මා නිරෝගිව වැඩ වාසය කරන නමුත් ඇතැම් විට මගේ මතකය හොඳ නැත. මේ ළඟදී එය හොඳටම ප්‍රත්‍යක්ෂ විය.



බිරිඳත්, පුතාත්, මමත් එක්සිත්ව රනිල්ටත්, ආණ්ඩුවටත් බණිමින් සිටියෙමු.

මේ බැණිල්ල යන අතරේ මට අමතක වී ඇති දෙයක් බිරිඳගෙන් ඇසුවෙමි.

 

 125994768 27057527 7434 4eb7 99c5 ee1d5fae273b

"රනිල් ජනාධිපති වෙන්න කලින් අපි කාටවත් බණින්නෙ නැතුව සන්තෝසෙන් හිටියද නෝනා ?"

"ඔයාට පිස්සුද අනේ. රනිල් ආවෙ ගෝල්ෆේස් අරගලෙන් මහින්දගෙ මල්ලිව එලෙව්වමනෙ "බිරිඳ මට සිහි කැඳවූවාය.

"ගෝටානෙ ණය ගෙවන්න බැරැව රටට බංකොලොත්භාවයේ කීර්ති නාමය අරන් දුන්න යුග පුරුෂයා. ගෝටාට තමයි අපි හොඳටම බැන්නෙ"

 

galleface struggke

"හරි, හරි, හැබැයි ගෝටා එන්න කලින් අපි සන්තෝසෙන් හිටිය නේද ?" මම ඇසුවෙමි. "ඒ කාලෙ අපි කාටවත් බැන්නෙ නෑනෙ "

"ඔයාට නම් දැන් අමතක වෙනව හොඳටම වැඩියි " බිරිඳ කල්පනාකාරීව කීවාය. "ගෝටා රජ වුණේ සිරාගෙ කාලෙ රට විනාස වෙච්චි නිසානෙ .ආණ්ඩුව මහ දවල් මහ බැංකුව කොල්ල කෑව. පාස්කුදා බෝම්බ පුපුරනව කියල ඔත්තු ලැබිලත් කිසි එකෙක් කිසි දෙයක් කරේ නෑ. යන්න ඉස්සෙල්ල එකෙකුට හරි මරණීය දණ්ඩනය දෙනව කියපු සිරිසේන, මරණීය දණ්ඩනයට නියම වෙච්චි එකෙක් නිදහස් කරල අයියෝ සිරිසේන වුණා "

 

1200x627 erdogan extends condolences to sri lankas president sirisena 1556117249617

"ඒ වුණාට සිරාගෙ යහපාලන ආණ්ඩුව ආවේ රට ගොඩගන්න නේද ?" මට හොඳටම මතක තිබූ කාරණයක් මම විමසුවෙමි .

"ඇයි තාත්තෙ, කොයි එකාද මම ඇවිත් රටට කෙළවනව කියල ඡන්දෙ ඉල්ලන්නෙ ? හැම එකාම රට වැටිල ඉන්න අගාධ සාගරයෙන් ගොඩගන්නව කියලනෙ අපිට කියන්නෙ " පුතා මට කීවේය ."අපිත් ඉතින් ඒව විශ්වාස කරල කෙළවගන්නව"

"ඒ වුණාට හැමෝම එහෙම නෑ නේද ? මහින්ද මහත්තයා නම් රට ගොඩගත්ත නේද ?" මම ඇසුවෙමි.

 

z p04 Candidates

"ඔයා නම් දැන් දොස්තර කෙනෙක් ළඟට යන්න ඕන කාලෙ ඇවිල්ල "බිරිඳ කියා සිටියාය ."මහින්ද ඇත්තටම ගොඩගත්තා, එයාගෙ පවුල. හැබැයි ඒකට වැරැද්දක් කියන්නත් බෑ. මොකද ඒගොල්ලො හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ගෙ පවුල තමයිනෙ රට කියල "

"මහින්දට කලින් හිටිය චන්ද්‍රිකාට නම් මිනිස්සු බැන්නෙ නෑනෙ. චන්ද්‍රිකානෙ මිනිස්සුන්ට බැන්නෙ "

"ඒක හරිම සාධාරණ බැණිල්ලක්නෙ" පුතා කියා සිටියේය. "චන්ද්‍රිකා වගේ මෙලෝ වැඩක් නැති කෙනෙක්ව ඉසට උඩුවියන්, පයට පාවඩ දාල ගෙනත් රටේ නායකයා කරාට අමු තිත්ත කතාවෙන් මිනිස්සුන්ට බණින්න ඕන නේන්නම්. ආයෙ වෙන කවුරුවත් කරන්න ඕන නෑ චන්ද්‍රිකාම ඒක කරා"

 

big 302476 1387827334

(හොඳක් හෝ නරකක් හෝ නොතිබුණු) විජේතුංගව මට මතක් ⁣වූයේ නැති බව මෙහිදී මතක් කළ යුතුය.

"ලොකු ප්‍රේමදාසටත් මිනිස්සු බැන්නද නෝනා ?"

 

president premadasa on may day

"අපොයි නෑ. පරම හතුරා කියල බලන්නෙ නැතුව කොටින්ටත් අවිආයුධ දීල ඒවයින්ම ඉල්ලන් කාපු හාදයට බණින්නෙ කොහොමද  "බිරිඳ මට කියා සිටියාය

"හැබැයි මිනිස්සු මිනිහගෙ මරණෙ ජාතික උත්සවයක් හැටියට සලකල රතිඤ්ඤා පත්තු කරා ඔයාට මතකද ?"

"ප්‍රේමෙගෙත් බොස් ජේ.ආර්.ට නම් මිනිස්සු හොඳටම බැන්න නේද ?"

 

මහින්දගේ අභියෝගය සහ සුහන්දිරන්ගේ මැදිහත්වීම -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

"⁣ඇත්තම කියනව නම්  මිනිස්සුන්ට ජේ.ආර්.ට බැණ බැණ ඉන්න උවමනාවක් තිබුණෙ නෑ. ඒ කාලෙ මිනිස්සුන්ට ඕන වෙලා තිබුණෙ ජේ.ආර්.ව මරන්නයි" බිරිඳ මතක් කළාය."මතකද ජේ.ආර්. ජෙප්පොන්ට මුරුගයො කිව්ව, මුළු රටම ජේ.ආර්.ට මුරුගයා කිව්ව "

"හැබැයි ජේ.ආර්. 77දි බලේට ආවෙ අපේ රටේ ඡන්දෙකින් ලැබිච්ච ලොකුම දිනුම අරගෙන නේද ?"

"ඒ ඉතින් සිරිමා නිසානෙ. චන්ද්‍රිකා වගේ නෙවෙයි එයාගෙ අම්මා නම් වැඩක් කරානෙ" බිරිඳ කියා සිටියාය. "අපේ රට මිනිස්සුන්ට කන්න අඳින්න නැති හිඟන රාජ්‍යයක් කරානෙ"

 

CogBoezUAAEyQF1

"අම්මට සිරි! බලාගෙන ගියාම පහුගිය අවුරුදු පනහෙ හිටපු හැම නායකයෙක්ම, හැම පක්ෂයක්ම රට ගොඩ දානව කියල බලේට ඇවිත් අන්තිමේදි රට  මස්තබාල්දු කරලනෙ" මට කියවුණේය ." ඉතින් මේ වෙලාවෙ රට ගොඩ දානව කියල දිවුරන එවුන්ව අපි කොහොමද විශ්වාස කරන්නෙ " මම කීවෙමි .

"ඒ වුණාට මනුස්සයෙකුට ජීවත්වෙන්න හැබෑ නොවෙන හරි හීනයක් තියෙන්න ඕනනෙ හලෝ" බිරිඳ කියා සිටියාය "ඒක නිසා හැමදාම කරා වගේ ඊළඟට එන නායකයයි, පක්ෂෙයි ගැන බුදු විශ්වා⁣සෙන් අපි වැඩ කරමු. සූදුවෙදි වුණත් කෙනෙක් හැමදාම පරදින්නෙ නෑනෙ . කවුද දන්නෙ අපි මේ අත දිනයිද කියල?


sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්