ඔක්තෝම්බර 10 දින කොළඹදී ඊශ්‍රායලයට සහයෝගය දැක්වූ අවස්ථාවක් ගැන වාර්තා දුටුවෙමි.
තමන්ගේ තේරුම් ගැනීමට අනුව පැත්ත තීන්දු කිරීම කාටත් ඇති අයිතියකි. ඒ තීන්දුවේ හරි වැරැද්ද ගැන කතා කිරීමට අනෙක් අයට ඇති අයිතිය අනුව මෙය ලියමි.
ඊශ්‍රායලයට සහාය දැක්වීම ගැන කියා තිබුණු කරුණු දැක්වීම අනුව, ඊශ්‍රායලය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්නාවූ සාමලැදි රටකි. හමාස් ත්‍රස්තවාදී සංවිධානයකි. ත්‍රස්තවාදය පරාජය කළ යුතුය. ඊළඟට කියා තිබුණේ ඊශ්‍රායලය අපේ රටට රැකියා ලබා දෙන මිත්‍ර රටක් බවය.

.
රැකියා ගැන කතාවෙන් පටන් ගතහොත් දෙරට අතර ඇතිකර ගත් එකඟතාවකට අනුව ඊශ්‍රායලයේ කෘෂි කම්කරුවන් වශයෙන් 2008 දී රැකියා පුරප්පාඩු 300 ක් ලැබුණි යැයි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල කොන්සල්වරයා ඉංග්‍රීසි මාධ්‍යයට කියා තිබුණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව 2009 දී කාන්තාවන් 801 ක්ද පිරිමි 139 ක්ද ඊශ්‍රායලයේ කෘෂි කම්කරුවන් වශයෙන් රැකියාවට ගොස් ඇත. මේ කාලයේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව මැද පෙරදිග රටවල් අතුරෙන් කුවේට්, සවුදි අරාබිය, කටාර්, බහරේන් සහ එක්සත් එමීර් රාජ්‍යයට පමණක් කාන්තාවන් 1,04,000 ට වැඩියෙන් සහ පිරිමි 1,05,000 ට වැඩියෙන් රැකියා සඳහා ගොස් තිබිණ. 2021 වසරේදීද ඊශ්‍රායලයට රැකියා සඳහා ගොස් තිබුණේ 1,286 කු පමණි. රැකියා ලබා දීම සඳහා සහාය දක්වන්නේ නම්, සහාය දැක්විය යුත්තේ ඊශ්‍රායලයට නොව, ඊශ්‍රායල විරෝධී මැද පෙරදිග අරාබි රාජ්‍යයන් වෙනුවෙනි.
දෙවැන්න හමාස් සහ ත්‍රස්තවාදය සම්බන්ධ කතාවය. ඊශ්‍රායලයක් නොවුනාට, යුදෙව් ජාතිකයින් යැයි ජන වර්ගයක් මැද පෙරදිග පලස්තීනු භූමියෙහි වූහ. විවිධ කාලයන්හි විවිධ විදෙස් පාලන වලට පලස්තීනය යටත් වන විට ඔවුහු විශේෂයෙන් යුරෝපාකරයට සංක්‍රමණය වූහ. ධනේශ්වර වර්ධනයක් සමග ජාතික රාජ්‍ය බිහිවීමෙන් පසු 1914 ආරම්භ වූ පළමු ලෝක යුද්ධය සමග හිට්ලර්ටත් වසර 20 ට පමණ පෙරාතුව යුරෝපයට සංක්‍රමණය වූ යුදෙව්වන් ඒ රටවලදී විවිධ වධ බන්ධන වලට ගොදුරු වූහ. එයට ප්‍රධාන හේතුවක් වූයේ යුරෝපීය රටවලට සංක්‍රමණය වූ බොහෝ යුදෙව්වන් ඒ රටවල වර්ධනය වූ වෙළඳ හා වාණිජ ආර්ථිකයෙහි සාර්ථකව පය ගසා ගැනීමය. බොහෝ නගරවල වත් පොහොසත් වෙළඳුන් වූයේ යුදෙව් ජාතිකයෝය.

යුරෝපීය රටවල වධ බන්ධන වලින් බේරීමට බොහෝ යුදෙව්වන් ඊළගට සංක්‍රමණය වූයේ ආර්ථික වශයෙන්ද අලුතින් ගොඩ නැගෙමින් තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට ය. දියුණුවන ඇමෙරිකානු ආර්ථිකයෙහි ඔවුන්ගේ වෙළඳ හා වාණිජ අත්දැකීම් සමග ඔවුහු ස්ථාවර වූහ. ඒ සමග ඔවුන්ගේම ස්වාධීන රාජ්‍යයක අවශ්‍යතාව, සයොන්වාදී ව්‍යාප්තිය සමග ප්‍රධාන දේශපාලන ඉල්ලීමක් බවට පත් විය. “ඇමෙරිකානු ඊශ්‍රායල සමූපාකාර ව්‍යවසායෙහි” (AICE) Jewish Virtual Library සංඛ්‍යාලේඛන වලට අනුව පළමු ලෝක යුද්ධය 1918 අවසන් වන විට පලස්තීනයෙහි ඉතිරිව සිටි යුදෙව් ජනගහනය 60,000 කි. එය සමස්ථ පලස්තීනු ජනගහනයෙන් සියයට 08 ක් විය. මේ ඓතිහාසික සම්බන්ධය සමග යුදෙව් කණ්ඩායම් ස්වාධීන ඊශ්‍රායලයක් හදා ගැනීමට නැවත පලස්තීනයට සංක්‍රමණය වන්නට වූහ. දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට පලස්තීනයෙහි ඔවුන්ගේ ජනගහන ප්‍රතිශතය සියයට 28 දක්වා ඉහළ ගොස් තිබිණ.
ඉතිහාසයෙහි කිහිප විට අවතැන් කෙරුණු සුළුතර ජනතාවකට විශ්වාසයක් ඇතිව මුල් බිම පදිංචි වන්නට පෙළඹවීම් කරන්නේ හුදෙක් දේශප්‍රේමී ජීවයක් ඇතිව ඉදිරිපත් කෙරෙන ජාතිකත්වයක්ම නොවේ. ඇතිවිය හැකි තර්ජන සඳහා ප්‍රතිඋත්තර දීමේ ශක්තියක්ද ඇතැයි ප්‍රායෝගිකව දැකිය හැකි සංවිධානාත්මක ශක්තියද වන්නේය. එය විටෙක දේශීය හා ජාත්‍යන්තරව බලපෑම් කළ හැකි සහභාගී ගොනුවක ඇති සංඛ්‍යාත්මක හා අධිශ්ඨාන ශක්තිය වන්නේය. විටෙක ප්‍රතිප්‍රහාර දීමේ තමන් සතු ශක්තිය වන්නේය. තවත් විටෙක ඒ දෙක තුනම වන්නේය. පලස්තීනයෙහි තමන්ගේම ස්වාධීන රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයක් හැදීමට තීන්දුව ගනු ලැබූයේ ඒ කාරණා දෙක තුනම අත ඇතිවය.
මේ ගමන අතරමග නතර නොවන්නක් බව වඩාත් හොඳින් දැන සිටියේ ඒ වෙනුවෙන් තීන්දු ගත් ප්‍රධාන යුදෙව් සංවිධාන කිහිපය ය. 1947 නොවැම්බරයේ දී එක්සත් ජාතීන් විසින් සංවිධානය කළ සිතියමට අනුව පලස්තීන රාජ්‍යයක් සමග ඊශ්‍රායලයක් ස්ථාපිත කිරීමට ඔවුන් එකඟ නොවුයේ එබැවිනි. තමන්ගේ ස්වාධීන රාජ්‍ය තමන්ගේ කොන්දේසි අනුව නොවන්නේ නම්, අවසන් යුද්ධයක් දක්වා යෑමටද ඔවුහු ප්‍රවේසමෙන් සූදානම් වූහ. සන්නද්ධ කණ්ඩායම් හැදීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1948 යෝජනා අංක 46 සම්මත කරමින් “....සන්නද්ධ කණ්ඩායම් හා සටන්කරුවන්ද, අවි ආයුධ හා යුධ භාණ්ඩද පලස්තීනයට ගෙන්වීමෙන් වළකින ලෙස” ඉල්ලා සිටියේද එනිසාවෙනි. පලස්තීනු භූමියට එළෙස අවි ආයුධ හා සටන්කරුවන් ගොනු කෙරුවේ පලස්තීනුවන් නොවන බව කවුරුත් දැන සිටියකි.
යුදෙව් ජාතිකයින් අසල්වැසි අරාබි රටවල් සමග සන්නද්ධ ගැටුමකට කෙතරම් සූදානම්ව සිටියේදැයි තේරුම් ගත හැක්කේ, 1948 මැයි 15 වන දින පලස්තීනූ භාරය අවසන් කරමින් බ්‍රිතාන්‍යය ඔවුන්ගේ හමුදා සේනාංකය ඉවත්කර ගැනීමට පෙර දිනයේ යුදෙව් ආයතනයේ ප්‍රධානියා වූ බෙන් ගූරියන් ඔවුන්ගේ ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන්ම නොවේ. ඒ සමගින් ඇති විය හැකි යුධ තත්ත්වයට මුහුණ දීමට මනා සැළසුම් සමගින් සූදානම්ව සිටීම නිසා ය. එය ප්‍රකාශ කෙරෙන්නේ 1948 මැයි මාසයේ සිට 1949 ජනවාරි දක්වා යුද්ධයකට ඔවුන් හදා ගත් ශක්තියෙනි. 1949 ජනවාරියේ ඊජිප්තුව සමග ආරම්භ වූ සටන් අත් හිටුවීමේ සාකච්ඡා සඳහා කේවල් කිරීමේ හයියක්ද ඔවුන් හදාගෙන තිබිණ. පෙබරවාරි ආරම්භයේ බිඳ වැටුණු සාකච්ඡා නැවත ආරම්භ වූ පසු පෙබරවාරි 29 වන දින අත්සන් තැබුණු ගිවිසුමට අනුව, ඊශ්‍රායලය විසින් ෆලුජා හි අත්අඩංගුවට ගනු ලැබූ ඊජිප්තු හමුදා සේනාංකය නිදහස් කර ගනු ලැබුවේ ඒ බිම් පෙදෙස ඊශ්‍රායලයට ලබා දීමට එකඟ වීමෙනි.

එතැන් සිට ස්ථාපිත කෙරුණු ඊශ්‍රායල රාජ්‍ය මේ දක්වා අවුරුදු 75 ක කාලයක් ත්‍රස්ත බලයක් මත පවත්වා ගෙන එන්නකි. එය ජාත්‍යන්තර නීති නොතකා තමන්ගේ හිතුවක්කාරී බලය මත පවතින රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ යෝජනා කිසිවක් තමන්ගේ වාසියට මිස නොපළිගන්නා රාජ්‍යයකි. පලස්තීනු ගම් සිය ගණනක් බලහත්කාරයෙන් ඉවත්කර 7,80,000 ට ආසන්න පලස්තීනුවන් අවතැන් කළ රාජ්‍යයකි. පලස්තීනු අවතැන්වීම් ගැන සමීක්ෂණ හා තොරතුරු දත්ත ලේඛනගත කරන්නාවූ එක්සත් ජාතීන් විසින් උපදේශන කාර්ය සඳහාද පිළිගනු ලබන “බඩිල් සංවිධානය” යැයි වන ආයතනය විසින් නිකුත් කර ඇති ලේඛනයකට අනුව 1948 සිට 1956 සුඑස් ඇළ අර්බුදය තෙක් කාලය තුල පමණක් තම නිවෙස් වෙත නැවත යාමට උත්සාහ කළ අවතැන්වූ පලස්තීනුවන් 5,000 ට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායලය ඝාතනය කර ඇත.
දෙවන ඊශ්‍රායල - අරාබි යුද්ධය ලෙස හැඳින්වෙන 1967 ජුනියේ ඇරඹි යුද්ධය පලස්තීනුවන් හඳුන්වන්නේ “නඛ්සා” - කඩාවැටීම, පසුබෑම යැයි කියා ය. එහි ඛේදවාචකය බඩිල් සංවිධානයේ ලේඛනයක දැක්වෙන්නේ “1967 යුද්ධය ආසන්නයේ බටහිර ඉවුරේත්, නැගෙනහිර යේරුසළමේ සහ ගාසා තීරයේත් පලස්තීනුවන් මිලියන 1.4 ක් පමණ වූහ. පලස්තීනය ලෙස සැළකුණු භූමි ප්‍රදේශයේ මධ්‍යම හා යේරුසළම දිස්ත්‍රික්කයේත් විසූ පලස්තීනු ජනතාව, එතෙක් අනෙක් ප්‍රදේශවල පලස්තීනු ජනයා අත්විඳි අවතැන්වීම් එළෙසින් අත්විඳ නොතිබිණ. බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීනුවන්ගෙන් සියයට 30 ට වැඩි පිරිසක් ‘67 යුද්ධයෙන් අවතැන් විය. යුද්ධය අවසන් වනවිට පලස්තීනු භූමියෙන් පිටමං කරනු ලැබ අසල්වැසි රටවල නතරව සිටි පලස්තීනු ජනගහනය අඩකටත් වැඩි විය. බටහිර ඉවුරේ ගම් 07 ක්ද, ජෙරිකො ප්‍රදේශයේ අනාථ කඳවුරු ගණනාවක්ද, ඛල්කිල්‍යා නගරයෙන් අඩක්ද, පරණ යේරුසළමේ මොරොක්කන් කොටසද විනාශ කරනු ලැබිණ. තවත් ගම් විශාල ප්‍රමාණයක ජනතාව පළවා හැර ඒ ගම්ද විනාශ කර තිබිණ.”
ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදය විසින් පලස්තීන ගම් වටකර බාධක ඉදිකර, ඒ ගම්වල පලස්තීන ජනතාවගේ ගමන් බිමන්, රැකියා, ආදායම් මාර්ග සියල්ල අහෝසි කරමින් ආහාර, ඖෂධ ආදියටද සම්භාධක පැනවීම ගැන කතා නොකිරීම වාගේම, පලස්තීන ජනාවාස වලට කෙළවරක් නැති රොකට් ප්‍රහාර දියත් කිරීම, ෂෙල් වෙඩි ගැසීම, ගාසා තීරයේ ජනතාවට ආහාර, ඖෂධ, විදුලිය, ජලය සැපයීම් නවතා හාමතේ තැබීම කෙතරම් මානුෂීය දැයි කිසිවකු අසන්නේ නැත. 2021 අප්‍රේල් මාසයේ ඊශ්‍රායල් හමුදා භටයන් සහ ගාසා තීරයෙහි පලස්තීනු වැසියන් අතර ඇතිවූ ගැටුම් දුර දිග යාමත් සමග, මැයි මාසයේ හමාස් සංවිධානයද ඊට හවුල් වූයෙන් වර්ධනය වූ සන්නද්ධ ගැටුමෙන් ඊශ්‍රායල ෂෙල් වෙඩි හා රොකට් ප්‍රහාර නිසා තුවාල වූ හා ආබාධිත වූ ළමුන් සංඛ්‍යාව හැර මිය ගිය ළමුන් සංඛ්‍යාව පමණක් 67 ක් බැව් කවුරුවත් කියන්නේ නැත. හෙළා දකින්නේද නැත.
පලස්තීනු සන්නද්ධ සංවිධාන බිහි වන්නේ ඊශ්‍රායල රාජ්‍යයෙහි මේ ත්‍රස්තවාදයට ප්‍රතිචාර වශයෙනි. අල් ෆාටා සංවිධානය හැදෙන්නේ 1950 දසකයේ අග භාගයේදීය. 1948 යුද්ධයෙහි ඊජිප්තු හමුදාව සඳහා තුවක්කු එහා මෙහා ගෙන යාමට හවුල් වූ යසීර් අරෆත් අල් ෆාටා සංවිධානය ආරම්භ කිරීමේ කාර්යට හවුල් වන්නේ කයිරෝ විශ්ව විද්‍යාලයෙහි ශිෂ්‍යයෙකු ලෙස ය. ඒ අතර 1964 දී පැවැත්වූ අරාබි සමුළුවකදී පලස්තීනු විමුක්ති සංවිධානය ආරම්භ කෙරුණේ විසිර සිටි විවිධ පලස්තීනු සංවිධාන එක්තැන් කළ නිරායුධ සංවිධානයක් වශයෙනි. පලස්තීනු පළමු සන්නද්ධ ප්‍රහාරය ලෙස සැළකෙන්නේ 1965 ජනවාරි 05 වන දින අල් ෆාටා දියත් කළ ප්‍රහාරය වන්නේය. පලස්තීන විමුක්ති හමුදාව ආරම්භ කෙරුණේ 1968 දීය.
ඉන් පසු කාලයේ විමුක්ති සංවිධාන ලෙස පලස්තීනු සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් බිහි විය. හමාස් සිංවිධානය බිහිවන්නේ ගාසා සහ බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා අත්පත් කර ගැනීමට එරෙහිව සංවිධානය වුනු “ඉන්ටිෆාඩා” ව්‍යාපාරය සමග 1987 දෙසැම්බරයේදීය. ඔවුන් අනෙක් සංවිධාන වලින් වෙනස්වන මූලික කාරණාවක් වන්නේ පලස්තීනු විමුක්තිය වෙනුවෙන් ඊශ්‍රායලය සමග කිසිදු සාකච්ඡාවකට ඔවුන් සූදානම් නැතැයි වන දැඩි ස්ථාවරය සමග ය.
දැන් ප්‍රශ්නය ලඝුකර ඇත්තේ හමාස් ත්‍රස්තවාදීන්ට පක්ෂද විරුද්ධද යැයි ඇසීමෙනි. හමාස් ත්‍රස්තවාදය පලස්තීන ගැටුමේ ආරම්භය යැයි සිතා ඉන්න කිසිවකු, 1948 ඊශ්‍රායල රාජ්‍යයෙහි ආරම්භය සහ වත්මන් පැවත්ම ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයේ යැයි නොකියති. එය අපගේ දෙමළ ජාතික ප්‍රශ්නය සිංහල-බෞද්ධ සමාජය ස්ථානගත කළ ආකාරය හා කිසිදු වෙනසක් නැත. මේ සමාජයේද බහුතරය හිතන්නේ දෙමළ ජාතික ප්‍රශ්නය ආරම්භ වන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් යැයි කියා ය. දෙමළ ජාතික ප්‍රශ්නය සම්බන්ධ එල්.ටී.ටී.ඊට පෙර ඉතිහාසයක් ඇති බැව් ඔවුන් දන්නේ නැත. දැන ගැනීමේ වුවමනාවක්ද නැත. 1970 දසකයේ දෙමළ තරුණ කණ්ඩායම් සන්නද්ධ ව්‍යාපාර ගැන කතා කරන්නට පෙර, නිදහස ලැබූ 1948 සිටම දෙමළ දේශපාලන නායකයින් දකුණේ සිංහල-බෞද්ධ නායකයින් සමග ඔවුන්ගේ ජාතික ප්‍රශ්න විසඳා ගැනීමට සාකච්ඡා කළහ. සාමකාමී විරෝධතා පැවැත් වූහ. පොලිස් ප්‍රහාර වලට මුහුණ දුන්හ. අත් අඩංගුවට ගැනීම් රඳවා තැබීම් වලට මුහුණ දුන්හ. ඔවුන් 1957 දී පැමිණි එකඟතාව ඔවුන්ටද නොකියා අගමැති බණ්ඩාරනායක අහෝසි කළ බව හා ඔවුන් 1965 දී පැමිණි එකඟතාව අගමැති ඩඩ්ලි සේනානායක අහෝසි කළ බව ඒ ඉතිහාසයෙහි බරපතල ඛේදවාචක බැව් කවුරුවත් දැන් මතක් කරන්නේ නැත.
හමාස් සංවිධානයද ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදයේ අනිසි පලයකි. එබැවින් ප්‍රශ්න කළ යුත්තේ හමාස් ත්‍රස්තවාදය නොව, ඊට හේතුවන ඇමෙරිකානු සහාය ලබන ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදයයි. ඔවුන්ට එරෙහිව එක්සත් ජාතීන් විසින් සම්මත කර ඇති යෝජනා සිය ගණනක් තවමත් ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි කියා ය. ඒවා ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඇමෙරිකාව ආරක්ෂක මණ්ඩලයේ ඔවුන් සතු නිශේද බලය යොදන්නේ ඇයිදැයි කියා ය. එනිසා දැන් අවශ්‍ය වන්නේ එක්සත් ජාතීන් ඔවුන්ගේ ආරම්භක සමුළුවෙහිදී සම්මත කරගත් ලෝක සාමය සඳහාවන ප්‍රතිඥාවට අරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සක්‍රීය ලෙස බැඳ තබන ජනතා ව්‍යාපාරයකි. වියට්නාම් යුද්ධයට එරෙහිව ඇමෙරිකානු රජයේ සදාචාරය හා බලය අභියෝග කළ ආකාරයේ දැවැන්ත සාම ව්‍යාපාරයකි. අවාසනාවකට 60 දසකයේ වූ සාමලැදි, පරාර්ථකාමී, තාර්කික තරුණ පරම්පරාවක අඩුව අද බරපතල අඩුවකි.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 ඔක්තෝම්බර 11
සබැඳි ලිපි :
'හමාස් ත්‍රස්තවාදය' ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය - (කුසල් පෙරේරා)
The Israeli-Palestinian Conflict: Unpacking Global Geopolitics, Challenges, and Future Scenarios - (Aryan D.M.)