Dhaම්මික, Duඩ්ලි, Diලිත් යනු ලංකාවේ පොහොසත්ම සිටාණලාය.

සමාජයේ පහළම ආර්ථික කුලයේ සිට ඉහළම වෛශ්‍ය ශ්‍රේණියට නැගගත් ඔවුහූ ලංකාවේ සාතිශය බහුතරයක් මිනිසුන් ජිවිතයේ කිසිදා අත් නොවිඳින ආන්තික කාමසුඛල්ලිකානු ජීවිත ගත කරන්නාහ. ජනරජයේ ප්‍රථම වතාවට එම සිටුවරුන් විසින් ජනරාජ්‍යයේ බලය පුද්ගලිකව අත්පත් කරගැනීමේ දේශපාලන අවස්ථාව උදාවෙමින් තිබේ. මෙය ලක් දේශපාලනයේ සුවිශේෂී හැරවුමකි.

එක්තරා විදිහකට මෙය ලංකාවේ “Doනල්ඩ් ට්‍රම්ප් පර්යේෂණය” ලෙස සැලකිය හැකිය. Doනල්ඩ් යනු ඇමරිකාවේ කාමසුඛල්ලික සිහිනයේ ගෝලීය අයිකනයයි. ධනවාදයේ උපරිම ඵලයයි. Doනල්ඩ් ජනාධිපති වේ යැයි සිතීම පවා විහිළුවක් වූ කාලයක් තිබිණි. නමුත් සියලු දෙනා මවිත කරවමින් ඔහු ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් තේරේ. ලංකාවේ ආර්ථික දේශපාලන වියවුල තුළ Doනල්ඩ්ලාට මෙහි ස්වර්ණමය අවස්ථාවක් උදාවෙමින් තිබේ.



සාමාන්‍යයෙන් වෙන්නේ සිටාණලා විසින් දේශපාලන මණ්ඩලය මෙහෙයවීමයි. සිටුවරුන් සතු ධනය භාවිතා කරමින් දේශපාලන නියෝජිතයන් බා ගැනීම කජ්ජකි. ප්‍රධාන පක්ෂ දෙක තුනටම ඔවුන් ආයෝජනය කරයි. දිනීමට සම්භාවිතාව ඇති අස්සයන් දෙතුන් දෙනාම ඔවුන් මිලට ගනී. එවිට කවුරු ඡන්දයෙන් පැරදුනත් තමා දිනුම්ය. මෙය ඉතිහාසයේ සිටම ලොව පුරා සිදුවන්නකි. බොහෝ විට එහි #අරමුණ වන්නේ තම අල්ලේ නැටවෙන දේශපාලන අධිකාරය හරහා සිය ව්‍යාපාර තව තවත් වර්ධනය කර වැඩි වැඩියෙන් ධනය ඉපැයීමයි. නමුත් දැන් ලංකාවේ නිර්මාණය වෙමින් තිබෙන්නේ ඊට එහා ගිය තත්ත්වයකි.



Dhaම්මික සිය ධනස්කන්ධය ඉපැයුවේ කැසිනෝවලින් පොකට් ගැසීමෙනි. Duඩ්ලි සිය ධනස්කන්ධය ඉපැයුවේ ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගෙන වැඩි මිලට විකිණීමෙනි. Diලිත් සිය ධනස්කන්ධය ඉපැයුවේ ඕන දහජරාවක් ලස්සනට ඇඩ්ටයිස් කර ලක් වැසියන් ඇන්දීමෙනි. ඉන්පසුව එම කළු සල්ලි කොටස් වෙළඳ ලොන්ඩරිය හරහා සේදීමෙනි. මොවුන් කිසිවෙකුත් කිසිදු නව්‍යකරණයක් හෝ නවෝත්පාදනයක් කළ අයවලුන් නොවේ. මේ තිදෙනාම පළමුව කරමින් සිටින්නේ තමන්ගේ එම කැත අතීතය වසමින් සමාජය ඉදිරියේ පාරිශුද්ධ චරිත බවට තමාව බ්‍රෑන්ඩ් කරගැනීමයි.

Dhaම්මික සිය නමින්ම ඔන්ලයින් ටියුෂන් චැනල් කරවයි. බොළඳ තරුණයන් සුම් එකට කැඳවා ලංකාවේ සියලු ප්‍රශ්න “ආර්ටිෆිෂල් ඉන්ටෙලිජෙන්ස්” යොදා සුටුස් ගා විසඳන හැටි ගැන කියයි. තමන්ගේ සල්ලිවලින් පාස්පෝට් ප්‍රින්ට් කරන්න මැෂින් අරගෙන දෙන බව කියයි. අර්බුදයේ නරකම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔහු පාර්ලිමේන්තුවට පවා පැන ගනී.

Duඩ්ලි තෙමේ මේකප් කර පාට පාට ඇඳුම් ඇඳ පොහොසත් මාළිගා පසුබිමේ පින්තූර ගෙන ලොවෙත් නැති ශ්‍රේෂ්ට කියමනක් අමුණා සිය ෆේස්බුක් පිටුවේ ස්පොන්සර්ඩ් කරයි. තරුණ ෆොලොවර්ස්ලා පිස්සු වැටේ. වෙළඳපොළ ඒකාධිකාර හොබවන මහාපරිමාණ ව්‍යාපාර හිටු කියා ප්‍රවර්ධනය කරන Diලිත් මෑතක සිට තරුණයන්ට #ව්‍යවසායකත්වය ගැන උගන්වමින් යයි. ජාතිකවාදයේ පියා De සිල්වා පවා ඔහුගේ අනුගාමිකයෙකි. මේ සියලු දෙනාම රම්පෙට පොරි හැලෙන “ධනාත්මක චින්තකයෝය”. මේ තමයි අර පළමු බ්‍රෑන්ඩින් එක්සර්සයිස් එක.



මෙය වෙළඳපොළ ඉල්ලුමයි. ලංකාවේ වැසියා දැන් ඉල්ලන්නේ සුනඛයන් ඝාතනය කර හෝ සල්ලිය. ඊනියා අරගලය යනු එම වෙළඳපොළ ඉල්ලුමේ අවලම් ප්‍රකාශනයයි. සියලු ස්ථිර සාර දේශපාලන මතවාද යටපත් කරමින් මේ එළඹෙමින් තිබෙන්නේ නියෝ ලිබරල් ධනවාදයේ උච්චතම මොහොතයි.

 

ටෙලිකොම් ශ්‍රී ලංකන් ඇතුළු ජනරජයේ ආයතන හෝල්සේල් විකිණෙන මොහොතයි. ඇමරිකාවේ ෆෙඩරල් බැංකුව මෙන් ශ්‍රී ලංකා මහා බැංකුව ලිබරලයිස් කරන මොහොතයි. රටේ භූමිය “කපා කපා කෑලි කපා” විකුණන මොහොතයි. දෙවේල කනවා කියන ලාංකේය තරුණයා ?J ඉරාජ්ගේ සංගීතයට උන්මාදයෙන් නටමින් කටවල් කයි!



මෙයට වැඩිපුරම වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනරජයේ දේශපාලන ස්ථාවර හරය ගැන මෙලෝ අවබෝධයක් හෝ වගකීමක් නොමැතිව සිය ඒකායන බල #අරමුණ වෙනුවෙන් ජනතාව දරුණු ලෙස නොමග යැවීම තුළ මෙම අනියම් තත්ත්වය නිර්මාණය වී තිබේ. එය නිර්මාල් දේවසිරි උදම් ඇනූ “ව්‍යවස්ථා උල්ලංඝනයයි”. දැන් ජනතාව ඉල්ලන්නේ ජවිපෙ විසින් මවන ලද සැටනික් සිහිනයයි. ඒ සිහිනයේ ජන අධිපති විය හැක්කේ Dhaම්මිකට හෝ Duඩ්ලිට හෝ Diලිත්ට මිස අනුර කුමාරට නොවේ.



ධර්මය අපට මග වේවා!

(මතු සම්බන්ධයි)

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 මාර්තු 15

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්