දේශපාලනය ගැන උනන්දු විශේෂයෙන් කාන්තා දේශපාලනය ඔවුන්ගේ නියෝජනය ගැන උනන්දු කිසිවෙකුට මේ මොහොතේ ජාතික ජන බලවේගයේ කාන්තා දේශපාලනයේ අවකාශය ගැන නොසලකා හරින්න බැහැ.
ලංකාවේ සෙසු පක්ෂ වගේම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේත් පෙර අර්ථයෙන් පුරුෂ මූලීක ජාතිවාදී පක්ෂයක්. ඒබව ඉතිහාසය සාක්ෂි දරනවා. නමුත් දැන් ඔවුන් බොහෝ දේවල් වෙනස් කරමින් අලුත් හැඩයක් නිර්මාණය කරමින් යනවා. ඒ සඳහා ජාතික ජන බලවේගයට වටා එකතු වෙලා සිටින බුද්ධිමය කවයන්ගෙන් රැළි සරසන්නට මිනිසුන් එකතු කරන්නට සිදුකරන වැඩ කොටසට වැඩිය වැඩි යමක් සිදුකරන බව පේනවා.
බහුජන පක්ෂයක් ලෙස විවිධ බුද්ධිමය තලවල ඇතිවන සංවාද පරණ ජවිපෙ නැවත සිතන්න කාලේ තාලෙට වෙනස් වෙන්න සාධනීය බලපෑමක් සිදුකරන බව නිරීක්ෂණය වෙනවා. එය ජනතා විමුක්ති පෙරමුණ ගත්තු කාලෝචිතම තීරණයක්. සමාජය ඉල්ලා සිටින පද්ධතී වෙනස සිදුකරන්න කලින් අඩුම තරමින් තියෙන පද්ධතිය නූතන විදිහට පිළිසකර කරන්න හැකි වපසරියක් ඔවුන් වටා ගොඩනැඟිලා තියෙනවා.
නමුත් මට තියෙන්නේ ඒ ගැන කතාවක් නෙමෙයි. ජාතික ජනබලවේගයට කුමන තර්ක ගෙනාවත් එය වියත්මඟ වගේ තවත් ඩමියක් කියලා. මමත් ඒ මතයේ හිටියා. මට දැන් හිතෙන්නේ ඔවුන් වටා සිටින බුද්ධිමය කව වලට වියත්මඟට වඩා කේවල් කිරීමේ හැකියාවක් සහිතයි කියලා.
නමුත් මගේ අවධාරණය ගැහැණු එක මිටට රැළි සඳහා කාන්තා සහභාගීත්වය පිළිබඳ යම් නිරීක්ෂණයන්.
ජාතික ජන බලවේගය පෙරටු කරගෙන සිදුකරන කාන්තා රැළි ගත්තාම විශාල කාන්තා පිරිසක් එකතු වී සිටීමම විවිධ හැඟවුම් ඉස්මතු කරනවා. සිංදු කියනවා. නටනවා. බෙර ගහනවා කතා පවත්වනවා. ඒ අතර කුම්බි වගේ කතා වලට සවන් දෙනවා. ඒ අතර මේ රැස්වීම් වලට යන්න ගෙදර පිරිමියාත් උනන්දු කරවනවා. ආපහු එද්දී ඔළුවට මොනවා හරි දාගෙන තමයි ගෙදර යන්නේ. වෙනදා ඇහුණු පිරිමි දේශපාලඥයින්ගේ කතා වෙනුවට කාන්තාවන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. සමහර රැළි දිහා බලන කොට නිවේදනයට පුරුදු නිවේදිකාවෝ නෑ. නමුත් ඔවුන්ටත් අදහසක් එළියට දාන්න අවස්ථාවක් ලැබිලා තියනවා.
මම මේ දිනවල කාන්තාවන් සමඟ කතා කරා. ඔවුන් කියන්නේ ඇත්තටම අපිට මේ වගේ කතා මීට පෙර ඇහුනේ නැති බව.
මට දැන් හිතෙන්නෙ වේදිකාවේ සැකිල්ල හැදුවේ අනුරලා තමයි. ඒ වේදිකාවේ තිබුණු සීමා බිඳ දමින් වැඩිපුර ශිල්ප දක්වන්නේ ජාතික ජන බලවේගය වටා ඒකරාශි වෙලා ඉන්න ගැහැණු. ඉස්සර දේශපාලන පක්ෂ වල කාන්තාවක් විසින් සිදුකරන කතාවක අන්තර්ගතය පවා තීරණය කරන්නේ පුරුෂ මුලීක දේශපාලන පක්ෂවල තිබෙන න්‍යාය පත්‍ර. මේ දේශපාලනයෙත් ඔසවා තබන්නේ පිරිමි අනුර තමයි. ඒ කොහොම වුණත් දේශපාලන වශයෙන සිදුකරන සහභාගීත්වයේ බොහෝ හැඟවුම් තියනවා.
දුරින් ඉඳලා බලන කෙනෙකුට මේක පෙන්න්නේ විශ්මය ජනක වැඩක්. හැම ගැහැණියකට කතන්දරයක් තියනවා කියන්න. ඒක සමාජය විසින් ගොඩනගපු දේශපාලන කතන්දරයක්. ඒක ගැහැණු අපි එක මිටට එළියට දාමින් ඉන්නවා. අනුරව ඇතුලු පුරුෂ පාර්ශවය වේදිකා තුළ තියාගෙනමම කාන්තාවන් මුහුණ දෙන විවිධාකාර පීඩනයන් ගැන කතාකරීමම උත්ප්‍රාස ජනකයි. ඒ සඳහා විවෘත වේදිකාවක් ගොඩනඟලා තිබීම කතා කළ යුතු දෙයක්.
මෙතන පැහැදිලිව දේශපාලන අරමුණු තියනවා. නමුත් එකතු වෙලා ඉන්න කාන්තාවෝ තමන්ගේ ඡන්දය පිළිබඳ සවිඥාණිකයි කියන හැඟවුම මෙතෙන තියනවා. ඔළුගෙඩි වෙනවද තීරණ ගන්න සම්බන්ධ කරනවාද කාන්තාවට දේශපලානයේ හිමි පංගුව ගැන සැලකිලිමත් ද? වගේම අනෙක් ගැටලු පිළිබඳව මතක තියාගෙන වැඩේ ඉන්නවා නම් හොඳයි.
මම දැක්කා මේ දිනවල කාන්තා සමුළුව වල පොස්ටර් සෙයාර් වෙනවා. කාන්තාවන් බැනර් ගහන හැටි, කැම්පේන් කරන හැටි, වේදිකා සරන හැටි. ඒවා විවේචනය කරන ආකාරය. දැක්කා ගමන් පොඩි අපුල බවක් එනවා තමයි. ඒ අපි පුරුදු වෙලා ඉන්න හැටි. ඒ වැඩේ ඒ අයට කරන්න දෙන්න. ඒක සාමාන්‍ය වේවි. හැම පක්ෂයකම කාන්තාවන්ට ඔය වැඩේ කරන්න දෙන්න. එතකොට තව සාමාන්‍ය වේවි.
මේ වෙලාවේ මේක කියන්නත් ඕන. මීට කලින් ලංකාවේ කාන්තා සංවිධාන විසින් මේ වැඩේම ක්ෂුද්‍ර සහ කණ්ඩායම් මට්ටමින් සිදු කලා. ඔවුනුත් දේශපාලන පරිවර්තනයක් හරහා සමාජ පරිවර්තනයක්. හැබැයි මේ විදිහට ප්‍රචාරණය වුනේ නෑ. පද්ධතිමය වෙනස්කම් කලා. ඔවුන් ලිප්ටන් වටරවුමේ ගාළුමුවදොර හැම තැනකම නියෝජනය වුණා. මේ විදිහටම පෝස්ටර් ගැහුවා. ඒ දවස්වල සමාජ මාධ්‍ය නොතිබුණු නිසා මේ විදිහට ප්‍රචාරණයක් සහ ආකර්ශණයක් ඇති වුනේ නෑ. ඒ වගේම ලංකාවේ කාන්තා දේශපාලනය ගැන ඔවුන් විශාල වැඩකොටසක් සිදුකලා. ඒ වුණත් ඔවුන්ට දේශපාලන ව්‍යාපාරයක සෘජු කොටස්කරුවන් වෙන්න අවස්ථාවනුත් ලැබුනේ නැහැ. මාරුවෙන් මාරුවට දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වුණත්. ඔවුන්ගේ දායකත්වයත් මතක් කරන්න ඕන.
මට හිතුනේ මෙතෙන ලංකාවේ ගැහැණුන්ට මඟ හැරුණු දෙයක් තියනවා කියලා. පියාගේ, සහෝදරයාගේ සැමියාගේ ඇකයේ ඉඳලා ඔවුන් කියන එකට ඡන්දේ දීපු යුගයක් තිබුණා. දැන් ඔවුන්ට තේරීලා තියෙනවා මඟ හැරුණු දෙයක් තියනවා කියලා. ඒක බලපාලා තියෙන්නේ රටට කියලා. ඒ මඟ හැරුණු දේශපාලන පරිචය තමයි මේ කාන්තාවෝ අත්හදා බලමින් ඉන්නේ. පුරුදු වෙමින් ඉන්නේ. කොයි කිලෝට වලත් තියන අපුල දේ ගැනත් මොවුන් දැනුවත්.
කොයි පක්ෂයක කාන්තාවන් දේශපාලනයට පැමිනෙනවාට මා වැන්නියක් කැමතියි. නමුත් මේ දේශපාලන සංක්‍රාන්තිය පිළිබඳ උනන්දු සහගතව බලාගෙන සිටින කිසිම කෙනෙකුට මේ ගැන කතා නොකර සිටිය නොහැකිය. එහෙමනම් ඒක කුහකකමක්. මෙම දායකත්වය මඟ හැර අනාගත කාන්තා දේශපාලනයක් ගැන කතා කරන්න බෑ. මේ රටේ පුරුෂ මුලීක දේශපාලන පක්ෂ විසින් කාන්තාවන් රවටපු ඉතිහාසය වගේම අනුර දිසානායකලා ද ගැහැණු එකමිටට තබා තවදුරටත් රවටනවාද? ඔවුන්ට එසේ කළ හැකිද යන්නත් අපට කුතුහලයෙන් බලාගෙන සිටිය හැකි වේදිකාවක් ඔවුන් විසින් ගොඩනඟා තිබෙනවා. ඒ වේදිකාව ඔවුන් විසින්ම ගොඩනගලා තියනවා. එය කතා කළ යුතු දෙයක්.
ඒ වගේම මේක හරියටම හරි ගියොත්. මේක මොඩලයක්. ඔළුගෙඩි වෙනුවට කාන්තාව සැබවින්ම දායකවුණු සමාජ පෙරළියක් වෙනු ඇත. ජාත්‍යන්තරයට ඉගෙන ගත හැකි මොඩලයක් වේවි.
මේ සම්බන්ධ ඔබට විවේචන ඇති. විවිධ අදහස් ඇති. මේ වෙලාවේ මේ වගේ දේශපාලන එකතුවීමකට විවේචනශීලී අදහස් ඉතා වැදගත්.
(චන්දිමා ජයසේන)
ආචාර්ය උපාධි අපේක්ෂිකා,
සමාජ වැඩ අධ්‍යයන්‍යාංශය,
පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලය, ඉන්දියාව.
Email:
whatsApp +94714177654