ඊයේ ඇමෙරිකාවේ මෙම්පිස් පොලිස් පහරදීමට ලක්වූ ටයර් නිකොල්ස් (Tyre Nichols) අද මරණයට පත්ව තිබෙනවා.

 


ඉතාම දරුණු සහ මාරාන්තික පහරදීමක් වූ එය නිකොල්ස්ගේ වකුගඩු සහ ආමාශයට වැදුණු තද පහරවල් නිසා මේ මරණය සිදුවන්නට ඇතැයි සැකකරනවා.

මේ පහරදීමේ කෘරබව ලෝකයට නිරාවරණය වුවේ නිකොල්ස්ගේ ශරීරයේම සවිකර තිබු ආරක්ෂක කැමරාවකින් (bodycam). පහර දෙනවිට ඔහු ''අම්මේ අම්මේ'' යනුවෙන් කෑ ගසන හඬ ද මෙහි පටිගත වී තිබෙනවා.

මේ කුරිරු පහරදීමට එරෙහිව මේ වන විටත් මෙම්පිස් නගරයේ විරෝධතා සිදුවෙමින් පවතිනවා.

කළු ජාතිකයින්ට නිතර සිදුවන පොලිස් පහරදීම් නිසා ඔවුන් දැන් තමන්ගේ ආරක්ෂාව සහ එවන් පහරදීමක හෝ මරණයක සාක්ෂි වෙනුවෙන් ශරීර කැමරා පළඳිනවා.

මීට යම් කාලයකට පෙර සිදුවූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පාදක කරගෙන පොලිස් කෘරත්වයට එරෙහිව විශාල ජනතා පිබිදීමක් ලෝකය පුරා සිදුවුණා.



වැදගත් වෙන්නේ මිෂන් එක, ප්‍රකාශනය නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්