසින් ජනප්‍රිය වනු ඇතැයි 'Worky' ආයතනයේ විස්වාසයයි.  

සියලු සේවාවන් නොමිලේ

 

WhatsApp Image 2024 03 27 at 8.01.35 AM
'Worky' ජංගම යෙදවුම මේ සියලු සේවාවන් නොමිලේ පිරිනමනු ලබයි. රැකියා හා සේවා ලබා දීමේ හා ලබා ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරමින් රැකියා සොයන්නන්ට සහ සේවකයන්ට කිසිදු මැදිහත්වීමේ පිරිවැයකින් තොරව සේවා යෝජකයන් සමග ඍජුවම ගාස්තු පියවිය හැකිය.

'Worky' ශ්‍රී ලංකාවේ සියලුම සමාජ මට්ටම්වල ඵලදායීතාව සහ සමෘද්ධියට සමාන වන ගෘහ සේවා අවශ්‍යතා සම්පාදනය කරන නාමයක් බවට පත් වනු ඇතැයි 'Worky' නිර්මාණකරුවන් අපේක්ෂා කරයි.

'Worky' ජංගම යෙදවුම දියත් කිරීමෙන් පසු පළමු සති කිහිපය තුළ සාමාජිකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් 'Worky' තාක්ෂණික යෙදවුමට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරයි. එය සැබවින්ම මෙවන් යෙදවුමක සාමාජීයය අවශ්‍යථාවය සහ විභව බලපෑම පිළිබද අනගි සාක්ෂියකි.

අපේක්ෂාභංගත්වයෙන් කඩා වැටුණු මනසින් රැකියා අවස්ථා සොයමින් කාලය නාස්ති කල කාල පරිච්ඡේදයට දැන් නැවතීමේ තිත තැබීමේ වේලාව එළඹ ඇත. තමන්ගේ සේවා අවශ්‍යතාවට නිවැරදිම සේවා සපයන්නන් සොයා වෙහෙසී වැරදීම කෙනා තෝරා ගෙන මුදල් නාස්ති කරගත්කාලය දැන් නිමා කිරීමට කාලය එළඹ තිබේ. ශ්‍රී ලාංකේය රැකියා සංස්කෘතියට 'Worky' මගින්, ශ්‍රම සේවා සැපයීමේ හා ලබා ගැනීමේ නව යුගයක් උදා කරන අතර, රැකියා සොයන්නන්ට සහ සේවා සොයන්නන්ට ඔවුන්ගේ බලාපොරොත්තුව සියයට සියයක් ම ඉටු කිරීමේ සහතිකය 'Worky'  ජංගම යෙදවුම මගින් ලබා දෙයි.

'Worky'  ජංගම යෙදවුම හි ලියාපදිංචි වීම ඉතා පහසු, ආරක්ෂිත හා සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, මෙමගින් සමස්ත ශ්‍රී ලාංකික ශ්‍රමබලකාය තුළ නව මානයන් සොයන්නන්ට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට සහ ශ්‍රම වෙළෙදපොලේ දිනෙන් දින වැඩි වන සපුරාලීමට අසමසම අවස්ථාවක් ලබා දෙයි.

''Worky'' ගැන..
 
''Worky'' යනු ශ්‍රී ලාංකේය රැකියා සහ සේවා වෙළෙදපොලේ පවතින අවශ්‍යතා සපුරාලීම සදහා නවමු තාක්ෂණය මූලික කොටගත් පුරෝගාමී තාක්ෂණික වේදිකාවකි. එය රැකියා සොයන්නන්ට සහ අර්ධකාලීන සේවකයන්ට සේවා සොයන්නන් සමග කාර්යක්ෂමව සම්බන්ධ වීමට, ඵලදායීතාව වර්ධනය කරගත් රැකියා අවස්ථා හදුන්වා දීමටත් සේවා ලබා ගැනීමටත් හැකියාව ලබා දෙයි. 

මේ පිළිබද වැඩි විස්තර දැන ගැනීමට  www.worky.lk වෙත පිවිසෙන්න. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image