"කෝච්චි දුවන්නේ පීලි උඩින්’ යැයි අප අසා ඇති නමුත් ඒ පීලි දරාගෙන සියලු බර උහුලා ගන්නේ සිල්පර  බව අමතකව යයි.
 
 
 "කෝච්චි දුවන්නේ පීලි උඩින්’ යැයි අප අසා ඇති නමුත් ඒ පීලි දරාගෙන සියලු බර උහුලා ගන්නේ සිල්පර  බව අමතකව යයි.
 
ඒ බව මට නැවත පසක් වූයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබූ බෙහෙවින්ම සංවේදී වීඩියෝවක් දුටු විටය. 
 
කොරෝනා ආසාදිත රෝහල්ගතව ජීවිතය සහ මරණය අතර සටන හි යෙදෙන ගිලනුන් අබියස සාත්තු සේවිකාවන් පිරිසක් ගීත ගායනා කරමින් ඔවුන්ට අස්වැසිල්ලක් දෙන අයුරු එම වීඩියෝවේ විය.
 
 
 
 
 
මෙතෙක් ජීවිතයේ ගොදුරු නොවූ, තවමත් නිෂ්චිත ප්‍රතිකාරයක් ද නැති කොරෝනා වෛරසය සිය සිරුරෙන් පලවා හරින්නට උත්සාහ කරන ආසාදිතයින්ට මේ සාත්තු සේවිකාවන් අපූරු ආශ්වාදයක් රැගෙන එයි.
 
ආසාදිතයින් ද ඔවුන්ගේ ගායනයට අත්පොලසන් දෙමින් සහය දක්වයි.
 
වීදුරු රාමුවකින් වටවූ රෝහල් කුටියතුල කෙරෙන මේ සංවේදී මිනිස් ගණුදෙනුව හිතට එක් කළේ "දෙවියන් මිහිපිට සිටින අතර ඔවුන් මිනිස් වෙසින් ඔබට එදිනෙදා හමුවනු ඇත"යන කතාවයි.
 
 
covid 06.01
ඔවුන් Silent Heroes හෙවත්  ‘නිහඬ විරුවන්’ය.
 
 
 
මේ වනවිට කොරෝනා ව්‍යසනය මුලු ලෝකයම සිය ග්‍රහණයට ගෙන අහවරය. දෙවසරක් තිස්සේ හදුනානොගත් වෛරසයක් මුලු ලෝකයම සියතට ගෙන ඇත්තේ මේ සියවස තුළ ලෝකයට කළ බලවත්ම තර්ජනය සිදු කරමින් ය.
 
ආගන්තුක ත්‍රස්තයාගෙන් බේරෙනු පිණිස ලෝකයාම අහසපොලව ගැටලමින් සිටින අතර තවත් පිරිසක් ජීවිතය පරදුවට තබමින් වෛරසය ගිලගත් මිනිසුන් සුවපත් කිරීමට අප්‍රමාණ වෙහෙසෙති.
 
ඒ, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයි.
 
විශේෂයෙන්ම  යම් යම් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොරෝනා ව්‍යසනය ඉදිරියේ පසුබා ගිය අවස්ථා තිබුණි.
 
එහෙත් ලංකාවේ වෛද්‍යවරු, හෙද කාර්යමණ්ඩල, සුලු සේවකයින්, ආරක්ෂක අංශ, ආදාහනාගාරවල සේවය කරන්නන් ඇතුලු විශාල පිරිසක් කොරෝනා ව්‍යසනයට එරෙහිව ඉදිරිපෙළ මෙහෙයුම දියත් කරන අයුරු උදාරය.
 
ඔවුන් Silent Heroes හෙවත්  ‘නිහඬ විරුවන්’ය.
 
 
 
මෙරට කොරෝනා ව්‍යසනය අබියස ද සුපුරුදු පරිදි සමස්ත දේශපාලන යාන්ත්‍රණය අසමත් ය.එය ආණ්ඩුවට පමණක් ලඝු නොවන අතර සමස්ත දේශපාලනඥයින් ලෙස අර්ථගැන්විය යුතුය.
 
 
බලය පමණක් කේන්ද්‍රගත කරගත් න්‍යය පත්‍රය මෙරට දේශපාලනඥයින් අත තබාගෙන සිටින අතර ඔවුන්ට එයින් තොර ජීවිතයක් ඇත්තේ නැත.
 
දේශපාලන  බල ක්‍රීඩාව බරපතල ලෙස වැළඳුණු කොට්ඨාසයක් ලෙස මෙරට දේශපාලනඥයින් හැඳින්විය හැකි අතර එකී බල ක්‍රීඩාව ජයගැනීම වෙනුවෙන් ඔවුහු නොකරන දෙයක් නැත.
 
එය ලෝකයේ ම පවතින තත්ත්වයක් වන නමුත් දකුණු ආසියානු කලාපයේ ඒ තත්ත්වය ඉතා උග්‍ර ය.
 
 
 
WhatsApp Image 2021 06 01 at 10.48.03 AM
 
 
 
දේශපාලන බල ක්‍රීඩාවේ තරම මේ වන විටත් අසල්වැසි ඉන්දියාව විසින් මනාව ඔප්පු කොට ඇති අතර එතැන් සිට නාවික සැතපුම් විසිහතරක් මෙපිටින් පිහිටා ඇති ශ්‍රී ලංකාවේද එය එතරම් වෙනසක් නැත.
 
" මල ගමකට ගොස් මඟුල් කාඩ් බෙදීමට" සමාන කළ හැකි කටයුතු ඉන්දියාවේ ආණ්ඩුවත් මෙරට ආණ්ඩුවත් තරගයට මෙන් සිදුකරන අතර අදානි සමාගම අභියස ඉන්දියාව නැටු නාඩගමත් පෝර්ට්සිටි ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව නැටූ නාඩගමත් ඊට කදිම උදාහරණ ය.
 
 අමෙරිකාවේ ජෝ බයිඩ්න් ඉතාම සුළු බහුතරයක් සහිතව බලය ලබා ගත් නායකයෙකි. ඔහුගේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පාර්ලිමේන්තු බලය දරන අතර එවන් තත්ත්වයක් තුළ පවා ඔහු ඉතාම සූක්ෂ්ම ලෙස කොරෝනා මර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කළේය.
 
ට්‍රම්ප් විසින් සොහොන් බිමක් කරා වේගයෙන් රැගෙන යමින් සිටි අමෙරිකාව බයිඩ්න් විසින් දින පනස් අටකදී වෙනස් කරමින් ය. 
 
ඔහු සිය සෞඛ්‍ය අංශ කෙරෙහි අතිමහත් විශ්වාසයක් තැබූ අතර ඇමෙරිකාවේ ජනාධිපති වූ සැනින් ඔහු මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර්ය සාධක බලකාය සඳහා තෝරාගත්තේය.
 
 
biden 2 oct afp
ට්‍රම්ප් විසින් සොහොන් බිමක් කරා වේගයෙන් රැගෙන යමින් සිටි අමෙරිකාව බයිඩ්න් විසින් දින පනස් අටකදී වෙනස් කළේය.  
 
 
 
අමෙරිකාව සිය දීර්ඝතම යුද්ධය වන කොරෝනාව  අවසන් කිරීම සඳහා ස්වකීය මූලික අවධානය යොමු කරන බව පැවසූ බයිඩ්න් ඒ උදෙසා උපරිම සහයෝගය සෞඛ්‍ය අංශ වලට ලබා දුන් අතර එන්නත්කරනය පදික වේදිකාව අසලටම ගෙනාවේය .
 
සිය සෞඛ්‍ය සේවකයින්ට උපරිම ගෞරවය සහ රැකවරණය ලබා දුන් බයිඩ්න් එන්නත් කරණයෙන් පසු  තමන් සතු AstraZeneca කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 60කට එහා අනෙකුත් රටවල් වෙත බෙදා හැරීමේ "එන්නත් දන්සල"ආරම්භ කළේය.
 
 
 
 
පක්ෂ විපක්ෂ කවුරුත් සිය අසමත්කම මැනවින් ප්‍රදර්ශනය කරන ශ්‍රී ලංකාවේ corona අභියස තේමා පාඨය වී ඇත්තේ ”කොවිඩ් සමඟ ජීවිතයක්” සංකල්පයයි. ඒ වෙනුවට ”කොවිඩ් නැති ජීවිතයක්” යන සංකල්පය සමාජගත කිරීමට වෙහෙසෙන්නේ මෙරට සෞඛ්‍ය අංශවල කටයුතු කරන පිරිස් ය.
 
සත්‍ය වශයෙන්ම කොරෝනා ව්‍යසනය අබියස ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයක් දරා සිටින්නේ සෞඛ්‍ය අංශවල පිරිස් ය.
 
කොරෝනා ආසාදිතයින් බොහෝ දෙනෙක් සත්‍ය වසන් කරන අතර එවන් තත්ත්වයක් තුළ අනතුර, වෛද්‍යවරු, හෙදකාර්ය මණ්ඩල ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත එල්ල වෙයි.
 
 
1620690978 covid death toll sri lanka
 
 
යාන්තමට යටපත් වූ පළමු රැල්ල ඉන් අනතුරුව සුනාමියක් බවට පත්වූයේ බලයේ සිටින්නන් ගේ සිට සියලු දේශපාලනඥයින්ගේ අවිනීත සහ අදූරදර්ශි වැඩපිළිවෙළ නිසා ය.
 
 
 
වගකීම් වගකීම්සහගත බව:
 
 
 
එහෙත් මේ සියල්ල අබියස මෙරට සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ පාර්ශ්ව පුදුමාකාර වගකීම් වගකීම්සහගත බවකින් කටයුතු කළහ.
 
අත්‍යවශ්‍ය ආරක්ෂිත සෞඛ්‍යමය උපකරණ පවා නැති තත්ත්වයක් තුළ පවා ඔවුහු මිනිස්සුන් වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කළහ.
 
පළමු රැල්ල අවස්ථාවේ ඊට මුහුණ දීමට කිසිදු සෞඛ්‍යමය ආරක්ෂිත උපකරණ හෝ මෙවලම් අවශ්‍ය තරම් නොතිබූ තත්ත්වයක් තුළ ඇතැම් සාත්තු සේවක සේවිකාවන් මුව ආවරණ ලෙස භාවිතා කළේ කළේ තමන්ගේ ලේන්සුව ය.
 
 
Mandel 1.06
 
 
''විජයග්‍රහණයේ සැමරුම් අභිමුව අන් සියල්ලන් පෙරමුණෙහි ද ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතු වන්නේය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබිමුවෙහි දී ඔබ හැමවිටම පෙරමුණ ගත යුතු වන්නේය. එවිට නායකයෙකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්රවනු ඇත.'' යනුවෙන් නෙල්සන් මැන්ඩෙලා පවසා ඇත.
 
අපේ රටේ සෞඛ්‍ය සේවයේ පිරිස උදෙසා එය සහමුලින්ම ඇත්තකි. ඔවුහූ තිරය පිටුපස මහා කාර්යභාරය ඉටුකරන විරුවන්ය.
 
එහෙත්, දේශපාලකයින් අභියෝග සෞඛ්‍ය අංශවලට භාර දී ජයග්‍රහණයේ සැමරුම් තමන් සතු කර ගනී. 
 
 
එබැවින් සාමාන්‍ය පිළිවෙත වන්නේ යමක් සාර්ථක වූ ටිට එහි ගෞරවය සහ වාසිය දේශපාලනඥයින විසින් ලබාගෙන යමක් ආසාර්ථක වුවහොත් එහි අගෞරවය සහ අවාසිය අනෙකාට බැර කිරීමය.
 
 
 කොරෝනා ව්‍යසනය ආරම්භ වූ අවස්ථාවේ සිටම මෙරට සෞඛ්‍ය අංශ ඉටු කරන මෙහෙවර අසාමාන්‍යය ය. ව්‍යසනය පාලනය කිරීමටත්, ආසාදිතයින් සුවපත් කිරීමටත් ඔවුන් ගත් වෙහෙස අප්‍රමාණය.
 
පළමු රැල්ල මැඩ පැවැත්වීමෙන් පසු ඇතැමුන් එහි ගෞරවය බෙදා ගන්නට සටන් කළහ. දේශපාලන යාන්ත්‍රණය එහි ඉදිරියෙන්ම විය. 
 
නමුත් පසුව පැමිණි දෙවැනි,තෙවැනි රැලි සමඟ උද්ගතවූ තත්ත්වය අවාසනාවන්ත විය. බොහෝ දුරට දේශපාලන යාන්ත්‍රණයේ වරදින් එම රැලි පැමිණි නමුත් චෝදනාව එල්ල වූයේ සෞඛ්‍ය අංශ ඇතුලු නිලධාරී යාන්ත්‍රණයට ය.
 
අද වෙනවිට ශ්‍රී ලංකාවේ තත්ත්වය අවාසනාවන්ත බවේ මුවවිටට පැමිණ තිබේ. දිනකට දෙතුන්දාහක් ආසාදිතයින්  හමුවන අතර බියජනක ලෙස මරණ ප්‍රමාණය ද ඉහල ගොස් ඇත.
 
කොරෝනාවට එරෙහි සටනේ යෙදෙන පිරිස් ජනතාවට කියන්නේ " නිවසට වී සුරක්ෂිත වන්න" කියාය. එලෙස සුරක්ෂිතව නිවසේ සිටින්නට පුරවැසියන්ට ඉඩ සලසා දීම උදෙසා නිවසින් පිටතට ගොස් මහත් මෙහෙවරක් ඉටු කරන පිරිස අතිශයින්ම උදාරය. 
 
 
 
 
 
එන්නත්කරණ කටයුත්තේදීත් ඉතා බරපතල ලෙස දේශපාලනය මැදිහත් වී ඇත. කූපන් ක්‍රමයට තම තමන්ගේ හිතවතුන් එන්නත්කරණය කිරීමට බොහෝ දේශපාලකයින් වෙහෙසෙන අතර එහිදී ද පීඩනය එල්ල වන්නේ සෞඛ්‍ය  කාර්ය මණ්ඩල වෙතට ය. මොරටුවේ සිදුවූ කුප්‍රකට සිදුවීම ඊට උදාහරණයකි.
 
සාමාන්‍යයෙන් යුද්ධයකදී සතුරා දැකගත හැකිය. එහෙත් කොරෝනා වෛරසය ඊට වඩා බිහිසුණු යුද්ධයකි. සතුරා සැගවී සිටින බවවත් පෙනෙන්නේ නැත.නොපෙනෙන සතුරෙක් සමඟ කරන යුද්ධය බෙහෙවින්ම බියකරුය. 
 
එවන් යුද්ධයක යෙදෙන වෛද්‍යවරු ඇතුලු සමස්ථ සෞඛ්‍ය අංශ වෙත නොපැකිලවම මිනිස් සංහතියේ ගෞරවාදරය හිමිවිය යුතුය.
 
කිසිදාක අමතක කළ නොහැකි සහ අමතක නොකළ යුතු මෙහෙවරක් ඔවුහූ ඉටු කරති.
 
සාමාන්‍ය මිනිස් ස්වභාවය වන්නේ බොහෝ දෑ ඉක්මනින් මතකයෙන් අමතක කිරීමය. එමෙන්ම කිසියම් අතපසු වීමකින් යමෙක් කරන ලද වරදක් හේතුකොටගෙන සමස්ථයටම එම ලේබලය ඇලවීම සුපුරුදු පිලිවෙත ය. 
 
 
 
මෙරට සෞඛ්‍ය සේවය තුළ ඇත්තේ පුද්ගලයින් 1203ට එක වෛද්‍යවරයෙකි. පුද්ගලයින් 540ට එක් හෙද නිලධාරියෙකි. එහෙත් ඔවුන් 24 පැයේම සේවයට පේවී සිටී. බොහෝවිට හිමිදිරියේම නිවෙසින් බැහැර වන ඔවුහූ පෙරළා පැමිණෙන්නේ මැදියම් රැයේදී ය. ඇතැම්විට දින කිහිපයක රාජකාරියෙන් පසුවය.ඔවුන් සේවය කරන්නේ හඳුනා නොගත් වෛරසයකට එරෙහිවය. ඇතැම්විට ඒ වෛරසය ඔහු හෝ ඇය සමඟ නිවෙසට එන්නටද පිළිවන.
 
මේ සියලු තත්ත්වයන් අභියස පවා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාත් ආරක්ෂක අංශය ඇතුළු අත්‍යවශ්‍ය  සේවාවන් හි යෙදෙමින් කොරෝනා ව්‍යසනය පරාජය කිරීමට ඇප කැප වන සියලු දෙනාත් ජාතියේ ඉරණම යහපත් තැනකට රැගෙන එන්නට කැපවූ ශ්‍රේෂ්ඨතමයින් ලෙස අනාගතයේදී මුද්‍රා තැබිය යුතුව ඇත.
 
 
WhatsApp Image 2021 06 01 at 8.11.47 AM(ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ) 
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
 
 
 
 
 
 
 
 
 
###############
THE LEADER TV 
 
 
එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !
 

 
 
බැසිල් චීනෙට ගිහින් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්