මෑත කාලයේ විකල්ප දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ව්‍යුහවාදී වෙනස්කම් සුදුසු අවස්ථාවල දී සිදුකළ පක්ෂයක් ලෙස ජවිපෙ හඳුනා ගත හැකියි.

අනුර කුමාර දිසානායක පක්ෂයේ නායකත්වයට පත්වීම එවැනි වෙනස්කමකි. මෙතෙක් ඡන්දය ජයග්‍රහණය නොකළත් එවැනි සුබවාදී තීන්දුවකට ජවිපෙ පැමිණීම  ඉදිරිගාමීය.

ජාතිවාදී ඡන්ද පදනම හා ඒ හා බැඳි කූඨ ප්‍රචාරණය ජනාධිපති පුටුව AKDට අහිමි විය. පාස්කු ප්‍රහාරය දේශපාලන වශයෙන් ඇති කළ නව සතුරෙක් සිංහල ජනතාවට නිර්මාණය කරවමින් ගෝඨාභය ජනධිපති කරන්නට ජනතාව ගත් තීන්දුවෙන් අනුර කුමාරගේ පරාජය ජයග්‍රාහී පරාජයක් සේ අද පෙනී යයි. ඒ බඩගෝස්තරය ද ජාතික ආරක්ෂාව ද පිළිබඳ පාරම් බෑ ග්‍රෝත්‍රවාදී ජනතාවට දේශපාලන යථාර්ථය පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබී ඇති නිසාය.

 

අනුර කුමාර දිසානායකගේ නායකත්වය සුසමාදර්ශීය පරිවර්තනයකට අත්තිවාරම වු බව මගේ නිරීක්ෂණයයි. මෙතෙක් පැවති ජාතිවාදී  ජවිපෙ දෘෂ්ටිවාදීමය ස්ථාවරය වෙනස් කිරීමට AKD ගේ ආගමනය හේතු විය. ජවිපෙ නොවන වෙනත් දෘෂ්ටිවාදීන් දිනා ගැනීමට AKDගේ නායකත්වය හේතු විය.

 

විශේෂයෙන් වාමවාදී අදහස් ලිබරල්වාදී ප්‍රවේශය සමඟ ගළපමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට දෘෂ්ටිවාදීම ලෙස ළංවීමයි. එන්පීපීයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ එන්පීපී වේදීකා වල අදහස් වලින් ද නූතන දේශපාලනය පිළිබඳ සුබවාදී අදහස් මතු වේ. වමකට රටක් කළ හැකි ද යන යල්පීනූ අදහස් ද කණපිට පෙරළිමක් ද විය.

 

np 1

මෙම සන්ධානය රට ගොඩනැඟීමට, ජාතික ජනබලවේගය වැනි බලවේගයක් ගොඩනැඟීය යුතු යැයි අදහසක් තිබූ බොහෝ අයට නෙතට උළෙලක් විය. මෙය ශිෂ්ඨ සම්පන්න සන්ධාන ගත වීමක් ලෙස අපේක්ෂා අප අතර දැල්විණි. විවිධ දේශපාලන මතවාද එල්බ සිටි බොහෝ වෘත්තිකයින් ද සාමාන්‍ය ජනතාව ද ලිබරල්වාදීන් ද වාමවාදීන් එකට එකතුවීම  සතුටට පත්වන කරුණක් විය. මෙකී දේශපාලන තේරීමම, ජවිපෙ පෙර වැරදි වලට කමා දුන් ජනතාවක් ද සිටින බව නිරීක්ෂණය විය. එසේ සිදුවූයේ මේ රටේ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැඟීම පිළිබඳ ඇති සුබවාදී අරමුණ ඇතතිවයි.  

එකි අරමුණ පෙරදැරිව, ගමේ ද නගරයේ ද විවිධ ස්ථාන වල දී හමුවන පුද්ගලයින් සමඟ කතා බහේ දී “අවසන් වතාවටත් ජාතික ජන බලවේගයට ඡන්දයක් ලබා දෙමු”. “මෙයාලාටත් දීලා බලමු”. “වෙන බලාපොරොත්තුවක් නෑ කියන අදහස් නිතර ඇසෙන්නට ලැබෙන දේශපාලන වාක්‍ය ඛණ්ඩ” අතර වෙයි.

 

බඩ ගැන සිතා තීන්දු තීරණ ගන්නා ජනතාවක් නොසිට අනාගත වැඩපිළිවෙළක් ගැන තීරණ ගන්නා සවිඥාණික ජනතාවක් දේශපාලන වෙනසක් සිදුකරන්නට මඟ බලාගෙන සිටින සංක්‍රාන්තික සමයක් ලෙස ද දැක්විය හැකිය.

 

පවතින දේශපාලන පක්ෂ වලින් ජනතාවට ජයග්‍රහණ අත්පත් කර දීමට අපොහොසත් වීමත් මෙවර ජනවරම ජාතික ජන බලවේගයට ලබා දිය යුතුයි. එහි දෙකක් නැත. මේ මොහොතේ අප සැවොම පීඩා විඳින ආර්ථික දේශපාලන සහ සමාජීය අවුල ලිහා ගත යුතුයි.

ජාතික ජනබලවේගයට ප්‍රමාණාත්මකව ජනතාව ඒකරාශි වීම අලුත් දේශපාලනයක් පිළිබඳ පරිකල්පනය ජන මනස තුළ රෝපණය වීමේ ගෞරවය ද ඔවුන්ට හිමිවිය යුතුයි. ඒ සඳහා කැපවෙන ජවිපෙ සියලුම දේශපාලන සභිකයින්ට, එන්පීපීයේ විධායක සභාවට, කාන්තා සංගමයට, තරුණ සංගමයට ද කාඩර් නොවන සාමාන්‍ය ජනතාවට ද ස්තුති විය යුතුයි. 

 

සමස්ත සමාජයටම බලපාන ව්‍යුහාත්මක ආර්ථික වෙනස්කම්, සමාජ වශයෙන් සිදු කළ යුතු වෙනස්කම්, දේශපාලන වෙනස්කම් ඇතුළු තිරසාර දේශපාලන අරමුණකට ළඟා වීමට එක රැයකින් කළ හැකි දෙයක් නොවේ. එය දිගුකාලීන කැපකිරීමකි. ඒ සඳහා ඉවසන්නට ද සිදුවේ. එය, එන්පීපීයට ඔළුගෙඩි වැඩිවීමෙන් සිදුකළ හැකි දෙයක් නොවෙන බව ද අවබෝධය වැදගත් වේ. ඒ සඳහා නම් ඓන්ද්‍රීය බුද්ධිමතුන් ඒකරාශි වීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි.

 

දේශපාලන ව්‍යාපරයක් ලෙස ජවිපෙ අසාර්ථක වූ තැන් නැවත සිතා බැලිය යුතුයි. වරින් වර  විවිධ දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වී‍‍ම, රජුන් තනන්නට සහාය වීම සහ ජනතා අපේක්ෂා ඉටු නොවීම, ඇමති තනතුරු දැරීම, අසාර්ථක දේශපාලන බල ක්‍රීඩාවක් ඇතුලේ දෝලනය වීම තව ද ජවිපෙ ප්‍රබල ලෙස  විවේචනයට ලක්වන කාරණාය. 71 කැරුල්ලටත් වඩා 88/89 තරුණ කැරැලි මෙහෙය වීම ද තවද ඉලක්ක වන මාතෘකාවන්ය.

පෙර සහ පසු වැරදි පිළිබඳ වතමන් ජවිපෙ සිතා බැලිය යුත්තේ ජන මනස ආකර්ශනීය වී තිබෙන්නේ ජවිපෙට නොව එන්පීපීයට බැවිනි. මගේ නිරීක්ෂණය නම් NPPයේ දේශපාලනය යනු ජවිපෙ නොවන බවයි. එහි  භාවිතයට හානියක් නොවිය යුතුයි.

 

317369942 448973034073796 772527359044616543 n

 

ජවිපෙ සහ එන්පීපීයේ දිගයෙන් ලැබූ ප්‍රධාන ජයග්‍රහණය ආචාර්ය හරිණි අමරසුරීය වැනි ඓන්ද්‍රීය බුද්ධිමත් කාන්තාවකට පාර්ලිමේන්කු අසුනක් හිමිකර දීමයි. එය පුරුෂකේන්ද්‍රීය ජවිපෙ කවදාවත් සිදුකළ කාර්යක් නොවේ. අද එවැනි කැපකිරීම් ජවිපෙ සිදුකල නිසා පාර්ලිමෙන්තුවට ජවිපෙ ලැබෙන කාර්යභාරයට තවදුරටත් ආදර්ශ සපයා ඇත. බුද්ධිමතුන් යැවිය යුතු යන ප්‍රස්තුතය ද තවදුරටත් ඔප්පු කර ඇත. ආචාර්ය හරිණි අමරසූරිය ඇගේ කාර්ය ද ටක්කෙටම සමාජ විද්‍යාත්මකව සිදුකරමින් සිටීයි.

 

ඒ නිසා එන්පීපීයේ තිරසාරභාවය ඉදිරියට තබා ගත යුතුයි. දෙමළ මුස්ලිම් ජනපදනම ද, ස්ත්‍රීහු ද, ආබාධ සහිත ප්‍රජාව, විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව ද තරුණ පිරිස් ද වැඩිහිටි ජනතාව ද ග්‍රාමීය ජනකොටස් මෙන්ම නාගරික ජනකොටස් ද තව තවත් දිනාගත යුතුයි. ඔවුන්ට සුවිශේෂ ගැටලු ආමන්ත්‍රරණයේ දී දේශපාලන සන්නිවේදනය පිළිබඳව වඩාත් සැලකිල්ලක් දැක්විය යුතුයි.

ලාල් කාන්ත විසින් සමස්ත ලංකා ජාතික හෙදි සංගමය හමුවේ සිදුකළ ප්‍රකාශයට පක්ෂව මෙන්ම විරුද්ධවත් අදහස් දක්නට ලැබේ. ලාල් කාන්ත ද හරිණි ද සිටින වේදිකාවේ එකම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධි ඉදිරිපත් වීමයි. හරිණිගේ අදහස් ඉදිරිගාමීය. ඇය දැක්වූයේ තවමත් හෙදී සේවය ගණන් ගැනෙන්නේ සුරකුම් වැඩ ලෙසයි. හෙද වෘත්තියට පිවිසීම, ද්විත්ව කාර්යභාරය සහ වෘත්තීය ජීවිතයේ ඇති ගැටලු අවධාරණය කරනවා. සුරකුම් වැඩ වලින් ස්ත්‍රිය වෙනස් විය යුතු බව ද සඳහන් කරනවා.

 

 



එම වේදිකාවේම ලාල් කාන්ත සහෝදරයාගේ අදහස් ජවිපෙ පසුගාමී අන්තය නියෝජනය කරයි. ස්ත්‍රී ශරීරය තබා ගන්නා ආකාරය, ගැහැණු ජීම් යන එක, පිරිමි බැල්ම ආදි ප්‍රකාශ තුළින් මතුවන්නේ පිරිමි ආකර්ශණය පවත්වා ගැනීම පුරුෂකේන්ද්‍රීය භාවිතයයි. ලිංගවාදී බවයි. නලින්ද ජයතිස්ස සඳහන් කළ සමලිංගිකත්වය රෝගයක් ලෙස දැක්වූ  අදහසටත් වඩා භයානක බවයි. ගැහැණියක් නම් මෙහෙම විය යුතුයි යන බමුණු මතය තුළ ස්ත්‍රිය රාමුගත කිරීමයි.

 

317740963 448926874078412 3526596792439187417 n

 

NPPයේ රැළි වල මහ සෙනඟ වන්නේම ස්ත්‍රීහුය. ආර්ථික අර්බුදය මුවාවෙන් පාරක් පාරක් ගානේ උද්ඝෝෂණය කරන්නට ද පොළඹවන්නේ ද මොවුන්ය. පවුලේ පීඩනයට මුලින්ම ගොදුරු වන්නේ කාන්තාවයි. ලාල් කාන්ත කියන්නේ උඹලා ඇඟ හදා ගනින් විනෝද දැවිටිල්ලක් පෙන්වමින් බලහත්කාරයයි.

 

බොහෝ අය දක්වන්නේ ජවිපෙ කනබොන මිනිසා ලාල් කාන්ත බවයි. මෙය කන බොන ප්‍රශ්නයක් නොවේ. විනෝදයට බාධාවක් ද නොවේ. ස්ත්‍රී විෂයට අදාළව බලපාන ප්‍රශ්නයකි. ස්ත්‍රී ඕඩියනස් එකක දී සිදුකරන ස්ත්‍රීයගේ ශ්‍රමය අධි සාමාන්‍යකරණයට ද හැල්ලුවකට ද ලක් කරලීමයි.

 

මේ මොහොතේ NPPයේ මතුවිය යුත්තේ සහභාගීත්ව දේශපාලනයකි. අධිපති දේශපාලන භාවිතයක් නොවේ. මෙවැනි ප්‍රකාශ වලින් මතුවෙන්නේ පොදු මතයක් ද පෞද්ගලික මතයක් ද එසේත් නැත්නම් වේදිකාව චූන් කරන ප්‍රකාශයක් ද යන ප්‍රතිවිරෝධතා මෙහි අන්තර්ගතයයි. ලාල්ගේ කතාව ලංකාවේ දේශපාලනය තුළ ස්ත්‍රීය විවේචනය කරන බොහෝ පිරිමින්ගේ ප්‍රකාශයට සමපාත වේ.

පහසු විදිහට ඇඟ හදා ගැනීම සෑම පුද්ගලයෙකුට අදාළ නමුත් කතාවේ අවුල ස්ත්‍රී දේශපාලනය පිළිබඳව ලාල් කාන්තගේ දැනුමේ සීමාකමයි. AKD වරක් සඳහන් කළේ, ගබ්සාව සම්බන්ධයෙන් දැක්වීමේ දී ස්ත්‍රීයගේ ශරීරය අයිතිය ඔවුන්ට බවයි. ඒ වරණය ඇය සතු බවයි.

අපගේ නිරීක්ෂණය අනුව නවලිබරල්වාදය ප්‍රතික්ෂේප කරන ඔවුන් මෙවැනි ප්‍රකාශ වලින් මතුකරන්නේම හුදු අන්තවාදී ධනේශ්වර අදහකි. වක්‍රව අන්තර්කරණ දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දවටා නැවත වරක් ලබා දෙන්නට යන්නේ 74ක් තිස්සේ දුන්නු ටොපියමද?  

බොඩි ශේමින් ගැන කතා කරමින් පිරිමි බැල්මට ආකර්ශණය වීමට ස්ත්‍රීය ජිම් යායුතුයි  අසනීප වෙලා එන ලෙඩෙකුට රාමුගත ස්ත්‍රි ශරීරයක් දැකිය යුතුයි. ලාල් නොදන්න කාරණාව නම් පිරිමි බැල්මම ස්ත්‍රීවාදී කතිකාව තුළ විවේචනයට ලක්වන බවයි. ස්ත්‍රීය පිළිබඳ ඒකාකෘති ආකෘතියෙන් බැහැර වීය යුතුය යන කතිකාව තුන්වෙනි ස්ත්‍රීවාදී රැල්ලෙන් ප්‍රබලව ගේනවා.

 

ලංකාවේ සෞඛ්‍ය සේවයේ ව්‍යුහාත්මක ගැටලු රාශියක් තිබේ. විශේෂයෙන් බහුතර හෙදියන් සමාජිකයින් වන වෘත්තීය සංගම්වල නායක්වය දරන්නේම පුරුෂමූලීකත්වයයි. ස්ත්‍රියට අපමණ අගයක් ලබා දෙන්නේම නැත. හරිණි ව්‍යාංගයෙන් ඇගේ කතාවෙන් සඳහන් කරන්නේ, සුරකුම් වැඩ වලට එහා ගිය අගයක් දිය යුතු වන්නේ ඒ නිසායි. සුරකුම් සේවා ඓතිහාසිකව සිදුකළේ ද ස්ත්‍රීයයි. එය එසේ නොවිය යුතුයි. එවැනි ක්‍රමයක් නැවත පවත්වාගෙන යාමට අවශ්‍ය  ඉඟී ලාල් කාන්ත වේදිකාව චූන් කරන මුවාවෙන්  සපයයි.

 

මෙවැනි ප්‍රකාශ අප වැනි ගැහැණුන්ට මතක් කරන්නේ, සාරි බලහත්කාරය වෙනුවෙන් NPP විසින් අනුගමනය කළ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය ද ඇතුළුය. “බොහෝ ගැහැණුන් සාරි අඳින්නට කැමතයි. ඒ නිසා අත පුච්චා නොගත යුතුයි යන ප්‍රකාශයයි”. ඒ නිසා ලාල් කාන්තගේ ප්‍රකාශය සරලව හෙදියන්ට අයිස් බ්‍රේක් එකක් වගේ අදහසක් සේ සිතා අහක දැමිය නොහැකිය. එහි අනාගත හැඟවුම ජිම් ගොස් ඇඟ හදාගෙන සාරි ඇඳගෙන එන්න යන තග ද ඇතුළත් බව අවධාරණය කරමි.

පිරිමින්ගේ ආකර්ශනය ලැබීම සඳහා ස්ත්‍රී ශරීරය හැඩගැස් විය යුතු ආකාරය පුරුෂයා විසින් තීරණය කරනවා නම් ලාල් කාන්තගේ ප්‍රකාශයම තුළම තිබෙන්නේ, ස්ත්‍රී දේශපාලනය ද හැල්ලුවට ලක්කිරීමයි.

ඒ නිසා අපගේ යෝජනාව නම් ලාල්කාන්ත අඩුම තරමේ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ ආචාර්ය හරිණි අමරසුරීයගෙන්වත් ඉගෙන ගත යුතුයි. ජවිපෙ පංති පහට නව දැනුම් පද්ධති එකතු කළ යුතුයි. කතාවේ අවුල සාධාරණීය කරන්නට ඉදිරිපත් කරනවාට වඩා විවේචන සාධනීය ලෙස බාරගත යුතුයි. මෙය දැවෙන ප්‍රශ්නයක් නොවන බව ද ප්‍රශස්ති නොකියන්න. කතාවේ අවුල මතුපිට සාධාරණීයකරණයට වඩා අවුලක්ම  බව තේරුම් ගන්න.

 

WhatsApp Image 2022 12 12 at 12.11.56 PM 1170x665

දැන් දැන් ජවිපෙ ඇතුළු NPP ය ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලාංකිකයින් මුණ ගැසෙන බව අපිට පෙනී යයි. සිංහල ඩයස්පෝරාව මෙන්ම දමිළ ඩයස්පෝරාව ද මුණ ගැසී ඒමට අමතක නොකරන්න කියන යෝජනාව ද මේ සමඟ කියමි.

වියත්මඟ අද රටට විපත්මඟක් ඇති කලා සේම එන්පීපීය විපත් මඟක් ඇතිවීමේ අවධානම ගැන අවබෝධ වීම වැදගත්. ලාල් කාන්තගේ ප්‍රකාශය, ජාතික ජනබල වේගය ඇතුළු ජවිපෙ දේශපාලන සන්නිවේදනය පිළිබඳ නැවත නැවත සිතා බැලීය යුතුයි.

විවිධ කේෂ්ත්‍රවල වියතුන්ගෙන් සමන්විත NPPය ජවිපෙ ඔළු තවමත් සේදිය යුතුයි.

අප ජාජබලවේගයේ ඒකරාශීවීම පිළිබඳ සතුටු වූයේ අන්තර්කරණ දේශපාලනයක් පිළිබඳ අදහස ඇතුව මිස පුරුෂ කේන්ද්‍රීය ලිංගවාදී ප්‍රවේශයකින් නොවේ. එසේම NPPයට අවශ්‍ය ප්‍රශස්ති ගායනා කරන අනුගාමීකයින් පමණක් නොවබ බවද සඳහන් කරමි. අනාගත අනතුරු ගැන සාධනීය අදහස් දක්වන විවේචකයින්ගෙන්ද NPPයට අවශ්‍ය වේ. රටක් වශයෙන් ආර්ථික සමාජීය සහ දේශපාලනික සවිඥාණික කිරීමේ වගකීම නිරන්තරයෙන් සිදුකළ යුතුයි. ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්හි වහල් අනුගාමිකයින් පිරිසක් NPPය බිහිකිරීම බයි දේශපාලනයක් සිදුනොකළ යුතුයි. කෙටින්ම ඇඳගෙන නා ගත යුතු නැත.

 

NPPයට ජන ආකර්ශණය සුබ වාදි දිශානතියකින් ගමන් කරන මේ මොහෙත ලංකාවේ ඡන්ද දායකයාගේ සිල්ලර ක්‍රියාදාමය නොව තිරසාර ආකර්ශනය පිළිබඳ  සැලකිලිමත් විය යුතුයි. එසේම සුළු යැයි සිතා බැහැර කරන බොහෝ කරුණු වලින් පීඩනයට ලක්වන සීරියස්ව හිතන කණ්ඩායම් ද සිටින බව අවබෝධ කරගත යුතුයි. බඩාගෝස්තර ඡන්ද පදනම වෙනස් කර අන්තර්කරණ දේශපාලනයක් පිළිබඳ සිහිනය බිඳ නොදමන්න. සෑම දෙයකටම එකඟ වන ප්‍රශස්ති කියන අනුගාමිකයින් නොව සවිඥාණික ජනතාවක් ගොඩනැඟීමේ කාර්යභාරය ද ප්‍රමුඛ කාර්යභාරය බවක් NPPය අවබෝධ කරගත යුතුයි.

 

AKD ගේ පමණක් නොව ලාල් කාන්තාලාගේ  මුවින් ද පිටවිය යුත්තේ අන්තර්කරණ දේශපාලනයක් ගොඩනැඟීමට හැකි නුතනවාදී අදහස්ය. පාන් කියා ගන්න බැරිව සිටින ජනතාවට  චූන් වෙන්නට ඇති අවස්ථාවන් නොමැති බවත් අවබෝධ කරගන්නේ නම් මැනවි.

එන්පීපීයේ දේශපාලන දිශනතිය පිළිබඳ අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ ජවිපෙ පෙර වැරදි නැවත ප්‍රතිනිෂ්පාදනය වීම සුදුසු දෙයක් නොවේ. වගවීමේ දේශපාලන භාවිතය ගැන මීට වඩා සිතා බැලිය යුතුයි. විමුක්ති දේශපාලනයේ පීඩිතයින් සිවිඥාණික කිරීම වෙනුවෙන් පෙනී සිටින සන්ධානයකින් මෙවැනි ප්‍රකාශ නිකුත්වීම NPPයේ ජයග්‍රහණ අපේක්ෂා කරන බොහෝ අයගේ සිහිනය බොඳ නොකරන්න.



වත්මන් අර්බුදය සහ ගැහැණිය -(චන්දිමා ජයසේන)(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023.01.16


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image