ඔයා මාව විශ්වාස කරන්න... එච්චරයි...



‘‘ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑ...’’ යැයි පැවසු උන්වහන්සේ පන්දහසේ කොළ තුන අතුරෙන් එක් කොළයක් උන්වහන්සේගේ අතට ගෙන අනෙක් කොළ දෙක යළි ලියුම් කවරයට බහා ‘‘ආ... නෝනල මේක ආපහු ගන්න. මම මේ පන්දාහෙන් ලයිබ්‍රියට පොත් ටිකක් ම අරගෙන දාන්නං,’’ යැයි පවසා ලියුම් කවරය සචේතනි වෙත පෑහ.

මහත් ව්‍යාකුලකත්වයට පත් සචේතනී යළිත් වරක් ප්‍රතිෂ්ඨ වෙත අවධානය යොමු කළේ පිළිසරණක් පතන්නියක ලෙසිනි. කළ යුතු හොඳ දේ කුමක් ද යන්න තීරණය කළ ප්‍රතිෂ්ඨ එය ක්‍රියාත්මක කළේ ය.

‘‘කමක් නෑ සචේති... උන්වහන්සේගෙ කැමැත්ත නෙ...’’

ස්වාමීන් වහන්සේ ඉදිරියේ දී සැමියාගේ බහට අවනත නොවී සිටීම නුසුදුසු නොවේදැයි ක්ෂණිකව වටහාගත් සචේතනී ‘‘හොඳයි හාමුදුරුවනේ... අපි එහෙමනං පොත් පහක් ප්‍රින්ට් කරගෙන ආයෙ මේ පැත්තෙ ඇවිත් යන්න එන්නං...’’ යැයි පවසන අතර ම ස්වාමින් වහන්සේට වැඳ නමස්කාර කළේ ය.

වජ්ජා'වජ්ජ 53 : අද නං මෙයාට හොඳට ම මල පැනල - (ජයසිරිගේ නවකතාවක්)ස්වාමීන් වහන්සේ ද නිරන්තරයෙන් ම මුදා හරින වදන් ද්විත්වය මුදා හැර, සචේතනී සිටගත් පසු ‘‘නෑ නෑ... ඔය පොත් පහ දෙන්න ම කියල හිතාන ආයෙ මේ පැත්තෙ එන්න ඕනෙ නෑ. මට පොත් පහ කුරියර් කරල එවන්න. හැබැයි ආයෙ මේ පැත්තෙ එන්න ඕනෙම කියල හිතෙනවා නම් විතරක් ඇවිත් යන්න එන්න. ඔය නෝනයි මහත්තෙයටයි ඕනෙ වෙලාවක ඇවිත් අපේ දුක සැප බලල යන්න පුළුවන්...’’

‘අපෝ... ඇති යාංතං... නැත්තං ඉතිං මට ආයෙත් මෙයාගෙ හස්බන්ඩ් විදියට රඟපාන්න වෙනව.’

එම වදන් පෙළ මුවෙන් පිටතට මුදා නොහළ ප්‍රතිෂ්ඨ තම සිත තුළ ම තෙරපා ගත්තේ ස්වාමින් වහන්සේට මතු නොව සචේතනීට ද නොදැනෙන ලෙසිනි.

 

‘‘ඔවු හාමුදුරුවනේ... අපි වෙලාවක ළමයි දෙන්නත් එක්ක ම ඇවිත් යන්න එන්නං. ඔබ වහන්සේ කියනව නං අපි පොත් ටික කුරියර් කරන්නං...’’ යැයි පැවසූ සචේතනී ප්‍රතිෂ්ඨ දෙසට හැරී‘‘ එහෙම හොඳයි නේද ප්‍රතිෂ්ඨ... අපි ළමයි දෙන්නත් එක්ක වෙලාවක ඇවිත් යමු නේ ද...?’’ යැයි විමසුවේ සැබැවින් ම එබඳු අදහසක් සිත්හි තබාගෙන ද නොඑසේනම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ රඟන රංගනය තව දුරටත් රංගනයක් නොවේ යැයි ඒත්තු ගැන්වීම පිණිස ද යන්න වටහා ගැනීම පවා ප්‍රතිෂ්ඨට අසීරු විය.

 

‘‘ඔ... ඔ... වු... අපි එහෙම කරමු...’’ යැයි පවසන අතර ම ඉදිරියට පැමිණි ප්‍රතිෂ්ඨ ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කරන මොහොතේ ද ස්වාමින් වහන්සේ සුපුරුදු දෙවදන මුදා හැරියහ.

‘ඒ පාර මෙයා තව ලෙඩක් දාන්න වගේ හදන්නෙ... දැන් ඉතිං ළමයිත් එක්ක ම මෙහෙ වරෙන්කො... අම්මපා මටත් මේව හොඳ පාඩං...’

මුවෙන් මුදාහළ නොහැකි වදන් තම සිත තුළ ම සඟවා ගත් ප්‍රතිෂ්ඨ ‘‘එහෙනං හාමුදුරුවනේ... අපි ගිහිං එන්නං...’’ යැයි පැවසුවේ යටි සිතින් ‘ආයෙ නම් ඉතිං මේ පැත්ත පළාතෙ එන්න වෙන්න එපා...’ යැයි සිතමිනි.

*         *          *          *          *          *          *          *          *

rhythm of love nikki chauhan

 

ස්වාමීන් වහන්සේගෙන් සමුගත් ප්‍රතිෂ්ඨ සහ සචේතනී දෙපළ පන්සල් භූමියෙන් පිටත්ව, පාලමට සමීප  වන තුරු ම පැමිණියේ විවාහක යුවළක් ලෙස රංගනයේ යෙදෙමිනි. පාලම මතින් මඳ දුරක් පැමිණි පසු සචේතනීගේ අත අතහැරි ප්‍රතිෂ්ඨ ‘‘මොකද්ද අනේ ඔයා මේ දාගන්න හදන ලෙඩේ...?’’ යැයි විමසුවේ ඍජුව ම සචේතනීගේ දෙනෙත් තුළට ඔහුගේ දෙනෙත් කිරණ ඇතුළු කරමිනි.

‘‘මොන ලෙඩක් ගැනද අනේ මේ ඔයා කියන්නෙ...? මටනං තේරෙන්නෑ...’’

 

සචේතනී ඊට පිළිතුරු සැපවූයේ ඉදී රත්පැහැ ගැන්වුණ වෙරළු පතක් වන් දෙලවන් පියුමක් සේ විකසිත කර, ශ්වේත වර්ණ මුක්ත පෙළක් මෙන් බැබළෙන ඇගේ දත් පෙළින් විහිදෙන ආලෝක කදම්භයෙන් ප්‍රතිෂ්ටගේ උවන පුරා පැවති අඳුරු පැහැය ආලෝකයෙන් බබළවමිනි.

 

‘‘ඔවු... ඔයා මොකුත් දන්නෑ... ඔයා තොත්ත බබා... ඉස්සෙල්ල ම මෙහේ ආපු දවසෙ මං ඔයාගෙ හස්බන්ඩ් වුණා. අන්තිමට අද ඔයාගෙ දරුවන්ගෙ තාත්තත් වුණා... ඇත්තට ම...’’

ප්‍රතිෂ්ඨගේ මුවෙන් සම්පූර්ණ වාක්‍ය මුදා හරින්නට ප්‍රථම ඊට මැදිහත් වූ සචේතනී ‘‘හරි හරි... මේ අහන්න කො...’’ යැයි පවසමින් ප්‍රතිෂ්ඨට බාධා කළා ය.

4808237 HSC00923 7‘‘මොකද්ද සචේති ‘අහන්න’ කියන්නෙ... දැං නිකමට හිතමු ඔය හාමුදුරුවො කොළඹ ආපු දවසක නිකමට හරි ඔයාලගෙ දෙර එන්න ඇහුවොත්, එහෙමත් නැත්නම් ඔයාගෙ හස්බන්ඩ් දවසක නිකමට හරි ඇහුව්වොත් ‘මාත් ආසයි ඔයයි අර ඔයාගෙ මහ ලොකු යාළුවයි ගියපු පන්සලට යන්න. අපි දවසක ගිහින් එමුද...?’ කියල... මොකකින් මොකක් වෙයි ද...?’’

‘ප්‍රතිෂ්ඨගෙ කතාව ඇත්ත හාමුදුරුවො හදිසියෙවත් ආවොත් නං ඒක කොහොම හරි ෂේප් කරගන්න පුළුවනං නෙ... ඒත් අනිත් කාරණේ....? කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නැති බව මං කොහොමද මේ මනුස්සයට කියන්නෙ...? මං ඒ හැම දෙයක් ම මෙයාට කියනව තමයි. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි.’

 

ප්‍රතිෂ්ඨගේ පැනයට එක පැහැර පිළිවදන් සපයන්නට අපොහොසත් වුව ද ඒ අසීරුතාව ප්‍රදර්ශනය නොකරමින් ම මඳ දුරක් දෙදෙනා ම ඉදිරියට පැමිණි පසු සචේතනී යළි පළමුව ඇගේ දෙලවන් පෙති විකසිත කර ඉක්බිති දත් දෙපළ ද මඳක් විවර කර ‘‘හාමුදුරුවො ආවොත් නං ඉතිං අනිවාර්යයෙන් මොකක් හරි උප්පරවැට්ටියක් යොදන්න වෙනව.’’

 

‘‘ආ... හරි... ඒකට මොකක් හරි උප්පරවැට්ටියක් යෙදුව කියමුකො... එතකොට අනිත් ප්‍රශ්නෙට...?’’

ප්‍රතිෂ්ඨ විමසුවේ සචේතනීට ඇගේ අදහස සම්පූර්ණයෙන් ම ප්‍රකාශ කිරීමට ඇති ඉඩ-කඩ අහුරමිනි.

‘‘අනිත් වැඩේ ද... නෑ.... ඒක කවදාවත් වෙන්නෙ නෑ... වෙන්නෙ නෑ... වෙන්නෙ නෑ... ඒක හෙට ඉර පායනව වගේ විශ්වාසයි. ඒ කොහොමද කියල ඔයා මගෙං අහන්න එපා... ඒ නිසා ඔයා ඒ ගැන වොරි වෙන්නත් එපා. ඔයා මාව විශ්වාස කරන්න... එච්චරයි...’’

 

එලෙස තිර හඬින් පැවසු සචේතනී ප්‍රතිෂ්ඨගේ දසුනෙන් ඇගේ උවනත වෙන් කරන අදහසින් යුක්තව හිස පොළොවට නැඹුරු කරගෙන, නිහඬ ව්‍රතයක් රකිමින් ඉදිරියට ගමන් කළා ය. එබන්දක් සිදු නොවන බව ඇය ඒ තරම් විශ්වාසයෙන් පවසන්නේ කුමන හෝ පදනමක් ඇතුව බව වටහාගන්නට ප්‍රතිෂ්ඨ සමත් විණ. එමෙන් ම මේ මොහොතේ සචේතනී කිසියම් අපහසුතාවකට පත්ව ඇති බව ද හෙතෙම ප්‍රත්‍යක්ෂ කරගත්තේ ය.

 

‘‘හරි හරි... එහෙම දෙයක් වෙන්නෑ කියල ඔයා කියනවනං ඉතිං අවුලක් නෑ. මං මේ හැම දෙයක් ගැන ම අහන්නෙ මොනව හරි ප්‍රශ්නයක් උනොත් ඔයාට හොඳ නැති නිසා. ඊට පස්සෙ ගෙදර උනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නෙ... මොකද දැං ඔයාගෙ හස්බන්ඩ් උනත් සද්ද නැතුව ඉන්නව ඇත්තෙ ඔයාගෙ යාළුවගෙ ප්‍රශ්නෙ නිසා වෙන්න ඇති නෙ... ඒක විසඳුනාට පස්සෙ ඇති වෙන තත්ත්වෙ මීට වඩා හුඟක් වෙනස් වෙන්න පුළුවන් නෙ...’’

ප්‍රතිෂ්ඨ එසේ පවසා අවසන් වනවාත් සමග ම එක පැහැර ම ප්‍රතිෂ්ඨගේ දකුණතින් අල්ලාගත් සචේතනී ඉද්ද ගැසුවා සේ නතර වූවා ය.

 

Watercolor illustration of the autumn landscape with a couple strolling through the old park

‘‘ප්‍රතිෂ්ඨ... ඔයා මට මේ කරේ කිසිම කෙනෙක් නොකරන උදව්වක්. එහෙම උදව්වක් කරපු ඔයාට වචනෙකිංවත් හානියක් වෙන්න මං ඉඩතියන්නෑ. අනික මේ වැඩේ ඉවර උණා කියල අපි අතරෙ තියෙන යාළුකම ඉවර වෙන්නෙත් නෑ. ඒක කාටවත් ම ඉවර කරන්නත් බෑ. මං මෙච්චර කාලයක් ඔයාව විශ්වාස කරගෙන වැඩ කරා වගේ ඔයත් ඉස්සරහට මාව විශ්වාස කරගෙන වැඩ කරන්න. ඔයා හිතන විදියෙ කිසිම දෙයක් වෙන්නෙ නෑ. අපි දැං යං...’’

යළිත් වරක් තිර අධිටනින් යුක්තව පැවසූ සචේතනී ප්‍රතිෂ්ඨගේ අත අල්ලාගෙන ම ඉදිරියට ඇදුණා ය. දෙදෙනා නොදැනුවත්ව ම ත්‍රී රොද රථ ගාල ආසන්නයට ම පැමිණ සිටියහ.

‘‘ආ... එන්න සර්... කොහාටද යන්නෙ...? පිටිගලට ද...?’’ යැයි විමසුවේ මීට පෙර දිනක ඔවුන් දෙදෙනා පිටිගලට රැගෙන ගිය ත්‍රී රෝද රියදුරාම ය.

‘‘ඔවු මල්ලි... අපි පිටිගලට දැම්ම ම ඇති...’’ යැයි පවසන අතර ප්‍රතිෂ්ඨ සචේතනිගේ අත අල්ලාගෙන ම ත්‍රී රෝද රථයට ඇතුළු විය. දෙදෙනා අසුන්ගත් පසු රියදුරා රථය පණගන්වන විට ‘‘නෑ... අපි ඇල්පිටියට ම යං’’ යැයි පැවසුවේ සචේතනී ය.

 

ප්‍රතිෂ්ඨ කිසිවක් පවසන්නට පෙර ම ‘‘හරි මිස්’’ යැයි පවසමින් රියදුරා රථය ඉදිරියට පැදවූයේ ය. ඒ අතර සචේතනී අඩවන් දෙනෙත් ප්‍රතිෂ්ඨගේ උවන පුරා තවරමින් ඔහුගේ අතක් ද තදින් අල්ලාගෙන දෑත ම ඔහුගේ උකුළ මත තබා තෙරපන අතර අනෙක් අත ඇගේ ම දෙලවන් මත තබා ඉඟි කළේ ‘කතා කරන්නෙපා... නොකර සද්ද යං ආ...’ යන වදන් පෙළ දෙනෙත් තුළ සටහන් කරමිනි. එය වටහා නොගන්නට තරම් ප්‍රතිෂ්ඨ අනුවණ නොවිණ.

*         *          *          *          *          *          *          *          *

සතියක් ඇතුළත: නවතම කඩදාසියේ වුව ද පැරණි කවරය ද ඒ ආකාරයෙන් ම වනසේ ‘‘සිංහල ව්‍යාකරණයේ වෙසෙස් ලක්ෂණ’’ කෘතියේ ඩිජිටෙල් පිටපත් දහයක් මුද්‍රණය කර සචේතනී අතට පත් කරන්නට ප්‍රතිෂ්ඨ සමත් විය. පිටපත් දහය අතට ගත් සැණින් ඇය විශ්මයට පත්වූවා ය.

Ref A1183 FD4 master‘‘ප්‍රතිෂ්ඨ...! කොළේ විතරයි අලුත්... අනිත් ඔක්කොම පරණ පොතේ විදියට ම... මේ කවරෙ...! Thank you so much ප්‍රතිෂ්ඨ...! ඔයා හම්බ නොවෙන්න මට කවදාවත් මේ වැඩේ කරගන්න ලැබෙන්නෙ නෑ. එහෙම උනානං මගේ යාළුවත් අමාරුවෙ වැටෙනවා. ඉන්න... මං දැම්ම ම සඛීට කෝල් එකක් ගන්නං...’’ යැයි සචේතනී පැවසුවේ නොඉවසිල්ලෙනි.

ඒ වන තුරු සචේතනී ඇයට මෙම කෘතිය ලබා දුන් යෙහෙළියගේ නම පවසා නොතිබූ බැවින් ප්‍රතිෂ්ඨ වහා ක්‍රියාත්මක විය.

‘‘හෝව් හෝව්... කවුද සඛී කියන්නෙ...?’’ යැයි ඔහු ඇගෙන් විමසුවේ ඇය දුරකතනය ක්‍රියාත්මක කිරීම ද වළකන අතර ය. දෙදෙනා සිටින්නේ තවත් පිරිසක් ගැවසෙන ආපණ ශාලාවේ ය යන වග ද දෙදෙනාට ම අමතක වි තිබිණ.

‘‘සඛි කියන්නෙ මගෙ යාළුවෙන අනේ... මගේ අතින් නැති උණේ එයා ලයිබ්‍රියෙන් ගත්තු පොතනෙ... ඇයි අනේ... මං ඔයාට මුලිං ම කිව්වෙ...’’

‘‘ෂ්ෂ්ෂ්... හෙමින් හෙමින්... මෙතන තව මිනිස්සු ඉන්නව.’’

‘‘සොරි ප්‍රතිෂ්ඨ... සොරි... එයා මාර හැපී වෙයි පොත තියෙනව කිව්ව ම...’’ යැයි පැවසූ සචේතනී නැවතත් ඇමතුමක් ලබාගැනීමට සැරසුණා ය.

‘‘නෑ සචේති... එයාට දැං කොල් කරන්න එපා. ඊට පස්සෙ එයා... දැං ඔයා ඉන්කොහේද... මොනවද කරන්නෙ... ඔය වගේ දහසක් ප්‍රශ්න අහන්න පුළුවං. ඔයා ඒවට උත්තර දෙන්න ගිහිං අමාරුවෙ වැටෙන්න ඕනෙ නෑ. දැං ඔයා ඔය පොත් දහයෙං එකක් මට දීල අනිත් ටිකත් අරගෙන ගෙදර යන්න. ගිහිං හස්බන්ටත් පෙන්නල එයා ඉස්සරහ ම කෝල් එකක් දාල කියන්න. ඊට පස්සෙ යාළුව හම්බ වෙලා එයාට පොත් දෙකක් ම දෙන්න. එයාට කියන්න එකක් ලයිබ්‍රයට දෙන්න අනික එයා ළඟ තියාගන්න කියල. පහක් හාමුදුරුවන්ට කුරියර් කරන්න. ඉතිරි දෙක ඔයා ළග තියාගන්න. හාමුදුරුවන්ට පොත් ටික යවල කෝල් එකකුත් දෙන්න. ඒ එක්ක ම හාමුදුරුවන්ට පොත් යවද්දි පොඩි ලියුමකුත් ලියල යවන්න. පිටපත් දහයක් හැදුව ඒක බෙදුණෙ මේ මේ විදියට ආ...’’ යැයි පවසමින් විස්තරය නතර කළ ප්‍රතිෂ්ඨ ‘‘මට පොතක් දුන්න කියල හාමුදුරුවන්ට කියන්න බෑනෙ නේද...? මං හස්බන් නෙ නේද...?’’ යැයි පැවසුවේ පැහැදුල් වලාකුළක් බඳු සිතුවමක් උවනතේ සිතුවම් කරගනිමිනි.

‘‘අනේ මෙහ්... විකාර කියවන් නැතුව ඉන්නව ද...?’’

සචේතනී පැවසුවේ නව යොවුන් ප්‍රේමවන්තියක ඇගේ ප්‍රේමවන්තයා හට පවසන ලෙසිනි.

‘‘හරි හරි... ඔයා ළඟ කොපි තුනක් තියෙනව කියල යවන්නකො... හරිද... කොහොමටත් හස්බන්ටත් එකක් දෙන්න; එයත් සිංහල ගුරා නෙ...’’

 

s l500

 

 

ඔහු එසේ පවසත් ම සචේතනී මඳ විරාමයක් ගත්තා සේ නිහඬ වූවා ය. එහෙත් ඇය ක්ෂණිකව වෙනස් වූ බව ප්‍රතිෂ්ඨ වෙත නොදැනෙන්ට මෙන් ‘‘ඔවු ඔවු... අනිවාර්යයෙන්... එයාට වැඩක් ඇතත් නැතත් මං එයාට කොපියක් දෙනව.’’ යැයි පවසා දිර්ඝ සුසුමක් ඉහළට ඇද යළි පහළ හෙළුවා ය. එහෙත් ඒ සුසුම බරදැයි වටහා ගැනීමට ප්‍රතිෂ්ඨ යත්න නොදැරී ය. ඒ, සචේතනීගේ හෘද අභ්‍යන්තරය කියවා ගැනීමට තවමත් ඔහු අපොහොසත් වි ඇති බැවිනි. ඔහු තවමත් පසුවන්නේ ඉලක්කයක් කරා ඇදෙන හීයක තත්ත්වයෙනි.

*         *          *          *          *          *          *          *          *

අවසන් වතාවට සචේතනී සහ ප්‍රතිෂ්ඨ හමු වී සතියක් ඉක්ම යන එක් සිකුරාදා දහවලක ලේඛනාගාරයේ පර්යේෂණ කටයුත්තේ යෙදී සිටි ප්‍රතිෂ්ඨගේ දුරකතනය තුළින් ආලොකයක් විහිදිණ. ඒ, ඔහු සිය දුරකතනය Vibrate ආරට යාමු කර තිබූ බැවිනි. එහි ‘‘Sachethi’’ ලෙස දිස් වෙමින් පැවතිණ. ප්‍රතිෂ්ඨ ක්ෂණිකව දුරකතනය අතට ගෙන පර්යේෂන කාමරයෙන් පිටතට පැමිණ ඇමතුම විවෘත කළේ ය.

‘‘හෙලෝ සචේති...’’

අනෙක් පසින් එක පැහැර ‘‘හෙලෝ ප්‍රතිෂ්ඨ’’යනුවෙන් විමසනවා වෙනුවට නිහඬතාවක් පැවතිණ. එවර යම් කුකුසක් සිත තුළ රඳවාගෙන ම ප්‍රතිෂ්ඨ යළි ‘‘හෙලෝ...?’’ යැයි විමසී ය.

‘‘ඔවු ප්‍රතිෂ්ඨ...’’

අනෙක් පසින් ඔහු බලාපොරොත්තු වූ කටහඬ ගලා ආවේ ය. ඇය සිටින්නේ කොතැනදැයි නොදැන සිටිය ද ඇගේ රූප කාය මනසේ සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘ඉතිං... කියන්න...’’ යැයි පැවසී ය.

‘‘ඔයා හෙට උදේ වරුවෙ මොනව හරි වැඩක් දාගෙන තියෙනව ද...?’’

ඇගේ මිහිරි හඬ යළිත් ප්‍රතිෂ්ඨගේ සවනතට ඇතුළු විය. ඔහු ද තත්ත්පර කිහිපයක් ඒ කට හඬේ රසය සිරුර පුරා විදාරණය වන තෙක් සිට ‘‘නෑ සචේති... එහෙම විශේෂ වැඩක් නෑ... ඇයි...?’’ යනුවෙන් විමසුවේ කිසියම් තැති ගැනීමක් ද සහිතව ය.

 

featured graphicop 1

‘‘මේ වෙලාවෙ මගෙන් විස්තර මොනවත් අහන්න එපා. ඔයාට හෙට උදේ මාව හම්බ වෙන්න පුළුවන් ද...?’’

ඇය විමසුවේ ප්‍රතිෂ්ඨ වෙතින් ‘ඔවු’ හෝ ‘බෑ’ යන වදන් ද්විත්වයෙන් එක් වදනක් බලා පොරොත්තුවෙනි. එහෙත් ප්‍රතිෂ්ඨට පිළිවදන් සපයන්නට ඊට වඩා වදන් තිබිණ.

‘‘හම්බ වෙන්න නං පුළුවන්. ඒත්...?’’

ප්‍රතිෂ්ඨගේ පැනය දැන සිටියා මෙන් ඇය ද කඩිනමින් පිළිවදන් දුන්නා ය.

‘‘හරි... තැනයි වෙලාවයි දන්නල හවසට... ඒ කියන්නෙ ඔයා ඔතනිං යන්න කලිං මං ඔයාට මැසේජ් එකක් තියන්නං.’’

ප්‍රතිෂ්ඨ මඳක් වික්ෂිප්ත විය. ඒ, ඇය ඔහු සිටින්නේ කොතැනදැයි දැනි සිටි බැවිනි.

‘‘ඔතනිං කියන්නෙ... කොතනිංද...?’’

ප්‍රතිෂ්ඨ විමසුවේ තව වදනක් දෙකක් හෝ ඇය සමග හුවමාරු කරගන්නට ඇති රුචිකත්වය හේතුවෙනි.

‘‘හරි හරි... මං හතරට කලිං පණිවිඩේ දෙන්නංකො...’’

ඒ පිළිතුරෙහි ඇගේ දැනුවත් භාවය කදිමට ගැබ්ව පැවතිණ.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/04/07


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්