ඇඩ්වර්ටයිසිං ලෝකයේ අපට සෙට් වුණු බොහෝ දෙනා පොතක් පතක් නොකියවන නිවුස් එකක් නොබලන අමුතු සත්ව කොට්ඨාසයකි.
ඇඩ්වර්ටයිසිං ලෝකයේ ඉන්න බොහෝ දෙනාට සිංහල සිංදු අරහං ය.
සිංහල සිංදුවක් අසන්නා ඇඩ්වර්ටයිසිං බයියෙකි.
එහෙත් ඉංග්‍රීසි සිංදු අසන්නා එසේ නොවේ.
ඔහු පොෂ් ටොයියෙකි.
ටොයියන් බයියන්ට සිනාසෙයි.
බයියන් ටොයියන්ට සිනාසෙයි.
ඔහු පොෂ් ටොයියෙකි.
ටොයියන් බයියන්ට සිනාසෙයි.
බයියන් ටොයියන්ට සිනාසෙයි.
ටොයියන්ට අනුව බයියා රවුඩීස්ලා ය.
බයියන්ට අනුව ටොයියා පොත්ත රතු දෙන්නුන් ය.
මෙහිදී දෙන්නුන් යනුවෙන් අදහස් කළේ දෙනවා යන්න නොවන බව කරුණාවෙන් සලකන්න.
ටොයි බස ඉංග්‍රීසිය.බයි බස ගොරකා සිංහල ය.
ටොයියන් යන්නේ නයිට් ක්ලබ් ය.
බයියන් වැඩිම උනොත් යන්නේ රන්දෝලි ය.
ටොයියාට වඩා බයියා නිර්මාණශීලී ය.
ටොයියා කාඩ් ගහන්නේ බයියන්ටය.
එහෙත් බයියාට ටොයි, බයි කියා වෙනසක් නැත.
ඌ කාණ්ඩ දෙකටම කාඩ් ගහයි.
බයියන් වැඩිම උනොත් යන්නේ රන්දෝලි ය.
ටොයියාට වඩා බයියා නිර්මාණශීලී ය.
ටොයියා කාඩ් ගහන්නේ බයියන්ටය.
එහෙත් බයියාට ටොයි, බයි කියා වෙනසක් නැත.
ඌ කාණ්ඩ දෙකටම කාඩ් ගහයි.
පොපි මල් ව්‍යාපාරය වෙනුවෙන් හැදෙන ඇඩ් එකට වැඩිපුරම වාගේ සිංහල හඬ දුන්නේ සමන් ආතාවුදහෙට්ටි ය.
සමන් පළමුව වොයිස් කරන්න ආ විට අපේ ටොයි AV මැනේජර් කෙනෙක් මෙසේ ඇසුවාය.
" කවුද අනේ සමන්...? එයාට වොයිස් කරන්න පුළුවන් ද...?"සමන් වොයිස් කළ පසු මෙසේ ඈ මෙසේ ඇසුවාය." අනේ ඉන්ග්ලිෂ් වොයිස් එකත් එයාට කියලා කරන්න බැරිද.... ප්ලීස් ...?"
මෙහෙම එවුන් එක්ක වැඩ කළාට අපට දෙකේ හතරේ පොලුවලින් තැලිය යුතුය.
මේ අටුවා ටීකා ලිව්වේ ටොයියෙකුට දුන් ලනුවක් ගැන කියන්නටය.
ග්‍රාන්ට්ස් එකේ ශොබානා නමින් ලලනාවක් උන්නාය.
ඇය ටොයි කුලයේය.
ටොයියන්ට අනුව ඇගේ නම පොෂ් ය.
බයි විචාරකයන්ට අනුව මේ නම විකාශය වී ඇත්තේ සෝබනී - සෝබනා - ශෝබනා - ශොබානා ලෙසිනි.
ශොබානා ග්‍රාන්ට්ස් එකේදී මරු බිස්නස් එකක් කළාය.
ඇය එය සිදු කළේ ඇගේ අතින් සත පහක්වත් ආයෝජනය නොකරය.
මේ අටුවා ටීකා ලිව්වේ ටොයියෙකුට දුන් ලනුවක් ගැන කියන්නටය.
ග්‍රාන්ට්ස් එකේ ශොබානා නමින් ලලනාවක් උන්නාය.
ඇය ටොයි කුලයේය.
ටොයියන්ට අනුව ඇගේ නම පොෂ් ය.
බයි විචාරකයන්ට අනුව මේ නම විකාශය වී ඇත්තේ සෝබනී - සෝබනා - ශෝබනා - ශොබානා ලෙසිනි.
ශොබානා ග්‍රාන්ට්ස් එකේදී මරු බිස්නස් එකක් කළාය.
ඇය එය සිදු කළේ ඇගේ අතින් සත පහක්වත් ආයෝජනය නොකරය.
ශොබානා CSE ඇප් එක දමාගෙන උන්නාය.
ඒ කිව්වේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ ඇප් එක යි.
ග්‍රාන්ට්ස් එකේ කොටස් ගනුදෙනු කළ කිහිප දෙනෙකුම විය.
ගිණුම් අධ්‍යක්ෂවරයාත් ඒ අතර විය.
එහෙත් ශොබානා කොටස් මිලට ගත්තේ ගිණුම් අධ්‍යක්ෂවරයා ගෙන් සල්ලි අරගෙනය.
ඒ වගත් මෙසේය.
ඇය IOU එකක් දමා සල්ලි ගනී.
ඒ සල්ලිවලින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් කොටස් මිලට ගන්නා ඇය මිල නගින විටම තම කොටස් විකුණා දමන්නීය.
ඉන් පසු IOU එකත් සෙට්ල් කර ලාභය පර්ස් එකට දමා ගනී.
මේ කතාව බොහෝ දෙනා නොදන්නා එකකි.
මේ අතර ශොබානා හොඳම ඓතිහාසික ලනුවක් කෑවාය.
කෑවා කිව්වාට කෑවාමත් නොවේ, කන්නට සැලැස්සුවෙමු.
එසේ වූයේ ද.මු. දසනායක ඇමැතිතුමාගේ හදිසි මරණය අවස්ථාවේදී ය.
ද.මූ. යනු ටිකක් නහර ඇමැතියෙකි.
එතුමාට ආනමඩුවේ තලගොයා නමින් ගෞරව නාමයක් ද තිබුනා මතකය.
එකල බොහෝ ඒජන්සිවල සංගීත කටයුතු අධ්‍යක්ෂණය කෙරුණේ රංග දසනායක අතිනි.
රංග දසනායක යනු සරත් දසනායක ගේ පුත්‍රයා ය.
එසේ වූයේ ද.මු. දසනායක ඇමැතිතුමාගේ හදිසි මරණය අවස්ථාවේදී ය.
ද.මූ. යනු ටිකක් නහර ඇමැතියෙකි.
එතුමාට ආනමඩුවේ තලගොයා නමින් ගෞරව නාමයක් ද තිබුනා මතකය.
එකල බොහෝ ඒජන්සිවල සංගීත කටයුතු අධ්‍යක්ෂණය කෙරුණේ රංග දසනායක අතිනි.
රංග දසනායක යනු සරත් දසනායක ගේ පුත්‍රයා ය.
සරත් දසනායක යනු මේ රටේ බිහිවූ විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරයකු බව ටොයියන් ගේ දැනගැනීම පිණිස සටහන් කළ යුතුව ඇත.
අපි ශොබානා ට ඇසෙන සේ මෙවැනි නාට්‍යමය ජවනිකාවක් කළෙමු.
" බලපං මචං, රංගගේ බාප්පා නැති වෙලානේ"
" රංග දසනායකගේ...?"
" ඔව්.., සරත් දසනායක ගේ මල්ලිනේ
ද.මු. දසනායක කියන්නේ .. ඒ කියන්නේ රංහ ගේ බාප්පා නේ..."
ශොබනා මේ ටික හොදින් අසා සිටියාය.
" බලපං මචං, රංගගේ බාප්පා නැති වෙලානේ"
" රංග දසනායකගේ...?"
" ඔව්.., සරත් දසනායක ගේ මල්ලිනේ
ද.මු. දසනායක කියන්නේ .. ඒ කියන්නේ රංහ ගේ බාප්පා නේ..."
ශොබනා මේ ටික හොදින් අසා සිටියාය.
පෙටි කෑෂ් වවුචර් එකක් ලිව්වාය.
නැගිට්ටාය.
එකවුන්ට්ස් අංශයට ගියාය.
දැන් ඇගේ සූදානම ආනමඩුව දුර නිසා මල් වඩමක් ගෙන කොල්ලුපිටියේ පිහිටි රංගගේ කාර්යාලයට යැවීමට ය.
රංග දසනායකට අප කිව්වේ මෙච්චරය.
" මචං, අපි ශොබානාට කිව්වා
ද.මු. දසනායක උඹලෑයි බාප්පා කියලා ... ඔන්න ගෑණි දැන් මල් වඩමක් එවන්න හදනවා...උඹ එහෙනං වැඩේ බැලන්ස් කරගනිං...!"