රූපවාහිනී නාලිකා මගින් විකාශය වන හොඳම හා ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීමේ

වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේවනවිට බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.



දේශීය ටෙලි සිනමාවේ ජනප්‍රිය හා කුසලතා පිරි හොඳම රංගන ශිල්ප ශිල්පිනීන් තෝරා ගැනීම සඳහා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා මගින් රයිගම්, සුමති හා සිරස යන ටෙලි සම්මාන උළෙලවල් විකාශය කරනු ලැබේ.



එම රංගන ශිල්ප ශිල්පීන් අතුරින් වෘත්තීය පෞර්ෂයෙන් පිරි කුසලතාවයන්ගෙන් පිරිපුන් රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීම සඳහා පාඨක හා ප්‍රේක්ෂක ඡන්දයෙන් පුළුල් ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් යටතේ සුදුස්සන් තෝරා ගැනීමට ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන බැව් සඳහන් කර ඇත.



එහෙත් මෙබඳු අවස්ථාවල නිවැරදි සුදුස්සා තෝරා ගැනීම වෙනුවට වෙනත් ආකාරයකට පාඨක හා ප්‍රේක්ෂක ඡන්ද ලැබීමට සැලැස්වීමේ උපක්‍රමශීලී අගතිගාමී හා අවිධිමත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් යටතේ නුසුදුස්සන් තෝරා ගැනීමට ක්‍රියාත්මක වන බැව් නොරහසකි.



මෙම ඛේදජනක හා අශීලාචාර තත්වය ජනප්‍රිය හා හොඳම රංග ශිල්ප ශිල්පිනීන් නිවැරදිව හා අවංකව තෝරා ගැනීමට ප්‍රබල බාධාවක් වන අතර, එම වැඩපිළිවෙළ කුසලතාවයෙන් පිරි වෘත්තීය නිපුණතාවයක් ඇති රංගන ශිල්ප ශිල්පීන්ට සිදුවන බලවත් අසාධාරණයකි. (දුමිලා විසින් ශිල්පිනියන් මේ සඳහා භාවිතා කර ඇති බව දැනගන්නට ලැබී ඇත). එමගින් ටෙලි සිනමා ක්ෂේත්‍රයට සිදුවන අපකීර්තිය හා පරිහානිය අතිමහත්ය.

මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන මෙබඳු අසාධාරණකම් හා විෂමතා තුළින් ජනප්‍රිය හා කුසලතා පිරි රංගන ශිල්ප ශිල්පීන් රැකබලා ගැනීම රූපවාහිනී නාලිකා වල පමණක් නොව ප්‍රේක්ෂක ජනතාවගේද මහත් වූ යුතුකමක් හා කාර්යභාරයක් වේ. 

(තුෂාර ගුරුගේ)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්