බදු විරෝධි අඳෝනාවෙන් නව වසර පටන් ගත් විපක්ෂය, රටේ  අර්බුදයට එකම විසඳුම බල හුවමාරුවක්

බව ජන මනසට කාන්දු කරමින් සිටියි.

එහෙත් දේශ ගුණික හේතූන් නිසා එළවළු සැපයුමත්, ධීවරයන් මුහුදු නො යාමෙන් මත්ස්‍ය අස්වැන්නද වෙළඳ පොළට නො පැමිණීම වැටි බදු පැනවීමේ ඍජු ප්‍රතිපලය නොවන බව පැහැදිලි වී හමාරය.

මාධ්‍යට අදහස් දැක්වූ ධීවරයන්ට අනුව මුහුදු ගිය යාත්‍රා තව දින පහළොවකින් වෙරළට පැමිණි පසුව තත්වය යහපත් වනු ඇත.


එළවළු හිඟය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරුණු දැක්වීමට අමතරව, නුවරඑළියේ ව්‍යාපාරිකයෙකු කී ආකාරයට, ගිය වසර අවසානයේ අනපේක්ෂිත සංචාරකයන් ප්‍රමාණයක් නුවරඑළියට පැමිණිම නිසා ප්‍රදේශයේ එළවළු අස්වැන්න ගබඩා කර ගැනීමට ව්‍යාපාරික ප්‍රජාව ක්‍රියා කිරිම නිසා අනපේක්ෂිත එළවළු හිඟයක් නිර්මානය විය.


අරගලයෙන් බිහිවූ  වර්තමාන ජනාධිපති වරයාට එරෙහි වීම හැර ප්‍රශ්නයට වෙනත් විසඳුමක් ඉදිරිපත් නො කළ  විපක්ෂයේ දේශපාලනික සටන් පාඨයන්ට  වැඩි පැවැත්මක් නොවී ය.

 තෙල් පෝලිම් අවසන් විය. පාසල් විවෘත විය. මාසික වැටුප් එක්වර ලැබිණ. විදේශ ණය ප්‍රතිව්‍යුහකරණය සාර්ථක වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත වාරික මුදා හැරිණ. රුපියල ශක්තිමත් විය. උද්ධමනය තනි අංකයක රඳවා ගත හැකි විය. මූල්‍ය අර්බුදය හේතුවෙන් ගෙවා ගත නො හැකි වූ ගෙවිය යුතු සියළු හිඟ ගෙවීම් වර්ෂාවසානයේ ගෙවා දැමුවා පමණක් නොව ලංකාවේ එවැන්නක් සිදුවුණේ වසර 25කට පසුව බවද වාර්තා විය. මේ කිසිදු ජයග්‍රහණයක් ප්‍රවෘත්ති නිවේදනයකින් එපිට දේශපාලන කතාවක් ලෙස ජනතාව මනසට ගලා නො යාම ආණ්ඩුවේ නො හැකියාවකි.

kjsfd
ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම හැමදාමත් සිදු විය. බොහෝ විට ඒවා ගසා කෑම් ලෙස විස්තර කෙරිණ. බිත්තර අර්බුදය එවැන්නක් වුවද අනුර කුමාර දිසානායකට අනුව එය ආණ්ඩුවේ මිස බිත්තර නිෂ්පාදකයන්ගේ දෝෂයක් නොවේ. කෘෂි නිෂ්පාදන අඩුවෙන් ලැබුණ විට මිල ඉහ යාමත් එකී නිෂ්පාදන වැඩිවූ විට නගරයේ කුණුගොඩවල් පිරි යාමත් යටපත්ව වැට් බදු කතාවට කට ගැස්මක් විය. මේවා  දේශපාලනික මාතෘකා වන්නේ මැතිවරණ ළංවූ විට පමණකි.  


උත්සව සමයේ  බිත්තර මිල අසීමිතව ඉහළ යාම මෙවර අසාමාන්‍ය තත්වය නිසා පාලකයන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිල අඩුවීම ගැන මාලිමා විග්‍රහය හුරු පුරුදු ගසා කෑමට පටු නොවී ආණ්ඩුවට එරෙහි අර්ථ විග්‍රහයක් බවට පත් වුණේ පවත්නා යථාර්ථය යටපත් කිරිමටය.

ඍජු බදු ආදායම අඩුවන විට, වක්‍ර බදු වැඩි  කිරීමෙන් භාණ්ඩ මිල ඉහළ යාම ලංකාවට අමුතු කතාවක් නොවේ. හීන  පලදායිතාවක් සහ අතිරික්ත සේවක සංඛ්‍යාවකින් සමන්විත රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා හේතුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය හැම විටෙකම දුර්වල වේ.

එසේම මාසික වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ගෙන් පිරි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ඉතිහාසය පුරා කිසි විටෙක බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කර නැත. මේ නිසා දේශිය වියදම් පියවා ගැනීමට ලංකා රුපියල් ආදායම හිඟවන විට විදේශ විනිමය රුපියල් සත හැටියට පාවිච්චි කළොත්  ජනතාවට අවශ්‍ය ආනයන අවශ්‍යතාද සපුරා ගත නොහැකි වේ.

විදුලි බිල ඉහළ යාම ගෘහස්ත මෙන්ම ව්‍යාපාරික ක්ෂේතකාටත් දැඩිසේ දැනී ගොස් ඇත. ජල විදුලිය නිෂ්පාදනය වුවද විදුලි බිල අඩු නොවීම බරලතල චෝදනාවකි. ආණ්ඩුව කියන්නේ ලංවිම ලබන පාඩු පියවා ගැනීමට විදුලි බිල වැඩි කළ බව සහ පාඩු ලබන ආයතනයක් ලෙස ලංවිම විකුණා දැමිමට සිදුවී ඇති බවය.

fge556
ලංවිම බේරා ගැනීමට සටන් කර වෘත්තීය සමිති කියන්නේ ලංවිම පුද්ගලික අංශයට පැවරීමෙන් දහස් ගණනක් වන අතිරික්ත සේවක සහෝදරයන්ට රැකියා අහිමි වන බවය. එහි විලෝමය නම් අතිරික්ත සේවකයන් ආරක්ෂා කර ගැනීම හෙවත් ලංවිම පාඩු පියවා ගැනීමට එකී වැයබර විදුලි පාරිභොගිකයන් හෙවත් මාසික වැටුප් නො ලබන ව්‍යාපාරික ගොවී සහ එදිනෙදා වේල සපයා ගන්නා රටේ බහුතරය පිට පැටවිය යුතු බවය.


වැටුප් නො ලබන ජනතාව කළ යුත්තේ කුමක්ද? පාඩු පියවා රාජ්‍ය තන්ත්‍රය විධිමත් කිරීමට සැලසුම් කරන පාලකයන් වෙනුවට වෘත්තීය සමිති කැමති අය බලයට පත් කළ යුතු බව නොවේද? ලංවිමයම උදාහරණයට ගනියි නම්, ගෙයින් ගෙට ගොස් මීටර් කියවීමට වැටුප් ලබන ලංවිම වැටුපට අමතරව  වඩා හොදින් මනු කියවීමට ලබන දීමනාව ව්‍යෘපාරික පැත්තෙන් විනාසයකි.

වෘත්තිය සමිති පැත්තෙන් සේවක අයිතිවාසිකකමකි. ඒ සේවක අයිතිවාසිකම වෙනුවෙන් රටේ බහුතර ජනතාව රාජ්‍ය තන්ත්‍රය විධිමත් කිරීමට සැලසුම් කරන පාලකයන් පරාද කළ යුතුවේ.


අතිරික්ත සේවකයන් බර, ප්‍රභූන්ගේ විදුල් බිල් අය නො කිරීම ආයතනය පාඩු ලබද්දී මිලියන පහකට ආසන්න හිඟ ලයිට් බිල නො ගෙවා තිබීයදී මිහින්තලේ පන්සලට අඛණ්ඩව විදුලිය සැපයීම, පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපාරවලට බාධා කිරීම වැනි ලංවිම අභ්‍යන්තරයේ සිදුවන නාස්තිකාර දූෂණයන් වළකා ගැනීමට වෘත්තීය සමිති කිසි විටෙක ක්‍රියා කර නැත.


රැකියා නො කරන රටේ ජනගහනයෙන් බහුතරය රටේ නිෂ්පාදනයට දෛනිකව සම්බන්ධව සිටින්නාහ. ඔවුන් විදුලි බිල වැනි නිරන්තර ඉහළ යන පාරිභෝගික පිරිවැය දරා ගැනීමට තමන් සපයන සේවා හා භාණ්ඩ වටිනාකම් ඉහළ දමති.

පොහොර කෘෂි රසායන නො යොදන ගහෙන් කඩන කොස් දෙල් වැනි ආහාර ද්‍රව්‍ය සඳහා පවත්නා මිල ඉහළ යාම මෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් දීමනා ඉහළ යාමද ආණ්ඩුවට පාලනය කළ නොහැකිය.

බිත්තර මාෆියාවෙන් පාරිභෝගිකයන් බේරා ගැනීමට බිත්තර ආනයනය කළද, කොස් දෙල් එළවළු ආනයනය කර මිල අඩු කර දීමට පාලකයන්ට නො හැකිය.

මේ අර්බුදය හමුවේ බදු ගහන්නේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමටය. මේ අරගලය කිසි විටෙක නිමා නොවන බව රුපියල් සත හඳුනන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.


වැටුප් වැඩි කරවා ගැනීමෙන් මේ ආර්ථික අහේනිය තුරන් කළ නොහැකි බව බොහෝ රජයේ සේවය තේරුම් නො ගන්නා තෙක් මේ ප්‍රශ්නය එසේමය. තවත් අප්‍රේල් අරගල ගණනාවකට මුහුණ දීමට අපට සිදුවේ. වෘත්තීය සමිති දේශපාලන අතකොළු වී සිදු කරන වර්ජන අරගල හරහා රටේ තත්වය කිසි විටෙක යහපත් නොවේ.  


එසේම වර්තමානයේ මාලිමාව වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන්ගෙන් බහුතරයක් එක්කෝ ව්‍යාපාරිකයන්ය. නැතහොත් නො පෙනන ආදායම් ලබන හෙවත් සියලු දරුවන් විදේශ ගත කර ජීවිතයේ විවේක ලබන්නෝ වෙති. මෙයින් ඉහළ රස්සාවල යෙදී විශ්‍රාම ගත් අයට දිගඤු කලක් පැවති සමාජ අවධානය ගෞරවය සැලකිල්ල අහිමිව සිටියෝ වෙති. ඔවුන්ට වර්තමානයේ සාකච්ඡා සහ රැළිවල පොල්ගෙත් පහන් පත්තු කිරීමට නිතර ආරාධනා ලැබෙයි. මේ තවත් පැන්ටසියකි.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ තරුණ කළමනාකරණ සහකාරිණියකට අනුව තම විෂයට අදාල සියලු මහජන ගැටළු පිළිබඳ කඩිනම් විසඳුම් සහ පැහැදිලි කිරීම ඇතුළත් ලිපි සකසා අවසන් කළද, ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා එකී ලිපි තැපැල් මගින් අදාල අයට යැවෙන්නේ නැත. මේ නිසා  රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට ජනතාව තුළ පවත්නා වෛරය වැඩි වේ.

 රටේ ජනතාව දේශීය වශයෙන්ද රාජ්‍ය යාන්ත්‍රණය ජාත්‍යන්තර වශයන්ද ණය උගුලක පැටලී තිබීම ගැන කතා කරන වෘත්තීය සමිති ව්‍යාපාරයට නායකත්වය දෙන  හඳුන්නෙත්ති විස්තර කරන ණය ආපසු නො ගෙවා සිටිමේ ක්‍රම වේදය ජනතාව ගොනාට ඇන්දවිමකි.

xfgrtgt
1953 හර්තාලය නිර්මානය කළ පාලකයන්ට එරෙහි අරගල මානසිකත්වය තවමත් එසේම පවතී. රටේ පාලනය ආණ්ඩුව තමන් නඩත්ත කළ යුතුය යන්න සිතන ජනතාවට රටේ ආණ්ඩුව රට වැසියන් ලෙස තමන්ට පැවරුණ වගකීම ගැන කිසිදු අදහසක් නැත. ජන වරම යනු හාල් හඳෙන් ලබාදීමත් මිහින්තලේ  පන්සලට නොමිලේ විදුලිය සැපයීමත් වැඩි පඩි ලබා ගැනීමත්  බව ජනතාව තවමහත් විශ්වාස කරති.


 පැට්‍රල් ලීටරය රුපියල් දහසකට ලබා ගැනීමට සිදුවුණේ ජනවරම නිවැරදිව භාවිතා නො කිරිම නිසා බව අවබෝධ කිරීමට අමුතු පන්ති පැවැත්විය යුතු නැත. එහෙත් ලැබුණ ඉන්ධන ගෑස් පිළවෙලකට බෙදා හැරීම, වැසී තිබුණ පාසල් විවෘත වීම, විභාග සඳහා කාල සටහන් සැකසීම, ප්‍රමාද  ගාස්තු ගෙවමින් සිටි නැව් පෝලින් අවසන් වීම විප්ක්ෂයේ දැක්ම අනුව ජන වරමක් නැති පාලකයෙකුගේ මැදිහත්මකි.

 අනුකම්පාවට බංගලා දේශය සහ ඉන්දියාව ලබා දුන් මූල්‍ය සහාය අපි බලයේ සිටියා නම් ගන්නේ නැත කීවේ එකී සහනාධාර භුක්ති විඳින අතරය. මේ විවේචකයන් තමුසෙලා 2019 කළේ මොකක්ද කියා අසන්නේ නැත. වර්ග පන්ති භේදයෙන් තොරව වරෙල්ලා කියති. පාලකයන් පත් කිරීමේදී ප්‍රවේශම් වෙන්න යයි නො කියති. මල්ල අල්ලා ගෙන කියන්නේ වරෙව් කියා පමණකි.


මැතිවරණයෙදී පොරොන්දු මානසිකත්වයෙන් පිස්සු වැටෙන ඡන්ද දායකයන් හඳෙන් හෝ හාල් ගෙනැවිත් දෙන්නම් කී කාලයේත් අත්පුඩි ගසා සහාය පළ කොට  1970දී පත් කළ තුනෙන් දෙකේ ආණ්ඩුවට තුන් වේල කෑමට ජනතාවට සහල් සේරුව දිය නොහැකි වුණා පමණක් නොව එක් වේලක් බත් කෑම තහනම් කිරීමට මෙන්ම රජයේ රෝහල් වෙත යන රෝගින් ශත 25ක මුද්දරයක් අලවා ගාස්තුවක් ඇලවීමට නියම කරන තරමට රාජ්‍ය ආදායම් මාර්ග කඩා වැටී පාලකයා සාපයක් විය.


මේ කාලයේ ගොඩ නැගෙමින් පැවති සිංගප්පූරු මැතිවරණවලදී ලී ක්වාන් යූ ජන වරම ඉල්ලා ඉල්ලා සිටියේ බදු අය කර  රට ගොඩ නැගීම සඳහාය. හුස්ම ගන්නා පිරිසිදු වාතයටත් බද්දක් ගැසීමට නොහැකි වීම ගැන හෙතෙම දුක් විය.

 1970දී ජනතාව රැවටීම හේතුවෙන් ලංකාවේ ප්‍රබල වාමාංශික දේශපාලකයන් 1977 මහ මැතිවරණයෙන් සෝදා හැරිණ. ජේ.ආර්. ජයවර්ධන නම් පාලකයා රටට අයහපතක් කළා නම් ඊට හේතුව පහෙන් තුනක බලයක් දෙන තරමට ජනතා අපෙක්ෂා විනාස කළ විපක්ෂයයි.

dgst
ඇන්.ඇම්, කොල්වින්, ඇස්.ඒ වික්‍රමසිංහ, පිටර් කෙනමන් වැනි පතායන් පැරදුණේ කිසි දා අසා නැති එජාප අපෙක්ෂකයන්ටය. ජන මතය එහෙමය. මේ ඓතිහාසික පරිහානියට මුල රටේ පාලකයන්ට එරෙහිව බොරු ගොතමින් ජනතාව නොමග යැවූ  වමේ දේශපාලනයයි. 1980 තෙක් වාමාංශිකයන් සෝවියට් දේශය කියුබාම චීනය පෙන්නා සමාජ වාදය අලෙවි කළහ. එසේම ලූලා ද සිල්වලා පිදෙල් ක්‍රැස්තෝලා පල් හොරුන් ලෙස වාර්තා විය.  


මෙවැනි දේශපාලන ව්‍යාපාර ප්‍රතික්ෂේප කළ අමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව නවසිලන්තය ජපානය වැනි රටවල් ජනතාවට උපරිමය ලබා දෙමින් සිටින්නාහ. ඒ හැම දේශයක්ම දියුණු කළේ පිනට දී නොවේ. ජනතාව ගෙවූ බද්දෙනි. ලංකාවේ වර්තමාන වාමාංශික නායකයන් රට ණය උෑගුතලක බව කියන අතර, අපි බලයට පත්ව මචං අපි ණය ගෙවන්නේ නෑ කියා ගැටලුව විසඳන බව කීවිට අත්පුඩි ගසන්නෝත් සිටිති.

එපමණක් නොවේ. රටේ කඩා වැටීම දුටු අසල්වැසි රටවල් අතමාරු දුන්නේ රට ඇල්ලීමට නොවේ. ලංකාවේ ජීවත්වන ජනතාව කෙරෙහි පවත්වා ලෙන්ගතුකම නිසාය. ඔවුන්ට ඓතිහාසික සබඳතා සහ ඥාතීත්ව මතක තිබිණ.


ඒ අවු අස්සේ ජනතා විමුක්ති පෙමුණේ නායක අනුර කුමාර දිසානායක ලෝකයේ රටවල් සංචාරය කරමින් තමන් රටේ බලයට පත් වන තෙක් එක ඩොලරයක් ලංකාවට එවන්න එපා යයි ඉල්ලන විට, ලංකාව පැවතියේ ඇණවුම් කළ භාණ්ඩ ගෙඩා බා ගැනීමට අවශ්‍ය නැව් ගාස්තු හෝ ගෙවා ගත නොහැකි තරමට අසරණ වෙලාය.


ඔවුන් බලයට පත්වන තෙක් රටේ මිනිස්සු ජීවත්වන්නේ කෙසේදැයි කල්පනා නොවන තරමට මාලිමා නායකවයන් එක්කෝ ශක්තිමත්ය. හෝ මන්ද බුද්ධිකය. එය කෙසේ වෙතත් අපේක්ෂා නො කළ තරම් ඩොලර් ප්‍රමාණයක් විදේශ ගත ලාංකිකයන් එවා තිබුණේ කාවත් රැවටීමට හෝ අනුර කුමාර සවුත්තු කිරීමට නොවේ. තම රටේ මිනිසුන් බඩ ගින්නේ මිය යතී යන වේදනාවෙනි.

සේවා අපෙක්ෂිත පුර වැසියෙකුට ලිපියක් යැවීමට තරම් ප්‍රතිපාදන හිඟ එසේම මාසික වැටුප එකවර ගෙවීමට නො හැකිව පැවති රටේ සේවා අඩපන කරමින් වැටුප් වැඩිවීම් ඉල්ලා අරගල මෙහෙයවන  මාලිමා ව්‍යාපාරය මේ සටන් කරන්නේ කාට එරෙහිවද?  බොහෝ ප්‍රශ්නවලට ඔවුන් දෙන සරල උත්තරය ඕවායින් වැඩක් නෑ. රනිල් දිනන්නේ නෑ. යන්නය.

sdfgserfe
රට කියන්නේ රනිල් හෝ රාජපක්ෂ හෝ අනුර කුමාර නොවේ. පීඩාවෙන් ජීවත්වන මිනිසුන්ගේ ගැලවීමය. රටක් ව්‍යවසනයකට මැදිවූ විට විසඳුම් සෙවිය යුත්තේ පාලකයාගේ ආකල්ප විවේචනය කිරිමෙන් නොවේ. ලංකාව මැදිව සිටින්නේ සුනාමි වැනි ව්‍යසනයකට නොවේ. එය පාලනයේ වරදින් සිදුවූවකි. එහිදී පිළිවයමට පළමුව පාලකයා වෙනස් කිරීමට යාම මෙහිදී අවධාරණය කෙරෙයි.


ලංකාව අදටත් පවත්නේ යන්තම් හුස්ම ගන්නා තරම් අපහසුවෙනි. මේ නිමේෂයෙහි කිසිවෙකු පහසුකම් ඉල්ලීම හෝ ලැබෙන පහසුකම් අහිමි කිරිම යනු සුජාත දේශ හිතෛශී භාවය විය නොහැකිය.

පහුගිය සතියක මහරගම පිළිකා රෝහලෙන් සැලවූ වැඩ වර්ජනයේ අරමුණ වසර ගණනක් නො ලැබුණ දීමනා ලබා ගැනීමය. ඉල්ලීම් සාධාරණ විය හැකිය. ඒත් ඔවුන් ඒ සඳහා ප්‍රාණ ඇපයට ගත්තේ නිරෝගී ජනතාවක් නොවේ. එකී ඉල්ලීමේ දීමේ හැකියාවද මෙහිදී අවධාරණය කෙරෙයි.  


ජවිපෙ බලයට පත් වන තෙක් ඩොලර් එවන්න එපා යයි අනුර කුමාර දිසානායක කළ ඉල්ලීමට විදේශ ගත ශ්‍රී ලාංකික ප්‍රජාව අවනත වී නම්, රනිල්ට තබා විශ්ව කර්මයාටවත් ලංකාව මේ මට්ටමෙන් හෝ පවත්වා ගත නොහැකි වේ.


අනුරගේ ප්‍රකාශය ඇසූ ඕස්ට්‍රේලියාවේ පදිංචි මගේ මිතුරෙක් ඇසුවේ මුන් එනකල් අපේ මිනිස්සු කන්නේ බොන්නේ මොනවාද කියාය. හඳුන්නෙත්තිගේ මචන් කතාවත් අනුරගේ ඩොලර් එවන්න එපා යයි කළ ඉල්ලීමත් මානව හිතවාදි මෙන්ම කිසිසේත් යථාර්ථ වාදි නොවේ. මේ සටන ශක්තිමත් රාජ්‍යයක් සඳහාද ශක්තිමත් දේශපාලනයක් සඳහාද?

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image