ණයක් බයක් නොමැතිව මේ රටේ සති අන්තය සුර්යය බලයෙන් නිපදවන විදුලියෙන් ගෙවා දැමිය හැකි තත්ත්වයක අප සිටින්නේය. දැන් වැඩේ දෙන්නට හදන්නේ, ඩිසල්, දැවී තෙල්, ගල් අගුරු ආදී එතෙරින් ගෙන්වන ප්‍රභවයන්ගෙන් තොරව මේ රටේ බලශක්තිය නිවහල් කර දෙන එම සුර්යය බල විදුලි උත්පාදනයටය.
ලණු කෑමට රිසි - ඇමති කුමාර
වදුරා පැනීමෙන් ආරම්භවූ පෙබරවාරි නවවෙනිදා කරන්ට් කැපිල්ල අවසානයේ නතර වුයේ සුර්යය බල පද්ධති මගින් ජාතික පද්ධතිය වෙත විදුලි සැපයීම සදහා කැපිල්ලක් නිර්මාණය කරමිනි.
ලණු කෑමට රිසි - ඇමති කුමාර
වදුරා පැනීමෙන් ආරම්භවූ පෙබරවාරි නවවෙනිදා කරන්ට් කැපිල්ල අවසානයේ නතර වුයේ සුර්යය බල පද්ධති මගින් ජාතික පද්ධතිය වෙත විදුලි සැපයීම සදහා කැපිල්ලක් නිර්මාණය කරමිනි.
ඉංජිනේරු විදුලි ඇමති තෙමේ ලාමක ආකාරයෙන් රටේ බලශක්ති ප්‍රශ්නය හැඩල් කරනවා පමණක් නොව, ලණු කෑම සදහා තදබල කැමැත්තක් දක්වන බව ද පෙබරවාරි නවය කැපිල්ල පෙන්නුම් කළේය.
සත්‍ය ලෙසම ගත් කළ පෙබරවාරි නවය බිදවැටීම වූ කලී මේ රටේ බලශක්තිය සම්බන්ධයෙන් අත්දකින ලද පෙර මග නිමිත්තකි. ඒම අවස්ථාවේ විදුලිබල අමත්‍යවරයාගේ හැසිරීම පළමුව විචාරය කළ යුතුය. හෙතෙම කොහෙන් හෝ අසා ගත් කේලමක් එකවර මාධ්‍ය වෙත මුදා හළේය. ඒ මොහොතේ සිට විදුලිබලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැනුම ජනතාව වෙත සම්ප්‍රේෂණය වුයේය.
රටේම විදුලිය බිද වැටීම අප කිහිපවරක්ම අත්දැක ඇති දෙයකි. එසේ වී නමුත් ඒ ආකාරයේ වදුරු උත්තර ලබාදීම වැනි ලාමක ටින් ටින් ක්‍රියා හි, මේ රටේ කිසිදු බලශක්ති ඇමතිවරයෙක් නිරත වූයේ නැත. මෙය අත්දැකීම් අවම තත්ත්වයේ ප්‍රශ්නයක් නොවේ. විමසිලි බුද්ධිය නොමැතිවීම පළමු කාරණයය. දෙවැන්න ජාතික විදුලි පද්ධතිය පිලිබදව අදෝ සංසාර දැනුමක් ඇමති තෙමේ වෙත නොමැති වීමය.
සුර්ය කෝෂ සදහා දෝස්මුරය
ඇමතිගේ වදුරාට අමතරව මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරන ලද්දේ සුර්ය කෝෂ මගින් විදුලිය සැපයීම ද මේ සදහා හේතුවක් වූ බවය. වහලය මත සවි කර ඇති සුර්යය කෝෂ මාර්ගයෙන් අනවරතව විදුලිය සැපයීම ජාතික පද්ධතියට දරා ගත නොහැකි වීම මේ සදහා හේතුවූ බව ඉංජිනේරු සංගමය කියා සිටියේය.
“දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමට බලපෑ ලද මූලික ම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක්, ස්ථායිතාව සාපේක්ෂව අඩු, සූර්ය විදුලි බලයෙන් නිපදවීමත් බව ‘විශේෂ’ නිවේදනයක් නිකුත් කරමින්, ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය, කියා සිටියේය.
පෙබරවාරි නව වෙනිදා හදිසි විදුලිය බිඳ වැටීම නිවේදනය කර ස්වල්ප වේලාවකින්, නැවත දැනුම්දෙන තුරු සිය සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කරන ලෙස, විදුලිබල අමාත්‍යංශය එම පාරිභෝගිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන ලද්දේ මෙම පදනම අනුවය.
වැඩේ සිද්ධ වුණේ කොහොමද කියා සොයා බැලු කමිටුවේ වාර්තාව

ඔය කතා අස්සේ, දින කිහිපයක් කාල සටහනකට අනුව කරන්ට් කපන ලද්දේය. වැඩේ සිද්ධ වුණේ කොහොමද කියා බැලීම සදහා ආණ්ඩුව කමිටුවක් පත් කරන්නේ ද මේ අතරේය.
කමිටු වාර්තාව ලබා දෙන්නේ පෙබරවාරි 18 වෙනිදාය.
කිලෝවෝට් 33ක ධාරිතාවයකින් යුත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ දෝෂය, වෝල්ටීයතාව පහත වැටීම නිසා පද්ධතිය පුරා හදිසි අක්‍රිය වීමක් සිදු වීම බවත්, ඒ වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරන ලද්දේ, මෙගාවොට් 800ක සූර්ය බලයෙන් වන අතර, ලක්විජය බලාගාරයෙන් මෙගාවෝට් 470ක් සහ ජල විදුලි බලාගාරවලින් මෙගාවෝට් 130ක් අමතර සැපයුමක් ලැබුණ බවත්, මෙම වාර්තාව කියා සිටියේය.
‘අවම විදුලි ඉල්ලුමක් ඇති අවස්ථාවක සූර්ය බල ශක්තිය උත්පාදනය ඉහළ යාම මෙම ගැටලුවට හේතුව වූ අතර එමගින් විදුලි බල සැපයුම සහ ඉල්ලුම අතර නොගැලපීමක් ඇති කළ අතර, බහුවිධ විදුලිය ඇණහිටීම් සහ සම්පූර්ණ විදුලිය විසන්ධි වීමට, එය හේතු වූ බව...’ වාර්තාවේ සඳහන් කර ඇත්තේය.
සුර්යය බලය මට්ටු කිරීම

මේ කියන්නේ ‘වැඩේට පලි’ සුර්යය බල පද්ධතිය කියාය. ඒ නිසා සුර්යය බලය මට්ටු කිරීම සදහා ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි දැන් වේවැල අතට ගෙන තිබේ.
රටේ විදුලි බල ඉල්ලුම සපුරාලීම, සපුරාම පුනර්ජනනීය බලශක්තියෙන් සිදු කිරීම කළ යුතු බවට ප්‍රතිපත්තියක් සකස් කරන ලද්දේ ජාතික විදුලි බල සැලසුම අනුවය.. විශේෂයෙන්ම පොසිල ඉන්ධන ලෝකයේ සීමිත සම්පතක් බවට පත්වීම සහ ඒ හේතුවෙන්ම එහි මිළ ගණන් වේගයෙන් ඉහළ යෑම මේ සදහා රටක් ලෙස අප මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්න අනුව, අවම තරමේ ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ලෙස අප නිපදවා ගත යුත්තේය. එසේ නම් එහිදී වැඩිම දායකත්වයක් ලබාදිය හැක්කේ සුර්යය බලයටය.
මෙම අභියෝගය සදහා මුහුණදීමට මෑත භාගයේ සියලු ආණ්ඩු සිය උපරිමය ඉටු කළේය. සුළං සහ සූර්ය බලාගාර පිළිබඳ විභවය ගණනය කර සිතියම්ගත කරන ලද්දේ ඒ සදහාය. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය සඳහා වන ආයතනික ව්‍යුහයක් බිහි කළ අතර භාගෙට පවත්වාගෙන යමින් තිබූ ආයතන පණ ගසා නැගිට්ටවිම සදහා ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් ඇති කළේය. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථාපිත කිරීම ඉන් ප්‍රමුඛය.
ලංකාවිදුලිබල මණ්ඩලය තුළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයෙකු යටතේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය හා කාර්ය සාධනය අධීක්ෂණය සඳහා වූ වෙනම අංශයක් -Renewable Energy Development and Performance Monitoring Unit-ස්ථාපිත කර තිබේ. එයින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පමණක් ඉටුකරන ලද පුනර්ජනනීය බලශක්තියේ තාක්ෂණික අංශයේ වගකීම, ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඍජුවම පවරා ඇත.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පද්ධතියට එකතු කිරීමේදී තාක්ෂණිකමය වශයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම යටතේ සම්ප්‍රේෂණ පද්ධතියේ සංවර්ධනයන් දිගු කාලීන සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධනය කිරීමේ සැලැස්ම හඳුනා ගැනීම සදහා වෙනම යාන්ත්‍රණයක් ස්ථාපිත කළේය. සුර්යය බලශක්ති ව්‍යාපෘති ගෘහස්ත මට්ටමේ සිට මෙගා වොට් දහය දක්වා, ව්‍යපෘති තෙක් විශාල ලෙස ඉදිවීමට පටන් ගත්තේ, ඒ ‘පණ ගැසීම’ හේතුවෙනි.
උමා ඔය පැරද්දු, සුර්ය බල සංග්‍රාමය

වැඩේ තවත් තීව්‍ර කිරීම සදහා සූර්යබල සංග්‍රාමය වැඩසටහන ද ආරම්භ විය. මේ ආදී ක්‍රියාකාරම් හේතුවෙන් යහපාලන ආණ්ඩු සමයේ වසරක් ඇතුළත මෙගාවොට් 118ක් ජාතික පද්ධතියට එකතු විය. උමා ඔය සම්පූර්ණ ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතිය ලබා ගන්නා ලද්දේ. අභියෝග මධ්‍යයේය. උමා ඔය සම්බන්ධ කතිකාව ඇති වුයේ 1950 පමණ කාලයේ සිටය. පසුව එය ආරම්භ කර වසර නවයක් පුරා, ඉදිකිරීම් සිදු කළේය. ව්‍යාපෘතිය සදහා වියදම රුපියල් මිලියන 76,316ක් විය.
වසරක කාලයක් තුළ, ප්‍රාග්ධනය වශයෙන් ආණ්ඩුව සතයක් හෝ වැය නොකර, මෙගාවොට් 118ක් ජාතික පද්ධතියට එකතු කරන ලද්දේ සුර්යය ජනනය මාර්ගයෙනි. මේ වසරක කතාවක් පමණය.
මේ ආකාරයට ගලා ආ ගමන අනුව, ශ්‍රී ලංකාව පුනර්ජනනීය විදුලියෙන් ස්වයංපෝෂිත මට්ටම දක්වා යන ගමනක් පැහැදිලිව පෙනුණේය.
ජාජබ ප්‍රතිපත්තියෙන් සුර්ය බලයෙන් මෙගා වොට් දෙදාහක්
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, සිය බල ශක්ති සැලසුමේ ලස්සන විස්තර කර තිබුණේ පුනර්ජනනීය බලශක්තිය ගැනය.
1. සුර්යය බලය මගින් මෙගා වොට් දෙදාහක් ජාතික පද්ධතියට එක් කර ගැනීම.
2. නව ව්‍යාපාර ආකෘති, අය ක්‍රම හා තරගකාරිත්වය තුලින් වහල මත සවිකරන සුර්යය බල ශක්ති පද්ධති හා පාරිභෝගිකයන්ට හිමි ගෘහස්ථ ශක්ති ගබඩා පද්ධති ප්‍රචලිත කිරීම
යන ආකාර දෙක, එහිදී සුර්යය බලශක්තිය ගැන සදහන් කර තිබුණි. වඩාගෙන ගෙනා ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම තිබුණාට, වැඩේ කරගෙන යන විට පීල්ල මාරු කරන ලද ආකාරය ආණ්ඩුවේ මුල් මාස කිහිපයේදීම පෙනෙන්නට පටන් ගත්තේය.
ගල් අගුරු ‘එක්ස්පට්’ මණ්ඩලය භාර ගැනීම

ආචාර්ය තිලක් සියඹලාපිටිය
ආචාර්ය තිලක් සියඹලාපිටිය වනාහි විදුලි බල සැලසුම් විශේෂඥයෙකි. එසේම විදුලි විචාරකයෙකි. විදුලි විචාරකයා යනු ක්‍රිකට් විචාරක සේය. හෙතෙම පිට්ටනියට බස්සවා ක්‍රීඩාවට ගත නොහැක්කේය. දෙන ටෝක් දෙස බලන විට ක්‍රිකට් විචාරකයා, තරගයට යැවීමට, යම් අයෙක් වෙත සිත් වේ නම්, මැච් එක පරදින්නේ එතැන් සිටය.
මේ ආකාරයටම විදුලි විචාරක තිලක් සියඹලාපිටිය, ජාතික ජන බලවේගය විසින් පිටියට බස්සවනා ලදී. නෑම සදහා ලිද කැපෙන්නේ එතැන් සිටය. හෙතෙම විදුලි ව්‍යාපෘති සැලසුම්කරණයට හොදය. එසේ මිස සමස්ත යාන්ත්‍රණයක් පිලිබදව පරිපාලනයට කිසිසේත්ම සුදුසු නැත. අනික ඔහුගේ අභිරුචි පරාසයය. එය සපුරාම ගල් අගුරුය.
“ඉතා අඩු පිරිවැයකින් විදුලිය නිපවීමට ඇති හොඳම බලශක්ති ප්‍රභවය ගල් අඟුරු නිසා ය. විදුලිය නිෂ්පාදනය සිදු විය යුත්තේ සෑම බලශක්ති ප්‍රභවයකම සංකලනයකිනි. මේ තත්ත්වය මතු පිටින් පමණක් විමසන අපේ දේශපාලනඥයන් සිතන්නේ ද පුනර්ජනනීය බලශක්ති බලාගාර පමණක් ඉදි කළ යුතුය කියාය. ඉන්දියාවේ මතු නොව චීනය බංග්ලාදේශය යන රටවල ද මේ වෙන විට ගල් අඟුරු බලාගාර ඉදි වෙමින් පවතියි. එහෙත් බටහිර රටවල් දැන් ගල් අඟුරුවලින් ඈත් වෙමින් ස්වාභාවික වායු මගින් විදුලිය උත්පාදනය සඳහා යොමු වී තිබේ. එහෙත් එම රටවල් ඉතා අධික වශයෙන් ගල් අඟුරු භාවිත කරමින් විදුලිය නිපදවූ අතර එයින් සිය ආර්ථිකයන් ද ශක්තිමත් කර ගත්තේය.

අධික ගල් අඟුරු භාවිතය හේතුවෙන් වායුගෝලයට අධික පරිමාවකින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක්ද නිකුත් කර ඇත. කෙසේ වෙතත් එම රටවල් සෙසු රටවලට උපදෙස් දෙන්නේ ගල් අඟුරු බලාගාර ඉදි නොකරන ලෙසත් එයින් විශාල පාරිසරික හානියක් සිදු වෙන බවත්ය. එය කිසිසේත්ම පිළිගත හැකි කාරණයක් නොවේ.”
ලංකාදීප පුවත්පත සමග 2022 ජනවාරි 20 වෙනිදා සිදු කළ සාකච්ඡාවකදී එහෙම කියූ කෙනා, විදුලිබල මණ්ඩලයේ සභාපති වූ විට වැඩේ මේ ගානට ඒම අහන්නට දෙයක් නොවේ. (‘තිලක්ගේ ගල් අගුරු ලෝකය’පිළිබදව දැන ගැනීම සදහා, එම සම්පුර්ණ ලිපිය කියැවීම සදහා අවශ්‍ය, ලින්කය බහා ලමි.
ඒ සභාපති තැනගේ ස්වරුපයය. ඔහුට පුනර්ජනනීය බලශක්තිය අවශ්‍ය වන්නේ ගල් අගුරු කසාය සදහා අනුපානයක් ලෙසය. මේ දිනවල සුර්යය බලයෙන් විදුලිය නිපදවීම සදහා මර්දනය කැදවා ඇත්තේ ඒ අනුවය.
ඊලගට ඇමති තැනය. ඔහු ප්‍රශ්නයක් දුටු වන, අහල පහල එවුන්ගේ කතා අසා මාධ්‍යට කියන ජාතියේ බඩුවකි. මේ දෙදෙන එක්වූ කළ පුනර්ජනනීය බලශක්තිය සදහා අනිවා, වල කැපෙන්නේය.
ඩිසල් මාෆියාව ද සම්මාදමට එක් වේ

මණ්ඩලයේ ඉංජිනේරුවෝ වැඩට එන්නේ ජනතා සේවය පිණිස හෝ රාජ්‍ය සේවය පිණිස නොව, තමන් එක එකාගෙන් භාරගත් කොන්ත්‍රාත් ඉටු කරනු පිණිසය. ඉන් වැඩි හරියක් සේවය කරන්නේ ඩිසල් මාෆියාවටය. ධම්මික පෙරේරාගේ, හැරී ජයවර්ධනගේ බලාගාර සදහා කොන්ත්‍රාත් සේවකයන් ලෙස සේවය කරන ඔවුහු, සුර්ය බලයෙන් විදුලිය නිපදවන බව කියන විට කුපිත වන්නාහ.
මේ අතරට, මාලිමාවේ ‘පහළ මාලයේ’ පිරිස් ද සේවය කරන්නේ හෙයින්, ප්‍රතිපත්තියක් ලෙසම පිරිස, පුනර්ජනනිය විදුලිය සදහා විරෝධී ද යන ප්‍රශ්නය එන්නේය.
හම්බන්තොට දිස්ත්‍රීක්කය තුළ ස්ථාපිත කිරීමට යෝජිත සූර්ය බලශක්ති ව්‍යාපෘති 30 ක් වහාම අත්හිටුවීමට හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුව ජනවාරි 29 වෙනිදා තීරණය කළේය. දිස්ත්‍රීක් කමිටු සභාපති, ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මේ සදහා යෝජනාවක් ඉදිරිපත් කළේය.

පසුගිය පාලන සමයේ කිසිඳු විදිමත් තක්සේරුවකින් තොරව, වන අලි බහුල ප්‍රදේශයන්හි ඉඩම් අක්කර දහස් ගණනින් ඇතැම් සූර්ය බලශක්ති ව්‍යාපෘතින් සඳහා වෙන්කර දී ඇතැයි චෝදනා කර ඇති මන්ත්‍රීවරයා, එවැනි තත්වයක් තුළ අනාගතයේදී අලි - මිනිස් ගැටුම් බහුලවිය හැකි බවට ද අනතුරු අඟවා ඇත. අලින්ගේ කලාපයක් නොවන මෙම ආයෝජන කලාප සදහා, වෙඩි ගස්සවා අලි යවා ද මේ ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ වෑයමක් හෙළිව තිබූ අතර, ඩිසල් මාෆියාවේ වුවමනාව වෙනුවෙන් මේ වර්ගයේ යෝජනා ගෙන ඒම ද සිදුවිය හැකි හෙයින් මේ සිද්ධි පිලිබදව වෙනම තක්සේරු කළ යුතුය.
දෙස් විදෙස් ආයෝජනකයින් රැසක්, නියමිත ශක්‍යතා වාර්තා, පරිසර වාර්තා හා වෙනත් නිර්දේශ සඳහා රජයේ අනුමැතිය ලබාගනිමින් රුපියල් මිලියන 800කට වැඩි මුදලක් වැයකරමින් ඒ වන විටත්, හම්බන්තොට ප්‍රදේශයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ම ආරම්භකර තිබුණි.
සෝලා පවර් මෙගා වොට් 300ක් අහකට...

එම නව විදුලි ව්‍යාපෘති මාර්ගයෙන් මෙගාවොට් 300 ක් පමණ අලූතින් ජාතික විදුලි පද්ධතියට එක් කරගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සැලසුම් කර තිබුණි. එම සැලසුම් ප්‍රකාරව, මෙගාවොට් 250ක ව්‍යපෘති සඳහා පසුගිය රජයන් අනුමැතිය ලබාදී තිබුණි.
මෙම සියලු ව්‍යපෘති 2025 වසර අවසන්වීමට පෙර නිමා කිරීමට අදාල සමාගම්, විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් ගතව ඇත්තේ හෙයින් අලුතෙන් ජාතික පද්ධතිය සදහා, රජයට ප්‍රාග්ධන වියදමක් නොමැතිව මෙගා වොට් 300ක් ලබා ගැනීමේ ශක්‍යතාවය තිබුණි. ඒ සදහා එකවරම සංවර්ධන කමිටුවේදී බාල්දියක් පෙරළන ලද්දේ ජාජබ ප්‍රතිපත්තියක් අනුව ද ඩීසල් මාෆියාවේ කෑම රස බැලීමේ ප්‍රතිපලයක් ලෙස ද මෙතැනදී ප්‍රශ්න කළ යුතුය.
සෝලා පවර් ව්‍යපෘති එකවරම නවතියි
ඊලගට කුමාර ජයකොඩි ඇමතිවරයාගේ කිමේ සහ කෙරීමේ වෙනසය. පෙබරවාරි 19 වෙනිදා දහවල් පාර්ලිමේන්තුවේදී අජිත් පෙරේරා මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබාදෙමින් බලශක්ති අමාත්‍යවරයා පවසන ලද්දේ සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට රජයේ කිසිඳු අදහසක් නොමැති බවය.
වැඩිදුරටත් අදහසක් දක්වමින් ඇමතිවරයා “සුර්යය බලය සීමා කිරීම වෙනුවෙන් කිසිඳු කමිටුවක් පත්ව කරලත්ව නෑ. 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යන ගමනක අපි ඉන්නේ. ඒ නිසා, සූර්ය බලශක්තිය අපට අවශයයයි. අපි, තිබූ තත්ත්වය ක්‍රමවත්ව කිරීමේ වැඩපිලිවෙලක් සිදුකරගෙන යනවා. අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගා වොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක්. ඒ නිසා බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වහේම බොරු ප්‍රචාරවලට අහුවෙන්නත් එපා.” යනුවෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ටික වේලාවකට පසු, අමත්‍යවරයා විසින්ම සුර්ය බල විදුලිය නිපදවීම සදහා අවශ්‍ය බලශක්ති අවසර පත්‍රය (Energy Permit) ලබා ගැනීම සදහා අත්‍යවශ්‍ය මුලික අවසරයක් වන තාවකාලික අවසර පත්‍රය ලබාදීම තාවකාලිකව නවතා දැම්මේය. තාවකාලික බලපත්‍රය නිකුත් කිරීම අත්හිටුවීම සමග සුර්යය බලාගාර ඉදිකිරිම සදහා වන අවස්ථාව අහිමි වීම සිදුවන්නේය. ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සදහන් කරන ලද්දේ සුර්යය බලාගාර ඉදිකිරිම නවත්වාලීම සදහා අමාත්‍යවරයා විසින් වාචිකව මෙසේ දැනුම් දුන් බවය.
අපට ‘රැවටෙන්න එපා’ කියන ඇමති තෙමේ, ටික වෙලාවකින් මල්ල කරේ තියාගෙන යන හැටි පෙනෙන විට, රටක් රැවටුණේ ද යන්න සිහියට එන්නේය.
සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය හෙවත් NCRE කප්පාදුවට, ආණ්ඩුව කමිටුවක් පත් කළේය. සම්ප්‍රදායික පුනර්ජනනීය ප්‍රභවයක් වන්නේ ජලයය. හිරු එලිය, සුළං බලය අයත් වන්නේ සම්ප්‍රදායික නොවන ගණයටය. අදාළ කප්පාදුව සදහා සුළං අයත් නොවන්නේ ගෙවල්වල, රූං පෙති සවිකර විදුලිය නිපදවීම නොකරන්නේ හෙයිනි. මෙම කමිටුව පත් කර ඇත්තේම, සුර්යය බලයෙන් විදුලිය නිපදවීම ගෘහස්ථ මට්ටමෙන් සහ මධ්‍ය, මහා පරිමාණ යන අංශ තුනෙන්ම කඩාකප්පල් කිරීමටය. සුර්යයා මත පදනම් වූ විදුලිබලය මිලට ගැනීමේ අයක්‍රමය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සදහා නව ක්‍රමවේදයක් හදුනා ගැනීම ලෙසින්, රජය විසින් මේ කමිටුව පත් කළේය.
කැපිල්ලට කමිටුවක්

විශේෂයෙන්ම සුර්ය පැනල පද්ධති අඛණ්ඩව ව්‍යාප්ත වීමත් සමග විදුලි ඉල්ලුම අඩු වැඩි අවස්ථා සලකා එම උත්පාදන ජාතික ජාලයට ලබා ගැනීම සදහා සැලසුම් සකස් කිරීම, මෙහි මුලික අරමුණ බව මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් විය. ජාතික ජාලය වෙත සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය (NCRE) ඒකාබද්ධ කිරීමත් සමඟම, විශේෂයෙන් සුර්යය බල විදුලි ජනන පද්ධතිහී අඛණ්ඩව ව්‍යාප්ත සමග, ඒ සදහා වූ කප්පාදුවක් සැකසීම මෙහි ප්‍රමුඛ අරමුණය.
වෙළඳ නිවාඩු දින සහ සති අන්තයේ, වාණිජ හා කාර්මික ක්‍රියාකාරකම් අවම වන විට, ජාල ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා කප්පාදු නියාමන යාන්ත්‍රණයක් හඳුන්වා දීම ද මීට අයත් කාර්යයකි. ස්ථීර සහ තිරසාර නියාමනයක් ස්ථාපිත කරන තුරු, මෙම කමිටු පියවර අනුව මුලික නියාමනයක් ඉක්මනින්ම ලබා ගැනීම, රජයේ අපේක්ෂාවය.
සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය උත්පාදනය කප්පාදු කිරීම සඳහා අදාළ යෝජනා ද මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ඇත. පොලොව මත ඉදිකරන සූර්ය බල උත්පාදනය කප්පාදුව ද මෙම කමිටුව මගින් තීරණය කරනවා ඇත්තේය.
තේරෙන සිංහලෙන් කියන්නේ නම්, මේ කමිටුව පත් කර ඇත්තේ සුර්යය බලයෙන් දැනට නිපදවන විදුලිය මිලදී ගැනීම් කප්පාදුව සදහාය. ජාතික පද්ධතියේ හදිස්සි බිද වැටීම් සදහා අප ප්‍රතිකර්මයක් සොයා ගත යුත්තේය. එය සිදුවන්නේ සුර්යය බලයෙන් නිපදවන විදුලිය, ඉමක් කොනක් නොමැතිව ජාතික පද්ධතියට සම්ප්‍රේශනය වීමෙන් නම්, ඒ සදහා විසදුම් ලබා දිය යුත්තේ, සුර්යය බලයෙන්, විදුලිය නිපදවීම අධෛර්යයමත් නොකරය.
ආණ්ඩුව සෝලා පවර් ගැන සිතන ආකාරය මෙසේය. ‘පපුවේ අමාරුව එන්නේ හදවත නිසාය. එයට විසදුම හදවත ගලවා දැමීමය.’
පනතින්ම බාල්දියක්
පනතින්ම බාල්දියක්

ඉංජිනේරු ජයකොඩි ඇමතිවරයා ජාතියේ විදුලිබල ඉලක්කය සදහා කනේරු ඇට කවන්නට හදන තවත් ආකාරයක් තිබේ, දැනට කෙටුම්පත් තත්ත්වයේ ඇති 2024 අංක 36 දරණ විදුලිබල පනතට සිදු කරන සංශෝධනයේ සදහන් ව ඇත්තේ සුර්යය බලයෙන් විදුලිය නිපදවන බලාගාර හි ධාරිතාවය මෙගා වොට් දහයට සිමා කරන බවය. මෙගා වොට් දහයේ ව්‍යපෘති සියල්ල මෙම සංශෝධනයෙන් නවතා දැමෙනු ඇත. ජුනි මාසයේ සිට මෙම ව්‍යාපෘති නවතා දැමීම සදහා පනතට සිදු කෙරෙන සංශෝධනය, නුදුරේම පාස් කර ගැනීම සදහා ආණ්ඩුව කටයුතු කරනවා ඇත.
මේ රටේ පුනර්ජනනීය විදුලිබලයට පැන ඇති වදුරා කවුදැයි දැන් ජනතාවට එත්තු යනවා ඇත. රටට, ආණ්ඩුවට බරක් නැතිව දොළොස් මහේ පායන හිරුගේ කිරන, විදුලියට හැරවීමට බාධා කරන්නේ වෙනත් දේශපාලන පක්ෂ මගින් සැදුම් ලත් ආණ්ඩුවක් නම් කට වසාගෙන සිටිය හැක. දුෂණය, නාස්තිය, නිලධාරී මාෆියාව, අකාර්යක්ෂමතාවය ගැන කයිය දුන් ආණ්ඩුව බලයට පත්වී මේ ආකාරයට කටයුතු කිරීමම, සපුරා අවුලකි.
අනික මේ බාල්දී පෙරලන්නේ ජාතියේ බලශක්තියේ නිවහල්භාවයටය. ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි, ජාතියේ බලශක්ති නිවහල්භාවය සදහා පරාජයේ කොඩිය දමන තුරු අප ඉවසා සිටිමුද...?
(සටහන | විශේෂ වාර්තාකරුවකු විසිනි)
සබැඳි ලිපි :
සාම්පූර් සූර්ය බලාගාරය සඳහා අප්‍රේල් මසදී මුල්ගල් තැබේ
සුර්ය බලය නවත්වන්නේ නැතැයි කී බලශක්ති ඇමති ඒ සදහා බලපත්‍ර ලබාදීම නවතා දමයි !
'සූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් නැහැ' - බලශක්ති අමාත්‍ය
විදුලිය බිඳ වැට්ටවීමේ වරදින් පානදුරේ වඳුරා ‘නිදොස් කොට නිදහස්!' | රේණුකා දමයන්ති ගමගේ
යල කන්නයට වින කරන විදුලිබල මණ්ඩලය
සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම ජාතික අපරාධයකි - චම්පික රණවක
නව විදුලිබල පනතින් පුනර්ජනනීය බලශක්තිය දිරිගැන්විය යුතුය | පිරිසුදු හා හරිත සමාජ ව්‍යාපාරය
යළි බිද වැටීමක් නොවන්නට ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමට කමිටුවක්
මන්නාරම සුළං බලාගාරය ටෙන්ඩරෙන් පිට?
හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති 30ක් වහාම අත්හිටුවයි !
ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රතිසංස්කරණ: ඉදිරියේ දී සිදුවනුයේ කුමක් ද? | ආචාර්ය ප්‍රදීප් පෙරේරා