අනුර කුමාර දිසානායක, ඊෂොප් හෝ  නස්රුදින් වැනි උපමා කතා කාරයන්ගේ ලැයිස්තුවට වැටී හමාරය.  

දරුවෙකු අවදානමකින් මුදවා ගත් විටෙක දී සිහි මොලේ ඇති එකෙක් පන බේරුණා. ඒ ඇති කියනවා මිස උගේ ජංගියේ රෙවිලාදැයි බලන්නේ නැත. අනුරගේ සිහි මොලේ ප්‍රමාණයට පංචායුද කතාවම සහතිකයකි.

වර්තමාන අර්බුදය අමුවේ අනුර කුමාරලාගේ හැසිරීම පාසල් දරුවන් රවටා කුඩු විකුණන අපතයන්ටත් එහාය.

වාචාලකම නිසා එළු ඛෙටි නැලියක් ගිල්ල පණ්ඩිතයා අනුර කුමාර නමින් ලංකවේ ඉපදී ඇති බව දෙසැම්බර් 13 වෙනිදා පාර්ලිමේන්තුවේදී තහවුරු විය. අනුරට බාධා කරමින් ආචාර්ය හර්ෂ සිල්වා, පික්මී සහ ඌබර් බද්ද ගැන කළ පැහැදිලි කළ පසුව, නිවැරදි කිරීමට ස්තුතියි  හෝ නො කී අනුර කුමාර ඕවා බදු ගහන්න ඉස්සර හිතන්න තිබුණා යයි  කළ ප්‍රකාශයට රටේ මිනිස්සු අනුරට ගිල්ල වීමට නිර්දේශ කරන එළු ඛෙටි ප්‍රමාණය ඊළඟ මැතිවරණ ප්‍රතිපලයට සමාන විය හැකිය. මුලින්ම ලෝකයට ආවේ බිත්තරයද කිකිළියද ඇසුවොත් අනුර කුමාර දෙන උත්තරෙන් අන්දරේත් චක බ්ලාස් වනු නිසැකය.

Hunau wataya

 හුණු වටය කතාවේ දැල් පාලමේ දර්ශනය උදාහරණයට ගෙන තමා දරුවා එගොඩ කළ බවට රනිල් කළ ප්‍රකාශය අනුර ප්‍රතික්ෂේප නො කළ අනුර කුමාර ලජ්ජාව වසා ගැනීමට කොල්ලාගේ පංචායුද ජංගි ගැන විමසීය. අවදානමකින් මිදී තම අතට පත් දරුවා බදා සිපගෙන සැනසුම් සුසුම් හෙළනවා මිස අත කන කර ජංගි පංචායුද ඉන බැඳි සුර ගැන අසන මේ කෝනංගියා සිහි බුද්ධිය ඇති මිනිසෙකු නම් නො විය හැකිය. අනුරලා මාලිමාවට මුවා වී සිටියද තවමත් හැසිරෙන්නේ ඉන්දීය ව්‍යාප්ත වාදයට එරෙහි ඉන්දීය ආහාර වර්ග විකිණීමේ වරදට ගමේ කඩ කාරයා ඝාතනය කළ විජේවීරගේ මානසිකත්වයෙනි.  


රනිල්ගේ නායකත්වයෙන් රට ගොඩ දාන්න බැරියයි අනුර දෙසැම්බර් 13 වෙනිදාත් කීය. අරගලය කළේ මාලිමාව මෙන් වැඩි පඩි ඉන්ධන හො බදු සහන ඉල්ලා නොවේ. එහි තේමාව රටේ පැවැත්මට ගැලපෙන ක්‍රමයක් හඳුනා ගැනීමය. චන්ද්‍රිකාට අනුව ලෝකයේ අඩුවෙන්ම බදු ගෙවන ලංකාවේ ජනතාව ගෙන් බදු අය කළ යුතුවේ. ක්‍රමය එය නොවේ නම් විකල්පය ඉදිරිපත් කළ යුතුවේ. රනිල් ජනාධිපති වූ දවසේ සිට එක්ව රට ගොඩ නගමු යයි යළි යළි ඉල්ලා සිටියේ රටට ඔබින සම්මුතියක් ඇති කර ගැනීමටය. එහිදී අනුර සජිත් දෙදෙනා රනිල්ට විරුද්ධ වීම සාධාරණ නමුත් මේ දෙදෙනා තුළ හෝ සම්මුතියකට නො පැමිණීම ඛේදවාචකයකි.  ඒ දෙන්නාම දෙපිලකට ඛෙදී වංචාව දූෂණය පිටු දකිති. යන්තම් මිනිසුන් හුස්ම ගන්නා රටේ විපක්ෂයේ හැසිරීම මළ ගෙවල්වල තනි රකින මුවාවෙන් සල්ලි ඔට්ටුවට බූරුවා ගැසීමට සමානය.  

              


අල්ලපු ඉන්දියාවේ හෝ ප්‍රජාතන්ත්‍රවාදි එංගලන්තයේ හෝ ධනවාදි අමෙරිකාවේ තබා ආරවුල් රහිත ඕස්ට්‍රේලියාවේත් නවසිලන්තයේත් ක්‍රමයක් මිස නායකයන් ඉස්මතු නොවේ. ඒ  රටවල් ගොඩ ගියේත් දියුණු වුණේත් කියුබාවට කෙලවුණේත් ඒ නිසාමය. මේ ඇත්ත යටපත් කර තවමත් නායකයන් ගැන කතා කරන්නේ ලංකාවේ මිනිස්සු චරිතවලට දක්වන කෑදරකම නිසාය. ඇයි ලී ක්වාං යූ කියා කෙනෙකුට ඇසිය හැකිය. සිංගප්පූරුව යනු රතු කොඩිය ජාති වාදය තුවක්කුවෙන් යටපත් කළ රටකි.

එපමණක් නොවේ. අල්ලස් ගත් තම කැබිනට් ඇමතිට හිරේ යාම හෝ දිවි නසා ගැනීම තෝරා ගැනීමට ලී ක්වාං යූ නියම කළේ නායකයෙකු ලෙස නොව පාලකයෙකු හැටියටය. අනුරලාට අනුව සමහර විට සිංගප්පූරුවේ නැත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විය හැකිය. එහෙත් එහි ආර්ථීකය නීතිය සහ ජන ජීවිතය ඉහළින්ම සුරක්ෂිතය.  ප්‍රජාතන්ත්‍රවාදි ලංකාව බංකොලොත් ය. හිරේ ගිය කුරුණෑගල හිටපු නගරාධිපති අභියාචනයෙන් නිදහස් වන දිනය ගැන රටේ  ලංකාවේ පුරවැසියන් ඔට්ටු අල්ලති. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු බලය ඇති එකාට සැප නිවාඩුවකි. අනුර කුමාරත් අවුරුදු පහකට ඉල්ලන්නේ එවැනි නිවාඩුවකි.
lee kuan yew1
තායිලන්තය කොරියාව ශක්තිමත් වුණේ ජාතික සටන් නිසා බව කියන අනුර,  ලංකාවේ ජාතික නිදහස් සටනක් නොවීම ගැන විලාප දෙමින් සිටී. ලංකාවේ පැරණි වාමාංශිකයන් කීවේද අපට ලැබුණ නිදහස එක ලේ බිඳක් නො වැය නො කළ මොකක් දෝ විකාරයක් කියා ය. විජේවීර හැත්තෑ එකේදීත් අසූ ගණන්වලදීත් ලේ වගුරවමින් මිනී මැරුවේ අපට ලැබුණ නිදහසට අවශ්‍ය ලේ පොම්ප කිරීමට ද යන්න අනුර කුමාර දිසානායක පැහැදිලි කළ යුතු වේ.


 දියුණු රටවල දියුණුවේ රහස, ජාතික ප්‍රතිපත්ති මිස ඉලව් ජාතික සටන් නොවේ. කොරියාවත් සිංගප්පුරුවත් ඊට ආසන්න උදාහරණ වේ. ඉන්දියාවේත් පාකිස්ථානයේත් නීතිය ඉහළින්ම පවතී. ලංකාවේ ආර්ථීක ඝාතකයන් හැටියට රාජපක්ෂලා නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුව නො පිළිගන්නා බවට මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට  අපහාසයකි. කොල්ලාගේ පංචායුදය ජංගිය නැතිවීම ගැන දඟලන අනුර කුමාරලා, මහින්දට එරෙහිව අධිකරණයට නො යන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම නීතියට වඩා බලවත් බව විශ්වාස කරන නිසාය.

 image 1547012516 c7b3e2a312
එකී මානව හිමිකම් නඩු තීන්දුව ඇසූ පොහොට්ටුවේ මන්ත්‍රීලා අනුරා සජිත්ලා ඉදිරිපිට කීවේ යුද්ධ කර රට බේරා ගත් නායකයා වෙනුවෙන් තමන් පෙනී සිටන බවය. ලෝකයේ යුද්ධයක් දිනූ එකම නායකයා මහින්ද රාජපක්ෂ නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් එංගලන්තය පමණක් නොව ලෝකයම ආරක්ෂා කර ගත් සර් වින්ස්ටන් චර්චිල් යුද ජයග්‍රහණයෙන් අනතුරුව එළඹි මහ මැතිවරණයෙන් ගෙදර යවා කර ක්ලෙමන්ට් ඇට්ලිට රට භාර දීමට මහා බ්‍රිතාන්‍ය ජනතාව ක්‍රියා කළේ යුද්දෙට චර්චිල් සාමෙට ඇට්ලි කියමිනි.  

ආර්ථීක යුද්ධයට මැදිවූ ලංකාවේ ජන ජීවිතය කොතරම් පීඩාවට පත්වීද යත් හැට නව ලක්ෂයක් දෙනා තේරූ ජනාධිපති ගෝඨා ආරක්ෂා කිරීමට මහින්ද කොළඹට කැඳවූ පොහොට්ටුවේ එවුන් බේරේ ගිල්ලවා දේශබන්දු තෙන්නකෝන්ගේ කන ද රත් කළේය.
ranil house set on fire
එදා බලය අතැති කාටත්  මරණ බය දැණුනද සිය නිවෙසත් ගිනි බත් වෙද්දී රනිල් රටේ වගකීම භාර ගත්තේ ය. රටේ ජනතාවගේ  ආර්ථීක පීඩනය අවම වෙමින් පවත්නා බව දන්නා අනුර මාතෘකාව යටපත් කරමින් අර දරුවාගේ ජංගියේ කක්කා ගිහින්දැයි විමසයි.

 

මිහින්තලේ පන්සලේදී බැන්ද පිරිත් නූල ගලවා වීසි කර නූතනවාදි වූ අනුර කුමාර කොල්ලාගේ පංචායුදය නැත කියන්නේ උපන් ගෙයි  තක්කඩිකම නිසා බව ජනතාව දනිති. මේ පරස්පර හැසිරීම් නිසා මාලිමාව වූ ජනතා විමුක්ති පෙරමුණ තවමත් විජේවීරගේ විකාරයම හැර වෙන යමක් නොවේ.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වම සහ දකුණ ලෙස ඛෙදී පවතී. 1948දීත් දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂය එරෙහිව තුන හතරට ඛෙදී ගිය වමේ පක්ෂ එක් කොට ආණ්ඩුවක් පිහිටුවීමට රාජනීතිඥ එච්.ශ්‍රී නිශ්ශංක ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් උතුරු නැගෙනහිර දමිළ මුස්ලිම් නියෝජිතයන්  ඩී.එස්. සේනානායක රටේ අගමැති කළේ උතුර නැගෙනහිර ජනතාවට වමේ දේශපාලනය අරහං නිසාය.

ඔවුන්ගෙන් බහුතරය අදටත් ජාතික  දේශපාලනයේදී දක්ෂිණාංශික අපේක්ෂකයා ශක්තිමත් කරති. ඩී.එස්.සේනානායක ගොවි ජනපද පිහිටුවා රට කෘෂිකාර්මික කිරීමට ක්‍රියා කරද්දී ලංකාවේ වාමාංශිකයන් මැලේරියා මදුරුවන් පෙන්වා ජනතාව බිය ගැන්වූහ. රටේ රත්රන් බඩු උගස් කළ වටපිටාවක දරුවාගේ පංචායුදය නැත කියන අනුර කුමාරත් මැලේරියා වර්ගයේ ලේ සොයා ඉගිලෙන්නෙකි.

SD senayake1
අනුර කියන පංචායුදය රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තමන්ගෙන් ගිලිහෙන වෘත්තීය සමිති ශක්තිය අහිමිවීමේ දෝස්මුරයයි. සේවක අතිරික්තය, උපයන විට ගෙවිය යුතු බද්ද ලංවිම ආදායමෙන් ගෙවීම ලාබ නැතත් බෝනස් හිමිකම වැනි අයිතීන් රාජ්‍ය ආයතන  පුද්ගලික කරණය කළ පසුව අමිහිවීම කොල්ලාගේ ඛෙල්ලේ පාංචායුදය නැති වුණාට වඩා අනුරලාට බරපතලය. පළමු වසරට දරුවන් තේරීමේදී විදුහල්පතීන් කෝටි ගණන් මුදල් උපයන බව රටම දනිති. දූෂණය නැති කිරීමට බලය ඉල්ලන අනුරලා ගුරු සේවා වෘත්තීය සමිති සහාය වෙනුවෙන් පාසල් පද්ධතියේ ගැහැලි ගැන කට නො සෙල්වීම යනු මාලිමාව දූෂිතයන් ගෙන් රට රකින පංචායුදය නොවන බවය.

  125890969 gettyimages 1183235272

 2019 නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ දිනවීමට ලංකාවේ  හැට නව ලක්ෂයක් දෙනා ඡන්ද පොළට යන දවසේත් පැට්රල් ලීටරය රුපියල් 129කි. කිරිපිටි පැකැට්ටුව රුපියල් 350කි. ගෑස් සිලින්ඩරය රුපියල් 1350කි. 2022 අප්‍රේල් කඩා වැටීම නිර්මානය කළේ ගෝඨාද නොවේ. හැට නව ලක්ෂයක් ලංකාවේ ඡන්ද දායකයන් විසිනි. ඒ ආර්ථීක අහේනියක් නිසා නොවේ. රටේ ආරක්ෂාව පිණිසය. බෞද්ධ භික්ෂුන් ලංකාවේ හිට්ලර්ට ඇන්දවූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨා රටින් පැන ගියේ බිංගෙයකිනි. ඒ අරගල භූමිය පැත්ත පළාතේ යාමට අනුර කුමාරලාට ඉඩ ලැබුණේ නැත. හෙවත් අරගලය මාලිමාව විශ්වාස කළේ නැත.

 
බංකොලොත් ලංකාවේ උද්ධමනය, විරැකියාව, දරිද්‍රතාව, මන්ද පෝෂණය ඉහළ ගියේ ආලෝක වර්ෂ වේගයෙන් ඉහළ ගිය බව වාර්තා කළේ විදේශ ආයතන විසිනි. ඉන්ධන පෝලිම්වල මිනිසුන් මියැදුණාහ. ඛෙහෙත් නැතිව රෝගින් ඉකි බින්දාහ. ඒ සියල්ල එසේ තිබියදී ලංකාවේ ඈත ගම්වල ක්‍රීඩා පිටියක් නැති පාසල් වලින් බිහිවූ දුප්පත් දරුවන් ජාත්‍යන්තරය පරදවා ලංකාවට රන් පදක්කම් හිමි කර දුන්හ. උඩ දුම්බර තරුෂි, ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය එකම බාස්කට් බෝල් වීරයා වූ දඹුල්ලේ වෑවලවැව හෂාන් දිලීප් සෙනෙවිරන, වයඹ වෙල්පල්ලේ නෙත්මී අහිංසා ලෝකය පැරැද්දුවේ රට ඇද වැටී තිබියදීය. අම්පාරේ දර්ෂලා ඇත්නාවල සුසන්තිකාලා කුරුණෑගල උඩකැන්දවල ශ්‍රීයානි කුලවංශලා ලංකාව ශක්තිමත් කළේ මාලිමාවේ බණ අහලා හෝ කියුබාව අනුකරණය කරලා නොවේ. කොස් පොළොස් කාලාය. අත කනකර පංචායුද විකුණලා ය. මේ උදා වී ඇත්තේ ද තම ශක්තිය රට වෙනුවෙන් කැප කළ යුතු නිමේෂය කි. 

නවසිය තිස් ගණන්වල ගොවි ජනපද නිර්මානය කළේ කොමියුනිස්ට් බණ නො ඇසූ ඉහත කී දරු දැරියන්ගේ අත්තලා මුත්තලා විසිනි. විවිධ පීඩා මැද තම ශක්තියෙන් නැගී සිටි හැම මිනිසාම ගැහැනියම රටේ ජනප්‍රිය දේශපාලනය පසුපස ගියේ නැත.

ග්‍රාමීය මරණාධාර සමිති කළමනාකාරිත්වය රාජ්‍ය මූල්‍ය කළමනාකාරිත්වය වඩා නිරවුල්ය. ශක්තිමක්ය. විධිමත්ය. කෙටි කලක් තුළ අනපේක්ෂිත මරණ කිහිපයක් ගමේ සිදු වුණොත් එකී වැයබර වහා ඛෙදා ගන්නා සාමාජිකයන් මරණාධාර සමිතිය පවත්වා ගෙන යති. රට වැටී තියෙන්නේත් එහෙම උදව් අවශ්‍ය තැනකය. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා සපයන ආණ්ඩුව ඇද වැට්ටීමට යෝජිත බදු ප්‍රතිපත්තියට එරෙහිව අනුරලා කරන සටන ගමේ  මරණාධාර සමිති සාමාජිකත්වයට කාන්දු වුණොත් මිනියක් වළලා ගැනීමටවත් නො හැකි වනු ඇත.


Mahinda 2023.12.16පෑල දොරින් පලාගිය රාජපක්ෂලා දෙසැම්බර් 15 දි කොළඹදී පෙන්වූ ශක්තිය...

පෑල දොරින් පලාගිය රාජපක්ෂලා දෙසැම්බර් 15 දි කොළඹදී පෙන්වූ ශක්තිය අනුර කුමාරලාගේ සටන්වල ප්‍රතිපල වේ. ඔවුන් 2022 ජූලියේ රාජපක්ෂලා මුදා හැර රනිල් කොටු කර ගත්හ. මහින්ද බැසිල් දෙදෙනාම සම්මේලනයේදී රටට දුන් පණිවිඩය අපි එනවා. එදාට බලා ගන්නම් යන තර්ජනයයි. ප්‍රභාකරන් සමග එක්ව මහින්ද රාජපක්ෂට බලය ලබා දුන්නේද, රනිල් වර්තමානයේ ඉල්ලා සිටින සහාය නොදී නැවත රාජපක්ෂලාට පාර කපන්නේද අනුර කුමාරලා විසිනි. අඩ සිය වසක් 3%ක්වූ ජන බලය ඒක වසරක් තුළ 51%ක් කිරීමට පෙරටුගාමින් හෝ උදව් නො කරති.  

බොහෝ දෙනා මැතිවරණ වසර ගැන පූර්ව කතන විමසති. ලංකාවේ පාවෙන ඡන්ද තීන්දු ගන්නේ අන්තිම මොහොතේය. බහුතරයක් ඡන්ද දෙන්නේ දිනයි කියා හිතන පැත්තටය. ලංකාවේ සමසමාජ, කොමියුනිස්ට්, ශ්‍රීලනිප පොහොට්ටු එජාප සජබ ආදින් පමණක් නොව පෙරටුගාමින් පවා ජනතා විමුක්ති පෙරමුණ සමග මතවාදිව සහ ඓතිහාසිකව එකඟ නැත. ජනාධිපතිවරණ සඳහා හැදෙන්නේම සංධානයන්ය. එන්නේම පොදු අපේක්ෂකයන් ය. එවැනි පරිසරයක උනුන් මුහුණ නො බැලු චන්ද්‍රිකා සිරිසේන පවා සාකච්ඡා ආරම්භ කර ඇත. බලය නො ඉල්ලන චන්ද්‍රිකාට තවමත් රාජපක්ෂ කඳවුර සහ මාලිමාව සමග ඇති විරසකය එසේමය. තමන්ගෙන් කැඩී ගිය පෙරටුගාමින් සමග හෝ එක් වීමට අදහසක් නැති මාලිමාව ජය ගැනීමට නම් රාජපක්ෂලාගේ සහාය හැර වෙන පිහිටක් නැත.

chandrasiri senevirathne
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්