ඊයේ 20 ය.
අද 50 ය.
එනම්, ඇටමැස්සා 50 වැනි කොළම ය.
ඇටමැස්සා ලියන්නේ ඇටමැස්සා ගේ මතය ය.
එය ඔබේ මතය විය යුතුම නොවේ.
ඇටමැස්සා දේශපාලනයත් ලියයි.
කලාකරුවත් ලියයි.
සාහිත්‍යයත් ලියයි.
ඉතිහාසයත් ලියයි.
සමහරුන්ට ඇති ප්‍රශ්නයත් එයයි.
ඇටමැස්සා යනු පාරේ යන වෛශයා ස්ත්‍රිය බදා ගැනීමට සූදානම්,එහෙත් ගෙදර ගෑනි ගේ වැඩපොළට ගොස් කණට ගසා බොන්නට සල්ලි ඉල්ලන බෝඩ් ලෑලි සත්‍යවාදීයකු ද නොවේ.
එබැවින් ඇටමැස්සා විස්වාස නොකට යුතුය.
මේ සමාජයේ 'චරිත' යැයි සිතාගෙන සිටින ඇතැමුන් ගේ යථා ස්වරූපය හෙළිදරව් කිරීමට ඇටමැස්සාට හැකි විය.
එය කළ හැකි වූයේ මේ පිටුව කරන මිනිසා නිසා ය.
ඔහු එකඟ නොවූ ඇතැම් අවස්ථාවවලදී පවා ඇටමැස්සා ගේ මතයට ඉඩක් ලබාදුනි.
ඔහු කිසිදු අවස්ථාවක ඇටමැස්සාව හෙළිදරව් කළේ නැත.
ඇටමැස්සා පළමුව ඔහුට ගරු කරන්නේ අද බොහෝ මාධ්‍යවේදීන් තුල නැති ඔහු තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදී ගුණයට ය.
දෙවනුව පාවා නොදීමේ ගුණයට ය.
මේ ටික මෙසේ ලියුවේ අප රටේ වෙසෙන විශේෂ සත්ව කොට්ඨාසයක් ගැන කතා කරන්නට ය.
ඒ, 'පිරිමි චීත්ත' ය.
සාමාන්‍යයෙන් චීත්තවලින් හමන්නේ භූමිතෙල් ගඳ ය.
එහෙත් මේ පිරිමි චීත්තවලින් හමන්නේ උතුරා යන ලැට් වළවල්වලින් හමන ගඳ ය.
ඇටමැස්සා ලිවිවේ වෙනම ශෛලියකිනි.
ඇටමැස්සා අවධානය යොමු කළේ රටට වැදගත් විය හැකි මාතෘකා ය.
එහෙත් මේ පිරිමි චීත්ත උනන්දු වූයේ ඒ මාතෘකා ගැන නම් නොවේ.
ඔවුන් උනන්දු වූයේ ඇටමැස්සා ලියන්නේ කවුදැයි සෙවීමට ය.
සමහරු එක් එක් නම් යෝජනා කළහ.
"ඕක ලියන්නේ අරූ" යැයි කියූ මාධ්‍ය ආයතන සභාපතිවරු ද ඒ අතර වූහ.
ඊට අමතරව ඇටමැස්සා ලියන්නේ අහවලා යැයි ප්‍රබල දේශපාලන චරිතවලට කෝල් කර කියූ කොරෝනා ග්‍රන්ථ කතුවරු ද වූහ.
මෙවැනි පිරිමි චීත්ත නිසා සිදුවන්නේ වැඩි කාලයක් ඇටමැස්සා ලිවීමට නොහැකි වීමයි.
මෙහිදී ඇටමැස්සාට දයාසේන ගුණසිංහ මහත්තයා මතක් වෙයි.
දයාසේන ගුණසිංහයන්ව මේ රටේ පාලකයන්ට පාවා දුන්නේ ඔහු සමඟම වැඩ කළ පත්තරකාරයන් ය.
නම් වශයෙන් සඳහන් කළහොත් ගාමිණී සුමනසේකර, කරුණාදාස සූරියආරච්චි, මෙරිල් පෙරේරා වැන්නවුන් ය.
දයාසේන ගුණසිංහයන් දිවයින පුවත්පතේ සිරකරුවකුව සිටිය දී ඔහු දිවයින තුල සිටින ගමන්ම ලංකාදීප පත්තරේට තීරු ලිපියක් ලීවේ ය.
එහි භාෂා ශෛලිය, භාෂා ලක්ෂණ, යෙදුම්, උපමාවන් ගෙනහැර දක්වමින් මේ තීරු ලිපිය ලියන්නේ ගුණසිංහයන් ම බව උපාලි පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔප්පු කර කියා සිටියේ කිත්සිරි නිමල්ශාන්ත ය.
ගුණසිංහ මහත්තයා 55 න් ගෙදර යැව්වේ මේ පිරිමි චීත්තකාරයන් විසිනි.
දයාසේන ගුණසිංහයන් ලියූ ඇතැම් තීරු ලිපි සිංහල නොතේරෙන ජේ.ආර්. ළගට ගියේ ඉංග්‍රීසියට පරිවර්තනය කරමිනි.
සිංහල තීරු ලිපියේ එන හාස්‍ය රසය අමුවෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කළ විට පාලකයන්ට ගුණසිංහයන් ව පෙනුණේ රාජ්‍ය ද්‍රෝහීයකු ලෙසිනි.
( මෙසේ ලියූ පමණින් ඇටමැස්සා දයාසේන ගුණසිංහයන් වැනි විශිෂ්ටයකුට කිසි ලෙසකින් සමාන නොවන බව පාඨකයෝ සලකත්වා!)
ඇටමැස්සාට පෞද්ගලික ගනුදෙනු නැත.
ඇති එකම ගනුදෙනුව රට සමග පමණි.
ඇටමැස්සා දෙවැනි අර්ධ ශතකය අරඹන්නේ ඒ අධිෂ්ඨානයෙනි.
ඒ අතරේ යලිත් පිරිමි චීත්තවලින් බාධා පැමිණියහොත් ඔවුන්ගේ රෙදි ලිහා දැමීමට ඇටමැස්සා පසුබට නොවනු ඇත.
මෙය අවවාදයක් නොවේ.
අනාවැකියක් ද නොවේ.
අවවාදාත්මක අනාවැකියක් යැයි සිතුවත් වරදක් නොවේ.