ද ෆිනෑන්ස් සමාගම අලෙවි ප්‍රවර්ධන වැඩ සටහනක් දියත් කළේ 1998 අවුරුද්ද මුල සිටය.
මාස් පතා ඉඩම බැගින් ජයග්‍රාහකයින් උදෙසා පිරිනැමීමට මෙහිදී කටයුතු සූදානම් කර තිබුණි.
ෆීනික්ස් එක හරහා මේ ප්‍රචාරක කටයුතු සිදු කළත් ෆීනික්ස් ලොක්කා වූ අර්වින් නිතරම කියූ කතාවක් විය.
" ඔයගොල්ලන්ට වඩා ප්‍රභාකරන් හොඳයි... ප්‍රභාකරන් හදන්නේ රට දෙකට කඩන්න .. ඔයගොල්ලෝ හදන්නේ රට පර්චස් 10 කෑලිවලට කඩන්න ..."
අර්වින් ද ෆිනෑන්ස් ලොක්කන්ගේ මූණටම මෙහෙම කිව්වේ වරක් දෙවරක් නොවේ.
මේ කියන අලෙවි ප්‍රවර්ධන වැඩ සටහනට නම තිබ්බේ දිලීප අබේසේකර ය.
මේ කියන අලෙවි ප්‍රවර්ධන වැඩ සටහනට නම තිබ්බේ දිලීප අබේසේකර ය.
" දොළොස් මහේ යසස් " දිලීප දුන් නම ය.
ඒ ඇඩ්ඩා ෆීනික්ස් ආපු අලුත ය.
ඉතිරි වැඩ ටික කරගෙන පලයන් යැයි කියා කැම්පේන් එක දිලීප මට බාර කළේය.
ඒ දිලීප ගේ හැටිය.
ඔහු ජම්බෝ පීනට්ස් වගෙ බදාගෙන කන්නේ නැත.
දැන් ඔන්න කමර්ෂල් එකත් කෙරුණේය.
එය අධ්‍යක්ෂණය කළේ මිත්‍ර වීරකෝන් ය.
එය අධ්‍යක්ෂණය කළේ මිත්‍ර වීරකෝන් ය.
මිත්‍ර වීරකෝන්
මිත්‍ර ඉතා නිහඬව තම රාජකාරිය ඉටු කරන්නෙකි.
සතියකින් වෙළෙඳ දැන්වීම නිර්මාණය විය.
ඊළගට සිදුවූයේ රට වටේටම සිටින ද ෆිනෑන්ස් සමාගම්වල නියෝජිතයන් ගෙන්වා කමර්ෂල් එක පෙන්වීමය.
ඒ කඩඉමත් පැන ගත්‍තේ අසීරුවකින් තොරව ය.
සියලු දෙනාම වැඩේට කැමැති ය.
දැන් තියෙන්නේ මේ සියල්ලේ නිසි බලධාරියා වූ මිසිස් කරුණානායක ට පෙන්වීමය.
මිසිස් කරුණානායකට කිව්වේ මිසිස් කේ. කියාය.

මිසිස් කරුණානායක
ඇගේ බල පරාක්‍රමය කෙසේද යත් මෙසේය.
සෙලින්කෝ එකේ දොරටුවක් ගානේ ඇත්තේ දේව මෑණියන් ගේ රූපය.
එහෙව් තැනක මිසිස් කේ. වැඩ කළේ පපුව මැද්දට වැටෙන සේ හැදූ තඩි ධර්මචක්‍රයක් පැළැද ගෙනය.
සෙලින්කෝ එකේ දොරටුවක් ගානේ ඇත්තේ දේව මෑණියන් ගේ රූපය.
එහෙව් තැනක මිසිස් කේ. වැඩ කළේ පපුව මැද්දට වැටෙන සේ හැදූ තඩි ධර්මචක්‍රයක් පැළැද ගෙනය.
ඇය දැඩි මාන්නයක් ප්‍රදර්ශනය කළාය.
මිසිස් කේ. හමුවීමට ගිය කණ්ඩායමට ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ද, ෆීනික්ස් ඇඩ්වර්ටයිසිං එකෙන් කිෂානි ද ඇතුළත් විය.
ඇඩ්ඩා මිසිස් කේ. බැහැදකින පළමු අවස්ථාව මෙයයි.
පළමුව කිෂානි විසින් ඇඩ්ඩාව මිසිස් කේ. ට හඳුන්වා දෙන ලදි.
ඉන් පසුව මිසිස් කේ. ව ඇඩ්ඩාට හඳුන්වා දීමේ මොහොත උදාවිය.
වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් උදා නොවිය යුතුය.

කිෂානිට එකවරම මිසිස් කේ. ගේ නම අමතක විය.
ඒ ඇවිල්ලා පරිප්පුවේ හොදම එකය.
මුළු කැම්පේන් එකම මිසිස් කේ. කුණු බක්කියට දැමුවාය.
ලක්ෂ ගානක් වියදම් කර හැදූ කමර්ෂල් එක , රේඩියෝ දැන්වීම් , පුවත්පත් දැන්වීම් , පෝස්ටර් සියල්ලම වතුරේය.
නම අමතක වීමේ වරදට දඬුවම ඒකය.
මොහොතකින් ද ෆිනෑන්ස් අධ්‍යක්ෂවරුන් දෙදෙනා ඉවතට පැමිණියහ.

" මෙතන වෙන ප්‍රශ්නයක් වුණේ... ඔයගොල්ලෝ යන්න ... අපි මේක බැලන්ස් කරන්නං..."
කරන්න දෙයක් නැත.
අපි එළියට ආවෙමු.
ඇඩ්ඩාගේ මල හොඳටම පැන ඇත.
ඒ අස්සේ කිෂානි මෙසේ අසන්නීය.
" අනේ මං මොකද කරන්නේ ...? එයාට මල් යවන්න ද...?"
අපි එළියට ආවෙමු.
ඇඩ්ඩාගේ මල හොඳටම පැන ඇත.
ඒ අස්සේ කිෂානි මෙසේ අසන්නීය.
" අනේ මං මොකද කරන්නේ ...? එයාට මල් යවන්න ද...?"
ගහෙන් වැටුණු මිනිහාට ගොනාත් ඇනීම හරි නැති නිසා ඇඩ්ඩාගේ කටට ආපු කුණුහරුප ටික එලියට දැමුනේ නැත.
කෙසේ හෝ ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් මැදිහත් වී කැම්පේන් එක බේරාදෙන ලදි.
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්
කෙසේ හෝ ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් මැදිහත් වී කැම්පේන් එක බේරාදෙන ලදි.
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්