ඉස්සර G. L. ව දන්නේ කොළඹ සරසවියේ හිටපු උපකුලපතිවරයා හැටියට ය.
වඩාත් නිවැරැදිව කිවහොත් කොළඹ සරසවියේ එතෙක් මෙතෙක් පහළ වූ දුර්වලම උපකුලපතිවරයා හැටියට ය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග කොළඹ සරසවියෙන් අස් කරන්නේ G. L. ‍ය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පියුම් පැස්කුවල්ට කොළඹ සරසවියේ පුස්තකාලය තුල දී මාරාන්තික ප්‍රහාරයක් එල්ල වන්නේ G. L. ගේ කාලය තුල ය.
 
මහාචාර්ය නලින් ද සිල්වා කොළඹ සරසවියෙන් අස් කරන්නේ ද G. L. ය.
 
කොළඹ සරසවිය විවෘත කර තබනවාට වඩා වැඩියෙන් වසා තැබුනේ G. L. ගේ කාලයේ ය.
 
කොළඹ සරසවියේ නීති පීඨයේ හොඳම විභාග ප්‍රතිඵල වාර්තාව තබාගෙන සිටියේ G. L. ය.
 
G. L. නීති පීඨයේ පීඨාධිපතිවරයා වී සිටි තාක් සහ උපකුලපතිවරයා වී සිටි තාක් එම වාර්තාව කිසිවකුටත් බිඳීමට නොහැකි වූ බවට රාවයක් පැතිරී තිබිණි.
 
දිලිත් ජයවීර කොළඹ සරසවියේ නීති පීඨ ශිෂ්‍ය නිලවරණයට තරග වදිද්දී පැහැරගැනීමකට ලක් විය.
 
'දිලිත් නිලවරණය සදහා දුන් නාමයෝජනාව ඉල්ලා අස්කරගන්නේ නම් ඔහුව නිදහස් කර දිය හැකි' යැයි G. L.  විසින් දිලිත් ගේ දෙමාපියන් හට පැවසූ බවට එකල සරසවිය පුරා රාවයක් පැතිරී තිබිණි.
 
සිසුන් තමන් මරන්නට සිටින බවට කොල්ලුපිටිය පොලීසියට ගොස් පැමිණිල්ලක් දැමූ එකම උපකුලපතිවරයා G. L. විය යුතුය.
 
එම සිසුන් අතර ගෙවිදු, පැස්කුවල්, දයාසිරි ජයසේකර, විමලවීර දිසානායක සිටි අතර ඔවුහු දැන්  G. L. සභාපතිකම දරන පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.
 
G. L. ට දැන් එම මරණ බය පහව ගොස් ඇතැයි සිතමු.
 
කෙසේ හෝ වේවා අධ්‍යයන වසර අවසානයේ ගනු ලබන සිසුන් ගේ සමූහ ජායාරූපයට G. L. පෙනී සිටියේ නැත.
 
ඒ උක්ත මරණ බිය ඉදිරිපත් කරමිනි.
 
එහෙත් G. L. නීති පීඨ සිසුන් ගේ සමූහ ජායාරූපයට පෙනී සිටියේය.
 
සියලුම විශේෂවේදී උපාධි හැදෑරූ සිසුන් සමග කොලෙජ් හවුස් ඉදිරිපිට සිට සමූහ ජායාරූපවලට පෙනී සිටියේය .
 
G. L. මේ කෙනෙහිලිකම් කළේ සාමාන්‍ය උපාධිය හැදෑරූ සරසවි සිසුන්ට පමණි.
 
හිටපු ශිෂ්‍ය සංගම් සභාපතිවරයකු වූ කරුණාරත්න පරණවිතාන (දැන් කරූ පරණවිතාන ලෙස බෞතිස්ම කර ඇත) නිවටයකු ලෙස කොලෙජ් හවුස් ඉදිරිපිට සිට G. L. සමග සමූහ ජායාරූපයට පෙනී සිටියේය.
 
සිසුන්ට එරෙහිව පොලීසි ගොස් බොරු පැමිණිලි කළ G. L. සමග සමූහ ජායාරූපයට පෙනී නොසිටින බව ප්‍රකාශ කරමින් ඇටමැස්සා එදා එලියට බැස ගියේය.
 
ඒ ගැන අදටත් ආඩම්බරය.
 
උපකුලපතිවරයාගේ භූමිකාවෙන් පසු G. L. චන්ද්‍රිකා ගේ සාරි පොටේ එල්ලෙන්නේය.
 
චන්ද්‍රිකා යුගයේ G. L. ගේ එකම අභිලාෂය වූයේ පැකේජය ගෙන ඒමයි.
 
2015 දී සුමන්තිරන්ලා, ‍රනිල් සමග එක්වී කරන්නට හැදූ දේ එදා චන්ද්‍රිකා සමග එක්වී කරන්නට හැදුවේ G. L. ය.
 
ඒ කාලයේ G. L. හැඳින්වූයේ පැකේජ පප්පා යනුවෙනි.
 
G. L. ගේ පැකේජය සම්බන්ධයෙන් ප්‍රවීණ කාටූන් ශිල්පි විජේසෝම මහතා විසින් ' දිවයින ' පුවත්පතේ අපූරු කාටුනයක් පළ කරන ලදි. 
 
එහි බිත්තරයක් අතැතිව කෝකියෙකුට ඉන්නේ G. L. ය.
 
ඔහු මෙසේ පවසයි.
 
" මම දැන් මේ ඔම්ලට් එක දාන්නයි යන්නේ ..."
 
එවිට මහජනතාවගේ පැත්තෙන් පෙරළා මෙවැනි 
ප්‍රශ්නයක් ඇසෙයි.
 
" පොඩ්ඩක් හෝව් ... ආපහු මට බිත්තරේ වෙන්න පුලුවන් ද..?"
 
ඒ ප්‍රශ්නයට G. L. ට එදත් උත්තර නැත.
 
අදටත් නැත.
 
G. L. උපකුලපතිවරයාව සිටි කාලයේ ඔහුට එරෙහිව කටයුතු කළ ශිෂ්‍ය නායකයින් ඔහු අධිකරණ ඇමැති කාලයේ ඔහුගේ ලේකම්වරුන් ලෙස පත්වීම් ලැබීමම G. L. කොළඹ සරසවියට කළ දේ සිතා ගැනීමට හොඳටම ප්‍රමාණවත් ය.
 
G. L. හා රනිල් අතර වැඩි වෙනසක් නැත.
 
මේ දෙදෙනාම පොළොවේ පය ගසා ජීවත් වන මිනිසුන් නොවේ.
 
G. L. ගෝඨා ළග සිටියත් ඔහුගේ සැබෑ දේශපාලනය ඇත්තේ යූ.එන්.පී. එකේ ය.
 
බැසිල් පොහොට්ටු පක්ෂය හදද්දී එහි සභාපතිකමට G. L. ව තෝරාගන්නේ ඔහු සතු විශේෂ හැකියාවක් නිසා නොවේ.
 
G. L. ට වඩා හොඳ පඹයකු මේ මිහිපිට සොයාගැන්මට අසීරු නිසා ය.
 
G. L. යන්න කණපිට හැරූ විට කියවෙන්නේ LG කියාය.
 
LG යනු ගෘහ විදුලි උපකරණ වෙළෙඳ නාමයකි.
 
 G. L. ට වඩා LG මේ රටේ ජනතාවට සේවය කර ඇති බව නම් නිසැකය .
 
 
(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image