අයවැය විවාදය අතර විපක්ෂ නායක සජිත්ගේ හැසිරීම අනුව ඔහු ලංකාවේ ක්‍රිකට් නායකයා ද? විපක්ෂ නායකයා ද?

යන්න රටට පැහැදිලි කර සජබ මන්ත්‍රින් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ යුතුව තිබේ.  

ඉහළම වරප්‍රසාද හිමිකම් ඇති පාර්ලිමේන්තුවේ ගෞරවය රඳා පවත්නේ ස්ථාවර නියෝග හා රීතින් මතය. කැබිනට් සම්ප්‍රදායට එරෙහිව ක්‍රියා කිරිම හේතුවෙන්  ක්‍රිකට් රොෂාන් පාරට විසිවුණේ සජිත් ප්‍රේමදාස පසුපස යාම නිසාය. 

ඩලස් - සජිත් හවුල පැරදුණේ ඇයි?
සජිත් 2020 ජූලියේ ජනාධිපති තරඟයට තල්ලු කර ඩලස් අලහප්පෙරුමට කළ වින්නැහිය රෝෂාන්ටද සිදු කර හමාරය. ඉතිරිව ඇත්තේ වර්තමාන කතානායක වරයා සජිත් ප්‍රේමදාසගෙන් බේරා ගැනිම පමණකි. 

පිස්සු බල්ලෙකු හමුවේ මල්ලව පොර ශූරයන් ධාවකයන් බොක්සිං කාරයන් පව තම දක්ෂතා ගැන නො සිතා පන බේරා ගැනීමට දිව යාම ලජ්ජාවට කරුණක් නොවේ.  

ක්‍රිකට් රෝෂාන් විනිශ්චයකාරයෙකු නම සඳහන් කරමින් විවේචනය කිරීමට එරෙහිව නඩු පැවරිය නොහැකි බව සජිත් ප්‍රේමදාස කී වහාම කතානායක මහින්ද යාපා අබේවර්ධන ක්ෂණිකව කීවේ එය අධිකරණය විසින් තීරණය කරනු ඇත කියාය. එයින් කිපුණ විපක්ෂ නායක හැසිරුණ ආකාරයෙන් වියවුලට පත් කතානායක අබේවර්ධන තම මුල් ස්ථාවරයට පටහැනිව සිදු කරන ප්‍රකාශ වලින් නිර්මානය වන අර්බුදය බරපතල විය හැකිය. 

මහින්ද යාපා අබේවර්ධන වැනි දකුණේ උපන් පරිනත දේශපාලනඥයෙකු සජිත් හමුවේ තම ස්ථාවරය හකුලා ගැනීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත. ගල් කටස් වලින් රට බිය පත් කළ 88-89 කාලයේ එකී පීඩනයට මැදිව සිටි මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන ශ්‍රාවස්තියේදී පවත්නා තත්වයට තුළ තම පවුලම විනාස කිරීමේ ඉඩකඩ වැඩි බවට හඬා වැළපුණ හැටි මහනුවර නියෝජනය කළ (1977-1988) පැරණි එජාප මන්ත්‍රිවරයෙකු සිහිපත් කළේ සිනාසෙමිනි. ඊට පසු දිනයක පාර්ලිමේන්තුවේදී  මහින්ද යාපා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් බය ගුල්ලා පලයන් යනුවෙන් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ කී කතාව ජාතික පුවත්පත් ඉහළින් වාර්තා කර තිබීමත් මෙහිදී සිහිපත් වේ.  

කතානායක වරයා රොෂාන් රණසිංහට එරෙහිව නඩුවක් ඇසිය නොහැකි බවට කතානායක අසුනේ සිට ප්‍රකාශ කරමින් තව දුරටත් බාධා කරයි නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සහතික කළ අපේ අධිකරණයේ ස්වාධිනත්වයට කරන තර්ජනයකි. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අධිකණය ගැන ඕනෑම හරුපයක් ප්‍රකාශ කළ හැකි බව එහි යටිපෙළ අර්ථය බව ජනතාව තේරුම් ගනු ඇත. 



කකානායක නිවැරදි නම් ප්‍රජාචාර පාඩමේ කියැවෙන ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය අතර පැවතිය යුතු සමබරතාව පවත්වා ගෙන යන්නේ කෙසේදැයි  ශ්‍රී ලංකා නිතිඥ සංගමය අධිකරණයට පැහැදිලි කරනු ඇත. නවසිය පනස් ගණන්වල දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවයෙකු ස්ත්‍රි දූෂණ චෝදනාවකට අත් අඩංගුවට ගෙන මාංචු දමා උසාවි ගෙන ආ හැටි එකල පුවත්පත් වාර්තා කළාය. අද එවැන්නක් කළොත් එකී ස්ත්‍රි දූෂකයාත් රොෂාන් රණසිංහ ආදර්ශයට ගෙන පාර්ලිමේන්තුවේ යකා නටනු ඇත. එවිට සිදු වන්නේ 225කට ලැබෙන මුක්තිය රටේ බහුතර ජනාතාවට එරෙහි පාවිච්චි වීම පමණකි. 

පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කරන ලෙස භාණ්ඩාගාර ලේකම්ට අධිකරණය නියෝග කිරීම අධිකරණ බලය ඉක්මවා යාමක් හෙයින් එකී විනිසුරුවන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට ආණ්ඩුව උත්සාහ කළ විට, එය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් බව කී සජිත් ඇතුළු විපක්ෂය රොෂාන්ට එරෙහි නඩුව ගොනු කළ නීතිඥවරිය ගෙන්වා ප්‍රශ්න කිරීමට යෝජනා කරන්නේ කෙසේද? නඩුව පැවරීම පුරවැසි අයිතියකි. එය විභාග කිරිම හෝ නො කිරීම අධිකරණයේ වලකීමකි. එකී නීතිඥවරිය එකී නඩුව පවරන්නේ පාර්ලිමේන්තුවට එරෙහිව නොවේ. විනිසුරුවරයෙකුගේ නම සඳහන් කරමින් නැගූ අපවාදයන් නිසා අධිකරණයට අපහාස සිදු කර ඇති බවට ක්‍රිකට් රොෂාන්ට එරෙහිව ය.

ඇමති රොෂාන්ට අවවාදයක් පමණයි ! - අද අලුත් කැබිනට් පත්‍රීකාවක්

අධිකරණයෙන් රොෂාන් බේරා ගැනීමේ නෛතික ප්‍රතිපාදන පාර්ලිමේන්තුවට හිමිවී නැත. තම අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට යන කිසිදු පුරවැසියෙකු ගෙන් පාර්ලිමේන්තුවට ප්‍රශ්න කළ හැකි ද? දැන් විසඳිය යුත්තේ රොෂාන්ට එරෙහිව නඩු පැවරීම නොවේ. අධිකරණයේ නඩුවක් පවරන රටේ පුරුවැසියෙකු ගෙන්වා ප්‍රශ්න කිරිමට පාර්ලිමේන්තතුවට ඇති අයිතිය කුමක් යන්නය. නඩු තීන්දුවක් වෙනස් කිරීමේ අයිතිය පාර්ලිමේන්තුව සතුවේ. එහෙත් නඩුවක් විභාග කරනවාද නැද්ද යන තීරණය ගත යුත්තේ ගරු අධිකරණය විසිනි.

උසාවියේ ක්‍රිකට් රෝෂාන්ට එරෙහිව පැවරූ නඩුව පාර්ලිමේන්තුවට මාරු කරන්නේ රොෂාන් රණසිංහද? මහින්ද යාපා අබේවර්ධනද? නඩුවක් ඇසීමේ හෝ නො ඇසීමේ අයිතිය අධිකරණය සතු වගකීමකි. සජිත්ලාගේ දෙකයි පනහේ කතා නිසා පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වුණා විය හැකිය. එය හොරුන් යයි කියා ගන්නා 225 දෙනාගේ ප්‍රශ්නයකි. එහෙත් නඩත්තු නඩුවක් හෝ පවරා සහන ලබා ගැනීමේ දෙකොටියක් ජනතාව සතු අයිතිය රැක ගැනීමට රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කර ගත යුතුව තිබේ. 

රනිල් හෝ සාගල තමන්ට කළ අපහාසය ගැන රොෂාන්ට එරෙහිව නඩු පැවරුවා නම් සාගලත් පාර්ලිමේන්තු ගෙන්වා ප්‍රශ්න කරනවාද? මෙවැනි අවස්ථාවක ආනන්ද තිස්ස අල්විස් අනුර බණ්ඩාරනායක වැනි චරිතයක් කතානායකව සිටියා නම් සජිත්ගේ කලිසමේ චූ යනවා  නියතය.

තමන්ගේ ව්‍යාපාරික ස්ථානයක් පරීක්ෂා කිරීම ගැන කෝප වූ ක්‍රිකට් රොෂාන් හැසිරුණේ වරෙන්තුවක් නැතිව සිය නිදන කාමරය පරීක්ෂා කිරීමට පැමිණියා වැනි මානසිකත්වයකිනි. (මා පළ කළ පොට්ට නවුෆර් රොෂාන් ..... ලිපිය කියවන්න)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ රීති නො තකා සජිත් ප්‍රේමදාස නටන නාඩගම ගැන ආර්ථික ඉලක්කම් ගනිමින් සිටින ආචාර්ය හර්ෂ සිල්වාත්, ලක්ෂ්මන් කිරිඇල්ලත් කතා නැත. ප්‍රකට ජන ශ්‍රැතියක් වන ගොනා පිනාගේ වළං කඩේට පැනීමට වඩා සජිත් විපක්ෂ නායකයා වුණා වගේ යයි අලුත් උපහැරණයක් ජන ශ්‍රැතියට එක් වෙන දින වැඩි ඈතක නොවේ. සජිත් මේ හැරෙන්නේ රටේ ජනාධිපති වීමට නම් එහි කිසිදු දෝෂයක් නැත. එහෙත් අතට පත් අගමැති ජනාධිපති තනතුරු අත් හැර දැමූ හේතවෙන් සජිත් අනුර දෙදෙනාම ජනතාව විසින් දැනටම බී කණ්ඩායමට යවා හමාරය. 

පැරණි හැන්සාඩ් වාර්තාවකට අනුව සජිත්ගේ විපක්ෂ භූමිකාව පරිමාව තේරුම් ගත හැකි ය. 1951 එජප ආණ්ඩුවෙන් ඉවත්ව 1953 මහ මැතිවරණයෙන් පසුව විපක්ෂ නායකයා වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අත්තනගල්ල මන්ත්‍රිවරයා ලෙස 1952-53 අයවැය දෙවන වර කියවීමේ විවාදයට 1952 ජූලි 10 වෙනි දින එක් වෙමින් මෙසේ කීය. “දෙවන වර කියවීම සඳහා වෙන් කෙරුණ දින හත-අට කාලයේ උදේ 10 සිට රාත්‍රි 8 තෙක් අප මෙහි රැඳී සිටියෙමු. ... මක්නිසාද යත්,  ගරු මන්ත්‍රිවරුන්ට රජයේ සාමාන්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව කරුණු සොයා බැලීමටත්, තම කොට්ඨාශවල අඩුපාඩු ඉදිරිපත් කිරීමටත් මුළු වර්ෂය තුළදී ලැබෙන හොඳම අවස්තාව එය වන බැවිනි. එසේම තම ප්‍රතිපත්තින් විස්තර කිරීමටත්, තම අත්දැකීම් විස්තර කිරීමටත් ජයග්‍රහණ ගැන උදම් ඇනීමටත් මෙය රජයට ලැබෙන අවස්ථාවකි. වඩාක් වැදගත් වන්නේ රජයේ යෝජනා ගැන විපක්ෂයට සිය අදහස් ප්‍රකාශ කිරීමට ලැබෙන  අවස්ථාව නිසාය.”

වසර 71කට පෙර හැන්සාඩ් හී වාර්තාවන මේ තත්වය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අතින් අදටත් වලංගුය. බණ්ඩාරනායක හිටියත්, ඩඩ්ලි හිටියත්, ඇන්.ඇම්. හිටියත් සජිත් හිටියත් අයවැය කාරක සභා අවස්ථාවට වෙන් කළ කාලය හඳුනා ගත යුත්තේ නිර්දේශපාලනිකවය. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රින්ට පවා ආණ්ඩුවේ අසාර්ථකවීම් විවේචනය කළ හැකිය. 

1967-68 අයවැය කාරක සභා අවස්ථාවේ ලග්ගලට පොලිසියක් නැතිකම නිසා ප්‍රදේශයේ සිදුවන හදිසි මරණ කඩිනමින් විභාග නො කිරීම නිසා එකී මළ සිරුරු පනුවන් ගසමින් බලා ගැනීමට සිදු ඇති බව විස්තර කරමින් සිටි ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ලග්ගල මන්ත්‍රි පී.ජී. මුතු බණ්ඩා ප්‍රකාශ කරද්දී කාලය අවසන් යයි මූලානයෙන් ලැබුණ දැන්වීමට ප්‍රතිචාර දැක්වූයේ මේවා මෙතන නොකියා ගෙදර ගිහින් මගෙ ගෑනිට කියන්නදැයි මහ හඬන් විමසමිනි. අයවැය කාරක සභා අවස්ථාවේ අයිතිය රැක ගත් පී.ජී.මුතු බණ්ඩා නම් එකී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා වර්තමාන මන්ත්‍රිනී රෝහිණි විජේරත්නගේ මෑණියන්ගේ පියානන් හෙයින් සජිත් කරන මේ විනාසය ගැන කතා කිරීමට ඒ මන්ත්‍රිතුමියටත් වගකීමක් ඇති බව සිහිපත් කළ යුතුවේ. 

එහෙත් සජිත් ප්‍රේමදාස මැතිවරණ මුව විට තබා ඉදිරිපත් කළ මේ අයවැය විවාදය පුරා හැසිරුණ ආකාරයෙන් පාර්ලිමේන්තුව පිනාගේ වළං කඩේට හරවා ගැනීම ගැන යමක් කිරීමට සජබ මන්ත්‍රින්ටද වගකීමක් පැවරෙයි. 



ඓතිහාසික සිරිමා ශාස්ත්‍රි ගිවිසුම් කෙටුම්පත නිල වශයෙන් අත්සන් කිරීමට පෙර අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක වෙත එකී කෙටුම්පත යොමු කර අදහස් විමසා සිටියේ බයට නොවේ. වෙස්ට් මිනිස්ටර් ක්‍රමය යටතේ විපක්ෂ නායක යනු රටේ නාමික අගමැති වන බැවිනි. ඩඩ්ලිගේ නිරීක්ෂණ ලැබෙන තෙක් අගමැතිනිය සිරිමා ශාස්ත්‍රි ගිවිසුම අත්සන් කළේ නැත. මේ පූර්වාදර්ශයන් සමග පෙළ ගස්වන විට සජිත් ප්‍රේමදාස තවමත් කෙහෙල්වත්තේ ය. 

හතළිස් හතර හැවිරිදි බණ්ඩාරනායක මැතිනිය 1960 දේශපාලනයට පිවිසි අවස්ථාවේ සජිත්ගේ පියා ආර්.ප්‍රේමදාස  සිරිමා අගමැති වුණොත් මාස් පතා පුටුව හෝදන්නට වේවි කියා ජනතාවගේ වෛරයට ලක් විය. මේ ආකාරයෙන් මාතෘත්වයට ස්ත්‍රිත්වයට නින්දා කරමින් දේශපාලනය පටන් ගත්  ආර්. ප්‍රේමදාස මහ පාරේ මැරුම් කෑ බව අසා රටේ ජනතාවගේ රතිඤ්ඤා පුපුරවා කිරිබත් කෑහ. ක්‍රිකට් රෝෂාන් විනිශ්චයකාරයෙකුට අපහාස කරමින් කළ කතාව අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකා නඩු පැවරිය නොහැකි බව සජිත් ප්‍රේමදාස කී කතාව මෙන්ම අප්පාගේ පුටු හෝදන කතාවත් ලංකාවේ දේශපාලනයට සුදුසු වන්නේදැයි සජබ මන්ත්‍රින් කඩිනමින් තීරණය කළ යුතුවේ. 

රනිල් වික්‍රමසිංහ, තම නියෝජ්‍ය නායකයා ලෙස තෝරා ගත් ආර්.ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස එජාපයත් විනාස කොට කතානායක තනතුරත් විහිළුවට ලක් කරමින් සිටියි. මේ සංසන්ධනයෙන් සජිත් පාර්ලිමේන්තුවත් එජාපයත් දෙකම පිනාගේ වළං කඩේ තත්වයට පත් කළා යයි කෙනෙකු සිතයි නම් එජාපයේ තේමාව ගැන වඩා හොඳින් දන්නා තලතලා, රෝහිණීලා වෙත පැවරෙන වගකීම් සුළුපටු නොවේ. සජිත් ජනාධිපති වූ දවසක ඔහුගේ කැබිනට් ඇමතියෙක් ක්‍රිකට් රොෂාන් මෙන් විපක්ෂ නායකයාගේ උවමනාවට  රාජ්‍ය තාන්ත්‍රිකයන් හමු වුණොත් මල්මාලා පළඳවනවාදැයි ඇසිය යුත්තේ සජිත්ට වඩා දේශපාලනයෙන් මුහුකුරා ගිය ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි. 

maxresdefault 1
හිටපු නිවාස ඇමති වරයෙකු සජිත් වසර ගණනාවක් නිවාස අමාත්‍යාංශට සම්බන්ධ අයවැය කාරක සභා අවස්ථාව මඟ හැර යාමත් විහි`ථවකි. සම්ප්‍රදායක් ලෙස කාරක සභා විවාදය ආරම්භ කරමින් එක් රුපියලක් වැය ශීර්ෂයෙන් කපා දැමීමේ සාම්ප්‍රදායික යෝජනාව කිරීමට හෝ සජිත් පැමිණියේ නැත. හැම එකාගේම මස් කන කපුටා මගේ මාළු කන්ට එකෙක් නෑ කියා දුක් වේ යයි කතාවක් ඇත. හැම එකාගේම මළු වලට අත දමා ගඳයි කියා කෑ ගසන සජිත් අප්පාත් නායකත්වය දුන් පවුලේ විෂය වන නිවාස අමාත්‍යාංශය විවාදය මඟ හැර යන හේතුව රටට රහසක් නොවේ. විගණන වාර්තාවක් මඟ යාම හේතුව නිසාම ෂම්මි සිල්වා දූෂිත බවට සැක නැත. ඊට සමපාතව සජිත් ප්‍රේමදාස තමන් ඇමතිකම් දැරූ කාලයේ ආයතන කීයක කොපමණ විගණන වාර්තා නොතකා ක්‍රියා කර නැද්ද? නිවැරදි නම් සජිත් සංස්කෘතික ත්‍රිකෝණයේ විගණන විමසුම ගැන වෙනස විවාදයක් ඉල්ලා තම නිර්දෝෂීභාවය තහවුරු කළ යුතුවේ. 

එසේම ගිය සතියේ පාර්ලිමේන්තුවේදී චමල් රාජපක්ෂ තමන් දෙමටගොඩ පොලිසියේ සේවය කළ බව කීවේ අයිස්ක්‍රිම් කඩයක සිද්ධියක් ගැන බව දන්නෝ දනිති. 

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්