මෙය නූඩ්ල්ස් ගැන  කතාවක් නොවේ.

නූඩ්ල්ස් නිසා සිද්ධ වූ කතාවකි.

කතාව සිද්ධ වෙන්නෙ නූඩ්ල්ස්වලට කිසිම සම්බන්ධයක් නැති පොහොර සමාගමක් තුල ය.

ඇන්ග්ලෝ කෙම් පොහොර සමාගම අමුතු විදියට මාර්කටිං කළ සමාගමකි.

 

ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම් තුල කිසියම් 'දඟකාරමක්' සහිත කොපි ලිවීමට නිදහස ලැබුණි.

 

කිසියම් වෙනස් ආරක නිෂ්පාදන පෙළක් ඔවුන් සතු විය.

පළතුරු මැස්සන් මර්දනයට ඔවුන් හඳුන්වා දුන් ට්‍රැෆිනෝල් උගුල එවැන්නකි.

ගොළුබෙල්ලන් මර්දනයට හඳුන්වා දුන් ස්නේල් x තවත් එවැනි නිෂ්පාදනයකි.

අද කියන්නේ ගොළුබෙල්ලන් මර්දනය කිරීමට ගොස් කෙළ වූ පුවතයි.

මුළින් කියූ පරිදි ඇන්ග්ලෝ කෙම් සමාගමේ අලෙවි අංශයේ සිටියේ කොපි රයිටර්ලාට නිදහස දුන් නිලධාරින් පිරිසකි.

ඔවුන් ගොළුබෙල්ලන් මර්දනයට හදුන්වා දුන් ස්නේල් x  දැන්වීම නිර්මාණය කොට ඉදිරිපත් කිරීමට ගියේ ස්පෙන්සර් සමග ය.

 

ferti

ස්නේල් x යනු කුඩු වර්ගයකි.

ස්පෙන්සර් යනු වාත වර්ගයකි.

ස්නේල් x  විශේෂයෙන්ම වැදගත් වූයේ මල් වගාකරුවන්ට ය.

රාත්‍රී කාලයට එය ගෙමිදුලට ඉසිය යුතුය.

ගොළුබෙල්ලන් උදේ වනවිට නැති භංග වී යයි.

ස්පෙන්සර් නියෝජනය කළේ පාරිභෝගික සේවා අංශය යි.

ඔහු සමග ඇන්ග්ලෝ කෙම් වෙත වාහනයේ ගමන් කරද්දී ඔහු පැවසුවේ එදින රැස්වීමට උපදේශකයකු වශයෙන් උදිත ලියනගේ මහතා සහභාගි වන බවයි.

උදිත යනු මාර්කටිං "ගුරු" කෙනෙකි.

 

ෂෝ වොලස් සමාගමේ සිටියදී උදිත ලියනගේ  තියරිවලින් නූඩ්ල්ස් හා M&M චොකලට් මාර්කට් කරන්න ගොස් සිදු වූ අලකලංචිය ගැන ද ස්පෙන්සර් කිව්වේ කාර් එකේ ගමන් කරද්දීම ය.

 

ඔන්න දැන් ප්‍රසෙන්ටේෂන් එක ආරම්භ විය.

පළමු දැන්වීම දිග හැරුණි.

එහි හෙඩිම මෙසේය.

' දැන් ගොළුබෙල්ලන්ටත් කුඩක්'

කියන්න ලැබුනේ එපමණකි.

උදිත ලියනගේ කුඩු පිළිබද විග්‍රහයක් කරන්න පටන් ගත්තේය.

මද වේලාවකට පසුව නැවතත් දැන්වීම ඉදිරිපත්  කෙරුණි..

' දැන් ගොළුබෙල්ලන්ටත් කුඩක්'

කිව්වේ එච්චර ‍ය.

present

නැවතත් උදිත කුඩු විග්‍රහය පටන් ගත්තේය.

මෙය කිහිප වතාවක්ම සිදු විය.

 ඇන්ග්ලෝ කෙම් සමාගමේ සෙසු නිලධාරින් ද උපදේශකතුමාට ඉඩදී නිහඬව සිටී.

දැන්වීම හෙඩ් ලයින් එකෙන් එහාට යන්නේ නැත.

අවසානයේ පිටපත් රචකයා  නැගී සිටියේය.

ඔහුට පිහිට වූයේ ස්පෙන්සර් වාහනයේ එද්දී කියූ වදන් ය.

එවර ඇඩ් එක ඉදිරිපත් කිරීම මෙසේ ආරම්භ විය.

 

" නූඩ්ල්ස් විකුණනවා වගේ පෝර විකුණන්න බෑ..."

 

උදිත කට පියාගත්තේ ය.

එක දිගට ප්‍රසෙන්ටේෂන් එක කරගෙන යන්න ඉඩ කඩ විවර වුණි.

ඇඩ් එක උඩින්ම අනුමත විය.

එහෙත් ස්පෙන්සර් යකා වගේය.

අවසානයේ අලෙවි අධ්‍යක්ෂවරයා ගේ කාමරයට පැමිණෙන ලෙස දැනුම් දුනි.

"දැන් කන්න බලාගෙන පළයන්..."

ස්පෙන්සර් කිව්වේ එහෙමය.

 සමාගමේ අධ්‍යක්ෂවරයා පිටපත් රචකයා අසලට පැමිණ ඔහුගේ අත් දෙක අල්ලාගෙන මෙසේ පැවසීය.

 

" මෙච්චර දවසක් අපට කියාගන්න බැරුව හිටපු දේ අද ඔයා කිව්වා ...

 

අපි මේ තැන්වලට නිකං ආවේ නෑ...

කුඹුරුවල බැහැලා, ෆීල්ඩ් එකේ කට්ට කාලා දුක් විඳලා අපි මෙතෙන්ට ආවේ...

උඩින් එන කන්සල්ටන්ට්ලට මේවා තේරෙන්නේ නෑ...."

Feb22 15 758282249

දැන් ස්පෙන්සර්  යලි වාහනයට ගොඩ වූයේ පෙරලා කාර්යාලයට පැමිණිම සදහා ය.

වාහනයට නැග්ග තැන පටන් බහින තෙක්ම ස්පෙන්සර් පිටපත් රචකයාට බැන්නේය.

ස්පෙන්සර්ට ක්ලයන්ට් දෙයියෝ ය.

උදිත ලියනගේ යනු දේව මණ්ඩලයේ ප්‍රධානීයා ය.

 

ඔහුගේ දෙයියන්ගේ කට වහන්න පාවිච්චි කර තිබුනේ ඔහුම ලබාදුන් ආයුධ යි.

 

ස්පෙන්සර් ට මළ පැන තිබුනේ එබැවිනි.

කාර්යාලයට පැමිණි වහාම ඔහු කළේ පාරිභෝගික සේවා අධ්‍යක්ෂවරයා වූ ශාන්ති නඩරාජාට කියා පිටපත් රචකයාව ඇන්ග්ලෝ කෙම් ගිණුමෙන් ඉවත් කිරීම ය.



(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්