මේක අතීත කතා වස්තුවකි.
ග්‍රාන්ට්ස් ලොක්කා වූ රෙජී කන්දප්පා මහතාගේ උපන්දින උත්සවය ජයට ගැනෙන්නකි.
කේක් එක කැපීමත්, සුබ පැතීමත් උදේ වරුවේ සිද්ධ වන්නකි.
බොස් ගේ උපන්දිනයට සුබ පතන හැම එකාගේම මුහුණු බොසාට මතක ඇතැයි ඒජන්සිවල ඉන්න ලොකු කුඩා හැම මැට්ටෙක්ම විස්වාස කරන දෙයකි.
රෙජී කන්දප්පා
බොසාට සුබ නොපැතුවොත් එය ඉන්ක්‍රිමන්ට් එකට, බෝනස් එකට බලපානු ඇතැයි ඒජන්සිවල වැඩ කරන ප්‍රගතිශීලී, ප්‍රතිගාමී හැමෝම සිතති.
ඒත් ඒක ඇත්ත නොවේ.
බොස්ලාට මේවා මුකුත් මතක නැත.
විෂ් කළාද, නොකළාද කියා නම් ලකුණු කරන්නේ නැත.
එකෙක්වත් බොස්ගේ උපන්දිනයට සුබ නොපැතුවොත් අන්න ඒක නං මතක තියෙන්න පුළුවන.
බොස්ගේ උපන්දිනය දාටත් බොස් එන්නේ වෙනදා අඳින ඇඳුම ඇඳගෙනය.
එහෙත් එදිනට අලුත්ම කිට් බස්සන අයද ඒජන්සිවල සිටිති.
ඕවර් ඇක්ටිං සහිතව බොස්ට විෂ් කරන්න යන්නේ මේ කට්ටියයි.
එදාට බොස්ගේ අයිතිකාරයන් ඔවුන් ය.
මේ සෙට් එකේ අති බහුතරයක් කාන්තා පාර්ශ්වය නියෝජනය කරන බව ඔවුන්ට ගෞරව පිණිස සදහන් කළ යුතුය.
කියන්න හදන්නේ ග්‍රාන්ට්ස් එකේ කතාවක් වුවත් බොස්ගේ බර්ත්ඩේ නාඩගම කොයි ඒජන්සියටත් පොදුය.
ඔන්න දැන් රෙජී කන්දප්පා මහතාගේ උපන්දිනය දවස උදාවිය.
වෙනදා සිද්ධ වෙන හැමදේම එදත් සිදුවිය.
ඊට අමතරව තවත් සුවිශේෂී යමක් සිදුවිය.
එනම් සෙසු මුට්ටි අල්ලන් පරදවමින් විශේෂ මුට්ටි ඇල්ලීමක් එදින සිදු විය.ඒ ඩග්ලස් පෝල් අතිනි.
ඩග්ලස් පෝල්
ඩග්ලස් පෝල්ට කෙටියෙන් කියන නම ඩගියා ය.
ඩගියා එදා රෙජී කන්දප්පා ගේ රූපයක් අඹාගෙන ඇවිත් උපන්දින තෑග්ග වශයෙන් පිරිනැමුවේය.
රෙජීට ෆුල් හැපිය.
ඩගියාටත් එහෙමය.
ටිකක් හරි අන්හැපියේ ඉන්න ඇත්තේ වෙනදාට උඩදාගෙන විෂ් කරන්න එන ගෑනු සෙට් එක විය යුතුය.
හැමෝම කතා වෙන්නෙ ඩගියාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක ගැනය.
මෙදා පාර ඩගියාට ලොකු ඉන්ක්‍රිමන්ට් එකක් ෂුවර් ය.
වටින් පිටින් එකා දෙන්නා එහෙම කියනු ඇසේ.
" පිස්සුද බං..!"
ඩගියා එවිට එහෙම කියයි.
" ඇත්තටම ඉන්ක්‍රිමන්ට් එකක් වදින්න පුළුවන් ..."
ඩගියාගේ යටි හිත කියන්නේ එහෙමය.
නාට්‍යය පටන් ගත්තේ ඊට පස්සේ ය.
ලහි ලහියේ ඉන්ක්‍රිමන්ට් ලෙටර් එකක් ලියවෙයි.
එය හැදෙන්නේ රෙජී කන්දප්පා ගේ කාමරයේ නොව ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එක ඇතුලේය.
ශෙහාන් කරුණාතිලක
ලිපිය ලියන්නේ සම්මානනීය ලේඛකයෙකි.
ඔහු ශෙහාන් කරුණාතිලක ය.
ඊට රෙජී කන්දප්පා ගේ අත්සනද වදී.
රෙජී කන්දප්පා ගේ අත්සන රෙජීටත් වඩා හොඳට ගැහුවේ ආර්ට් ඩිරෙක්ටර්වරයකු වූ ඇන්ටන් තානාපති විසිනි.
එහි ඇත්තේ සුළු පටු ඉන්ක්‍රිමන්ට් එකක් නොවේ.
ඉලක්කම් 5 ක ඉන්ක්‍රිමන්ට් එකකි.
මීළඟට කළ යුතුව ඇත්තේ මේ ඉන්ක්‍රිමන්ට් ලෙටර් එක ඩග්ලස් පෝල් අතට පත් කිරීමයි.
එකල කන්දප්පා ගේ පියන් වූයේ ශාන්ත ය.
මුලින් ශාන්ත ඊට බිය විය.
" තොට තියෙන්නේ මේක ඩග්ලස් ගේ අතට දෙන එක විතරයි ... වෙන කරන්න දේවල් නෑ.."
කී විට ශාන්ත ඊට කැමති විය.
ඩගියා ට ලිපිය ලැබුණි.
ඇන්ටන් තානාපති
ඔහු ඒකත් රැගෙන කෙලින්ම ගියේ ටොයිලට් එකටය.
ඉන් පසු ඩගියා හීන්සීරුවේ තම අසුනට පැමිණියේය.
දැන් ඩගියාට හීන්, මහ, දිග, කොට එක එක සයිස් දාඩිය එකවර දමයි.
ඉන්ක්‍රිමන්ට් එක එතරම් විශාල ය.
ටික වේලාවක් ගත විය.
එකා දෙන්නා තමා දෙස බලමින් අමුතු විදියට හිනා වෙන බව ඩගියා ට දැනුනේ ය.
ඔහු ඉන්ක්‍රිමන්ට් ලෙටර් එක ගෙන නැවත ටොයිලට් එකට ගියේය.
නැවතත් ලිපිය මුල සිට අගට කියෙව්වේය.
එහි කිසි වරදක් නැත.
එහෙත් එම ලිපියේ රෙජී කන්දප්පා ගේ අත්සන යොදා තිබුනේ " කජී රෙන්දප්පා" ලෙසිනි.
රුපියලට අරන් නිකං දුන්නා සේ ඩග්ලස් පෝල් ටොයිලට් එකෙන් එළියට ආවේය.
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්