ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 6400ක් ගැන පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී තමා ප්‍රශ්න කළත් ඊට විසඳුම් නොලැබුණු බව විපක්ෂ

නායකවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම ආයතනය සතුව තැන්පත්කරුවන්ගේ වත්කම් මුදලින් බිලියන 11.6ක් සහ බිලියන 5.5ක වත්කම් ද පවතින බවට 2019 වත්කම් තක්සේරුවකදී හෙළිදරව් වී ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට පැවසීය.

දූෂණ වංචාවකින් තොරව ද ෆිනෑන්ස් ආයතනය ඈවර කර තැන්පත්කරුවන්ගේ මුදල් තැන්පතු ලබා දීම හෝ වෙනත් ආයතනයකට හෝ විදේශ ආයතනයකට බාරකාරීත්වය ලබා දී මේ අහිංසක මිනිසුන්ගේ තැන්පතුවලට සුරක්ෂිතභාවයක් ලබා දිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඊට අමතරව මෙම ආයතනය වංචාවකින් දූෂණයකින් තොරව අලෙවි කර තැන්පත්කරුවන් සතු මුදල් ලබා දිය හැකි බවත් මේ ගැන අවස්ථා ගණනාවකදී ඇසුවත් විධිමත් පිළිතුරක් නොමැති බැවින් කඩිනම් විසඳුමක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 (චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්